Thursday, November 07, 2019

[360)] පලමු ඇස, දෙවෙනි ඇස සහ තෙවෙනි ඇස !


මේක හරිම අපූරැ සිද්දියක් . අද . මේ මොහොත ,  සමහර විට ආයිත් කවදාවත්ම හසුකරගන්න බැරි වෙන , රෑපාවලියක එකතුවක්. 

තැන : දුම්රිය නැරඹුම් මැදිරිය 
දවස : නොලිය ඉන්නම්. පුද්ගලිකත්වය රැකිය යුතු නිසා.... 


අංක එක පින්තුරය -
එක්තරා මහත්මයෙක් තම ජංගම දුරකතන කැමරාවට, දැසට පෙනෙන කොලපාට සහ දුම්රිය ගමන හසු කරගන්නවා 


අංක දෙක පින්තුරය -
ඒ හරියෙම තව මහත්මයෙක් තම ජංගම දුරකතනයෙන් සෙල්ෆියක් ගන්නවා 

ජවනිකාවේ , මේ මම , පසුපස අසුනක ඉඳගෙන මේ හැම දෙයක්ම දෑසින් විඳගන්නවා විතරක් නොවෙයි , එය මගේ ජංගම දුරකතනයට හසු කරගන්නවා.  ඇත්තටම කිව්වොත් මගේ පින්තුරය පින්තුර ගොඩක්. ඇස් ගොඩක් ! 

නැහැ කතාව ඉවරනැහැ . 

මට එහා අසුනේ , ලස්සන තරැණ කාන්තාවක් , ඇගේ සම්පුර්ණ කොණ්ඩයම සුදු කරලා (grey hair කියන විලාසිතාව)  . ඇයට යාබද අසුනේ ඉන්න තරැණ කාන්තාව ඇගේ  කොණ්ඩයේ අතරින් පතර මතුවෙන සුද වහගන්න කොණ්ඩය තද කළු පාටින් පාට කල බව , කන් පෙති වල , නලල් තලයේ ඉතුරැව ඇති ඩයි වලින් අපට පෙන්නුම් කරනවා. 

මම අර ඡායාරෑප ගන්නා අයවලුන් ඡායාරෑපයට නගන්න උත්සුක වෙමින් ඉන්න අතරතුර,  අර තරැණ සුදු කොණ්ඩ කත, දෑත් බැඳගෙන දෑස් පියාගෙන නිසලව ... භාවනාවක ! 

කවුද දන්නේ , සිවුවැනි ඇසක් , මගේ පසුපස අසුනක සිට මේ සම්පුර්ණ නාටකයම නරඹනවද රෑගත කරනවද කියලා. 
බාගදා අසුනක සිට නොව , කවුද දන්නෙ වහලය මත හිදගෙන වෙන්නත් පුලුවනි ! 

ලෝකයක් ඇතුලේ ලෝකයක්. ඒක ඇතුලේ තව ලෝකයක් ... වෙවී ... අපි පුංච් කුහුඹුවන් යයි සිතන්නට පොලඹවන "Horton Hears a Who" චිත්‍රපටය  මට මතක් වෙනවා..  හැම ඇහැකින්ම දකින විශ්වය අනෙකාගේ ඇසින් දකින විශ්වයට වඩා වෙනස් අනන්‍ය හරස්කඩක් නොවේද ? එසේ බැලුවහොත් අර හරිතතුරැ පත් දකින දැසට පෙනෙන විශ්වයත් , ඒ කැමරා කාචයට පෙනුන විශ්වයත් ,   මට පෙනුන විශ්වයත් කොතරම් වෙනස්ද...ඇත්තටම කිවහොත් අර දෑස පියාගෙන සිටින කාන්තාව දකින්නේත් විශ්වයක් නොවේද ?

ලෝකය තනි යායක්ය  කියා සිතෙන හැම වෙලාවකම මට ඒ එක්කම හිතෙන දෙයක් තියනවා .. ලෝකය හරියට කැලිඩෝස්කෝප් (kaleidoscope) එකක් වගේ , අනන්ත වූ රෑ රටාවන් එක් එක් දෑසට මවා පෙන්වන ... බහුරෑපේක්ෂක තල අනන්ත ගානක එකතුවක් ... 

එවන් ලෝකයට මහත් වූ සෙනෙහසින් ....

දිල්ශාරා වීරසිංහ... 
2019-11-07

#උණවිකාරේලියනපද

2 comments:

  1. මේ මුළු විශ්වයම කවුරු හෝ අති විශාල සතෙකුගේ ආමාශය වෙන්න පුළුවනි!

    ReplyDelete
    Replies
    1. අර horton hears a who වගේ මලක රේණුවක තියන ලෝකයක් වෙන්න පුළුවනි නෙ ? :)

      Delete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->