Wednesday, June 17, 2020

[370] මාස හයක නිහඬතාවට වන්දි ගෙවීම - හෘද සංවාද


කාලය ඉගිලිලා යන්නෙ වාත වේගෙන්. බ්ලොග් එකට නෑවිත් මාස හයක් !. බරපතල වරදක්. මම මටම කරගත්තු බරපතල වරදක්.

ඒත් නොලිව්වා නෙවේ. ලිවූ සියලු දේ , මුද්‍රිත මාධ්‍යයක් වෙනුවෙන් රක්ෂණය කොට , ඒවා පළ නොකරන්නට බැඳී සිටි නිසාත් , අවසන කොරෝනාට පින් සිදු වන්නට , මුද්‍රණය කල් ගිය නිසාවෙන් ලියූ දේ නොපල ලිපි වශයෙන් තවමත් නිදා සිටින නිසාත් ,බ්ලොග් එක පාලුවට ගියා කීවොත් හරි.

ඒත් , මා කියවන ඉතාම සුලු නමුත් මැණික් වන් සුලුතර ආදරනීයයන් වෙනුවෙන් කිසිවක් නොකොට සිටීම නොමනා බව දන්නා නිසාම , කාර්යබහුල ජීවිතයේ දැන් නම් කාලය හිඟ නිසාම , ලිවිල්ලෙන් කියවිල්ලට මාරුවෙන්නට මා තීරණය කලා.

ඉතින් දනෙ මේ කුඩා ඉඩ ඔබට භාරයි. මෙතෙක් මා කියවූ ඔබ වෙනුවෙන් , මෙතැනින් පසු මා මගේ හඬ අවදි කරන්නම්.

ආදරයෙන්.... අදහස් කියා මට ගල් මුල් මල් එවනවාට බොහොම කැමතියි . එහෙනම් දස වසරක් අකුරු කරමින් හමුවූ ජීවිතේ මල් සමග , හෘද සංවාද  නාදයෙන්  හමුවෙමු ....


No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->