ඉතින් හූල්ල හූල්ලා සතියක් මාසයක් ,එක්කෝ අවුරුද්දක් දෙකක්... රටේ ලෝකේ පෙම්වතුන්ගෙන් අටෙන් පහක් විතරම කල්පනාවෙන් බරව ජීවත් වෙන්නෝය. (පෙම්වතුන් කියන කුලකයෙන් මම මැරීඩ් අයව පොඩ්ඩකට අයින් කලාම තමා ඔය ප්‍රතිශතය ගනන් හැදෙන්නේ) :) :)
එක්තරා රටක එක්තරා ගමක කොල්ලෙකුත් කෙල්ලෙකුත් සිටියෝය. මේ කොල්ලා රැකියාව කරන්නේ නගරයේය. ඒ නගරේ ගොඩක් දුරය. ඒක නගරයක් උනාට සමනල්ලු සිටිති. (සමනල්ලු නැත්තේ කොයි නගරයේද නේද?) . කොල්ලාගේ කෙල්ල ඉන්න ගමේත් සමනල්ලු සිටිනවාය. ඒත් මේ දෙන්නාට කොලුවා ගම එන තුරුම දකින්නට නම් ලැබෙන්නේ නැත (සතියකට පාරක් වගේ). ඒත් සමනලයින්ට එහෙම නැත. ඇඟේ හැප්පි හැප්පී , එති එතී , කිචි කවමින් , හුරතල් වෙමින්, ඉඳහිට නෝක්කාඩු කියමින්, අමනාපයෙන් ඈත් වෙමින්, ආයිත් ලං වෙමින් සමනලයින් පෙම් සුව විඳින සැටි පෙනෙන කොට , නගරයේ ගිනි ගහන අවුවේ (මම හිතන්නේ මේ කාලයේ ලයිටුත් නැතුව) රස්සාව කරන කොල්ලාට හිතෙන්නේ මේ වගේය. මේක නම් තනිකරම ඉරිසියාව මිස වෙන කුමක්ද?
නුඹේ පෙම් ලෝකේ - සුවේ විඳින සමනල් යාලුවේ
මටත් පෙම්වන්තී - ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ - බාධා අනන්තයි
වැටකඩොලු සීමා මායිම් බොහෝමයි
හමුවෙන්න වත් නෑ නිදහසේ...
මටත් පෙම්වන්තී - ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ - බාධා අනන්තයි
වැටකඩොලු සීමා මායිම් බොහෝමයි
හමුවෙන්න වත් නෑ නිදහසේ...
කොල්ලෙකුට ආදරවන්තිය ඉස්සරහා වීරයත්වය පෙන්වීම එක්තරා හීනයක් වෙන්නට ඕනේය. කෙල්ලගේ ලෝකයේ ඉන්නා වීරවරයා තම සැමියා බව ඈ පිලිගන්නේ නම් එය තරම් කොල්ලෙකුට වටිනා අන් දෙයක් තිබිය හැකිද? නොදන්නෙමි. මම කොල්ලෙක් නොවෙමි.. :)
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී - ඈ දකිනවා නම් හරි අගෙයි
ඒත් කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ලැබුනෙ නෑ අවසරේ - නුඹ ලඟින් නෑ මගේ..
හැම පෙම්වතෙකුටම මේ සරල සුන්දර සිහින තිබෙනවාමය. මේ පෙම්වතා
කොච්චර බරපතල පෙම්වතෙකු වුවත් , මොන තරාතිරමේ එකෙකු වුවත් , හැම පෙම්වතාටම
හිතෙන ආදර හීන මෙතන තිබෙනවාය. ඒ හීන ඇතැම්විට නොදැක ඉන්න බැරි තරම් හිත
පෙලන්නට ගන්නා විට මේ වගේ ගීත ලියවෙනවා වෙන්නට ඕනේය. ඒ ගීත ඇහෙද්දී
සැබවින්ම පෙම්වතුන්ට හීල්ලෙනවා විය යුතුය. අනේ මන්දා එහෙම නැතිනම්... ..
මන්දා..ය.. :) :)
සති අන්තයේදී සිනමා හලේදී - හමු වන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ - පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ආවෙ නෑ ඈ අනේ, තනිව මා මගෙ ලොවේ..
කොටින්ම එක ගාව ඈලි ඇලී වෙලි වෙලී ඉන්ඩ තියෙනවා නම් , වට්ටක්කා නැට්ටක් උඩ උනත් කමක් නැතිවා වගේ තමාය. !!!!
සැබවින්ම මේ සොඳුරු සරල ගීයකි. එහෙත් ඔබට දැනුනාද? මෙහි ඇති අව්‍යාජ සුන්දර බව? සරලත්වය. ගීයක මුසු විය යුතු රිද්මයෙහි තිබෙන සුමට බව? සංගීත්ගේ කටහඬින් මැවෙන සොඳුරු ආදරයේ චමත්කාරය පිටිපස්සෙන් මේ අරුතෙහි දුවන්නේ තනිකරම ඇඬියාවක් බව දැනුනාද? එය නොදැනෙන්නට , දුකෙහි සුන්දරත්වය ඉස්මතු වන්නේ හරියට කුඩා පැලැටියක් නිසි නින්දේ හෙමීට වැඩෙන වේගයෙනි.. ගීයක චමත්කාරය මට දැනෙන්නේ අරුතෙනි. අරුත මවන කටහඬෙනි. හඬෙන් මැවෙන ලාලිත්‍යයෙනි. සංගීතයට සංගීත්ව අතික්‍රමණය කළ නොහැකි වන්නේ එනිසාය. ටකරං සංගීතයෙන් පලුදු වහන්නට තරම් සංගීත්ගේ හඬ බාල නැතිය.
අපිට මීට දශකයකට කලින් තිබ්බේ අන්න එහෙම සංගීතයකි. බෙලෙක් සද්ද , රැප් හෝ, ගෑණු හඬින් ගයන පිරිමි ස්වරාල අනවශ්‍ය වූ රටක අද තැනෙන්නේ බෙලෙක් සද්ද මැදින් ඇහෙන හඬක් හා වචනයක් දෙකක්ය. ගලන ගඟක් වාගේ සුමට ගීත අද හැදෙන්නේ කොහේදැයි මා දන්නේ නැත.
මේ ගීයට මා පෙම් බඳින්නේ වසර අටක පමණ කාලයක සිටය. ආදර හැඟුම් බෙදාගන්නට පෙම්වතිය ලඟ නැති එක බළල් අඳෝනාවක් ලෙස නොව , දඟකාර ආශාවන්ගෙන් පරිමිත සොඳුරු ආශාවන් සුසැදි ගීයක් කොට සංගීත් තවමත් ගයන්නේය. සංගීතයට අතික්‍රමණය කළ නොහැකි වූ එම අරුත හා හඬට එදා බැඳි පෙම මට අදත් එලෙසින්ම දැනෙන්නේය.
ගීතය අහන්න මෙතනට යන්න