මතක නේද දවසක් අපි කතා කලා ඉංගිරිසි කොම්පියුටර් රාස්සයා කොහොමද අපේ ගෙදර හිතවතා දක්වා ලෙංගතු වුනේ කියලා? අමතක නම් මේ පැත්තෙ ගිහින් එන්නකෝ... සින්ග්‍රිසි මෘදුකාංගයට සහ ගිනිනරියා හි සින්ග්‍රිසි උපකාරක ඇඩ් ඕන් එකට පින් සිද්ද වෙන්න , සිංහල අපි-අපිට වැඩ කරන්න 'බැරි ඉන්ගිරිසිය' ඕනෙම නැති වෙලා...
අපි සිංහල යුනිකෝඩ් සහ මේ එකී මෙකී නොකී උපකාරක, සින්ග්‍රිසි මෘදුකාංග නැති යුගයේ හැමදේටම යොදා ගත්තෙ සිංහල වචන, ඉංග්‍රිසි අකුරු වලින් කෙටීමේ උපක්‍රමය. මේ ක්‍රමය තාම එස් එම් එස් (ජංගම දුරකථන කෙටි පණිවිඩ ) වල තවමත් අපි යොදා ගන්න එක අරුමයක් නොවෙයි. මේ 'ඉංග්‍රීසි අකුරු වලින්' කෙටීමේ ක්‍රමය ඇතුලේ තිබුන ලොකුම අවාසිය තමයි, අපිට සිංහල අකුරු කිහිපයේ වචනය ලියන්න ඉංග්‍රිසි අකුරු ගොඩක් යොදා ගන්න සිදු වුන එක.
උදාහරණයක් වශයෙන් "ඔබ එනවාද?" කියා ඉන්ගිරිසි අකුරු වලින් ලියන්න oba enavaadha? කියා ලියන්න වුනහම බලන්න අකුරු කීයක් කොටන්න වෙනවද කියා...
ඉතින් පොෂ් ලෝකය ඇතුලේ, මේ ලංකාව ඇතුලේ, සිංහල අකුරු තාක්ෂණය සමග මුසු වෙමින් මේ විදියට පැතිරෙද්දි ලොකූ සතුටකුත් , සතුට සමග ඇතිල්ලීගෙන යන මහා දුකකුත් මෝදු වුනා.. අන්න ඒ දුක තමයි මේ ලිපියට හේතු කාරක වූයේ... ඔන්න තව දෙයක්... 'ඔවා දෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට'.. මුලින්ම මේ වැරැද්ද අහු උනෙත් ජීවිතේ මල්ගේ බ්ලොග් පෝස්ට් වලින්ම නේන්නම්!!...
කොටින්ම පටන් ගන්නම්කෝ... සිංහල spellings !... ආ... සමාවෙන්න සිංහල අක්ෂර වින්‍යාසය ! හොඳයි.. අපි සිංහලෙන් ලියනවා.. සූ ගාලා මත පල කරනවා... ගොඩ දෙනෙක් අපි ලියන ඒවා කියවන්න ඇවිත් යනවා... ඒත් අපි කීයෙන් කී දෙනාද ලියුව ලියවිල්ලක 'න ණ ල ළ' භේදය හරිද බලන්නෙ? මහප්‍රාණ හරිද බලන්නෙ? .. නිවැරදි අක්ෂර වින්‍යාසය තිබේද දෙපාරක් සලකා බලන්නෙ? 'නණ ලළ' විස්වාස නැති වචන වල නිරවද්‍යබව පබ්ලිෂ් කරන්නට පෙර සොයා බලන්නෙ? ඇත්තටම මේ මොහොත වෙනතුරු ජීවිතේ මල්වත් ඔය වැඩේ කලේ නෑ නිතර නිතර.. ඒත් මට අද හිතුන දේ තමයි, අපි අපේ බස මෙහෙම 'මරන' එක හරිද?
නිකමට හිතල බලන්න... අපි අපේ බ්ලොග් පෝස්ට් එකක ඉන්ගිරිසි වචනයක් හෝ මුලු පෝස්ට් එකම ඉන්ගිරිසියෙන් හෝ ලිව්වොත් , ඒක පල කරන්න කලියෙන් කී දාහක් දේ කරනවද Spell කරලා හරිද බලන්න ? Spellings හරිද නොබලා පල කරන්නත් බයයි. ලැජ්ජයි. වරදීද සැකයි. ඒත් ඇයි අපි දෙවෙනි බස වරද්දන්න දක්වන ලැජ්ජාව පලමු බසට නැත්තේ? දෙවෙනි බස වැරදුනත් සමාව දිය හැකි..ඒත් මවු බස???
මට මේක හිතුනේ , අහඹු ලෙස බ්ලොග් කියවනයකින් තෝරා ගත් බ්ලොග් 20කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමෙන් සහ ඊට ඉස්සෙල්ලා මගේම බ්ලොග් පෝස්ට් ගණනාවක් අහඹු ලෙස කියැවීමෙන්. අක්ෂර වින්‍යාස වැරදි වලින් පිරිලා... සමහර වැරදි ඉතාම ප්‍රාථමික, කවුරුත් දන්නා දේවල්.
මම මගේ බ්ලොග් පෝස්ට් එකකින්ම උදාහරණයක් ගන්නම්...
ලැජ්ජාවේ බැහැ... ලැජ්ජාවේ බැරි මගේ සිංහල කොම්පීතරය ගැන ලිව්ව පෝස්ට් එකේම ආදරනීය මවු බස හඳුන්වලා තියෙන්නේ 'සින්හල' කියලා!!!!!! කොටින්ම වඩුවගෙ ගෙදර පුටුව නැහැ වගේ.. නිවැරදි වචනය 'සිංහල' .. ඒ ඉතින් ජීවිතේ මල්ටත් බිංදුව කොටන්න යතුරු දෙකක් ඔබන්න කම්මැලිකම! හනේද කියන්නේ !!!!!! නැහැ , ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා ..
මේ තත්වය ඇති වෙන්න හේතු කාරණා ගොඩයි. එකක් තමයි සිංහල ශබ්ද කෝෂයක් පරිගණකගත කිරීමට නොහැකි තරම් අති විශාල සහ සංකීර්ණ වීම. ඒත් ඔයාල සුබස වෙබ් අඩවිය දුටුවද? අපි නොදන්නා සිංහල අක්ෂර වින්‍යාස පිරික්සා බැලීමට තිබෙන වටින තැනක් මේ. ඉතින් මේ වගෙ පහසුකම් තියාගෙන අපි වැරදි අකුරු එක්ක පෝස්ට් ලියනවද (මාද ඇතුලුව) පොඩ්ඩක් පල කරන්න කලින් අකුරු හරිද බලනවද කියන එක ඔයාලට සහ මට බාරයි එහෙමනම්..
මේ 'වැරදි අකුරු' වල තව අනිසි ප්‍රතිපලයක් කියන්නම්. දැන හෝ නොදැන ලියවුනු වැරදි අක්ෂර වින්‍යාස නිතර නිතර ඇස ගැටෙන එකෙන් වෙන්නේ මේ වැරැදි අපේ ඇස් වලට 'සාමාන්‍යකරණය' (Generalize) වෙන එක. සරලම බසින් කිව්වොත් 'ගානක් නැති' වෙන එක. නිවැරදි අකුරු ගැලපුම දන්නා කෙනාත්, ඉන් පසුව තමන්ගේ පෝස්ට් වලත් ඒ ගැලපුමම වැරදියට ලියා 'නිකම් ඉන්න' මෙයින් ලෙහෙසියෙන් පෙලඹෙනවා නේද? නිවැරදි අකුරු ගැලපුම නොදන්න කෙනා මෙතැනින් වැරදි දෙයක් ඉගෙන ගන්නවා සහ පාවිච්චි කරනවා නේද?
නිකමට හිතල බලන්න තව දෙයක් කියන්නම්... වචනයක් කියවද්දී ඒ වචනයෙන් ජනිත වෙන රසය-ධ්වනිතාර්ථය - එහෙමත් නැතිනම් හැඟීම හරියටම උත්පාදනය වෙන්නේ නිවැරදි අකුරුත් සමගය කියා, ඒ ශබ්ද රසය සමගය කියා , මා නම් පුද්ගලිකව අදහනවා... අක්ෂර දෝෂ සහ අක්ෂර වින්‍යාස දෝෂ නිසා ලියන දෙයක් රස විඳින්න පැහැදිලි බාධාවක් ඇති වෙනවා කියන එකයි මගේ හැඟීම.
උදාහරණයක් දෙන්නම් ආයෙමත්...
සංසාරේ අපි කියන වචනෙම ගන්න. මේ වචනය 'සන්සාරේ අපි' කියල කියවද්දි දැනෙන හැඟීම පොඩ්ඩකට පිරික්සා බලන්න.
තව උදාහරණයක් දෙන්නම්...
අති භයානක කියන වචනය ලේසියට හෝ කට වහරට අපි 'අති බයානක' කියල ලිව්වොත් අර කිවූ ත්‍රාස රසයට මොකද වෙන්නේ??
නමුත් මෙහි මේ වගේ පැත්තකුත් තිබෙනවා.. අප ලියන මාතෘකාව අනුව, යෙදෙන තැන අනුව අපි බසෙහි යම් යම් වෙනස් උච්චාරණයන් යොදා ගන්නා බව සැබෑවක්. ඒ පිලිබඳ විවාදයක් මෙහි නැහැ. ලිඛිත ශෛලිය, කටවහර, ගැමි වහර, සැහැල්ලු ලිඛිත බස යනාදී වශයෙන් අවස්ථානෝචිතව අප බස යොදන අයුරු වෙනස් වෙනවා.
මේ බ්ලොග් හිතවත් ඔබෙන් කරන සරල ඉල්ලීමක්.. අපි ලියන දේ ප්‍රමාණාත්මකව , ගුණාත්මකව දෙන්න උත්සහ කරමු. අපේ වෑයම සැබෑ ලෙසින්ම මල් පල ගැන්වෙන්නේ, අප තුල හෙල බස ගැන තිබෙන ගෞරවයත් සමග. නිවැරදි අක්ෂර වින්‍යාසය පිලිබඳව ඉන්ගිරිසියට තිබෙන සැලකිල්ලම දක්වන්න උත්සහ කරනවා නම්, මේ කොම්පියුටර රාස්සයා අස්සෙන් , අපි හොඳ දේ , හරි ලෙසටම ලෝකය අත පත් කරන්න උත්සහ කරන්නවුන් වෙනවා නේද?
සුබස වෙත යන්න.. ඔබ නොදන්නා අකුරු සුබස කියා දේවි. සුබස හදන්නට මුල් වුනේ මේ පිරිස බවත් සුබස හි සඳහන්.
අසංක වාසල
රන්දිල් පුෂ්පානන්ද
වමිල ලියනගේ
එරංග ජයලත්ආරව්වි
උපදෙස්: ආචාර්ය රුවන් වීරසිංහ
ඔවුන්ට අපේ නොනිමි ස්තූතිය හිමි විය යුතුමයි නේද යාලුවේ? ඔබ හැමට ඉතාමත්ම ස්තූතියි. සංසාරේ අපි ඔබේ මේ වැයම ඉතාම ඉහලින් අගය කරනවා. දෙස බස රකින්නට තාක්ෂණය අද අප යොදා ගන්නේ , තාක්ෂණය තවදුරටත් රාස්සයෙක් නොවුනේ , සින්ග්‍රීසි , මොසිලා Firefox හි සින්ග්‍රීසි උපකාරකය , සුබස වැනි මෙවලම් නිසයි.
එන්න.. සිංහල සහ තාක්ෂණය මුසු කරමින් අපේ හපන්කම් පෙන්වමින් උදම් ඇනුවා ඇති. මේ වරදත් අපි හදා ගනිමු නේද? හරි සිංහල බස පරිගනක තිරය හරහා ලෝකයට කියා දෙමු.. ! ආ කවුද එන්නෙ දැන්???
ප.ලි.
තවත් දෙයක්.. සංසාරේ අපි ලියන ජීවිතේ මල්ව උනත් පොලෝසි ගෙනියත හැකි වැරැදි වැඩක් මේ.. අපි යොදා ගන්න දත්ත , රූප , කරුණු අපේමද? නෑ නේද? ඉතින් මූලාශ්‍ර සඳහන් කරන්නත් අපි හුරු වුනොත් අනගියි නේද? (මේ ගැන වෙනමම බ්ලොග් පෝස්ට් එකක් බලාපොරොත්තු වන්න)
අනුන්ගේ දේවල් අනුන්ගේ යෑයි නොබියව පවසන තාක් කල් ඉතින්..... භය නොව සිංහලය!
අර 'ඔවා දෙනු පරහට' නිසාවෙන් , ඔන්න අද මමම පටන් ගන්නවා... කියවන්න අනුනට දෙන දේ සාරවත්ව , හරියට , 'නීතියට' දෙමු නේද ?
දත්ත මූලාශ්‍ර
http://downloads.mozdev.org/qsfox/
http://singreesi.vndv.com/download.htm
http://www.siyabas.lk/sinhala_how_to_install.html
http://www.subasa.net/spellerweb.py
රූප මූලාශ්‍ර
http://www.pahans.com/images/qschrome.png
http://miuz.webuda.com/img/sinhala.jpg
http://www.subasa.net/images/subasa.png
http://www.pahans.com/images/qsfox.gif
http://1.gravatar.com/avatar/5b28d80554025fb060600c4e17f23cbb?s=128&d=identicon&r=G
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkhO4pNjGlaXTY9vhGvNVE5BxE0kdySWL1kHrQ9NCFsmzz9vXF0ONFw_x-FwHVJMSop5oPjmzYU_fQXYHLsB8g9SQqG5HmuQMWrYamgAtCx2K6SVDeRGlWwalT1tkYlk3FenPs-Zu9CHA/s1600/shy+girl.jpg
කතාව නම් සහතික ඇත්ත ...අපි අපේ භාෂව වරද්දන තැන් නම් ගොඩක් තියනවා....
ReplyDeleteඒත් වෙලාවකට හිතෙනවා භාෂව උනුත් ටිකෙන් ටික වෙනස් වෙන්න ඔනේ නේද කියලත්
වැප්..
ReplyDeleteභාෂාව කාලයත් එක්ක සමාජ රටාවට අනුගත වෙනවා, ඒක හරි. හෑබෑයි භාෂාවේ යම් යම් නීතීන් සහ රීතීන් වල මූලික පදනම නොනැසී ඉදිරියට යන බවයි මගේ හැඟීම නම්...
අලුත් වචන එක් වෙනවා . අලුත් බස් වහර නිර්මාණය වෙනවා. අපි හිතමු ගූගල් බස් උප සංස්කෘතිය කියලා. ඒත් සිංහල බසේ නීති රීති අපි උවමනාවෙන්ම අමතක කලොත් අපි භාෂාවට පොඩි කෙනෙහිලිකමක් කරනවා කියලා ටිකක් හිතුනා මටනම්...
ඔය යුනිකෝඩ් පරිවර්ථක භාවිතා කිරීමට නම් මම එකහෙලාම විරුද්ධයි. සමහරු සිංහල ලියන්නේ සි0හල කියලා. විජේසේකර යතුරු පුවරුව පාවිච්චි කරන්න. හැමෝම ඉස්කෝලෙ ගිහින් තියේනේ.. ඉතිං සිංහල බැරි කෙනෙක් ඉන්නවා කියන්න අමාරුයි.. (ගොඩ සුද්දෙක් ඇරෙන්න :D )
ReplyDeleteහ්ම්... අපේ අතිනුත් අම්බානෙට වැරදීම් වෙනව නෙව....
ReplyDeleteඇත්ත කතාව...
ReplyDeleteකණියා..
ReplyDeleteමම ඉහත සම්පූර්ණ ලිපියම ලිව්වෙ සින්ගිරිසි පරිවර්තකයෙන්. ඒත් මල්ලි ඒ පරිවර්තකයෙ නැති , මට අවශ්‍ය වුනු එකම සිංහල අකුරක්වත් නෑ.
භාවිතා කරන යතුරු පුවරුවට වඩා ලියන දේ නිරවද්‍ය බව වැදගත් කියලයි මට හිතෙන්නේ.
හැබැයි ඔයා කියන දේ මේ කෝනයෙන් හරි. සින්ග්‍රිසියේ නෙමෙයි යුනිකෝඩ් වල එක අවාසියක් තමයි ඒවා අපට අවශ්‍ය අකුරු වර්ග වලින් සමන්විත නොවීම (fonts) ඉතින් වැඩිදුර සැකසුම් සඳහා ( image processing වගේ )ඒ ඒ මෘදුකාංග තවම යුනිකෝඩ් සහා දෙන්නෙ නැති එක අවාසියක්.
ඒත් සිංහල හොඳට පුලුවන් , විජේසේකර කී බෝඩ් එක හුරු නැති මම අවුරුදු 10ක් සිංහලන් නොලියා හිටිය එකට සින්ගිරිසිය සෑබෑ උපකාරකයෙක් වුනා. එය නම් නොකියාම බැහැ. එයම උදාහරණයක් මෙහි වටිනාකම තේරුම් ගන්න.
අලුත්ම කී බෝඩ් එකක් දිගුකාලයක් තිස්සේ හුරු වෙනවා , හෝ හුරු නොවී ලියන කාර්යය අත් හරිනවාට වඩා පුලුවන් සින්ගිරිසි යතුරු පුවරුවේ ආධාරයෙන් හරි අකුරු ලියමින් හොඳ දෙයක් ලෝකයට දෙනවා නම් එය වටින බවයි මගෙ පුද්ගලික අදහස.
ඔයාගෙ යෝජනාවත් වටිනවා. ස්තූතියි මල්ලි...
ප.ලි.
නොදන්නා අයට...
තමීරගේ සින්ගිරිසි මෘදුකාංගයේ සිංහල බිංදුව ලිවීමට x අකුරත් , මොසිලා ෆයර් ෆොක්ස් ඈඩ් ඕන් එකේ බිංදුව ලිවීමට \n සංයෝජනයත් යෙදෙන බව සලකන්න.
Your view is correct. But even this post of you has many spelling mistakes, which is shameful. Like "palamu", "konaya", etc... i typed in english, because Helakuru is not working on this blog
Deleteප්‍රසන්න86
ReplyDeleteඔව්.. ඒකනේ කිව්වේ මගේම පෝස්ට් වල කොච්චර වෑරදි තියෙනවද කියලා... අපි ඒ අඩුපාඩුත් හදාගමු..
සිංහල බ්ලොග්කරනයේ නොපෙනෙන පැත්තක් පෙන්වීමයි මේ ලිපියේ අරමුණ වුනේ.
රොබින්...
ඔබටත් ස්තූතියි
මෙහෙමයි මේකෙ පැති දෙකක් තියෙනවා. භාෂාවේ නොවෙනස් වෙන නීති රීති ටික ගැන අවධානය යොමු කරන්න ඕනෙ. ඒත් බ්ලොග් ලියන හුඟක් අය (මාත් ඇතුලුව) සිංහල භාෂා විශයෙ දක්ෂයො නෙමෙයි. ඒක භාෂාවේ සංකීර්ණත්වය ගැන ගැටලුවක් මිසක් මව්බාසාවට තියෙන නොසැලකිල්ලක් නෙමෙයි. එහෙම බලනකොට අගක් මුලක් නෑර රලු තැන අයින් කරන්න ගියොත් බ්ලොග් හුඟක් ඇති නොවී තියෙන්න පුලුවන්. අනිත් එක සුබස වගේ සේවයක් පාවිච්චි කරන්න යන පිරිස අඩුයි මොකක් හරි හේතුවක් නිසා.
ReplyDeleteඋඹ/උබ කියන දෙකේ පැහැදිලි වෙනසක් තිබුනට නණලළ භේදය වගේ දේවල් භාෂාව අනවශ්‍ය විදියට සංකීර්ණ කරනව කියලයි මට හිතෙන්නෙ. අනිත් එක නණලළ භේදයටත් එහා ගිය භාෂාව සරල කරන්න වෙනස්කම් කතුවරු යෝජනා කරල භාවිතයට ගනිද්දිත් බ්ලොග් රචකයො අර වගේ පරණ දෙයක් පසු පස යන එකේ වැඩිම තේරුමක් නැහැ.
වරද්ද ගන්න එපා. මම මේ කියන්නෙ හැමෝම අජිත් තිලකසේන වගේ ලියන්න කියල නෙමෙයි. ඒත් හැමෝටම සුමට විදියට ලියන්න බැහැ. මම බ්ලොග් වල කැමති ලක්ෂණයකුත් ඒක. හරියට ජන කලාවක් වගේ. අනවශ්‍ය සුමට කිරීම් නැහැ.
ඔහු යන්න ගියාය වගේ දේවල් වලට නිදහසට කරුණකුත් නෙමෙයි. ඒවා භාෂාවේ අවශ්‍ය උපාංග. ඒ ඇර එතනින් එහාටනං පොඩි buffer එකක් තියාගෙන ඉන්න එක බ්ලොග් කරුවො විදියට අපිට වටිනවා කියලයි මම හිතන්නෙ.
කලින් කමෙන්ට් එකක් ටයිප් කලා. ඒක ජාලෙ ඇතුලෙ හැංගුනා. මේ ආයෙත් ඒ අදහසම.
බොහොම වටින ලිපියක් මල් . තවම කට්ටිය සුබස භාවිතා කරන එක ගොඩක් අඩුයි ඇයිද කියලා නම් මම දන්නෙත් නෑ .සමහරවිට ඒකට නියම ප්‍රචාරයක් තවම නොලැබීම වෙන්න පුළුවන් . මේ ලිපියත් එක්ක ඒ ප්‍රචාරය හොඳටම ලැබේවි ..අක්කේ ඔයත් සුබස පාවිච්චි කරේ නෑ නේද ?
ReplyDeleteදත්ත මූලාශ්‍ර ගන්න තැන් සඳහන් කරන එක මමත් මේ ඊයේ පෙරේදා ඉඳලා තමයි පුරුදු උණේ ..
පින් සිද්ධ වෙනවා ලිපියට
ReplyDeleteසිංහල ලියන්න මේක හොදයි.....
වචන වලට අනුමාන පවා දෙනවා...
http://www.google.com/ime/transliteration/
මේකේ බාගෙන උත්සහ කරලා බලන්නකෝ,ව්‍යාකරණ ප්‍රශ්නෙටත් හොද උත්තරයක් වගේ.............
"අලුත්ම කී බෝඩ් එකක් දිගුකාලයක් තිස්සේ හුරු වෙනවා , හෝ හුරු නොවී ලියන කාර්යය අත් හරිනවාට වඩා පුලුවන් සින්ගිරිසි යතුරු පුවරුවේ ආධාරයෙන් හරි අකුරු ලියමින් හොඳ දෙයක් ලෝකයට දෙනවා නම් එය වටින බවයි මගෙ පුද්ගලික අදහස."
ReplyDeleteවිජේසේකර තරම් ලේසි කීබෝඩ් layout එකක් වෙන නෑ.. පුරුදු වෙන්න දවස් දෙකක් හොඳටම ඇති. අමාරුකම නොබලා ටයිප් කරන එකයි කරන්න ඕන එකම දේ :)
හරිම ප්‍රයෝජනවත් ලිපියක් නගේ.
ReplyDeleteඒ වගේම සුබස අඩවිය.
බොහෝමත්ම ස්තූතියි නගේ.
විනිස ගැන උනන්දුවීම හා මතක් කිරීම ගැන බොහෝම ස්තුතියි. අපේ බසේ ඇති ලස්සන මතුවෙන්නේ නියමාකාර විනිස යොදාගෙන ලිවීමෙන්.
ReplyDeleteඒ අතින් සුබස කරන මෙහෙය අගේය, එය හොඳ උත්සාහයක්. සුබස එළි දැක්වූ අලුත සිට මා ද එය උපයෝගී කරගන්නවා.
සිංහල ව්‍යාකරනය කියන එක අනවශ්‍ය විදිහට සංකීර්න වුන තැනකට නිදසුනක් තමයි නණලළ.මහප්‍රාන වචන ශබ්ද කරද්දී එතන මහප්‍රාන හා අල්පප්‍රාන කියලා භේදයක් තිබුනට නණලළ වලට එහෙම පදනමක් නැහැ.ලමයා කියල ලියුවත් ළමයා කියල ලියුවත් ඒක උච්චාරනය කරන විදිහ එකයි නේද?ඔය දේවල් සංස්කෘත භාෂාවට අනවශ්‍ය විදිහට ගැති වෙන්න යාම නිසා ඉතිහාසයේ සිංහල වර්නමාලාවට පිවිසුනු අංග.තර්කානුකූල නොවන ඒ වගේ සම්මතයන් ඉවත් කරන තැනට බ්ලොග්කරුවා නිර්භීත වීමේ වරදක් මම දකින්නෙ නැහැ. පිටස්තරයා කියන විදිහට භාෂාව ව්‍යවහාරය එක්ක මටසිලුටු විදිහට හැදිල එනවා.ඒක අනවශ්‍ය විදිහට සුමට කරන්න කෘතිමව උත්සාහ කල යුතු නැහැ.
ReplyDeleteබොහෝම ස්තූතියි ඔත්තුව දුන්නට
ReplyDeleteචමිල(පිටස්තරයා) , රාමචන්ද්‍ර,
ReplyDeleteඔබ දෙදෙනාම , මා විසින් ලියූ එක් අන්තයකට ඇලව තිබූ ලිපිය , සමබර කොට තිබෙනවා . ඒ ගැන ඉතාමත්ම ස්තූතියි.
"නමුත් මෙහි මේ වගේ පැත්තකුත් තිබෙනවා.. අප ලියන මාතෘකාව අනුව, යෙදෙන තැන අනුව අපි බසෙහි යම් යම් වෙනස් උච්චාරණයන් යොදා ගන්නා බව සැබෑවක්. ඒ පිලිබඳ විවාදයක් මෙහි නැහැ. ලිඛිත ශෛලිය, කටවහර, ගැමි වහර, සැහැල්ලු ලිඛිත බස යනාදී වශයෙන් අවස්ථානෝචිතව අප බස යොදන අයුරු වෙනස් වෙනවා. "
මම මෙන්න මේ කොටස ඒකතු කලේ ඒ නිසාවෙන් ලිපියට. ඇත්ත වශයෙන්ම , අක්ෂර වින්‍යාසය පිලිබඳව අවධානයෙන් ඉඳීම තුලින් තමන්ගේ අනන්‍ය බ්ලොග් රචනා ශෛලිය නොනැසී ඉදිරියටත් යාමට බාධාවක් නොකරගෙන සිටීම ලේඛකයාගේදක්ෂකමක්. , එනම්, අපට ඒ නිදහස් රචනා ශෛලියේ සහ සුමට භාශාවේ මධ්‍ය ලක්ෂය මත පිහිටා සිටිය හැකියි. මා අදහස් කරන්නේත් භාෂාවේ මූලික රීතීන් ඉදිරියට ගෙන යන අතරතුරම , තමන් අවස්ථානෝචිතව යොදන අකුරු ගැලපුම් වෙනසක් විනා , නොදන්නා කමට හෝ දැන දැනම කම්මැලිකමට එවන් දොස් (කියවීමේ රසය අඩු කල හැකි දොස්) ඉතුරු කිරීමෙන් වැලකීම යහපත් බවයි.
සුබස , මොන යම් හේතුවක් හෝ නිසා එතරම් ප්‍රචලිත වෙලා නෑ. ඒත් මම දැන් නම් නිතරම සුබස පාවිච්චි කරනවා.ඔන්න ගූගල් දෙයියන්ගෙ ඔප්ශන් එකත් මම බෑවා. ස්තූතියි ෆැන්ටසි ...
හිස් අහස, ෆැන්ටසි,දුකා අයියා , ගල්මල්, කණියා,රාමචන්ද්‍ර,නවම්මාවත පිටස්තරයා බොහොමත්ම ස්තූතියි මේ වටිනා අදහස් දැක්වීම් වලට... මේ වගේ සංවාද වලින් පෝස්ට් එක ඉදිරියට ගෙන ගියාට ස්තූතියි
අනේ අපොයි. හරිම බරසාර ලිපියක්. මම නං ඉතින් පොඩි එකා සන්දියෙ(10 වසරෙ) ඉඳලම විජේසේකර සහය තමා. ඒක හරි ලේසී වගේ. හැබැයි ඉතින් මොකෙං ලීවත් ව්‍යාකරණ නිවැරදි වෙන්න ඕන කියන මතයෙ තමයි මමත් ඉන්නෙ. ඒ වගේම ගොඩක් අය රැ රු පටලගන්න බවත් පේනව. මේ වගේ පුංචි පුංචි අඩු පාඩුත් හදාගෙන ඉස්සරහට යමු කියල තමයි කියන්න තියෙන්නෙ. ඒවගේම බර වචන භාවිත කිරීම හැකි තරම් අඩු කරල ඒ වෙනුවට සරල වචන භාවිත කිරීමනම් පාඨකයන්ට බොහෝ පහසුවක් වේවි කියල හිතෙනවා.
ReplyDeleteමමත් ඔය අක්ෂර වින්‍යාසය ගැන හුඟක් සැළකිලිමත් වෙන කෙනෙක්. [මටත් සමහර විට වරදිනවා තමයි]
ReplyDeleteඅපේ බයිස්කෝප් එකේ ෆිල්ම් වල උපසිරැසි පිළිබඳව මම කීපවරක්ම සඳහන් කළා ... හැමෝගෙම නෙවෙයි .. කීපදෙනෙකුගෙ. ඉතින් ඒව හදාගන්න උදව් කරන්නම් කීවම ඒවට උත්තරත් නෑ.
ඔබ කියන එක ඇත්තයි. සමහරු අකුරු වැරදියට ලිවීම ගැන ගණන් ගන්නෙ නෑ.
බස නසන්නේ නැතිව, බව අපට උවමනා ආකාරයට හසුරවා ගන්නට අප දැනගතයුතුයි.., මම සිතනා අකාරයට නණලළ භේදය වුවත් අපට රිසි ආකාරයට යොදාගන්නට හැකියි, එම අදාල වෙනස් කිරීම පිළිබඳ සාධාරණ විවේචනයක් අපතුල තිබෙනවා නම්. අර චමිල මතුකල අන්දමට අජිත් තිලකසේන තමන්ටම ආවේණික වූ රචනා රටාවක් පවත්වෙන යන්නේ හේතුව නිසා වන්නට පිළිවන්.
ReplyDelete.
කෙසේ නමුත් අපි බසේ වහලෙකු නොවී බස අපේ වහලෙකු කරගැනීමෙන් අලුත් දේ උපදින්න තිබෙන ඉඩකඩ වැඩියි.., ඔබ මේ ලිපිය තුල එවැනි චින්තන යුද්ධයකට ඉඩ සලසලා..!!
අපූරුයි.., ස්තූතියි..!!
ජීවිතේ මල්,
ReplyDeleteවටිනා කියන ලිපියක්. හැබැයි ඉතින් මේ ලිපිය පුරාමත් අක්ෂර වින්‍යාසයේ සදොස් තැන් නම් තියෙනව. අර කණිය කියනව වගේ විජේසේකර යතුරු පුවරුව දවස් දෙකෙන් අතට හුරු වෙනවා. උත්සාහ කරල බලන්න. හප්පේ... මේ තරම් ලිපි ගාණක් පළ කළේ පරිවර්තකයක් හරහා ද? සංසාරේ...
ගොඩක් හොඳයි අක්කේ... මගේත් හුඟාක් වරදිනවා. ඇත්තටම ගොඩක් වටිනවා අපිට වැරදි හදාගන්න.
ReplyDelete@ Ramachandra
ReplyDeleteඔබ ඔය කියන ''න'' ණ'' ල'' ළ'' භේදය තමා අවශ්‍යම වෙන්නෙ.
''තන'' කියන වචනෙයි ''තණ'' කියන වචනෙයි වෙනස ඔබට වැටහෙනව ඇති මං හිතන්නෙ.
බොහොම වටිනා ලිපියක්. මමත් ලිපි ලිවීමේදී අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ හැකි තරම් නිවැරදිව භාවිතා කරන්නට උත්සාහ කරන කෙනෙක්. සැක හිතෙන වෙලාවලට භාවිතා කරන්නට සුබස වැනි තැනක් ඇති එක හුඟක් වටිනවා. බොහොම ස්තුතියි ඒ ගැන දැනුවත් කළාට. වියරණ/ අක්ෂර වැරදියට යෙදී ඇති ලිපි කියවීමට මටනම් අපහසුයි. ජීවිතේ මල් කියනවා වගේ ඉන් එම රචනයෙහි නියම රසය ඉස්මතු වෙන්නේ නෑ.
ReplyDeleteමම භාවිතා කරන්නෙ මධුරගෙ rsinglish යුනිකේත. භාවිතය ඉතාම පහසුයි.
අපේ අදහස් වලට තාක්ෂණය බාධාවක් වෙනවානම් මං ඒකට කැමති නැහැ. විජේසේකර යතුරු පුවරුව ලංකාවේ සම්මත යතුරු පුවරුව බව ඇත්ත. ඒත් ඒකෙන් ටයිප් කරන්න ගිහින් මට ලියන්න තියන දේත් අමතක වෙලා ඔලුවේ කැක්කුමකුත් හැදුනා. ඒ තරමටම ඒකෙන් ටයිප් කරන එක බොහොම අමාරුයි. ඒකෙන් ටයිප් කරන්න ඉගෙන ගන්න මෘදුකාංගයක් හදන්න පුලුවන්නම් ඒක බොහොම වටිනවා. ඒත් ඒක 100%ක් සාර්ථක යතුරු පුවරුවක් නොවෙයි. කාට හරි අක්‍ෂර වරදිනවා නම ඒ ඔහු/ඇය කුඩා කල සිංහල ඉගෙන ගෙන තියන හැටි තමයි. තමන්ට අවශ්‍යය අකුර යතුරු පුවරුවේ හොයා ගන්නට නොමැතිනම් නිවැරදිව උගත් කෙනෙක් කෙසේ හෝ තමා දන්නා අකුර හොයාගෙන භාවිතා කිරීමට මැලි වෙන්නේ නැහැ. ඒ සදහා සිංහල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර බලන මෘදුකාංග විශාල රුකුලක් වනවා.
ReplyDeleteමමත් ඔය වැරැද්ද කරනවා ඇති.. ඒත් මම ලියපු එකක් පල කරන්න කලින් දෙපාරක් විතර කියවලා බලනවා.. සමහර වෙලාවල් වලදී මට මගේ වැරදි අහු වෙනවා ඒ වෙලාවට ඒවා හදනවා.. ඒත් මගේ දැණුම් මට්ටමට අහු නොවෙන ඒවා තියයෙන්න පුළුවන්.. ඒව ගැන ඉතිං comment කරන අය බලාගන්න ඕන..
ReplyDeleteඅනිත් එක සිංග්ලිෂ් පරිවර්ථකයට වඩා විජේසේකර යතුරු පුවරුවට හුරු වෙන්න.. එතකොට වරදින්න පුළුවන් අවස්ථා අඩුයි..
ජය වේවා..!!
සහතික ඇත්ත සහෝදරී. මගෙත් හිතට වද දුන් කාරණාවක් තමයි මේ. වෙලා තියෙන්නේ ගොඩක් දෙනෙක් නිවැරදි අක්ෂර වින්‍යාසය නොදන්නා කම. එහෙම බැලුවම ඉස්කෝල වල උගන්නන්නේ මොනවද කියලා හිතෙනවා. මම සමහර විට සමහර බ්ලොග් වල අඩුපාඩු පෙන්නා දුන් අවස්ථාත් තියෙනවා. ඒත් හැමවිටම එහෙම කරන්න බෑ. එතකොට ඒක ෂෝ එකක් වෙනවනේ.
ReplyDeleteඋත්සාහයට තුති. එකෙක් හරි හැදුනොත් ඒ මදැයි. ජයවේවා. (සිංහලයටත්, ඔබටත්)
This comment has been removed by the author.
ReplyDeleteමම නම් ව්‍යාකරණ ගැන සැලකිලිමත් වෙන්නෙම නෑ. මන් කරන්නෙ මගේ හිතට එන දේවල් ඔහේ ලියාගෙන යෑම විතරයි. එතනදි ගෙඩි පිටින් පේන වැරදි හදනවා මිසක් ලොකුවට ව්‍යාකරණ වැරදි හොයන්නෙ නෑ. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති. ඒත් ඉතින් මොනා කොරන්නද. අනිත් එක මම මහා ලොකුවට තියා පොඩියටවත් ව්‍යාකරණ නීති රීති හරිහැටි දන්නෙ නෑ. ඒක නිසා මගේ ශෛලියට මම ලියනවා. දැන් මේ මගේ කමෙන්ට් එක කියෙව්වත් ඕන තරම් වැරදි ඇති. ඒත් ඉතින් හැකියාව ඇති අය පුලු පුලුවන් විදියට බස රැකගන්න කටයුතු කොරන එකත් හොඳයි. ඒ වගේ උතුමන් අතරේ මන් වගේ බස කන එකෙකුත් ඉන්න එපැයි. නැත්නම් ගතියක් නෑනේ.
ReplyDeleteසුබස ගැන දැනුවත් කලාට ස්තූතියි.
අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ ගැන මගෙත් දැනුම මදි කියලා දන්නවා. ඕනෙ නම් ඉගෙන ගන්නත් පුළුවන්. ඒත් ජීවිතේ හැම දෙයක්ම වගේ සිංහලෙන් කරගන්න මට ලියන්න විතරක් අමුතු සිංහලක් ඉගෙන ගන්න වෙන එක ටිකක් අවුල් වගේ.
ReplyDeleteඅනික තණ/තන වගේ ප්‍රශ්නයක් බැලූ බැල්මට තියෙනවා තමා. නමුත් ඒ හේතුව නිසා වාක්‍යයක් වැරදියට අරුත් ගැන්වුණු තැනක් මට අහුවෙලාම නෑ. තනි වචනයක් සහ වියමනක යෙදුන වචනයක් කියන්නෙ දෙකක්.
අනික තමා යම් අදහසක් නිවැරදිව කියන්න/ලියන්න විශාල සංකේත ප්‍රමාණයක් සහ ලොකු දැනුමක් අවශ්‍ය වෙන එක යම් භාෂාවක දුර්වලකමක් කියලයි මම හිතන්නෙ.
සුබස ගැන ඔත්තුවට ස්තුතියි.
මේ ලිපිය හරහා බ්ලොග්කරණයට වඩැති සංවාදයක් නිර්මාණය වීම හරිම අගනා දෙයක් ලෙස මා දකිනවා... මගේ ලිප්ය 100%ක් සමබර යැයි මා කියන්නේ නෑ. ඒ නිසාම බුද්ධිමත් ඔබේ දැනුම් දායකත්වය මම උදක්ම බලාපොරොත්තු වෙනවා එහි සමබරතාව උදෙසා... එයින් අපට නොපෙනුන , නොපෙනෙන පැති ගොඩක් එලියට ආවා.. සංසාරේ අපි වෙත ගොඩවී එවන් හරවත් ප්‍රතිචාර , දිගු ප්‍රතිචාර ලියමින් තම වටිනා දැනුම බෙදා හදා ගන්න ඔබ හැමටම මම මගේ නොනිමි ස්තූතිය පිරිනමනවා.....
ReplyDeleteඅකුරු වැරෙදෙන එක ගනන් ගත යුතුදැයි , නොගත යුතුදැයි අපි අපි ලියන බ්ලොග් රචනයේ ස්වභාවය අනුව අප අපට තීරණය කල හැකි සංවාදයක් මේ ඔස්සේ ගොඩ නැගීම මා කල එක ගැන මට නිහතමානි සතුටක් තියනවා...
සංසාරේ අපි වෙත එන ඔබෙන් විහිදෙන මිනිස්කම ගැන ආචාර කරමින් මා නිහඬ වෙන්නම්...
ගෙහාන්, කුමාරයා, ලිශාන්,වලාකුළු, මලිති, චන්දිමා, චතුර,සෝරෝ, චතුරංග , අනුරාධ , චාමි ....මේ හැමෝටම
ස්තූතියි!!!!!
වැඩිය නෙමේ චුට්ටක් මොලේ කොලොප්පන් වුනා මේ පොස්ට් එක කියෝල.
ReplyDeleteමේ කියන දේවල් වල ඇත්තක් තියෙනවා. ඒත් අපි මෙහෙම හරි අපට හිතෙන දෙයක් කිව්වම තව කෙනෙකුගෙ මනස අවදි කරන්න එකෙන් පොඩි තල්ලුවක් දෙනවා. අඩු තරමේ තව ඔලුවක් නින්දෙන් නැගිටිනවා....
ReplyDeleteසමහර වෙලාවට අපේ ජීවිත වල තේරුමක් තියෙනව අපි නොදැන හිටපු.. ඒක හොයා ගන්න නම් අපේ හිත් වලට කතා කරන්න දෙන්න ම වෙනවා.
අපේ භාෂාව හරි ලස්සන භාෂාවක්... උදාහරණයක් හැටියට, සරල ම එකක් කිව්වොත්, ඉන්ග්‍රීසියෙන් "යූ" කිව්වම හොදින් කතා කලත් තරහින් කිව්වත් "යූ" ම තමයි... අපිට ඒ වෙනුව ට සුන්දර /අසුන්දර වචන ගොඩක් තියෙනවා..
පොඩි පොඩි අඩු පාඩු තියෙනවා තමයි.. අපි ඒවා හදා ගෙන ඉදිරිය ට යමු... ආපස්සට අඩි තියන්න ඉඩ හොයන්නෙ නැතුව...
ඉතාම අගනා ලිපියක්. මගේ අතිනුත් බොහෝ විට ඔය න,ණ,ල,ළ වැරදි විදිහට යොදා ගැනෙනවා. සුබස ගැන දැන ගත්තේ අදයි. මට එය බොහෝ ප්‍රයෝජනවත් වේවි. බොහොම ස්තුතියි... ඔබ කියා ඇති බොහොමයක් වැරදි මගෙ අතින් නම් වෙන්නේ නැති තරම්. අපි අපේ බස ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
ReplyDeletexබොහොම ස්තුතියි දැනුවත් කළාට..xx
ReplyDeletexබොහොම ස්තුතියි ඒ ගැන දැනුවත් කළාටxx
ReplyDeletexx
R Dharmalatha Ranasingha A
Length: 0:43..
August 10 at 9:45pm · Like · · Unsubscribe.
Aariyawansa Himu and Akila Prasad like this..
Akila Prasad he he he
pissu hedenawa meka dekkama
marai haffaaaaaaaaaaaaaaa
August 13 at 9:20am · Like.
Wimaladasa Mudage truth................
August 14 at 11:31pm · Like.
Chinthaka Kodikara appata siri.. mehemath market ekak.. ape rateth meka kaloth kohoma hiteewida?
Yesterday at 6:03am · Like.
R Dharmalatha Ranasingha A
world,s most dangerous market
Length: 0:43..
August 10 at 9:45pm · Like · · Unsubscribe.
Aariyawansa Himu and Akila Prasad like this..
Akila Prasad he he he
pissu hedenawa meka dekkama
marai haffaaaaaaaaaaaaaaa
August 13 at 9:20am · Like.
Wimaladasa Mudage truth................
August 14 at 11:31pm · Like.
Chinthaka Kodikara appata siri.. mehemath market ekak.. ape rateth meka kaloth kohoma hiteewida?
Yesterday at 6:03am · Like.
දිල්ගේ මේ පරණ ලිපිය මගේ මතකයේ තිබිල ආයෙම ඇවිත් කියෙව්වා . එතකොට මන් බ්ලොග් ලියන්න හිතලවත් නැහැ . ඒත් ලියන්න ගත්තට පස්සේ හැමදාම මේක මගේ ඔලුවේ තිබුන . දැන් මේ භෂාව ගැන එලොකෝටියට ලිපි ලියවෙන අස්සේ මට හිතුන ආයෙම මේක කියවන්න . නිකන් මගේ හිත හදාගන්න
ReplyDeleteහිතවත් මල් අක්කා වෙත,
ReplyDeleteහෑල්ලක් ලියුවා ට සමා වෙන්න.
සිංහල භාෂාව පිළිබඳ ව තිබෙණ ඔබ ගේ උනන්දුව නිසා ම යි මෙය ලියන්න ඕනේ කියලා හිතුවේ.
මෙය තැපෑලෙන් පීනන්න ඉගනගන්නවා වගේ දෙයකි. පොඩ්ඩක් වෙනස්. අන්තර්ජාලයෙන් සිංහල ඉගෙනගන්න නිසා. මුලින් ම ජපන් වගේ තේරේවි. නමුත් හෙමින් වෙලා අරන් කියවන්න.
භාෂාවක ජීවය රඳන කාරණා කිහිපයක් ඇත. එයින් එකකි ව්‍යාකරණය. අපේ සිංහල භාෂාව තුළ ඉතා ප්‍රබල හා තර්කානුකූල ව නිර්මාණය වූ වියරණ රටාවක් ඇති බව ඔබ කිසිවෙක් නො දන්නා සත්‍යයකි.
මා එ සේ කියන්නේ මේ නිසා ය. මා සිංහල බස උසස් පෙළ දක්වා නම් හදාරා නැත. මම උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හදාරමි. නමුත් ම ගේ සිසු දිවියේ මෙතෙක් භමු වූ අතිදක්ෂ ම ගුරුවරු පස්දෙනාගෙන් දෙදෙනෙක් ම මට සිංහල බස නිවැරදි ව උගන්වන ලදී. ඔවුන් ට පින් සිදුවන්න ට අද මම මේ කරුණ ඔබ ට පවසමි.
"න","ණ","ල","ළ", භේදය සිංහලයේ එක් වියරණයකි. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය තව ත්, එක් වියරණයකි. කර්ම කාරක හා කර්තෘ කාරක ද, තව ත්, වර්ග කිහිපයකි. විභක්ති තව ත්, වියරණ වර්ගයකි. නමුත් මා කියන්න ට යන්නේ ඒ කිසිවක් ගැන නො වේ.
හොඳින් සිතන්න.
1.උදා:- ඔබ "බහුශ්‍රැත" කියා ලියන්නේ මෙ සේ ද? මෙ හි තුන්වන අකුර "ශ්‍රැ" sru නම් මේ වචනය විය යුත්තේ "ට්‍රැක්ටර්" ද, //ටෘක්ටර්// ද?
"ක්‍රැකර්" එ සේ නම් //කෘකර්// විය යුතු ය.
මා දන්නා සිංහලය ට අනුව නම් "බහුශෘත" කියා ලියන්නේ මෙ සේ ය. මේ එක් උදාහරණයකි. එ ම වරද හදාගනිත් වා!
වියරණ ගැන උනන්දු වනවා නම් සෑම කුඩා කරුණක් පිළිබඳ ව ම සැලකිය යුතු ය. එ නම් පද බෙදීමේ පටන් සියල්ල ම ය. මා දන්නා වියරණය ට අනුව නම් නාම, ක්‍රියා,නිපාත, ආදී ඕනෑ ම පදයක් තව ත්, පදයකින් වෙන් කර ලිවිය යුතු ය. උපසර්ග එ සේ වෙන් නො කර ලිවිය යුතු ය.
නාම, ක්‍රියා, ආදී පද අමුතුවෙන් ම හඳුන්වා දියයුතු නැත. නමුත් නිපාත?
මෙ හි සමහර අකුරු ඈත්කර ලියා ඇත්තේ ම ගේ අතේ පයේ අමාරුව ට නො ව නිවැරදි වියරණය එය නිසා ය.
ඉතිං මොනවා ද මේ නිපාත.
/එ/සේ/ම/හි/දී/ද/නො/වේ/ය/ත්/ගේ/ට/ ආදී පද, නිපාත වේ. අප විසින් ලියන වාක්‍යවල මේ පද ඇත්නම් මෙය අනිවාර්යයෙන් ම ඈත් කළ යුතු ම ය. උදාහරණයක් සලකා බලමු.
2.උදා:- එ / සේ / ම මෙ / හි / දී / මෙ / ම වෙබ් අඩවියේ වියරණ දොස් අවම / ය. http://buddharashmi.blogspot.com/
ඉහත වෙන් කර ඇති සියලු අකුරු වචනයන් ය. එ බැවින් මින් පසු ඒවා වචන ය යි කියමු.
"බැවින්", "මගින්", ආදී පද ද, නිපාත ගණය ට ම අයත් ය.ඉතා ම සරල ව සුද්ද සිංහලෙන් කියනවා නම් "සංසාරය ට" කියන වචන දෙක ගනිමු. මෙ සේ වියරණයක් නො තිබුණා නම් එය //සංසාර යට// කියා හෝ //සංසාරයට// කියා හෝ ලිවීම ට හැකි විය යුතු ය. මෙ ම වරද නිවැරදි කර ගනිත් වා!
නමුත් භාෂාව ප්‍රබල ය. භාවිත කරන්නෝ දුබල ය.
මා ඉහත වාක්‍යයේ //භාවිතා// කියා නො ලියා "භාවිත" කියා ලීවේ ද, //භාවිතා// කියා වචනයක් නැති නිසා ය. එ ම වරද හදාගනිත් වා!
කිවයුතු දේ බොහෝම යි. භාෂාව රැකීමේ අදහස නම් හොඳ ය. නමුත් -සුබස- ට ත්, වරදින තැන් ගොඩකි.
මම අවසන් වශයෙන් කියන්නේ වචන ගැන යම් අවුලක් ඇති වූ විට ඒ වචනය හැදුණු හැටි හා ඊට සමාන්තර වචන ගැන කල්පනා කරන ලෙස ය.
3.උදා:- "කල්පනා කරන" ද? හරි "කල්පනා කරණ" ද? හරි....
කල්පනා කරන්න කියා ලියන්නේ මෙ සේ ය. ඒ නිසා "කල්පනා කරණ" පද වැරදි ය.
-සුබස- අත්‍යවශ්‍ය ම නැත.
//අත්‍යාවශ්‍ය// නො වේ "අත්‍යවශ්‍ය"
ම ගේ වෙබ් අඩවියේ කරක්ගැසුවා ට ස්තුතියි. ආයිත් පාරක් එන්න. දැන් පොඩ්ඩක් වෙනස්...
//තෙරුවන් සරණයි!// නො වේ
තෙරුවන් සරණ යි!
මාත් මේ මෑතක සිට සුබස පාවිච්චි කරනවා. අදයි මේ සටහන ඇස ගැටුණේ. බොහොම ස්තුතියි!!
ReplyDeleteජය වේවා!
ඔය කවුරු මොනවා කිව්වත් සිංහල කියන්නේ බොහොම අපූරුවට තමුන්ගේ හිතේ තියෙන අදහස් තමුන්ගේ හැඟුම් එක්කම වචනයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් අති ප්‍රබල භාෂාවක්! ඒකෙ තියෙන දේවල් වෙනස් කරන්න යන්නේ නැතුව තියෙන විදිහට පාවිච්චි කරනවා නම් තමා හොඳ! නැත්තම් ඉංගිරිසියට වුන දේම තමා ඒකටත් වෙන්නේ... භාෂාව කියන්නේ මනුෂ්‍ය බුද්ධියේ තරම මනාව පිළිබිඹු කරන අංගයක්... ඒ අතින් සිංහල බස බොහොම ඉදිරියෙන් ඉන්නේ... එහෙව් අපි මොකටද අපේ බුද්ධිය සහ එහි තිබෙන වැදගත්ම දේවල් බටහිරය ඉස්සරහ දණ ගස්සන්නේ!
ReplyDelete