පසුගිය ජනවාරි 1 දා මා කියූ සේම , මම ජීවිත තෑග්ග ඔබා නොබලා ලිහා බෑලුවෙමි. එහි බොහෝ හුරුබුහුටි තෑගි බෝග එකිනෙක හැංගී ඇති බව මම පසක් කළෙමි. මෙතෙක් හිත නොනැමුණු නව අදහස් උණා ආවේ අලුත් පාරකට මග ලකුණු පෙන්වමිනි.
පෙර සේම , හෝ ඊටත් වඩා මම ප්‍රමිතියෙන් තොර කෙල්ලක වීමි. ජීවිතය මුහුකුරා යද්දී මට පෙනෙන පාට වෙනස් වූයේය. මට දෑනෙන ගඳ සුවඳ වෙනස් වූයේය. ඒ සමගම මා දකින මගද , මට මග පෙන්වීමේ අවස්ථාවද එලි පෙහෙලි වූයේය. එහි ප්‍රතිපලය වූයේ ලිහා බෑලූ පොදියෙහි තිබූ හරබර සොඳුරු අත්දැකීම්ය.
සිරිපාදේ කඳු මුඳුනෙහි යටිපතුල විජයග්‍රාහී තුන් වෙනි වරටද පින් සිතින් ස්පර්ශ කළෙමි. ඒ සොඳුරු මිනිසුන් ඇසුරෙහි මීවිතක් ඉහිරෙන පරිද්දෙන් නිරායාසයෙන් නිදෑල්ලේ සන්තෝසයෙන් ජීවිතය ගලා ගියේය.
අවුරුද්දේ මුල් භාගය ගෙවී ගියේ ප්‍රමිතියකින් තොර මා හදවත තුල බොහෝ සැණකෙලි මවා විචිත්‍ර සිතුවමක් වියා දමමිනි.
වැඩ වැඩ වැඩ අස්සේ මට දවස් තුන්ස්ය හැටපහක් වේගයෙන් ගලා යන'යුරු දැනුනි. එහෙත් ලැබෙන හැම අවසරයකම මගේ විවේකය වූයේ කන්දක් බඩගාමින් හෝ ජීවිතය විඳීමය. මම කිසිසේත් ජීවිතයෙන් බැහැර වී නිස්කලංකේ සිටීමට නොසිතූ හෙයින්ම ජීවිතය සමනල පියාපතක් මෙන් වෛවර්ණ වූයේය. එහි අත්දැකීම් පිරීතිරී තුබුනේය.
එහෙත් සමනලයකුට වුව දලඹු කෝෂයක පොඩි පහේ පරිවාස ගුහාවක දඬුවම් විඳීමට සිදුවේ. අග භාගයෙහි මටද එයම වූයේය.
ඉතා කෙටි කලකට ජීවිතයක් නොවූ ජීවිතයක් මට තිබිණි. එහි තිබූ ව්‍යාජය නිරන්තර මගේ සිත රිදවී... ස්ව කැමැත්තෙන් කූඩු වන්නට රිසි නොවූ මුදු, එක් ව්‍යාජ හස්තයක් විසින් මා නොදැනීම , විඳීම් ඉන්ද්‍රජාලිකයයි බැහැර කරන කූඩු පොඩිත්තකට ඇතුලු කොට තිබුනේය. කිසිදු ප්‍රමිතියකින් තොර වූ නිදහස් පිහාටුවක් වූ මා හිස් ගෙඩිය මතට එක වරම සාන්ද්‍ර ජල බින්දුවක් වැටී බරවී ගියාක් වැනි වීය... එහි බරෙන් මම මුවින් නොබැණ ඇඹරුනෙමි. මුහුණ ඇඹුල් කළෙමි. ඒත් මගේ කූඩුවේ දොර ඇරී තුබුනා මිස කූඩුවත් සමග ජීවිතය මා ඉගිල ගිය ඉසවු කරා ස්ව කැමැත්තෙන් ඉගිළ නොගියේය. ඉගිලීමට මෙන්ම තව ජීවිතයක් ඉගිලීමේ පෙරහුරුවට ලක් කිරීමේ වෙහෙසින් අවසන මම පරාජය හෙවත් මගේ නිදහසේ රස බලන්නට තීරණය කළෙමි.
ජීවත් වීම සිරගෙයක් නොවේ. ජීවිතය කියන්නේ කරුමයක් වන්නේ කරුම විපාක ගෙවීමෙහි හිත දක්වන කැමැත්ත තුලය.
ගෙවුනු වසර 2012 , සිත පිරුනේය. සිත හිස්වූ තැන සිත නිදහස සොයා යලිත් සන්සුන් වූයේය. පැතූ අරමුණු ලඟා වූයේය. බොහෝ තිත්ත සිදුවීම් තිබූ මුත් ඒ වෙනුවෙන් හැඬිය නොහැක්කේ , ඒ කිසිවක් මගේ පාලනයෙන් තොර වූ හෙයිනි.
මම තෘප්තියෙන් හැරී බලමි. අහිමි වූවා යයි හඬන්නට කිසිවක් ඉතිරි නොකොට තුන්සිය හැටපස් දිනෙක ආවර්ජනයෙහි , සිත කය වෙහෙසී නිරන්තරයෙන් වැඩ කළ සතුට උඩ පනියි. එක තත්පරයක් හෝ , නිවාඩුවක් හෝ ගණන් මිනුම් බැලීමෙන් තොරව චිත්ත තෘප්තිය උදෙසා අත්හදාබැලීම් වලින් පිරුනු වසරක් ගත කළෙමි. එයින් මා වසරකින් වියපත් වීමි.
ගෙවෙන්නට උදා වෙන 2013 යනු එතරම්ම ජීවිතයේ ප්‍රමිතියෙන් තොර ආස්වාදය තුල ගිලී සැනහෙන , කාර්යක්ෂම වසරක් වේවා !!!!! එක් මිනිත්තුවකුදු අපතේ නොයන , ජීවිතාභිලාශය පණ ගසන වසරක් වේවා !!!!!
Today isn't e New Beginning ! It is the continuation of what I began ! :-)