Friday, January 15, 2021

[406] හෘද සංවාද 37 - ජීවිතයේ අරුත හොයන Amelie (අමේලී)

 අද හෘද සංවාදය : ජීවිතයේ අරුත , ආදරය පෙන්වන සොඳුරු සිනමා කාව්‍යය අමේලී ප්‍රංශ චිත්‍රපටය 

හෘද සංවාද සබැඳිය : https://youtu.be/Hd2_ND1e0bM 






AMELIE ( 2001 ) - ප්‍රංශ චිත්‍රපටය

 

කටපාඩමේ තබාගත යුතු තරම් ජිවිත කියවීමක් , කර්ණ රසායන සුමට සංගීතයක්... එක සතියක් ඇතුලත එකම චිත්‍රපටය තුන් හතර වතාවක් නැරඹීය හැකි තරම් සුන්දරත්වයක්.. “ඒ ඉස්සර... බයිකොප් පිස්සෝ හිටියේ ඉස්සර  දැන් එහෙම බයිස්කෝප් නැහැ”.ඔබ කියාවි. නැහැ. Amelie (2001) චිත්‍රපටය ඔබ වරක් නැරඹුවොත් , එය මුසාවක් බව වැටහේවි.  ජිවිතයට අරුතක් ඇත්ද ? Amelie නරඹන ඔබට පිළිතුරක් ලැබේවි

ජිවිතයේ අසම්පුර්ණත්වය සහ මිනිස් බලාපොරොත්තු පිලිබඳ මේ තරම් ගැඹුරු කියවීමක් චිත්‍රපටයකින් දැක ගැනුම පහසු නැත. මතුපිටින් නොපෙනෙන සියුම් මිනිස් ගුණාංග සහ  කෙනෙකුගේ ප්‍රත්‍යෙකාවකාශය ( පුද්ගලික අවකාශය) මැනවින් විදාරණය වන මේ ප්‍රංශ චිත්‍රපටය , දිය මතින් ඉපිල් නැගෙන ගල් කැටයක සන්තෘප්තිය ඔබට රැගෙන ඒවි.

මග්දලේනා - එක කොනෙක ආදරයද , අනෙක් කොනෙහි වෛරයද සන් කරන අඳුරු හෘද බිම්ගෙයක අතරමං කොට , වසන් ව ගිය  චපල හිමි ගැන තැවීම ජීවිතය කරගන්නීය. අමෙලිගේ පියා - රෆායෙල් පුලාන්ගේ ජීවිතය, සිය බිරිඳගේ වියෝවත් සමග කෝෂ ගත වෙයි. වසකට වරක් අලුත් සිතුවමක් අඳින දුෆායෙල්ය කවුළුවෙන් අමෙලී දෙස බලා සිටියි.මේ සියල්ල දෙස නිසංසලේ බලාගෙන , දියට ගල් කැට විසි කරන කුඩා ජීවියා , අමෙලී ය.

නමුත් .. එක්තරා දිනයක... සුවිශේෂි දිනයක , ඇමිලී පුලාන් ගේ ජීවිතය වෙනස් වෙයි.. සිය තට්ටු නිවසේ බිත්තියක් අස්සේ සැඟවී ගත් කුඩා ඉපැරණි මන්ජුසාවක් ඇගේ  ජිවිතයේ හැරවුම් ලක්ෂය වෙයි. ලෝකයටද , තමන්ටද කිසිත් නොකොට, අත පය කුසීතව හකුලාගෙන මිය යා යුතුව  තිබු,  ඇමිලීගේ ජිවිතයට අලුත් බලාපොරොත්තු පැමිණෙයි. බලාපොරොත්තු සුන්ව අවිචාරයෙන් මංමුලා වූ ජිවිත වලට අලුත් ප්‍රර්තනාවන් උදා කරන්නී ඇමිලීය. ඇමිලී අනෙකුනට සොයා දෙන ජීවිතය , අමිලිගේ ජීවිතය නම් වෙයි.

, තමා මෙතෙක් කල් මවා ගෙන සිටි තට්ට හිසති මිනිසා කවුදැයි සොයා ගන්නේ යම් සේද, දුෆයෙල්ට මෙතෙක් සම්පුර්ණ කල නොහැකිව තිබු තරුණියගේ අසම්පුර්ණ රුව සිත්තම් කල හැකි වන්නේ යම් සේද , රෆායෙල් පුලාන්ට ජීවිතය දකින්නට ලෝකය විඳින්නට සිය කුඩා නිවසින් පිටතට යා යුත් බව පසක් වන්නේ යම් සේද , තමාට අහිමි වූ තමා සොයා , දෑත් විහිදා ජීවිතයට නිදහසේ පියා සලන්නට , ජිවිතයට බිය විය යුතු නැතැයි ඇමිලී ලොවට හඬ ගා කියන්නීය. ලෝකය වින්ද නැති, ලෝකය දැක නැති මිනිසුනට ඇමිලී ආදරයෙන් දෑත දිගු කරන්නේ මේ මනහර රුප චාරිකාව කැඳවාගෙන යන්නටය. ඉතින් තවත් ඇයි පමා වන්නේ... අමෙලී එක්ක ජිවිතේ දකින්න ...  ?

වසරකට චිත්‍රයක් බැගින් අඳිමින් , කවුළුවෙන් එපිට ලෝකය සිතෙන් මවා ගන්නා  දුෆායෙල් ද , සිය උයනෙහි , ආශ්‍රමයක් තනා  මියගිය බිරිඳගේ අළු බඳුන වන්දනා කරන රෆායෙල් ද , ඉවත ලන පින්තුරු එක කරන නීනෝ ද , ඇමිලී නිසාවෙන් ජිවිතයේ උත්ක්රුෂ්ටත්වය පසක් කර ගනිති. අමිලිට ආදරය මුණ ගැසෙන්නේ එලෙසිනි.  ඇමිලී ඇගේ දඟකාර ඇස වලිනුත්  අව්‍යාජ සිනහවෙනුත්  පින්තාරු කරන මේ අනභිභවනීය සිනමා නිර්මාණයට ලැබී ඇති පැසසුම් වලින්ම මේ උත්කෘෂ්ට සිනමා කාව්‍යයක සුන්දරත්වය ඔබට පෙනී යනු ඇති.

IMDB දර්ශකයෙහි , ලොව වඩාත්ම ජනප්‍රිය සිනමාපට 250න් එකක් ලෙස , 101 වන ස්ථානයෙහි අද වන විට වැජඹෙන , ඔස්කාර් සම්මාන 5 කටද නිර්දේශ වූ මේ අනභිභවනීය සිනමා කාව්‍යය, තවත් සම්මාන 59ක් ද දිනා ගනිමින් , නිර්දේශ 67ක්ද සිය සම්මානිත පුවරුවෙහි ලකුණු කරගන්නේ ,කෙනෙකුගේ ජීවිතය වෙනස් කල හැකි සිනමා නිර්මාණයක් ප්‍රංශ සිනමාවෙන් ලෝක සිනමාවට දයද කරමින්.

සවනට අමේලිගේ සොඳුරු රිද්ම : https://www.youtube.com/watch?v=NFxZnLKMZuw 

 

 

 

 


No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->