Sunday, July 11, 2010

ගල් හිත...! (අතීතයෙන් ආ කවි 14)


දොඩමලු වන
හිනහ වෙන
ඔය හඬ නැගෙන
ගල් හදවතට
යාර ගනනක්
එපිට

වැලපෙන
රිදුන
කුහුඹු හදවත !

බලා හිඳින බව
නොදැනෙන..

අදහන් එය!
දැන් වත් ඉතින්
මේ
කුහුඹු හිත..
අදහන් එය!

ගල් හිත!


පසු සටහන:
මේ "අතීතයයි" .. අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා.
වර්තමානය - එය කවියක් වගෙයි.... එය හීනයකට වඩා මා ජීවත් කරවයි..

5 comments:

  1. අයිස් වාගෙ සීතල
    වුනත්....
    ගලක් වාගෙ තද
    වුනත්......
    හැමදාමත් සෝබර
    වෙලා.....
    මටම මාව දැන්
    දැන් එපා වෙලා.....
    ඔහොම ඉඳපන්
    මයෙ සාපලත් හදවත.....
    මෙලෙක් වෙන්නට හෙම
    එප උඹ ආයෙමත්...
    ගලක් වෙලාම ඉඳින්
    මයෙ හිත් යායේ......
    සුදුස්සගෙ පාදස්පර්ශයෙන්
    පණ ලබන තුරු ආයේ....

    ReplyDelete
  2. ඒ පද පෙල හදවතට හරියට දැනුන හේමලයෝ

    ReplyDelete
  3. පසු සටහන:
    --------------------------------
    මේ "අතීතයයි" .. අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා.
    වර්තමානය - එය කවියක් වගෙයි.... එය හීනයකට වඩා මා ජීවත් කරවයි..
    --------------------------------
    දැන් එතකොට මේ හැම සිද්දියක්ම අතීතයේ උන දේවල්ද? නැතිනම් වර්තමානයේ වෙන දේවල් ද?

    ඇයි ඉතින් තාමත් අතීතයේ එල්ලිලා දුක් විඳින්නේ??

    ReplyDelete
  4. ඇත්තම තමා ඇයි අතීතයෙ එල්ලිලා දුක් විඳින්නෙ? අපි අපිටම අසාධාරනයක් වෙන්න ඕනෙ නැහැ..

    ReplyDelete
  5. @නිමන්ති අක්ක.
    මේ ඔක්කොම අතීතය අක්කේ... එහි මා එල්ලිලා ඒ ගැන කවි ලියනව නෙමේ.. ඒ කාලේ ලියපු කවි දැන් එලියට දානව :-)

    @නෙතාර
    ඔව් ඒ අතීතයට යන්න දෙන්න ඕනේ....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->