Wednesday, November 04, 2015

[324] මම _ වෙමි _ ගස !


මම _ ඒ ගස ..
සුලඟින් කීරි නද දෙන 
කට්ට කරුවල ‍රැයක 
හිතුවක්කාර විලසින් ඇඹරෙන 

මම _ ඒ පියැස්ස ...
කුඩා බෙලෙක් අතු පැලෙක 
සුලඟද කීරි ගස්වන 
කර්කශ විරෝධය නොතකන 

මම _ ඒ හඬ ...
රාත්‍රියෙහි අඬා වැලපෙන  
හැඩුම  බිඳකුදු නිම නොවන 
හඩනු  මිස , සැනසුමක් නොදකින ...

.

I am the Tree

I am the tree
creaking in the wind
outside in the night
twisted and stubborn:

I am the sheet
of the twisted tin shack
grating in the wind
in a shrill sad protest:

I am the voice
crying in the night
that cries endlessly
and will not be consoled.


By Dennis Brutus [1924-2009]
was arguably Africa's greatest and 
most influential modern poet after 
Leopold Sedar Senghor and Christopher Okigbo,

10 comments:

  1. වචන වලින් වචන වලට කවි පෙරදීමෙන් අදහස එන්නැ කිචි.. උත්සාහය හොදයි.. තව හොදට මුල් කවිය අධ්‍යයනය කරන්න

    ReplyDelete
    Replies
    1. ඔවු . ඒ සමබන්දව මට ටව ගොඩාක් ඉගන ගන්න තියනවා.

      ඔබේ අදහස් වලට ගොඩක් ස්තුතියි. තවත් අදහස් දෙන්න.

      මෙන්න මේ කවිය මට මුලින් ලියවුන හැටි.

      මම _ වෙමි _ ගස
      .
      මම ගසක් වෙමි
      සුලඟින් කීරි නද දෙන
      කට්ට කරුවල ‍රැයක
      හිතුවක්කාර විලසින් ඇඹරෙන

      මම පියැස්සක් වෙමි
      කුඩා බෙලෙක් අතු පැලෙක
      සුලඟද කීරි ගස්වන
      කර්කශ විරෝධය නොතකන

      මම ඒ ස්වරය වෙමි
      රාත්‍රියෙහි අඬා වැටෙන
      නිමක් නොමැතිව හඬන
      කඳුල අස්වසන්නට නොලැබෙන ...

      මොකද හිතන්නේ. ? ගොඩක් කපල කෙටුවම ගත්තු අවසන් පලය හරි මදි වගෙ කියලා මටත් දැන් හිතෙනවා ....

      Delete
    2. තව දෙයක්.

      මම කලින් පොස්ට් එකේ ලියද්දි මගේම අදහසුත් එකතු උන නිසා මම කලේ පරිවර්තනයකට වඩා අනුවර්තනයක් යයි අදහසක් ආව. ඒ නිසා මෙවර අදහසම තියෙන හැටියටම පෙරලන්න උත්සහ කළා. ඔබේ අදහස් වටිනවා.... එ ගැන

      Delete
  2. දෙවෙනි කවිය මෙහෙම වුනොත් වඩා හොඳයි කියල මට හිතෙනව බං...:)

    මම ඒ පියැසි තහඩුව,
    ඇඹරුනු කුඩා ගෙපැලෙහි,
    කර්කශ හඬින් වැලපෙන,
    දුක්බර සිතින් සුලඟෙහි,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යේ. මම අයිත කවිය හදන්න යන්නේ :)

      Delete
  3. A good effort Dilshara ! It is important to read any reviews and analysis on the poem and the poet in a translation. I'm sure you would have done that. It truly a pleasure to read your translations nangi.

    ReplyDelete
  4. මේ කවියෙ ලොකු තේරුමක් තියෙනවා,
    මුල්ම කවිය අප්‍රිකාවෙ වර්ණභේද වාදය හදුන්වා දුන් දේශපාලකයන් නිරූපනය කරනවා,
    දෙවන එක, බ්‍රිතාන්‍යයන්ට වර්ණභෙද වාදයට විරුද්ධ වු සහ එයට සහයෝගය දක්වපු දෙපිරිසම නියෝජනය කරනවා.
    තුන්වැනි එක, මේ දෙපිරිසෙන්ම බැට කෑ කලු අප්‍රිකානුවන් පෙන්නුම් කරනවා..

    ReplyDelete
    Replies
    1. නොවක් තුති නිසල් අයිය .,,,,

      කවියේ තේරුම මුලින් දැන හිටියා නම් ඇත්තටම කවිය මිට වඩා ලස්සනට ලියානි. දැන් මම කවිය අයිත ලියන්නයි යන්නේ :) පින් !

      Delete
    2. මම වෙමිය ඒ හිතුවක්කාර මහ ගස
      වේරම්භ වාතයකිනුදු නොසැලෙන
      අන්ධකාර රැය’ඳුරට
      තැතිගෙන දැඩිව සසැලෙන ...

      පියැසි තහඩුවක් වැනි මම
      දිරාගිය පැල්පතක හෙවිල්ලූ
      සෙවණ සුරකිනු පිණිස
      මාරුතය මඩිනු රිසිව, පොර බදන..

      මම ය ඒ විලාපය ,
      නිහඬ රාත්‍රිය ඇහැරන
      කඳුළු ඩා රුහිරු උපදින
      නොනිමි හැඬුමක වේදනා ඉවසන..

      Delete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->