Sunday, August 01, 2010

[93] නුඹට හිත බැඳි කාරණේ මම, තවම සොයන්නෙමි



 ~'~
ගහක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා
පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ
කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට හිත බැඳි කාරණේ මම
තවම සොයන්නෙමි

කතරෙ වැලි කැට
හිරුට පෙම්බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට
දැවෙන කතරක්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන
අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්..
කරනු බැරි තහනම්....

සඳට සදහට
සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි
එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නු
ට නොහැ‍ඟෙන
මගේ ප්‍රේමය
ඒවගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්....
~'~



"  මට ආදරේද? "
"  ඔව්"

"  ඇයි මට ආදරේ?"
"  අනේ මන්දා"

"ඇයි ඔයා මට කැමති?"
"මං දන්නෙ නෑ ලමයෝ"

"  ඇයි දන්නෙ නැත්තේ...? එහෙනම් කොහොමද මට ආදරෙයි කියන්නෙ ?"
"   මම දන්නෙ කොහොමද...මම ඔයාට ආදරෙයි.. කැමතියි..."


 "   කොහෙන්ද මෙච්චර ලස්සන ආදරේ කරන්න ඉගෙන ගත්තේ?"
" මම ටියුෂන් ගියා!"    :-)

"  කොහොමද මෙහෙම මම කැමති විදියටම ආදරේ කරන්නේ?"
"   මම දන්නේ නෑ...ඔයත් ආදරනීය නිසා.. ඔයාත් මගේ හීන ආදරේ සම්පූර්ණ කල නිසා...."



ඇත්තට.... ආදරේට හේතු තියනවද ? ඇයි ඔයා මට කැමති? කොහොමද මට ආදරේ උනේ? මම වගේ කෙනෙකුට? අපි දෙන්න කොච්චර වෙනස්ද? ලෝකෙ කවුරුවත් ලං නොවෙන මම වගේ කෙනෙකුට..කොහොමද ඔයා පෙම් කරන්නේ ?

ඇත්ත... කතරක වැලි කැට හැමදාම ආල වඩන්නෙ ඉරට. ඒත් වැහි බිඳකට සෙනෙහෙ පාන වැලි කැට නැතුව නෙමෙයි. ඒක අරුමයක්ම තමයි. ඒත් ඉතින් ඒක එහෙමමයි.. ආදරේ ඒ වගෙයි...

සඳුට ආලවඩන තරු අස්සෙ පුංචි තරු කැටයක් හිරු දකින්න සුසුම් හෙලනව. හිරුට ලං වෙන්න හදනව. ඒත් බලාගෙන... සඳු තරම් සිසිල නෑ. දැවෙයි ඔය හිත... !
ආදරේ මේ වගෙයි... හරි පුදුමයි...

අපි හොයන්නෙ හීන ආදරේ... ඒක තියෙන්නෙම සොඳුරු වැස්සක් ලඟ... කතරට කලාතුරකින් කඩා වැටෙන... එහෙම නැත්නම්,කවම කවදාවත් තරු නොසිඹින හිරු ලඟ. ! ඒක තමයි ඇත්ත...

ගහක මල් පිපෙන කාරණාව මට හොයා දෙන්න... හිතක මල් පිපුන කාරණාව මම ‍තෝරා දෙන්නම්... නුඹට බැඳුනු හිතේ මේ තියන ආලවන්ත කමට හේතු එතකොට මම කියන්නම්....





මා වැඩියක්ම ආදරේ කරන ගීතයක් මේ... ඔව් ... මේ ගීතය කියන්නේ මගේ හුස්ම පසුපස එන කතාවයි....බා ගන්න කැමතිනම් ....

27 comments:

  1. දෙනෝදාහක් ඇතරින් එක් විශේෂ කෙනෙක් වෙනුවෙන් විතරක් අමුතුම හැඟීම් පහල වෙන්නේ ඇයි කියලා තේරැම් ගන්න තාම කාටවත් බැරිවෙලා තියනවා. ආදරේ ඒ තරම්ම පුදුමයි.

    " අපි හොයන්නෙ හීන ආදරේ... ඒක තියෙන්නෙම සොඳුරු වැස්සක් ලඟ... කතරට කලාතුරකින් කඩා වැටෙන... එහෙම නැත්නම්,කවම කවදාවත් තරු නොසිඹින හිරු ලඟ. ! ඒක තමයි ඇත්ත... "


    ඇත්ත...

    ReplyDelete
  2. 'ඔහුට' නොහැඟෙන මගේ ප්‍රේමය මේ වගෙයි මනරම්....
    පුදුම වෙයි නුඹ නම්...!!!!

    ReplyDelete
  3. හෙලයා
    මම හිතන්නේ ඒක මේ විශ්වයේ හැංගිලා තියන සොඳුරු රහසක්... හරියට ගහක මල් පිපෙන්නේ ඇයිද කියන එක රහසක් නේද? ඒ වගේ... නෙලන්න බැරි ඈත ඉමේ තියන තරුකැට දිහා තරු ඇස් දල්වගෙන හඬන බිලි‍ඳෙකුගෙන් අහන්න ' ඇයි පැටියෝ මේ ලන්තෑරුම් එලිය ඊට නරකද?' කියලා. පොඩි එකා කියාවි, 'බෑ බෑ මට අර තරුවමයි ඕනේ කියල'..
    එතකොට අපි කියනව
    'ඒක අමතක කරන්න බබා... ඒක ලැබෙන්නෙ නෑ..'
    ඒ බිලිඳා මම නම් , මම කියනව,
    ' කමක් නෑ... කමක් නෑ... මට ඒක ඕනෑ... අඩු ගානේ ඒ තරුව දිහා බලාගෙන අඬන්න හරි මට ඕනේ...' කියලා...
    ඒ තමයි ආදරේ... නොලැබෙන අහිමි උන දේ ගැන... ආදරේ.....

    ReplyDelete
  4. නෙතාර නංගී.... ඔව්....
    ඒක කවදා හෝ පසක් වේවි ;-)
    ඒත් එදාට .... හ්ම්ම්..... නේද ?

    ReplyDelete
  5. හිත බැඳුනු කාරනය නම් කවම දාක වත් හොයා ගන්න බෑ.....ඒත් හිත බැඳිලානෙව ඉතින් ඒ මදැයි.....හැබැයි ඉතින් කතා බහක් පටන් ගන්න නම් මරු ප්‍රශ්නය...මොකද කෙළවරක් නැති උත්තරයක් නෙව....

    ReplyDelete
  6. හේමලයෝ.... ඇත්ත.... කවම කවදාවත් හොයාගන්න බෑ හේතුව... හොයන්නත් යන්න නාකයි....
    අරුමය විඳිමින්, එය හිතින් හෝ උච්චාරණය කරමින් ජීවත් වෙන්න තිබුනම මදෑ... නේද ?

    ReplyDelete
  7. ලස්සන ගීතයක්... ඇත්තටම ලස්සනට ආදරේ කරන කෙනෙක් ඉන්නවනම්.... හරිම ලස්සනයිනේ ජීවිතේ... ඒත් එහෙම අය හුඟක් අඩුයි

    ReplyDelete
  8. ඔව්.. එතරම්ම ලස්සන ආදර කතා නැතිම තරම්... ගීයක පද වැලක තියන මිහිර ඒ ෆැන්ටසිය අපි ගැටෙන ජීවත් වෙන සොඳුරු ලෝකේ නෑ...

    ReplyDelete
  9. ලස්සනයි අක්කේ.. ඉස්කෝලෙ යන කාලේ දවසක් බස් එකේ යද්දි අහම්බෙන් මේ සින්දුව ඇහිලා ඒකට කැමති උනේ.. ඒත් කාලයාත් එක්කම සින්දුව අමතක වෙලා ගියා..ඔන්න ආයෙත් අහන්න පටන් ගත්තා.
    සින්දුව වගේම ඔයාගේ සටහනත් හරිම ලස්සනයි..!

    ReplyDelete
  10. මේ අක්කේ..... දන්නෙ නැති කමට අහන්නේ.... මේ සින්දුවෙ තියෙන්නෙ කොල්ලෙක් තව කොල්ලෙක්ට කියන සින්දුවක් නේද...... මට කව්දෝ මන්දා එහෙම කිව්වා.......

    ReplyDelete
  11. අනුරාධ ට:
    ඈඈ...හ්හ්හ්හ් ?

    ReplyDelete
  12. බ්ලොගි නංගෝ....
    ඔව් නංගියේ මේ ගීතය හරිම සමීප තේරුමක් හදවතට.... බොහෝ දෙනා පෙමින් නොබැ‍ඳෙනා ජාතියේ අයට සමහර විට අපේ හිත යනව නේද? ඒ ක ගොඩක් අමුතුයි. කාටවත් පහදන්න බෑ අපිට ඒක....ස්තූතියි නංගෝ ඔයාගෙ කමෙන්‍ටුවට

    ReplyDelete
  13. අනුරාධ මල්ලියා
    මෙහෙමයි කෙනෙකුට ඒ වගේ අර්ථයකුත් ගන්න පුලුවන්.. හැබයි මම පෝස්ට් එක ලිව්වෙ නම් කොල්ලෙක් සහ කෙල්ලෙක් අතර තියන ආදරයක් ගැන

    ReplyDelete
  14. balannako nethaara nangiye...me anuraadha mallige kathaa.... sheeyaa...!

    ReplyDelete
  15. නුඹට හිත බැඳි කාරණේ මම, තවම සොයන්නෙමි.......
    නමුත් නුඹ සිටීනම් ළඟින්..
    කිම සොයනු හිත බැඳුණු කරුණු..

    ReplyDelete
  16. ඇස රැඳුනු රැඳුනු තැන්වල මුව මඬල හිනැහුනා
    ඔබ මතක නැති කරන්න මට මතක නැති වුනා..

    ReplyDelete
  17. හ්ම්ම්ම් ඒකත් ඇත්ත....රොෂාන්... ඒත් හිතිල නැද්ද එහෙම.... සමහරවිට කෙනෙකු ඇස නොගැසෙන සුලු කෙනෙකුට අපේ හිත ඇදෙනව....ඇයි කියන්න තේරෙන්නෙ නෑ...

    ReplyDelete
  18. මේ article එකේ තියෙන dialogues දැක්කම මටත් හිතුනා dialogues ටිකකින්ම comment කරන්න.
    =============================================================
    "අනේ මන් ඔයාට අදරේ දෙනවා මදි නේද?"
    "ඔයාට පිස්සුද කවුද කියන්නේ ඔයා අදරේ දෙන්නේ අඩුවෙන් කියලා..?"
    "නෑ... මට හිතෙනවා මම ඔයාට අදරේ දෙනවා මදි නේද කියලා.. ඔයා මට දෙන අදරේ ඉස්සරහා මගේ අදරේ කොච්චර පොඩිද..."
    "කවදාවත් එහෙම හිතන්න එපා... ඔයා මට දෙන ආදරේ මට උහුලගන්න බැරි තරම්... ඔයා ඒ තරම් ආදරණීයයි.... තේරුණාද?"
    =============================================================
    "අනේ මන් ඔයාට දෙන ආදරේ අඩු කරන්න ඔනේ...."
    "ඒ ඇයි?"
    "නෑ මන් ඔයාට අදරේ කරනව වැඩී... එහෙම උනාම ඔයාට මගේ අදරේ ඉක්මනට එපා වෙයි...."
    "කවදාවත් මට ඔයාගේ අදරේ එපා වෙන්නේ නෑ... මොකද මන් ඒ ආදරේට ආදරේ නිසා.."
    =============================================================

    ReplyDelete
  19. මේ ගීතය මුළින්ම ඇහුවේ මීට අවුරුදු 7කට විතර කළින්. රනාගේ ජීවිතේ සොදුරුම පරිච්චේදයක් මේ ගීතයත් එක්කම ඇමිණිලා තියෙනවා.
    රනා ආදරේ කරපු ගෑණු ළමයට ඒක අගවන්න සෙනග 1000ක් විතර හිටපු තැනක ස්ටේජ් 1කට නැගලා මයික් 1කින් රනා මේ ගීතය ගායනා කළා කිව්වොත් ඔයාලා පුදුම වේවි. ඒත් ඒක එහෙම්මම උනා. රනා ආදරේ කරපු ගෑණු දැරිවිගේ මූණෙන් ඇස් අහකට නොගෙනම තමා රනා එහෙම කළේ. රනා ඒ ආදරෙන් දින්නා. හැබැයි ඊට අවුරුදු 5කට පස්සේ රනා ඒ ආදරේට තිත තිබ්බා. රනා අදටත් සමහර වෙලාවට ඒ තීරණේ ගැන දුක් වෙනවා. ඒත්, ජීවිතේ එහෙම තමා.

    තව ලස්සන සින්දු දාන්න.

    ජය වේවා...

    ReplyDelete
  20. @Gvithaya
    ලස්සනම ලස්සනයි ඩයලොග් ටික...ස්තූතියි මනුස්සකම බෙදා හදා ගන්නවට....

    ReplyDelete
  21. @රනා
    අහෝ...පුදුමයි..... ආදරේ එහෙම තමා...ඒත් එහෙවු ආසාවෙන් වැර වීරිය කරල දිනුව ආදරේටත් කණ කොකා හඬනව නේද ?

    ReplyDelete
  22. ඒ කාරණේ තමා මාත් තාම හොයන්නේ..ඒත් තාම මට තේරුනේ නැහැ...
    කරුමෙම තමා කාරණාව.

    ReplyDelete
  23. අනේ මන්දා මට එන්නේ ඒ වගේ තේරුමක් තමයි..... මටත් චීයා තමයි ඉතින්... :D

    ReplyDelete
  24. @අනුරාධ මල්ලිය
    මොකෝ මල්ලියේ කට ඇද වෙලා... ??? :p

    ReplyDelete
  25. තව තවත් දාන්න
    මමත් හැදුවා කවි පිටුවක්. ගිහිල්ලා බලන්න
    http://kavi-pituwa.blogspot.com

    ReplyDelete
  26. "නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි"

    ඇත්තම ඇත්තයි කවදාවත් හොයාගන්න බෑ.. ඔයාටත් බැ නේද නංගි? බෑම බෑ..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->