Wednesday, May 09, 2012

[246] විනාශයේ ආකල්ප දොරටු 10 ක් !

Marc & Angel Original Website
 
මම හැමදාම ඉතාමත් ආසාවෙන් කියවන Inspirational බ්ලොග් එකක් තමයි Marc and Angel . මේ බ්ලොග් එක මට හොයල දුන්නට ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ බීට්ල් සහෝට. ඉතින් අද මම කියෙව්ව මේ ආටිකල් එක නම්, අපේ සිංහල යාලුවන් වෙනුවෙන් බෙදාගන්න, මේ මොහොතෙම හිතෙන තරමටම හිතට වැදුනේ ඇයි කියලා මමවත් දන්නෙ නෑ. කොටින්ම මේ පෝස්ට් එක ලියන්නෙ මීට පැයකට කලින් ලිව්ව අලුත් ආටිකල් එකක් පබ්ලිශ් නොකර.

මාක් ඇන්ඩ් ඒන්ජල්ගෙ බ්ලොග් එකෙ තිබ්බ ආටිකල් එක දැක්ක මම ඒක ලියන කපල් එකගෙන් මම මේ ලිපිය ට්‍රාන්ස්ලේට් කරන්න අවසර ඉල්ලුව , විනාඩි 4ක් ඇතුලත ප්‍රීතියෙන් ඒ අවසරය දුන්නු සැන් දියෝගෝවෙ නොදුටු හිතවතුන් දෙදෙනාට ස්තූති නොකරම බැහැ. (Thank you so much Marc and Angel writers for most willingly allowing me to write this article) 

ජීවිතේ අපිට වරදින්න හේතු ගොඩක් තියනව. එක්කො අපි හිතන හැටියට හරියට දේවල් සිද්ද වෙන්නෙ නැහැ. සමහර හේතුන් අපිට පාලනය කරන්න බැහැ. ඒ බාහිර හේතු .. ඒත් සමහර වෙලාවට අපි නරකට, නපුරට සහ විනාශයට ඇද වැටෙන්නෙ අපෙම අභ්‍යන්තරයෙ ආකල්පමය දුර්වලකම් නිසා...

මේ ලිපියෙන් කියවෙන්නෙ ඒ වගෙ ආකල්පමය ගැටලු 10ක් ගැන. බලන්න ඔබ මොනවද මේ ගැන හිතන්නෙ කියලා... 
~`~

මිනිස් හිත කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්... ඒත් හිත කියන දේ උත්තරීතර සහ පරිපූර්ණ නැහැ, අපි ගොඩ දෙනෙක්ගේ..  ඒ නිසාම අපේ දැක්මේ සමහර තැන් හරිම පැටලිලි සහගතයි කියල හිතිලා නැද්ද?  මනෝවිද්‍යාවෙදි මේකට කියන්නෙ cognitive biase  එහෙම නැත්නම් තර්කය අතර මංමුලා වීමක් හැටියට. ඇත්තෙන්ම මේ අවුල ඕනෙම කෙනෙක්ට වෙන්න පුලුවන්, ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය , අධ්‍යාපන මට්ටම , බුද්ධි මට්ටම යනාදිය මොන වගේ උනත්...

මම අද මේ ලියන වැරදි ආකල්ප , මගෙත් මගෙ අවට ඉන්න ගොඩ දෙනෙක්ගෙත් මම නිතර නිතර දු‍ටුව විනාශකාරී සිතුවිලි රටාවන්. ඔබත් හිතල බලන්න මේ වැරදි චින්තන රටාවන් ඔබටත් තියනවද කියලා.

1. අසුබවාදී අනාගත වාක්‍ය ඔබත් ප්‍රකාශ කරනවද? මවාගෙන ඉන්නවද? ඒවා තමුන් විහින්ම සැබෑ කරගෙන තියනවද?


සමහර විට අපි අනාගතය ගැන උවමනාවට වඩා බියකරු විදියට හිතනව. ඔබ දන්නවද එහෙම හිතන්න හිතන්න , අපි ඇතුලතින් ක්‍රියා කරන්න ගන්නෙත් ඒ භයානක දේ සිද්ද වෙන තාලෙට. අන්තිමේ,  අවිඥානකවම  අපි ඒ අනතුර ලඟාකරගෙන! උදාකරගෙන! මොකද, අපි වැඩ කරන්නේ අනාගතයෙ වෙන්න පුලුවන් නරකම දේ හිතෙන් මවාගෙන.  බොහෝ  සම්බන්ධතා බිඳී යන්නෙත් , අරමුණු ඉශ්ට නොවී පරාජය වෙන්නෙත් මේ අසුබවාදී සිතුවිල්ල නිසා. මෙන්න උදාහරණ දෙකක්.

කෙනෙක් හිතනවා , තමුන්ගෙ අලුත් ප්‍රේම සම්බන්ධතාවය නම් 'කිසිම දවසක හරියන එකක් නොවෙයි' කියලා. එතකොට මොකද වෙන්නේ??? නොදැනුවත්වම ඔහු ඒ සම්බන්ධය පවත්වාගන්න කැපවෙන්නෙ වෙහෙස වෙන්නෙ නැහැ.මානසිකව ඔහු නොදැනුවත්වම ඇගෙන් ඈත් වෙලා. එක්කො රණ්ඩු කරගෙන. ඉතින් ඔය සම්බන්දෙ ඉක්මනටම ඉවර වෙන එක අහන්න දෙයක්ද? නේද? :)

හිතන්න ඒලෙවල් බයෝ කරන බුද්ධිමත් සිසුවියක් හිතනවා , 'මට නම් මේක කරගන්න තරම් මොලයක් නැහැ, මට කොච්චර මහන්සි උනත් දොස්තර කෙනෙක් නම් වෙන්න බැහැ' කියලා. ඉතින් එහෙම හිත හිත කෙනෙක්ට පුලුවන්ද හිත හදාගන්න මෙඩිකල් කොලෙජ් යන්න මහන්සි වෙන්න? ඉතින් එයා දොස්තර කෙනෙක් වෙයිද?

2. හරියනකොට නම් ප්‍රශංසාව භාර ගන්නවා, ඒත් වැරදෙනකොට ???

හපන්කම් එලි වෙද්දි නම් අපි හරිම කැමති ඒ හපන්කමේ අයිතිය තහවුරු කර ගන්න. එකෙ ප්‍රශංසාව භාර ගන්න. ඒත් අපි කරන තක්තීරුකම් වල , පොඩි පොඩි හරි ලොකු ලොකු හරි මෝඩකම් සහ වැරදීම් වල වගකීම නිහතමානීව භාර ගන්න එක කොච්චර නම් අමාරුද? ඉස්කෝලෙ පන්තිකාමරෙ මතකද? අපිට ලොකු තැනක් ලැබෙන ලකුණු ලැබෙද්දි අපි කැමතියි ඒ ඔක්කොම ලැබුනෙ අපි පාඩම් කල නිසා, අපෙ කැපවීම නිසා කියලා පාරම්බාන්න. නැද්ද?
ඒත් බැරිවෙලාවත් ලකුණු හොඳ නැත්නම් හෙම , උගන්නපු ටීචරුත් වැරදි. සිලබස් එකත් වැරදි. පේපර් එකත් වැරදි. එක්කො අහල තියන දේ ප්‍රායෝගික මදි. එක එක හේතු!  ඒත් අපේ මනස නිවැරදිව වැඩෙන්නෙ, අපිට හැකියාවක් තියෙනව නම් අපෙ ජය හා පරාජය දෙකේම වගකීම එක වගේම භාරගන්න .. මතක තියාගන්න හොඳේ... :)

3. හිතනවද ඔබට ඔබෙ හැඟීම් ඕනෙම එකක් 100%ම ඔබේ පාලනයේ තියෙන්නෙ කියලා??

නැහැ. අපි හිතන තරම් අපෙ හැඟීම් අපෙ පාලනය ඇතුලෙ නැහැ. ලිංගික ආශාවන්, ආහාර, මත්ද්‍රව්‍ය වගෙ දේවල් මේවාට හොඳ උදාහරණ. ඔය ඇබ්බැහිකම් තියන ගොඩ දෙනෙක් පාරම් බාන ලොකු දෙයක් තමයි 'මට හිතුනොත් ඕනෙවෙලාවක මේක නවත්වන්න පුලුවන්' කියන එක. ඒත් ඒක කොයි තරම් දුරට ඇත්තද? ගොඩ දෙනෙක් කරන්නෙ හිතට බොරු කරන එක.

ඇබ්බැහි වෙන්නම ඕනෙ නෑ දේකට පෙලඹෙන්න. පොඩි හැඟීමකුත් ඇති පෙලඹෙන්න නම්.. ටිකක් ප්‍රායෝගිකව හිතන සමහර දෙනෙක් කරන්නෙ හැගීම් වලින් හිත ඉල්ලන දේට අවනත වෙලා ඒක ලබා දෙන එක. ඇත්තෙන්ම ඒක තමයි කරන්න ලේසිම දේ , හැඟීමත් එක්ක යුද්ද කර කර පිස්සු නටනවාට වැඩිය.ඔබට හිතෙයි ඒක හරිම පිස්සු කතාවක් කියල. ඒත් ඒක තමයි ඇත්ත.  හිතල බලන්නකො...

මනුස්සයෙකුට ලිංගික ආශාවන් පිස්සුවක් වගෙ ඇතිවෙනව නම් , කරන්න පුලුවන් දේ තමයි ඒක ඉශ්ට   කරගෙන ඒ ආවේගයෙන් මිදෙන එක.බඩගිනි නම් හොඳම දේ කන එක. බඩගින්නෙ දුක් විඳිනවට වැඩිය.ආවේග මැඩපවත්වනවා , අමතක කරනවා කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි. පුලුවන්, ඒත් ඔබ මනසින් ගොඩාක් දියුණු වෙන්න ඕනෙ ඒ තැනට එන්න. පරෙස්සමෙන්. ! ඔබ ඒ ගැන නොහිතා ඔබේ ආවේග දරුණු විදියට මැඩපවත්වන්න උත්සහ කලොත්, ආවේගයේ අවශ්‍යතාවයත් ඒ හා සමානවම දරුණු වෙන්න ගන්නවා. කොටින්ම ඒක ආවේගයට අත වැනීමක් ! 


4. තනි සිද්ධියකින් ලොකු විනිශ්චයන්ට ඔබත් එලඹෙනවද?

දු‍ටු විගසින් හිතට එන දේ, මුලින්ම හිතට එන දේ හෙවත් first impression එක හරි චා‍ටුකාර සිතුවිල්ලක් සමහර වෙලාවට! ඇත්ත, මිනිස්සු හැටියට , අපි එක කෝණයකින් දැක්කම ඒ කෝණයෙන් ගොඩක් නිගමන වලට එනවා. අපි හිතනවා ඒ කෙනා ගැන තේරුම් ගන්න ඔය දැක්ක ටික ඇති කියලා. කාර්‍යාල වල මේක හරිම සුලබ සිද්ධියක්.  හිතන්න අලුතින් වැඩට ආව කෙනෙක් උදේ එන්න පරක්කු වෙනවා. ඇත්තෙන්ම ඔහුගෙ වාහනේ කැඩිල වෙන්න පුලුවන්. ඒත් ඒක දකින ප්‍රධානිය හිතුවොත් මෙයා වෙලාවට වැඩ නොකරන කෙනෙක්ය කියලා??  ඒක හිතේ තියාගෙන වෙන්න බැරිද ප්‍රධානියා ඔහුට ඉදිරි දවස් කිහිපයෙම සලකනවා ඇත්තෙ?  ඒ නිසා ඇඟිල්ල දික් වෙන්න කලින්, උපකල්පන වලට සහ වින්ශ්චයන්ට එන්න කලින් ලොකුවට හිතන්න , පුළුල්ව දකින්න හැකිනම් කොච්චර හොඳද නේද?

5. මොනව උනත් මට ලැබීම තියනව! ඕනෙම බැරි දෙයක් උනත් මට පාලනය කරන්න  පුලුවන් !

අහම්බෙන් ඔබ දිනන ලොත‍රැයියක් , එහෙම නැතිනම් අහඹු ජයක් , අහම්බයකට වඩා  ඔබේ ලැබීම, වාසනාව එහෙම නැතිනම් 'හැකියාවය' කියල හිතන එක හරිම අවදානමක්. 


ඒ හැම දේම ඔබට අවනත දේවල්ය කියල හිතනන් ගියොත් ඒක පිස්සුවක් වෙන්නෙ නැද්ද? බාහිර සිදුවීම්, කාලගුණ විපර්යාස, අහඹු අවස්ථාවන්.. මේවාට තමුන්ගෙ හැකියාවල් කියා වහල් වෙන එක හරිම බයානකයි. හිතන්න ඔබෙ මිතුරෙක් කාසියක් උඩ දානව . ඔබ කියනව 'සිරස' ද? 'අගය' ද කියලා. 10 වතාවක්ම එක දිගට ඔබ දිනනව!! ආ.. දැන් ඔබ හිතන්න ගන්නවා, මේක මගෙ හැකියාව. එහෙම නැතිනම් ලක් එක කියල.  ඒත් ඇත්ත මොකක්ද? සම්භාවිතාවය 50%යි. ඊලඟ 11 වෙනි වතාව ඔබට වරදින්න පුලුවන්. අහඹු සිදුවීම් වල හැටි එහෙම තමයි !

6. ඔබ අදහන්නෙ නැති දේවල් කිසිම දාක , හේතු සහිතව කිව්වත් පිලිගන්නෙ නැද්ද?

මේකට මනෝවිද්‍යාඥයො කියන්නෙ confirmation biase කියල. අපි මිනිස්සු... අපි හැමතිස්සෙම කරුණු හොයන්නෙ අපි අනුමත කරන සහ විස්වාස කරන දේවල් සනාථ කරන්න. තහවුරු කරන්න. ඇත්තය කියලා ඔප්පු කරන්න. අපේ මතයට පිටින් යන කරුණු සහ සාධක අපි හිතාමතාම මගහරින්න කැමතියි. ඒ නිසා අපි අපේ චින්තයට අභියෝගයක් වෙන සිතුවිලි සහ සාධක ඉවතලන්න තමයි මනාප.  හැබැයි එකෙන් වෙන්න නම් හොඳක් නොවෙයි. අපි ජීවිතේ ලොකු තීරණ වලදි තීරණාත්මක කරුණු අපේ වාසිය තකාම මගහරින එකයි වෙන්නෙ. එකෙන් වෙන හානිය නම් සුලුප‍ටු වන එකක් නැහැ, විශේෂයෙන්ම ඒ තීරණය ඔබෙ ජීවිතේ වැදගත්ම දෙයක්නම්. ලේසියෙන් නිවැරදි කරන්න බැරි දෙයක් නම්.

7. නුහුරු , කලින් නොකල,  අලුත් දෙයක් ගැන ඕනෙවට වඩා ආත්ම විස්වාසයක් ????

අපි කිසිදාක ජීවිතෙ නොකරපු අලුත් අත්දැකීමක් ගනිද්දි මේක හරිම සාමාන්‍ය දෙයක්. එක හේතුවක්, අපිට කාල නිර්ණය කරන්න තියන අපහසුව. පටන් ගන්න හදිස්සියයි ආසාවයි කලබලයයි වැඩි උනාම වෙන්නෙ සැලසුම් කරන්න ඉවසීම නැතුව යන එක.  


කොටින්ම අපිට තියෙන්නෙ පටන් ගන්නකල් තදියමක්! ඒත් ඒ කලබලේ පස්සට දාලා හෙමීට හිතල බලලා දෙයක් කලොත් නම් වරදින්නෙ නැහැ. ඒ නිසාම අපෙ නිර්ණය කිරීම් ගොඩාක් වැරදි වෙන්න ඉඩ වැඩියි. ඕනෙවට වඩා සුබවාදි වෙන එකත් එච්චරටම සුබ නැහැ නේද? හිතුවෙ නැති තරම් වැඩ කන්දරාවක් එද්දි , ඒ ටික කරගන්න එක හිතුව තරම් ලේසි නැති වෙද්දි අපෙ තදියමෙන් අපිටම විපාක ලැබේවි !


8.  නිදහස රැක ගන්න එපා කිව්ව දේම කරන කෙනෙක්ද ඔබ?

මේක ගොඩක් තියෙන්නෙ පොඩි උන් ගාව. ඒත් ලොකු පොඩ්ඩන්ටත් නැත්තෙ නැහැ.  මනුස්සයෙක්ගෙ හැඟීම් වල සහජයෙන් තියන දෙයක් මේක. කෙනෙක් දෙයක් එපා කිව්වම, ඒක කරලා පෙන්නන්නම ලොකු හිතුවක්කාරකමක් ඔලුවට එනවා සමහරුන්ට. එහෙම අය හිතන්නෙම 'යටත් උනොත් හෙම හැමදාම ඔලුව නවාගෙන ඉන්න වෙනවා' කියන එක. ඒ නිසා යටත් නොවී ඉඳීම සඳහා , සමහර විට අන්ත ගොන්කම් පවා කරන්න පෙලඹෙනවා , තියන නිදහස් ගතිය පෙන්නගන්න. අනික් අයට පාඩම් උගන්නන්න.

විප්ලවවාදියො කියල එයාල හිතනවා.  දෙයක් එපා කිව්වම, ඒක සහජ ගතියක් එපා කිව්ව දේ කරල පෙන්නන්න හිතෙන එක. ඒත් ඒක සරීරෙට නම් එච්චර ගුණ නැහැ. හැබැයි ඔබ අසලකත් මේ වගෙ හයිරන්කාරයෙක් ගැවසෙනව නම් , ඔබට කරන්න පුලුවන් හොඳම දේ, ඔහු කල යුතු දේ , නොකල යුතු දෙයක් හැටියට පෙන්නන එක. එතකොට ඔහු මෝඩයා වගෙ එය කරලා පෙන්නාවි. :)

9. පොත්තෙන් කෙනෙක්ගෙ හිත මනින්න එපා..

ඔය කතාවට නම් කියනවා තමයි මුහුණ හදවතේ කැඩපතයි කියලා. ඒත් අමතක කරන්න එපා, ඒක හැමවෙලාවටම සත්‍ය නැහැ. උපකල්පනය කරන එක හරිම බයානක දෙයක්. විශේශයෙන්ම කෙනෙක්ගෙ බාහිර ස්වරූපය මත. කෙනෙක් ලස්සනට ඇන්ද පමණින් , කෙනෙක් පිලිවෙලට පිරිසිදුවට හිටිය පමණින් ඒ කෙනා සාර්ථක කෙනෙක් වෙන්නෙ නැහැ. ඒවා බාහිර පෙනුම පමණයි. පොතක් උනත් කවරෙන් මනින්න බැහැනේ. නේද? :)

10. වෙච්චි පාඩුව වහගන්න වෙච්චි වැ‍රැද්දම දිගටම ඇදගෙන යනවද?

මේකට ඉන්ග්‍රිසියෙන් කියනව sunk cost fallacy කියලා. අපි කලින් අසාර්ථක වෙච්චි මොකක් හරි වැයමක් නිසා අපිට ලොකු පාඩුවක් උනා නම් , ඒක හිතින් අත් හරින්නෙ නැතිව , එහෙම නැතිනම් ඒ යන තාලෙටම දිගටම ඇදගෙන යන්නෙ අර වෙච්චි පාඩුව කවදාහරි නිවැරදි වේවි කියන බලාපොරොත්තුවෙන්.. ඇත්තෙන්ම බුද්ධිමත් කෙනෙක් නම් කරන්න ඕනෙ , වෙච්චි පාඩුව උනාය කියල හිත හදාගෙන,  කල් නොයවා වෙනස් වෙන එකයි. වැරදිච්චි වැරදීමක් හදන්න හැකි එකම විදිය නිවැරදි වෙන එක විතරමයි!



මුල් ලිපිය Original Article : http://www.marcandangel.com/2012/05/09/10-destructive-faults-in-our-way-of-thinking/

Thank you Very Much Marc & Angel

19 comments:

  1. හිතන්ඩ වෙයි ටිකක්! හම්....!

    ReplyDelete
  2. හොඳ අදහස් ටිකක්..ස්තූතියි බෙදා ගත්තට.

    ඒ වගේම තවත් හොඳ බ්ලොග් එකකට පාර පෙන්නුවටත් ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  3. හරිම අපූරු ජීවිතේට බොහොම වැදගත් වෙන කරුණු කාරණා ටිකක් අක්කේ! අනික ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා...

    ඔය පස් වෙනි කාරණේ නම් අපේ රටේ මිනිස්සු බොහොමයක් රැවටිලා ඉන්න තැනක් මම හිතන විදිහට. වාසනාව හෝ අවාසනාව කියන දෙකටම තියෙන තනි වචනේ අහම්බයක් කියන එක උනාට අපේ ගොඩක් මිනිස්සු හිතන්නේ ඒක නොපෙනෙන බලවේගයක් කියලා!

    ReplyDelete
  4. ජීවන තක්සලාවේ උගත යුතු දෑ බොහෝය, නිමක් නැත. බොහෝ දේ මතක් කර දුන් පොස්ටුවක්, ඔබට පිං.

    ReplyDelete
  5. good articl! good translation! worth reading! :)

    ReplyDelete
  6. සෑහෙන වැදගත් ලිපියක්.. මේක පරිවර්ථනය කරලා දාපු එක නම් නියමයි..

    ReplyDelete
  7. හෙමින් හෙමින් කියවලා මගේ ජිවිතේ වෙනසක් වෙන්න ඕන කොහෙද කියලා හිතුවා.ඒත් සම්පුර්ණයෙන්ම ඕනා වගේ...වටිනා අදහස් ටිකක්.

    ReplyDelete
  8. වටිනා අදහස් ටිකක් . ස්තූතියි දිල්ට දැනුම බෙදා ගත්තාට .

    ReplyDelete
  9. මේ වටිනා අදහස් කාලයත් එක්ක අමතක වෙලා යනවා. මේවා හිතේ තියාගෙන ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගෙන දිගටම පවත්වාගන්න එක තමයි ලොකුම අභියෝගය. මේ වටිනා ලිපියටත්, හඳුන්වා දුන්න බ්ලොග් එකටත් ස්තුතියි!

    ReplyDelete
  10. මේ හැම කරුණකටම පොදු සාධකයක් තියෙනව නේද? “මමත්වය“ එහෙමත් නැත්නං “අහංකාරය“.

    ReplyDelete
  11. නැවත නිදහසේ කියවිය යුතුය.

    ReplyDelete
  12. කට් ඇන්ඩ් පේස්ට් කරලා තියාගන්න වටිනවා මේ ටික නම්..

    ReplyDelete
  13. අදහස් දෑක්වූ ඔබට ගොඩාක් ස්තූතිවේවා ! තවත් එක දෙකක් පරිවර්තනය කරන්න හිතේ තියේ... :)

    ReplyDelete
  14. / කෙනෙක් හිතනවා , තමුන්ගෙ අලුත් ප්‍රේම සම්බන්ධතාවය නම් 'කිසිම දවසක හරියන එකක් නොවෙයි' කියලා. එතකොට මොකද වෙන්නේ??? නොදැනුවත්වම ඔහු ඒ සම්බන්ධය පවත්වාගන්න කැපවෙන්නෙ වෙහෙස වෙන්නෙ නැහැ.මානසිකව ඔහු නොදැනුවත්වම ඇගෙන් ඈත් වෙලා. එක්කො රණ්ඩු කරගෙන. ඉතින් ඔය සම්බන්දෙ ඉක්මනටම ඉවර වෙන එක අහන්න දෙයක්ද? නේද? :) /

    Extreame Prejudice කියල එකක් අහල තියනවද? ආන්තික අගතිගාමිත්වය.....අන්න ඒ මානසිකත්වයට දර්ශීය උදාහරණක් මේ... :) :)

    ***************************************

    1. අසුබවාදී අනාගත වාක්‍ය ඔබත් ප්‍රකාශ කරනවද? මවාගෙන ඉන්නවද? ඒවා තමුන් විහින්ම සැබෑ කරගෙන තියනවද?

    5. මොනව උනත් මට ලැබීම තියනව! ඕනෙම බැරි දෙයක් උනත් මට පාලනය කරන්න  පුලුවන් !

    අඩේ මේ දෙක පරස්පරයි නෙව. පලවෙනි එකෙන් කියන්නෙ අසුබවාදීව හිතන්න එපාය කියල. තමන්ට පුලුවන්ය කියල ආත්ම විශ්වාසයක් ඇති කරගන්නෙයි කියල. පස් වෙනි එකේ කියන්නෙ එහෙම විශ්වාසයක් තියාගන්න එපාය කියල නේද? අනේ මංද මට නම් තේරුනෙ එහෙමයි..මයෙ පිත්තාසයෙ වැරැද්දක්ද මන්ද....:( :(

    ***************************************

    / කොටින්ම අපිට තියෙන්නෙ පටන් ගන්නකල් තදියමක්! ඒත් ඒ කලබලේ පස්සට දාලා හෙමීට හිතල බලලා දෙයක් කලොත් නම් වරදින්නෙ නැහැ. ඒ නිසාම අපෙ නිර්ණය කිරීම් ගොඩාක් වැරදි වෙන්න ඉඩ වැඩියි. ඕනෙවට වඩා සුබවාදි වෙන එකත් එච්චරටම සුබ නැහැ නේද? හිතුවෙ නැති තරම් වැඩ කන්දරාවක් එද්දි , ඒ ටික කරගන්න එක හිතුව තරම් ලේසි නැති වෙද්දි අපෙ තදියමෙන් අපිටම විපාක ලැබේවි ! /

    හෙහ්, හෙහ්, හෙහ්, මේ ටික කියවද්දි දිලෝ...මට මතක් උනේ '' ඔවා දෙනු පරහට..... "' කියල අර අලගිය වැලගිය බඩවැටි තුමා කිව්ව කතාව..ඒත් එක්කම මෙන්න මෙහෙම වචන කීපයක් හිතට ආව, ඇයිද කියල නම් මන්දා....උඹට වත් තේරෙනව නම් ඒ ඇයිද කියල කියාපංකො හොඳ එකී වාගෙ... '' Cycle of Life "......තව ඔය ආදරණීය ටීච ද මොකක්ද කියල එකකුත් මතක් උනා...හෙහ්, හෙහ්,

    මේ ටික මරු C.V. එකක Describe yourself in two sentences කියන එකට දාන්ට...'' ස්ව ආත්ම කථනය ''

    ReplyDelete
  15. චිප් නරි රවියා ! :) ඇත්තමයි ඈත්ත උනත් මෙහෙම කියනවද බොල :) හි හි...

    කැත විතරක් පරන බ්ලොග් දෙක මතක් කෙරුව.. චිප් චිප් :)

    ReplyDelete
  16. ජීවිතයට ආදරයෙන් ද?

    ReplyDelete
  17. ම්ම් සොරි මටනං මේක ආතල් මදි..
    සෙක්ස් කියන එක ඇඟට පිස්සුවක් වගේ ආවනං ඒක නැතිකරන්න සෙක්ස් කරාම හරිද//
    ඒක මහ බොරු වැඩක්...සෙක්ස් කියන එක සරල අනුවර්ථි චලිතය වගේ එකක් නෙම..ඒක මහා සංකීර්ණ පිසිකලි සහ මෙන්ටලි දේවල එකතුවක්...
    සංසාර්ගික එක්වීම කියන්නෙ සෙක්ස් ෆීලින්ස් වල අනන්තය නෙමෙ...
    සිතට සමාධිය ඇති කරගන්න එක මේ බයිල වලට වඩා වැදගත්..තමං තමං ගැන ලොකුවට හිතා ගන්න ඕනි...
    ගොඩක් අය අද නොකරන්නෙම ඒක..
    බයෝ පේල් වෙනවනං තමුන්ට අබිමානයක් තියෙන්නෙ ඕනි ඔව් මම පේල් වෙනව තමයි ඩෝ කියන්න තරම්...

    ReplyDelete
  18. නැවත නැවතත් කීප වරකම කියවලා බලන්න ඕනේ. ස්තුති කරුණු කිව්වාට :)

    ReplyDelete
  19. මේව කට කහනවට කියපු කතාද කොහෙද.....මෙලෝ රහක් නෑ....සුද්දගෙ බයිල මක්කට පරිවර්තනය කොරනවද මන්ද.....ඔයිට වඩා ජීවිතේට වැදගත් වෙන අදහස් ලංකාවේ උන්දැල ඔය ඔන තරමි කියල තියෙන්නෙ....එඋව දැමිම නමි නරකද.........චාරයක් නැති පර සුද්දටම කඩේ නොයා.......

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->