Tuesday, May 17, 2016

[330] මල් පිපිලා.. සාදු කියන්න මැණිකේ...


මල් පිපිලා එදා වගෙම , බලන්න මැණිකේ
බමරු ඇදෙනවා සුලඟට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ


එදා අපට පෙම්වත් සඳ , අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගියමග , මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි


කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයි
එදා අපෙ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ
තරහ නොගන්ටයි...

මැණිකේ.. බලන්න මේ පන්සල් බිමට ඇදෙන පියගැට පෙළ දිගට තියන මල් ... එදා වගෙම අදත් මල් පිපී කොයිතරම් සුන්දරද ? සුලං සමග දසත ඇදෙන සුවඳ සොයාගෙන , අර බලන්න බඹරු එන ලස්සන ! එපා මැණිකේ ඉරිසියා කරන්නට, එපා තරහා ගන්නට. අපටත් තිබුනා නොවැ ඔහොම කාලයක් !  'සාදු සාදු' කියා පිපෙන මල් වලටත් මල් රොන් ගන්නට එන බඹරුන්ටත් සෙත් පතන්න සොඳුරිය ...

මතකද , අප කොයි තරම් සඳ පහන යට හිඳ පෙම් බස් දෙඩුවාද? දැන් ඉතින් අප මහලුයි. සඳ නම් තාම තරුණයි , ඒ  එදා සඳමයි. බලන්න හඳ මෝරන ලස්සන ! ඒ සඳ පහන යට පෙම්බස් දොඩන  තරුණ දූ  පුතුන් දිහා එපා වපරැහින්  බලන්න ඔහොම. එදා අප අත් පටලගෙන ආදරයෙන් ඇවිද ගිය පෙම් මග, අද අපේ දූ දරුවන් ඇවිද යනු ඇති. එපා රෝස පරොස් වන්නට. දයාවෙන් උන් දකින්න මැණිකේ, අමනාප ගන්නට එපා මා සොඳුරිය ....

සුරතල් පෙම්  බස් , කෙලි කවට සිනා දඟ කම් දැන් අයිති ඔවුන්ගේ ලෝකයටයි. මැණිකේ අපි දැන් වයසයි... රාත්‍රිය ඔවුන්ටයි. මේ අපේ දූ දරුවන් පෙම් කරන යුගයයි. මැණිකේ ඇත්ත අපිටත් තිබ්බා ලස්සන හීන මාලිග, අපිත් දු‍ටුවා ලොකු ලොකු හීන. මට දුකයි , නුඹේ හැම හීනයක්ම මට සැබෑ කරන්නට බැරිවුනා , ඇත්තයි ... ඒත් අද අපේ පොඩි එවුන්වත් ඒ හීන ඉ‍ටු කර ගත්තාවේ මැණිකේ.. උන් ඒ මාලිගා තනා ගත්තාවේ. තරහ ගන්නෙපා , ඉරිසියා කරන්නත් එපා , අපි දැන් වයසයි සොදුරී.. අපි උන් දිහා උපේක්ෂාවෙන් බලා ඉඳිමු. උන්ට සෙත් පතමු.
.....

එදා තමන් විඳි ආලවන්ත යුග දිවියෙහි කඩ ඉම් පසු කොට දැන් ජීවිතයේ සැඳෑ සමයට පිය නැගූ මහලු වියපත් යුවලක් පන්සල් පියගැට පෙළක් හෙමි හෙමින් නගිනායුරු මගේ මනෝ පථයෙහි දර්ශනය වෙයි. සිය වීයපත් ප්‍රියාදරියට , ඒ ගැන තරහ නොගන්නැයි මහත් සෙනෙහෙන් ආලයෙන් වටහා දෙන මහලු ස්වාමියෙකු මට මැවී පෙනෙයි. ආලයෙන් බැඳුනු සුවහසක් පෙම්වත් තරුණන් දෙස මහත් වූ උපේක්ෂාව, මුදිතාව පෙරදැරිව බලා සිටින ඒ මහලු බෝසත් තාත්තා මේ කියන්නේ ජීවිතයේ යථාර්තය නොවේද ?


සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ මේ දුලබ පද පෙලට මුසුව , මේ විනිවිද දකින්නේ ජීවිතයයි. යථාර්තයයි. 

ගීය ගයන්නේ : සුනිල් එදිරිසිංහ  ( ගීය අහන්න )

13 comments:

  1. ගී පද - රවී සිරිවර්ධන
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    රසවත් සටහනක්!!!!!!

    ReplyDelete
  2. උඹ මේ මෙලෝ සිහියක් නැතුව උඩ දැම්මට බොල තේරෙන්නෙ නැද්ද ගී පද රචකයා මෙතන කරල තියෙන්නෙ මොකක්ද කියල? බොහොම සූක්සම විදිහට කාන්තාවන් ඊරිසියාකාර අම්මණ්ඩිලය පිරිමින් වනාහී බොහොම උපේක්ෂා සහගත සද්ගුණවත් කස්ටියය කියල අඟවල නෙවෙයිද මේ තියෙන්නෙ? උඹත් ඒ සටකපට යටිකූට්ටු නූල් සූත්තරේට කොච්චර අගේට අහුවෙලාද කියනවනං අර පිරිමියාට බෝසත් තාත්තා කියල එලවේසමේ සැටිපිකට් එකකුත් ප්‍රදානය කරල හෙහ්..හෙහ්...

    PS - A tongue in cheek critique ok? No more no less….:)

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම ඔවු මිත්‍රයා, ඔබ නිවරදි...

      Delete
  3. තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ

    ReplyDelete
  4. //එදා අපෙ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ//

    කඩා නොලන්ටයි... නේද :)

    ReplyDelete
  5. මෙච්චර මිනිස්සුන්ට විපතක් වෙලා තියෙන වෙලාවෙ මෙයා සින්දු ගැන කතා කරනවා..

    ReplyDelete
    Replies
    1. ටයිටැනික් නැව ගිලෙනකොට එහි සිටි වාදක කණ්ඩායම ගායනය හා වාදනය නතර කළාද මිත්‍රයා? රෝමය ගිනිගනිද්දී වීනාව වාදනය කළ නීරෝ අධිරාජ්‍යයා (යථාර්තයෙන් පිට උපහැරණයක්) අදටත් අපට අමතකද?

      Delete
  6. තාරුන්‍ය කෙමෙන් ගෙවී ගොස් වියපත් වෙයි..එදා කල කී දේවල් වියපත් වු පසු එලෙසින්ම සිදුකල නොහේ..මන්ද ගත දුබලව ඇති බැවිනි..මේ වෙනස් වීම තේරුම් ගන්නේ ඒ දෙස උපේක්ශාවෙන් බැලීමට පුරුදු වු, අව්‍යාජ සිතකටය..එසේ තම වියපත් වීමත්,නමුත් තම වියපත් වීම එසේ බැලිය නොහැකි සිතක් තමුන්ගේ නොහැකියාවත්, ගතින් වියපත් නොවු අයගේ හැකියාවත් සමග ගැටීම් ඇති කරගනී..මෙම ගීතයේ පියා මුලින් කී උපෙක්ශාව හුරු කල සිතැත්තෙකි..ඔහු තම බිරිදගේ සිතද හොදින් හදුනයි, ඇයට මෙම වියපත් වීමත්, පරිසරයේ සාපෙක්ශව ඇති නොවෙනස් බවත් දරාගත නොහැකි බව ඔහු හදුනාගෙන ඇත.තාරුන්‍යයේ ශේෂවු ලක්ශන තවමත් ඇයගෙ සිතේ පවති.. මෙම පියාගේ උත්සාහය වනුයේ බිරිදටද තමුන්ගෙ මෙන් උපේක්ෂා සහගත් සිතක් ලබාදී ඔහු විදින ලොකෝත්තර සුවය ලබා දීමටය..පලමු පදවලින් ඇයට බුදුදහම ගැන ස්‍රද්ධාවක් ඇතිකොට තවමත් ආගම දහමට නොනැඹුරුව ඇති ඇයගේ සිත ඒ දෙසට යොමු කිරීමට ගන්නා අවන්ක උත්සාහය හෙලි කරයි..
    //අනිත් පදද මේලෙස විචාරය කල හැකිඋවත් නොකරමි

    ReplyDelete
  7. මම ඔය ලිව්වා වගේ අදහස අරන් ලියන්න..එතකොට ගොඩක් සාර්ථකයි..ගීතය හොදට විග්‍රහ වෙනවා..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->