Friday, November 12, 2010

[119] මලක් ගැන පොඩි කතාවක්!

හිස් බොල් පොලව මත
ගෙන්දගම් සැර,
සුවඳක්මැයි කියන...
එහිම වැතිර ඉඳින...
ඒ පොලොවම
සිඹින,
දාහකුත් එකක් මල් මැද...


එහි වැතිර මුත්,
හිරු කිරණ
දිලෙන
වැගිරෙන,
අහස් කුස දෙස
අසීරුවෙන් මුත්
එබෙන..
වැඩියෙ නැති මුත්,
එක් මලක් හෝ
 ඇත දෙරණ.....

කවිය පිටුපස කතාවක්:
ඈ ජීවිතයේ බොහෝ සුව පහස් අඩවියකින් කටුක අමිහිරි අතීතයකට ඈද දමනු ලෑබුවේ දෛවය හෝ අවාසනාව විසින් විය හෑකිය. ඒත් ඒ වෑටුන තෑනින්ම නෑගිට අද හෑමටත් වඩා හොඳ ජීවන දෑක්මකින් මිනිසුන් දෙස බලන , ලෝකය තනන්නට පෙර තම සිත තෑනූ දුර්ලභ චරිතයක් ඈ. ඈ අද මගේත් මාර්ගෝපදේශිකාවක් කීවොත් නිවෑරදියි. මේ ඈ ගෑනයි. ඔබ සෑබවින්ම ජීවිතය දිනූ කෙනෙක් සහෝදරී. :) හරියට මේ පොලොව දිහාට හෑරිල කුසීතව ඉන්න සේපාලිකා මල් අතරෙ අහස දිහාට හෑරිල තම ගුණ සුවඳ පෙන්වන සේපාලිකා මල වගේ.... 
Picture Courtesy : Pethum Weerasinghe (http://www.flickr.com/photos/30774322@N00/4684044794)
ස්තූතිය: තම ප්‍රාණ සමාන වටිනා ඡායාරූපයක් නිර්ලෝභීව කවිය සඳහා යොදා ගෑනීමට අවසර දුන් පෑතුම් වීරසිංහ මල්ලිට... (http://www.flickr.com/photos/30774322@N00/4684044794)


13 comments:

  1. ගෙන්දගම් පොළව මත...
    වැතිර හිඳ සුසුම් ලන ....
    මල් අතර උඩුතුරුව...
    නොසැලී සිටින ...
    සේපාලිකා මලට..
    තව තවත් දිරි ලැබේවා!!!!

    ReplyDelete
  2. තව හිතක් සුවඳ කරන්න පුළුවන් ඒ වගේ මලකට විතරයි.
    (පින්තූරෙ නම් ඇත්තටම අපූරුයි)

    ReplyDelete
  3. උණු වැඩි හිරු රැසින් පීඩා විඳපු මලකට, මා කළේ පිනි පොදක් ඉහපු එක පමණයි.

    ඒ මල ලෝකෙට සුවඳ දෙන්නේ, මලේ ම ගුණ නුවණ නිසයි.

    මේ අපූරු පැදි පෙළටත්, එය හරවත් කරන රූපෙටත් ඉතා ස්තූතියි!
    (දන්න දේ බෙදා ගත්තා මිසක, මෙතරම් ඇගයීමක් බලාපොරොත්තු වුනා නම් නොවෙයි:D )

    -සේපාලිකා මල

    ReplyDelete
  4. Sihina EkathukarannekNovember 12, 2010 at 10:49 PM

    අපූරුයි.....!

    ReplyDelete
  5. @ප්‍රියන්ත
    සේපාලිකා මල
    සුවඳ මෙන්ම
    පිවිතුරු සුදු පැහැයෙන
    සුදිලෙන
    මෙ'දෙරණ
    අදත් හෙටත්
    බබලන...
    අහස් වියනට
    අසිරි වැස්සක්
    වස්සන....

    ReplyDelete
  6. @චාමි
    අනිවාර්‍යයෙන්ම..... සුවඳැති මලක් ඇසුරේ සිටීමත් අපව සුවඳ වෙන්න හේතුවක්. ඈත් ඒ වගේ.... :) පින්තූරෙ වෙනුවෙන් නම් ස්තූති කරන්න වෙන්නෙ මට නෙමෙයි. පැතුම් මල්ලිට

    ReplyDelete
  7. @සේපාලිකා මල
    ඔබේන් විහිදුනු සුවඳ ඔබට නම් අරුමෙයක් නෙමෙයි. ඒත් එහි අරුම , අප්‍රමාන සුවඳ දැනෙනුයේ වට ඉන්නා අපටයි. එහි වටිනාකම දැනෙනුයේ අපටයි. ඉතින් තව තවත් මා වන් හදවත් සුව කරන්නට ශක්තිය දහිරිය ලැබේවා!

    ReplyDelete
  8. @සිහින
    ගොඩාක් ස්තූතියි....

    ReplyDelete
  9. I can tell you that this 'සේපාලිකා මල' is amazing.

    Dear 'ජීවිතේමල්', thanks for sharing your great 'කවි' talent.

    Anonymous's friend.

    ReplyDelete
  10. සිංහල බැරි බැරි ගානේ උණත් බඹරා ඇවිත් ගුණ ගායානාවකුත් කරලා ගිහිල්ලා
    :D :D

    ReplyDelete
  11. බඹරාට
    ඔබ දෙදෙනාම(සේපාලිකා මල සහ ..) මෙහි දෑකීම පුදුම සතුටකි :) අනේ ආපහු ඈවිත් යන්න එන්න හොඳේ... :)

    ReplyDelete
  12. හරිම අපූරු කවිය...
    මගෙ පින්තූරෙට කවියක් ලීවට පින්. මගෙ පින්තූරෙ කාට හරි උදව් උන එකට මට සතුටුයි..
    (පින්තූරෙ ගන්න වෙලවෙ හිතෙ කවියක් තිබුනත්, හිතුවෙ නෑ කවුරුත් කවියක් ලියයි කියල)

    පින්තූරෙ ඈගෙවුවට ගොඩක් පින් "ජීවිතෙ මල්" , "චාමි"..

    පුලුවන්නම් දෙසෑම්බ‍ර් 10,11 කුරුණැගල ඈවිත් යන්න... මගෙ පින්තුර බලන්න...

    පෑතුම්

    ReplyDelete
  13. සේපාලිකා මලේ....
    ඒ ලස්සන සේපාලිකා මල සහ බඹරා අද බොහෝම අපූරු කවියක් එකට ලියන්න පටන් අරගෙන නෙවද?
    ඒ ගැන ලස්සන සේපාලිකා මල, මට දැනෙන සතුට නම් ඉතින් කියන්න වචන මදි...
    සුභ අනාගතයක්!
    ජයෙන් ජය ඔබ දෙපලටම !

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->