Friday, January 29, 2010

මේ දේශපාලන කතාවක් නෙමෙයි.....

දවස ඉවර උනා. තවත් පැය 24 ක අවසානය සටහන් වෙනව ඉක්මනටම. හැම දවසෙම අන්තිමේදි අපිට අද දවසෙ අපි කලේ මොනවද කියල හිතන්න යමක් ඉතුරු වෙනව... සමහරුන්ට එහෙම හිතන්න යමක් නැතුව ඇති. අද දවස මටත් ඒ වගේද කියලා හිතෙනවා.




මගේ සුන්දර මිත්‍රයො කිහිප දෙනෙක් එක්ක අද සිද්ද වෙච්ච කතාවක් මට මතකයට එනව! එයලගේ ප්‍රධාන ප්‍රශ්නය වුනේ ඇයි මම ඡන්දය පාවිච්චි කරන්නේ නැත්තෙ කියලයි.



ඉතින් කතාව බොහොම උනුසුම් වුනා. මම ඡන්දය පාවිච්චි කරන්නේ නැත්තෙ මම අද ඉන්න දේශපාලකයොන්ගෙන් 99% දෙනාවම දකින්නෙ බලයට ආසාවෙන් මොකක් හරි යමක් 'මෙන්න මම කලා' කියල ජනතාවට පෙන්නල තමන්ගෙ පැවැත්ම සනාථ කරගන්න කොටසක් මිසක්, රටට මම සේවයක් කරන්න ඕනෙ කියන චේතනාව නිසා මොන ප්‍රශ්නයක් ආවත් මම යහපතක් කරනවා කියන අධිෂ්ඨානයෙන් මේ ගමනට බහින කෙනෙකුට නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.



මේක බල අරගලයක් මිසක් ජනතාවට සේවය කිරීමේ අරගලයක් නෙමෙයි කියන එකයි මගේ අදහස!



ලෝකයට අලුත් අර්ථයක් එකතු කරපු ගොඩක් දෙනාට ඒදේ කරන්න උපකාර උනේ දේශපාලනය නෙමෙයි. තමන්ගේම අනන්‍ය ශෛලියක්. හැබයි එහෙම කල දේවල් ගොඩ කලක් මිනිසුන්ගේ හදවතට කාවදිමින් ජීවත් වෙනවා. මිනිසුන්ගේ ජීවිතත් එක්ක ජීවත් වෙනවා. තෙරේසා මවුතුමිය ඒ වගේ කෙනෙක්.



දේශපාලනය කියන්නේ ක්‍රීඩාවක්. අපි තමා විනිසුරුවෝ.... හැබැයි විනිසුරුවෝ ගොඩායි... අපි හිත හදා ගන්නව අපිත් ඒ තීරණයේ හවුල් කරුවො කියලා... එත් ක්‍රීඩාව දිනන්නේ ක්‍රීඩකයෝ.... ඒ ක්‍රීඩකයගේ පැවැත්ම අපි තීරණය කරනවා. ක්‍රීඩකයෝ හෙට තව මැච් එකක් ගහනව. අපි හිත හදා ගන්න කියනවා මේ අයව තේරුවෙ අපියි කියලා... එත් මැච් එක ගහන්නේ ආත්ම තෘප්තිය ලබන්නෙ, මඩි තර වෙන්නෙ එයාලගේ. කවුරු දිනුවත් අපි ඉන්න තැන වෙනස් කරන්න ක්‍රීඩකයන්ට බැහැ. එයාල එයාලගේ ක්‍රීඩාවේ නිරත වෙනව. තමන්ගේ ජීවන තත්ත්වය වෙනස් කර ගන්නවා. කලක් යනකොට අපේ තීරණ අපිටම ප්‍රශ්නයක් වෙනවා.... ඉතින් අපෙ රසඥතාවය අපිටම ප්‍රශ්නයක් වෙනවා.. ඉතින් අපි අපේ තීරන කපලා කොටලා බලනවා... අපි ප්‍රිය කරන්නාව සාදාරණීකරණය කරනවා.



අපි එයාලට සෙල්ලම් ඉත්තෝ විතරයි....



එයාල සෙල්ලම් කරනවා... අහිංසක ඡන්ද වල සිය ආත්මයම නව මගකට යොමු කරන විප්ලවීය වෙනස රැඳවිලා තියනවයි කියලා හීන මවමින් දෑස් දල්වගෙන බලන් ඉන්න මිනිස්සුන්ගෙ දුක්බර හීනත් එක්ක......

6 comments:

  1. හරියටම හරි අක්කේ.

    ReplyDelete
  2. අපි බලන් ඉන්නෙ වැඩක් කරන අයට ඡන්දෙ දෙන්න වුනත් ඡන්දෙ ඉල්ලන මිනිස්සු ඡන්දෙ ගත්තට පස්සෙ වැඩ කරන්න හිතන් ඉන්නවා ඇති. (මම දැකපු හීනයක් ද මන්දා)

    ReplyDelete
  3. අම්මප ඇත්ත ඒ කතාවනම්. වැඩ කරල තියෙන කෙනෙක්නම් බොරුවට කෑ ගගහා උඩ පනින්න ඕන නෑ. පම්පෝරි ගහන්න දෙයක් නෑනෙ කරපු වැඩ පේන්න තියෙනවනම්.

    ReplyDelete
  4. මමත් ඔය විදිහට හිතල එක චන්දයක් වත් නොදාපු කෙනෙක්.. ඒ හින්ද මට පස්සේ මගේ අත කපාගන්න හිතුනේ නැහැ !!

    ReplyDelete
  5. ඡන්දයෙන් අගතියට යන්න එපා

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->