Sunday, March 27, 2011

[168] අමුතු පෝස්ට් එක සහ ශෝට් ෆිල්ම්



මේ තමයි මම වෑඩි වශයෙන්ම සසල වුනු කෙටි චිත්‍රපටයක් ....  නැරඹීමෙන් අනතුරුව මම විනාඩි කිහිපයක් එක දිගට වුනේ මොකක්දැයි හිතා ගන්නට බැරිව බලා හිටියා. කොටින්ම ගල් ගැසුනා....
විනාඩි කිහිපයකදී සිත මෙතරම් සසල වුනේ කෙසේදෑයි මටම හිතා ගන්නට බැරිව මගෙ හිත ලත වෙනවා... 


මේ හුස්ම වැටෙන සජීවී මිනිසුන් නොවෙන බව... ඈසිපිය ගෑහෙද්දි ඒ සිරුරු ඔස්සේ රිහිරු නොදුවන බව මට මොහොතකට නොව සදහටම අමතක වුනා...
 ^^^^
ශෝට් ෆිල්ම් වලට මගෙ හිතේ ආසාවක් ඈති කලේ අනුරාධ මල්ලියා... 
පහුගිය දවසක එයා හෑදුව ශෝට් ෆිල්ම් එක බෑලුවම මට හිතුන දේවල් කිහිපයක් තිබුනා..


එකක් තමයි අපි තිබෙන සම්පත් ගැන දොස් නගන්නට ගත කරන කාලය , අපට නෑති නව තාක්ෂණය ගෑන අවලාද නගන්නට ගත කරන කාලයෙන් හතරෙන් එකක් සිය නිර්මාණශීලිත්වය උදෙසා කැප කලානම්... බිහිවෙන නිර්මාණය අපේ රටේ අනාගතය ගැන සුබ බලාපොරොත්තුවක් එක් කරනු ඇති බව... 


අනෙක තමයි, කිසිදු ස්ථායී සිනමැටෝග්‍රැෆි පදනමක බරසාර ලෙස නොපිහිටමින් අනුරාධ මෙතරම් හපන් කමක් කලානම්, ඔහු පෝෂණය ලදොත් ඔහුගෙන් කෙතරම් හොඳ නිර්මාණකරුවෙක් බිහිවිය හැකිද යන වග ...


මේ පෝස්ට් එක වෙන් වෙන්නේ... pixar ශෝට් ෆිම් එක වෙනුවෙන් නොවෙයි. මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ අනුරාධ මල්ලි වෙනුවෙනුත් නොවෙයි... මේ පෝස්ට් එක වෙන් වෙන්නෙ තිබෙන සම්පත් වලින් ලෝකය වෙනස් කල හැකි සරල එහෙත් දුලබ අපූරු මිනිසුන් වෙනුවෙන්... 
^^^^
ලෝකය වෙනස් කරන අපූරු මිනිසෙකුට....
ලෝකය එක දවසක හිට , හැමදාමත් සුන්දර වුනේ 'නුඹ' නිසා... ලෝකයට නුඹ ආ අරමුණු දෙකක් ගැන මට කිව්වා.... ඉන් දෙවෙනි එක... ලෝකය වඩා යහපත් තැනක් කිරීම... ඒ මගේත් දෙවෙනි පැතුම... පෑතුම් ගොඩක ජීවිතේ සිර වූයේ නැහැ. ජීවිතය කිරිල්ලක වගේ මුදා හැරුනා මිසක... එහි තිබෙන්නේ පැතුම් දෙකයි... නුඹට වගේම... ඉන් දෙවැන්න... ලෝකය වඩා යහපත් තැනක් කිරීම...
ඒ වෙනුවෙන් අත් වැල් බැඳ ගන්න හැකිවීම මා ලද විශාලම ජයග්‍රහණය... ... ඒ වෙනුවෙන් මම මේ පෝස්ට් එකේ අයිතිය දෙනවා... 'නුඹ' ට....

7 comments:

  1. පිස්සු හැදී අංඥා කොරොස් වීය‍‍....!!

    ReplyDelete
  2. හිතාගන්න බෑ මොනවා ලියන්නද කියලා..

    ReplyDelete
  3. මුලින්ම දාලා තියෙන ‍ෆිල්ම් එකේ නම මොකක්ද?ඒක නියමයි ඇත්තට.පහළින් දාලා තියෙන ‍ෆිල්ම් එකත් අමුතු වැඩක්.

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=nbCcutzXzYg

    තවම බලන්න බැරි වුනා මිස් වීඩියෝටික නම්.. ඒත් කෙටි චිත්‍රපට කියන්නෙ වාර්තාමය අදහසින් නිර්මාණය කරන දෙයක් කියලායි හිතන්නෙ. ඒ නිසා ඒ බොහෝමයක වැදගත්කමක් තියෙනවා..

    ReplyDelete
  5. මට නම් මේ ලෝකෙ දෙයක් තේරුණේ නෑ ...
    [ සමහරවිට මම මෝඩ වැඩි හින්ද වෙන්නැති කියලයි මටනම් හිතුණේ ..]

    ReplyDelete
  6. කෙටි චිත්‍රපටයකදී ඔබට ඔබේ කන්සෙප්ට් එකක් අතිශය කෙටි කාලයකදී කියන්න වෙනවා. එතනදී ඔබට දිගු චිත්‍රපටයක වගේ කාලය අරගෙන අවස්ථා සම්බන්ධයන් හිතලා, දෙබස් අනුසාරයෙන් ගොඩනැඟීමක් කරන්න බෑ. ඒ නිසා තමයි සිනමාරූපකරණය අතිශය වැදගත් වෙන්නේ.

    හොඳ විග්‍රහයක්.

    @ RoshanHerath
    කෙටි චිත්‍රපට වාර්තාමය අදහසින් නෙවෙයි නිර්මාණය වෙන්නේ මල්ලි, සමහර විට කෙටි චිත්‍රපටයකට වාණිජ අරමුණු තියනවා. ඒත් බොහොම වෙලාවට කෙටි චිත්‍රපටයක් කියන්නේ ආර්ට් හවුස් වැඩක්.

    ReplyDelete
  7. Alma කියන්නෙ මම පිස්සුවෙන් වගේ ඇනිමේටඩ් ශෝට් ෆිල්ම්ස් බලපු කාලේ අහු උන එකක්. ඒත් මන් ඒක ඔයාට දෙද්දි මන් හිතුවෙ නෑ මේ ත‍රම්ම ඒක හිතට අල්ලාවි කියලා. මතකද මන් මුලින්ම ඔයාට බලන්න දුන්න 'REACH' ශෝට් ෆිල්ම් එක. ආ මෙන්න. මේකත් බලන්න. මේකත් ඔය වගේම ඩාක් කතාවක්.
    http://www.youtube.com/watch?v=F7HMz1WKkso
    මට තාමත් හිතාගන්න බැරි ඔය වගේ අයිඩියාස් උන්ගේ ඔලුගෙඩි වලට එන්නෙ කොහොමද කියන එකයි. :D
    කොහොම උනත් මගේ විකට සෝට් ෆිල්මුව විචාරයකට ලක් කිරීම ගැන පින් ඕන්. හැබැයි Almaත් එක්ක ඒක තිබ්බම නිකන් රුපියල් ආසෙ අරික්කාල් ගැහුවා වගේ. :D

    @ RoshanHerath
    මට හිතෙන විදියට මචන් උඹට වාර්තා චිත්‍රපටයි, කෙටි චිත්‍රපටයයි පොඩ්ඩක් පැටලිලා වගේ.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->