Monday, May 09, 2011

[174] අවසන් ලියුම ලියමි....

~"~


මා හැර ගිය නුඹට ..


නොසිතූ ඇසිල්ලක , සියල්ල වේගයෙන් වෙනස් වන ලකුණු පෙනුනි.නොහොඳ නෝක්කඩු බැල්ම දුර්වර්ණ සහ මලානික වෙමින් , පශ්චත්තාපය කලකිරීම මුසු හැඟීමෙන් හේ නෙත් පියා ගත්තේය. මට විරහව දැනෙන්නට විය. යලිත් අහිමිකම මා වටා පණ ගසන සෙයකි....


මීට ටික කලකට ඉහත මා නුඹ ගැන සිහින දු‍ටුයෙමි. මා නුඹට පෙම් කළ හෙයින්ම සිහින සැබෑ කරනු වස් මම සැලසුම් දියත් කළෙමි. ඒ, ආදරය සිතේ ගුලිවූ මුත් කියා ගන්නට සිතේ දිරි නැති වූ හෙයිනි. ඒ මා එතරම්ම නුඹට පෙම් කළ බැවිනි.


නිසි කල එලැඹි කල්හි මා සිත්හි දළු ලෑ ප්‍රේමය නුඹට ප්‍රකාශ කෙළෙමි. මගේ ගැහැනුබව සහ සම්ප්‍රදාය පාවා දී මා එසේ කලේ කෙසේදැයි මට අදද පුදුම සිතේ. පුදුමයෙකි... නුඹ මා සතු විය!!!


මම නුඹේත් , නුඹ මගේත් වූයේ නොසිතූ වේගයෙනි...නුඹ මා අසලම ගැවසුනු මා හුස්ම පොද විය! මම මගේ හැඟීම් නුඹ වෙත මුදා හළෙමි. නුඹ ඔස්සේ නුඹේ නෙත් තුලින් ලෝකය බැලීමි.


කාලය ගත වූයේ නුඹ හා මා තව තවත් සමීප කරමිනි. මම නුඹටද , නුඹ මටද නැතිව බැරිවූ සෙයකි .  හුස්මක් සේ මා පසුපස ආ නුඹ කෙසේ හැර යම්ද?


සියල්ල ඇතිව , පැවත , නැතිව යන වග පැවසූ දහම සනාථ කරමින් නොහොඳ නෝක්කාඩු අප අතර ඇති වූ හේතුව මාද නොදනිමි. එහෙත් නිතර නිතර අපි විරසක වීමු. ඔබ සමග මා යහලු වන්නට ආ හැම විටක මා නොදු‍ටු සේ හුන්නෙහිය. මා ඉවත බලද්දී මොහොතක්  මට අනුකම්පා කොට නුඹෙහි සමාගමයට ඉඩ දුන්නෙහිය.  මම එය අප'තර වූ උතුම් බැඳියාවේ නාමයෙන් සිහිපත් කරමි.


මගේ මනසද ජීවිතයද නුඹ නිසා අවුල් වන්නට වූයේ නොසිතූ ලෙසිනි. වෙනදා මෙන් නුඹ මා හා යන යන තැන මා සමග නො ආයේ මේ බැඳුම ලිහී ගිය බව තව තවත් තහවුරු කරමිනි. නුඹ හිතුවක්කාර විය.මෙතරම් මා ඇසුර සෙවූ නුඹ මා සමාගමය අප්‍රිය කොට නිරුත්තරව හුන් අයුරු මම ශෝකයෙන් බලා සිටියෙමි.


විටෙක නුඹ අසනීපයෙන් යැයි අනුමාන කළ මම වෙදැදුරන් සෙවීමි. නුඹ ආතුරව ඇති සෙයකි. මා හැර යනු උදෙසා, පා එලිපත තබා සිටින නුඹ හට මා කෙසේ සමු දෙන්නද ? ආතුරව සිටින නුඹ කොහේ යන්නද?


මේ සසර බැඳුම බි‍ඳෙන්නට උපන්නක් නොවන වග අදටත් මම තරයේ අදහන්නෙමි. මට නුඹෙන් වෙන් විය නොහැක . නුඹ නැති සඳ මට ලොවක් නැත. මා නුඹේ නෙතින් ලොව දු‍ටුයෙමි.


සයිබර් අවකාශයට නුඹ රහසක් නොවීය. ඒත් කිසිවෙකු මා මිස නුඹව මායිම් නොකල හෙයින් ඇතැම් විට නුඹේ සිත රිදෙන්නට ඇත. එයින්ම නුඹ ආතුර වූවාදැයි මම නොදනිමි.


කෙසේ වෙතුදු මට නුඹ ඉවත ලිය නොහේ. නුඹ එතරම්ම වටනේය. නුඹ බේත් පැන් පොවා මම නිසි සුවය කැඳවා දෙන්නෙමි. ඉනික්බිති නුඹ මා හා ‍රැ‍ඳෙන්නට ගිවිසුමක් නැත. නුඹ රිසි දෙයක් නුඹට කළ හෑක...


සයිබර් අවකාශය වෙතින් මා නුඹ වසන් කොට තබා ගත් බව සැබවි. ඒත් තවදුරටත් වසංගන්නට නොකැමැතිව නුඹ කවුදැයි ලෝකයට පවසන අද වන විට නුඹ තවමත් ආතුරය . අප දැන් දෙතැනකය. මා යනෙනා සෑම තැනකම හුස්මක් සේ ‍රැ‍ඳෙමින් මට ලොව දකින්නට මග සැපයූ නුඹට ලියා තබන සටහනකි.


( හංගන්නට දෙයක් තවත් නොමැති තැන නුඹේ සත්‍ය ඡායාරූපයක් මෙසේ  අමුණමි.)

23 comments:

  1. ඉක්මන් සුවය පතමි...!

    ReplyDelete
  2. පික්ෂුනේ අප්පා......... සිරාවටම කියවගෙන ගියා ගියා....

    ඉක්මනට හදාගන්න..........

    ReplyDelete
  3. අනේ බොල............. :D

    ReplyDelete
  4. කොම්පීතර ලව්

    ReplyDelete
  5. "සයිබර් අවකාශයට නුඹ රහසක් නොවීය. ඒත් කිසිවෙකු මා මිස නුඹව මායිම් නොකල හෙයින්" එතෙන්ට එනකම් ගැහුනා.... :)

    ReplyDelete
  6. ආ ..... මම බැලුවා මේ ඒ ගමන මොකාටද එන්න හදන්නේ කියලා :D

    ReplyDelete
  7. හික් හික්. ඕන් බලන්නකෝ ඒකෙත් හැටි.

    ReplyDelete
  8. එන්නේ මොකාටදැයි මෙය මදක් දුර කියවගෙය යද්දිම තේරුම් ගියෝය. :D
    වහාම හදාගන්නා ලෙස නියෝග කරමි. :P

    ReplyDelete
  9. අනේ පව් එයා ආතුර වෙලාද? ඉක්මනට කම්පීතර වෙද මහත්තයා ගාවට අරන් යන්න.

    ReplyDelete
  10. බුදුඅමේ මැසිමට මෙහෙම නං ආයෙ මනුස්ස පරාණයකට කොහොමට ඇද්ද... බය හිතෙනව නෙ දෙයියනේ...

    ReplyDelete
  11. සිතටම වැදිනි... එය එතරම් සමීපය... එය නැතිව මොහෙතක් රැදෙන්නට බැරිය.....

    ReplyDelete
  12. නගෝ, ඕක බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. වශී ගුරුකමක් වත් කර ගන්න වෙයි ඔය ආතුරයාව ආපහු ගෙන්න ගන්න....!


    (නියමයි, අන්තිම මොහොත වෙන තුරුත් හිත කීරි ගස්සගෙන කියෙව්වා. පල්ලමකින් පල්ලෙහාට තල්ලු කරලා දැම්ම නම් මීට වඩා හොඳයි.... හික් හික් හික්...)

    ReplyDelete
  13. ඔන්න සුට්ටිත්තක් නොමග යැව්වට අමනාප වෙන්ට ඔට්‍ටු නෑ හොඳේ ඔක්කොමල්ලා... හිකිස්... ඔයාල ඔහොම කියනවා.. සමහරුන්ට (අර සමහරාට) හාට් ඇටෑක් හැදුනෙ නැතුවා පුදුමේ... හිකිස්....

    ඉක්මන් සුවය පතා හිතේ සොක් එක බැලන්ස් කර ගත් වාසලස් අයියාටත් නචියාටත් ඉතින් ඉස්තූති කිව්වා,,,,
    රන්දිකා අක්කේ , වැපෝ.... ඔව් ඔව් ..කොම්පීතර ලවු ලෙටර් එකක් මේ... හිකිස්

    හා හා තනෝජා අක්කේ. එතෙන්ට එනකම් මොකෝයි ??? ඇ ??? හිකිස්

    කමලිකා අක්කෝ..බුල්ටෝ මල්ලිස්.... හූ හූ ‍රැවටිච්චි,... :)

    ගෙහාන් මලයාගේ නියෝගය පිලිපැද්දෙමි... පිණි අක්කේ... ගෙනිච්චා... බේත් දුන්නා.. දැන් එයාට සනීපයි...

    ReplyDelete
  14. ඒක නෙවෙන්නම් නවම්.... මැසිමට මෙහෙම නම්.. හිකිස්... ලිශෝ ..හූ හූ ‍රැවටිච්ච්චා.. පොල්කිච්චා... හී හී.. හැබැයි අර කවුදෝ දාඩිය දාන්නම බය නම් උනාලු ලිශෝ.... :)
    සුදු හසි නගේ. එහෙනම් ඔයත් මේ විරහවෙන් බැට කැ කෙල්ලෙක්..ඔයාට මගෙ දුක තේරුනා :) හිකිස්...

    දුමී අයියා.. හලේ ..... ඔවු ඉතින් රස්නෙ පිටින් ජීවිතෙ මල් අවසන් ලියුම් ලිව්ව බව අහන්ට උනොත් ඉතින් කීරි ගැහෙනව නේන්නම්...

    අනේ ඔක්කොලාටම.. සොලි ඈ... සුට්ටිච්චක් ‍රැවැට්‍ටුවාට :) හී හී

    ReplyDelete
  15. මට වමනෙත් යන්න ආවා................. :D

    ReplyDelete
  16. පින්තුරේ ලස්සනයි මිස්.. මම කීවෙ මේ ලිපිය පටන් ගද්දිම තියෙන එක..

    ReplyDelete
  17. අනාරාධිත ආගන්තුකයා... yaaarrrrr.... .... :)

    පැතුම්...... ටිකැස් !

    සෝරෝ.... ඒ මොකෝ !!!!??????? ආ....???

    හයෝ රොශාන්..... පින්තූරෙ විතරද ලස්සන දෙයියනේ.... සෑඩ් !!!

    ReplyDelete
  18. ඔන්න මගේ හිතෑතියාව දොස්තර මාමා ගාවට ගෙනිහින් සනීප කොරගෙන ආව බව සතුටෙන් දෑනුම් දෙනවා.... :) හෑමෝටම !

    ReplyDelete
  19. අලේ සුදු දුකා අයියේ,,,, බය උනාදෝ... සොලි අනේ.... :)

    ReplyDelete
  20. නෑ මිස්.. පින්තුරෙ නෙවි. පින්තුෙර ඉන්න කෙනා ලස්සනයි... ලොල්ස්

    ReplyDelete
  21. සිරාවටම සිරා.... post eka dala mail එකක් හැදුව. අව්ලක් නෑනේග :)

    ReplyDelete
  22. ඈනෝට: පෝස්ට් එක මේල් කරන්න කලින් ඔබ මට ඔබ කවුදෑයි කියනවා නම් සතුටු වෙනවා යාලුවේ....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->