Friday, January 15, 2021

[406] හෘද සංවාද 37 - ජීවිතයේ අරුත හොයන Amelie (අමේලී)

 අද හෘද සංවාදය : ජීවිතයේ අරුත , ආදරය පෙන්වන සොඳුරු සිනමා කාව්‍යය අමේලී ප්‍රංශ චිත්‍රපටය 

හෘද සංවාද සබැඳිය : https://youtu.be/Hd2_ND1e0bM 






AMELIE ( 2001 ) - ප්‍රංශ චිත්‍රපටය

 

කටපාඩමේ තබාගත යුතු තරම් ජිවිත කියවීමක් , කර්ණ රසායන සුමට සංගීතයක්... එක සතියක් ඇතුලත එකම චිත්‍රපටය තුන් හතර වතාවක් නැරඹීය හැකි තරම් සුන්දරත්වයක්.. “ඒ ඉස්සර... බයිකොප් පිස්සෝ හිටියේ ඉස්සර  දැන් එහෙම බයිස්කෝප් නැහැ”.ඔබ කියාවි. නැහැ. Amelie (2001) චිත්‍රපටය ඔබ වරක් නැරඹුවොත් , එය මුසාවක් බව වැටහේවි.  ජිවිතයට අරුතක් ඇත්ද ? Amelie නරඹන ඔබට පිළිතුරක් ලැබේවි

ජිවිතයේ අසම්පුර්ණත්වය සහ මිනිස් බලාපොරොත්තු පිලිබඳ මේ තරම් ගැඹුරු කියවීමක් චිත්‍රපටයකින් දැක ගැනුම පහසු නැත. මතුපිටින් නොපෙනෙන සියුම් මිනිස් ගුණාංග සහ  කෙනෙකුගේ ප්‍රත්‍යෙකාවකාශය ( පුද්ගලික අවකාශය) මැනවින් විදාරණය වන මේ ප්‍රංශ චිත්‍රපටය , දිය මතින් ඉපිල් නැගෙන ගල් කැටයක සන්තෘප්තිය ඔබට රැගෙන ඒවි.

මග්දලේනා - එක කොනෙක ආදරයද , අනෙක් කොනෙහි වෛරයද සන් කරන අඳුරු හෘද බිම්ගෙයක අතරමං කොට , වසන් ව ගිය  චපල හිමි ගැන තැවීම ජීවිතය කරගන්නීය. අමෙලිගේ පියා - රෆායෙල් පුලාන්ගේ ජීවිතය, සිය බිරිඳගේ වියෝවත් සමග කෝෂ ගත වෙයි. වසකට වරක් අලුත් සිතුවමක් අඳින දුෆායෙල්ය කවුළුවෙන් අමෙලී දෙස බලා සිටියි.මේ සියල්ල දෙස නිසංසලේ බලාගෙන , දියට ගල් කැට විසි කරන කුඩා ජීවියා , අමෙලී ය.

නමුත් .. එක්තරා දිනයක... සුවිශේෂි දිනයක , ඇමිලී පුලාන් ගේ ජීවිතය වෙනස් වෙයි.. සිය තට්ටු නිවසේ බිත්තියක් අස්සේ සැඟවී ගත් කුඩා ඉපැරණි මන්ජුසාවක් ඇගේ  ජිවිතයේ හැරවුම් ලක්ෂය වෙයි. ලෝකයටද , තමන්ටද කිසිත් නොකොට, අත පය කුසීතව හකුලාගෙන මිය යා යුතුව  තිබු,  ඇමිලීගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු පැමිණෙයි. බලාපොරොත්තු සුන්ව අවිචාරයෙන් මංමුලා වූ ජිවිත වලට අලුත් ප්‍රර්තනාවන් උදා කරන්නී ඇමිලීය. ඇමිලී අනෙකුනට සොයා දෙන ජීවිතය , අමිලිගේ ජීවිතය නම් වෙයි.

, තමා මෙතෙක් කල් මවා ගෙන සිටි තට්ට හිසති මිනිසා කවුදැයි සොයා ගන්නේ යම් සේද, දුෆයෙල්ට මෙතෙක් සම්පුර්ණ කල නොහැකිව තිබු තරුණියගේ අසම්පුර්ණ රුව සිත්තම් කල හැකි වන්නේ යම් සේද , රෆායෙල් පුලාන්ට ජීවිතය දකින්නට ලෝකය විඳින්නට සිය කුඩා නිවසින් පිටතට යා යුත් බව පසක් වන්නේ යම් සේද , තමාට අහිමි වූ තමා සොයා , දෑත් විහිදා ජීවිතයට නිදහසේ පියා සලන්නට , ජිවිතයට බිය විය යුතු නැතැයි ඇමිලී ලොවට හඬ ගා කියන්නීය. ලෝකය වින්ද නැති, ලෝකය දැක නැති මිනිසුනට ඇමිලී ආදරයෙන් දෑත දිගු කරන්නේ මේ මනහර රුප චාරිකාව කැඳවාගෙන යන්නටය. ඉතින් තවත් ඇයි පමා වන්නේ... අමෙලී එක්ක ජිවිතේ දකින්න ...  ?

වසරකට චිත්‍රයක් බැගින් අඳිමින් , කවුළුවෙන් එපිට ලෝකය සිතෙන් මවා ගන්නා  දුෆායෙල් ද , සිය උයනෙහි , ආශ්‍රමයක් තනා  මියගිය බිරිඳගේ අළු බඳුන වන්දනා කරන රෆායෙල් ද , ඉවත ලන පින්තුරු එක කරන නීනෝ ද , ඇමිලී නිසාවෙන් ජිවිතයේ උත්ක්රුෂ්ටත්වය පසක් කර ගනිති. අමිලිට ආදරය මුණ ගැසෙන්නේ එලෙසිනි.  ඇමිලී ඇගේ දඟකාර ඇස වලිනුත්  අව්‍යාජ සිනහවෙනුත්  පින්තාරු කරන මේ අනභිභවනීය සිනමා නිර්මාණයට ලැබී ඇති පැසසුම් වලින්ම මේ උත්කෘෂ්ට සිනමා කාව්‍යයක සුන්දරත්වය ඔබට පෙනී යනු ඇති.

IMDB දර්ශකයෙහි , ලොව වඩාත්ම ජනප්‍රිය සිනමාපට 250න් එකක් ලෙස , 101 වන ස්ථානයෙහි අද වන විට වැජඹෙන , ඔස්කාර් සම්මාන 5 කටද නිර්දේශ වූ මේ අනභිභවනීය සිනමා කාව්‍යය, තවත් සම්මාන 59ක් ද දිනා ගනිමින් , නිර්දේශ 67ක්ද සිය සම්මානිත පුවරුවෙහි ලකුණු කරගන්නේ ,කෙනෙකුගේ ජීවිතය වෙනස් කල හැකි සිනමා නිර්මාණයක් ප්‍රංශ සිනමාවෙන් ලෝක සිනමාවට දයද කරමින්.

සවනට අමේලිගේ සොඳුරු රිද්ම : https://www.youtube.com/watch?v=NFxZnLKMZuw 

 

 

 

 


Friday, January 08, 2021

[405] හෘද සංවාද 36 - පුංචි මයිකල් ජැක්සන් & බෙන් (BEN)

චීස් නොමැති මී කතාවක් තිබිය හැකිද ?

ඔව් . චීස් නොමැති මී කතාවක් තිබිය හැකි......

ඒ විතරක් නොවේ මීයාට ඔස්කාර් ගත වන්නට වුවද හැකිය,


First Article :  


මයිකල් ජැක්සන් (Michael Jackson) , අවුරුදු 14දී , 1973 ඔස්කාර් සම්මාන උලෙලේ , බෙන් (Ben) ගීතය ගයන අපූරුව මෙතැනින් නරඹන්න -https://www.youtube.com/watch?v=j_550...​ මම 2019 බෙන් ගැන ලියූ බ්ලොග් සටහන මෙතැනින් කියවන්න : http://sansaare.blogspot.com/2019/04/...​ විලාඩ් 1973 චිත්‍රපටය සහ බෙන් චිත්‍රපටය පිලිබඳ විස්තර : Willard : https://en.wikipedia.org/wiki/Willard...​) Ben : https://en.wikipedia.org/wiki/Ben_(film​) Willard (1971) Movie Trailer : https://www.youtube.com/watch?v=b8Gn9...​ Ben (1972) Movie Trailer : https://www.youtube.com/watch?v=uxv0Z...​ ඔබේ අදහස් මට හරිම වටිනවා.... ඔබ හිතන දේ දැනගන්න මං බලං ඉන්නවා ආදරයෙන් ...

Saturday, January 02, 2021

[404] හෘද සංවාද 35 - කෆ්කා , සමීර සහ සර් ටොම් ජෝන්ස් සමග ආදර 2021




යස අවුරුදු හතලිහක් උන,කවදාවත් කසාද බැඳලා නැති,ළමයිනුත් නැති ෆ්‍රෑන්ස් කෆ්කා දවසක් park එකේ ඇවිදන් යනවා..Berlin වල.
මෙහෙම යද්දි පුංචි ගෑණු ළමයෙක් අඬනවා...
"ඇයි පුතේ...."
කෆ්කා අහනවා

"මං ආසම බෝනික්කා නැති වෙලා..."
පුංචි ළමයා උත්තර දුන්නා...
Park එකේ හැමතැනකම බෝනික්කා හෙව්වට හම්බුනේ නෑ....

"පුංචි දුව හෙටත් එන්න අපි ටිකක් හොයලා බලමු ම්ම්ම්...."

එහෙම කියලා පහුවදාත් ඇවිත් හෙව්වට බෝනික්කා නෑ පේන මානෙකවත්....
කෆ්කා මේ පුංචි ළමයට දෙනවා ලියුමක්......

Video Link : https://youtu.be/py2lQGhcBJg

Friday, December 18, 2020

[403] හෘද සංවාද 34 - Heart Talks 34 - ජීවිතය වෙනස් කරන ගුරු දෙවිවරු - A Teacher's Unconditional Love


"ඔබතුමාට මාව මතකද?" 

"නෑ. කවුද ඔයා?"

"මම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක්."

"හා එහෙමද. බොහොම හොඳයි. ඔයා මොනවද කරන්නෙ දැන්?"

"මම ගුරුවරයෙක්."

"හොඳයිනේ. මම වගේ?"

"ඔව්. ඇත්තම කිව්වොත් මම ගුරුවරයෙක් වුණේ ඔබතුමාව ආදර්ශයට අරගෙන."

"ඇත්තද? ඒ කොහොමද?"














Friday, December 11, 2020

[402] හෘද සංවාද 33 - Heart Talks 33 - ටයි ගැටයක කලු සුදු වර්ණ - The Colourless Tie Knot

වයෝවෘද්ධ යුවලක් තම දුම්රිය එනතෙක් දුම්රිය පොළේ වාඩිවී සිටිනවා. ඔවුනට අනෙක් පසින් හොඳින් හැඳ පැළඳගත් කළු ජාතික තරුණයෙක්ද සිටිනවා. මහළු කාන්තාව තරුණයා දෙස අහම්බෙන් බලනවා. ඇය මෙම තරුණයාගේ කුමක් හෝ අඩුපාඩුවක් දකිනවා...




Friday, December 04, 2020

[401] හෘද සංවාද 32 - Heart Talks 32 - පුංචි කරුණාවකට සල්ලි වියදම් වෙනවද ? - Kindness is a Free Gift !


එක්තරා කරුණාවන්ත කාන්තාවක් මස් නිෂ්පාදන කම්හලක සේවය කළා.
දවසක් ඇය සේවය අවසන් වෙන්නට කිට්ටු වෙලාවක දහයක් පමණ වූ ශීත ගබඩාවලින් එකකට ඇතුල් උනා යම්කිසි පරික්ෂා කිරීමකට....

අවාසනාවන්ත ලෙස ඇය එළියට එන්නට පෙර ශීත ගබඩාවේ දොර... එළියෙන් අගුල වැටුනා.

ඇය වේගයෙන් දොරට ගැහුවා... කෑ ගැසුවා...නමුත් ඇය ම දන්නවා මේ ගබඩාවේ ඇතුළේ සිට මොනතරම් කෑගැහුවත් පිටතට නෑසෙන බව.... 















Friday, November 27, 2020

[400] හෘද සංවාද 31 - Heart Talks 31 - කරුණාව හරියට ස්වීප් ටිකට් එකක් වගෙ - Kindness is Life Changing !

1880 දශකයේ දිනක මහලු නෝනා කෙනෙක් සහ මහත්මයෙක් ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා වේ පිහිටි කුඩා හෝටලයකට දිව යන්නේ එදින රාත්‍රියේ හමා ගිය සීතල කුණාටු සහිත වර්ෂාවෙන් බේරීමටයි.

එදින එම කුඩා හෝටලයේ රාත්‍රී ලිපිකරුවා ලෙස සේවය කරන්නේ ජෝර්ජ් සී. බෝල්ඩ් නැමති තරුණයෙක්.








Friday, November 20, 2020

[399] හෘද සංවාද 30 - Heart Talks 30 - වෙනස් විදියකට හිතන්න , රාමුවෙන් එලියට එමුද? - Step Out of the Box !



බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙම අහනවා...
" ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? "

කිසිම දෙයක් නොතේරෙණ ගානට " හතරයි..! ” කියලා අර සිසුවා කියනවා...

















Friday, November 13, 2020

[398] හෘද සංවාද 29 - Heart Talks 29 - බැලුමකින් පාඩමක් ජීවිතයට - Not Just a Balloon !



දවසක් ගුරුවරියක් එයාගේ පාසලේ හැමලමයෙක්ටම බැලුන් බොලය බැගින් දීලා, එක පුම්බලා තමන්ගේ නම ලියන්න කියනවා, 

එහෙම නම ලියපු බැලුන් හැම එකක්ම තනි කාමරයකට දාලා ගුරුවරිය ඒ බැලුම් එහෙට මෙහෙට කලවන් වෙන්න ඒ මැදින් කීප සැරයක් ඇවිදන් ගිහින්, ලමයි හැමොටම කියනවා දැන් විනාඩි 5ක් දෙන්නම් තමන්ගේ නම තියන බැලුන් එක හොයන් එන්න 
කියනවා,

ලමයි බැලුන් කාබරේ පුරාම දැගලුවත් ඒ කාටවත් තමන්ගෙං බැලුම විනාඩ් 5ක් ඇතුලත හොයාගන්න බැරි වෙනවා..... 



















Friday, November 06, 2020

[397] හෘද සංවාද 28 - Heart Talks - 28 - සැබෑ ජයග්‍රහණය තියෙන්නෙ දිනුම් රේඛාවෙද ? - The Truest Victory !

තරඟයකදී, (පින්තූරය බලන්න), කෙන්යාව නියෝජනය කරන මලල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර කළේය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය



තරඟයකදී, (පින්තූරය බලන්න), කෙන්යාව නියෝජනය කරන මලල ක්‍රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර කළේය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්‍රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය. නමුත් මුටායි ස්පාඤ්ඤ භාෂාව තේරෙන අයෙක් නොවීය. එමනිසා ස්පාඤ්ඤ ජාතිකයා ඔහුව දිනුම් රේඛාව කරා තල්ලු කළේය.

මාධ්‍යවේදියෙක් අයිවන්ගෙන් මෙසේ ප්‍රශ්න කලා.

"ඇයි ඔබ එහෙම කළේ?"

අයිවන්: මගේ සිහිනය නම් කවදා හෝ අපට සාමූහිකව ප්‍රජා ජීවිතයක් ගත කළ හැකි වීමයි.

මාධ්‍යවේදියා: නමුත් ඇයි ඔබ කෙන්යාවට ජයග්‍රහණය කිරීමට ඉඩ දුන්නේ?

අයිවන්: මම ඔහුට ජය ගැනීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුයි දිනන්නට නියමිතව සිටියේ.

මාධ්‍යවේදියා යළිත් වරක්: නමුත් ඔබට ජයග්‍රහණය කළ හැකිව තිබුනා.

අයිවන්:
නමුත් ඒ ජයග්‍රහණයේ අර්ථය කුමක්ද?
එම පදක්කමේ ගෞරවය කුමක් වනු ඇත්ද?
මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?

සාරධර්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. අපි අපේ දරුවන්ට උගන්වන්නේ කුමන සාරධර්මද?

අපද අපගේ දරුවන්ට ජයග්‍රහණයන් වෙනුවෙන් වංචනික, වංක, වැරදි මාර්ග ඉගැන්වීමට ඉඩ නොදෙමු..

(උපුටා ගැනීමකි)

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->