Thursday, January 21, 2016

[328] සුරංගනා කතාවක් - කතා ගොඩක් ...


පායි හායි සහ පායි ශාන් . මේ දෙන්න මට මුණගැසෙන්නේ මිට වසර 26 කට ඉස්සර !!!!! 


පායි ශාන් අයිය  අසනීපෙන්ලු. පායි හායි තනිවම හරි මූදු යන්නේ ඒ නිසයි. පායි හායිට හමුවෙන පුංචි මුතු බෙලි නගාට හානියක් නොකර ආපසු එයාගේ අක්කලා හය දෙනා ගාවට යවන පායි හායිගෙ හොඳ හිත නිසා කොච්චර දේවල් සිද්ද වෙනවද ?



කොච්චර හොඳ පායි හායි කෙනෙක්ද ? එච්චර අගනා මුතු මැණික් ලබන්නට තරම් විසාල උදව්වක් තමන් නොකළ බව කියන්නට තරම් නිහතමානි වෙන්නට මිනිස්සුන්ට පුලුවනිද ?  ( මතකද රත්රන් පොරව ? )



ඉතින් ඊට පස්සේ ?



පායි හායි ඉතින් රොබින් හුඩ් වගෙ කෙනෙක් . එයාගේ අයිය නම් එහෙම කෙනෙක් නොවෙයි වගෙ !



නොමිලේ ලැබුනු දේ විකුණා ගැනීම මොන අමන කමක්ද ? පායි හායි නොමිලේම ලෙඩුන්ට බේත් කරන්නේ ඒ නිසයි. 


 

තමන්ගේ බෙල්ලේ ඉදිමීම සුව කල මල්ලිටම ද්‍රෝහී වන අයියා , මිණි මුතු රුවන් තැගි බෝග වෙනුවෙන් දුප්පතුන්ට සුවය සැදූ අගනා මුතු මාලය රජතුමන්ට පුද දෙනවා. 

මුතු බෙල්ලන්ගේ මුතු . ලැබුනේ පායි හායි ට. නොමිලේම !  ඒත් දුප්පතුන්ගේ මුතු මාලය අන්තිමේ නවතින්නේ රජ බොටුවක තනි අයිතියට ! 





පායි හායිගේම මුතු මාලය . පායි හායිගෙන්ම සොරා ගත් රජතුමන් ,  තම රෝග සුවය පමණකින් සතු‍ටු වනවා පමණක් නොවෙයි , එය යලිත් දුප්පතුන්ට ලබා දෙන්නටත් කේවල් කරනවා. ගඟට විසිකල ඉඳික‍ටුවකින් සහ , එය තමන් වෙනුවෙන් පරිත්‍යාග කල පායිහායිගේම ජීවිතයෙන් හිලවු කරමින් ! මේ වෙලාවේ මට මතක් වෙනවා එක්තරා රටක්. එක්තරා රජතුමන්ලා පිරිසක්. ඒත් ඒ කවුදැයි මම නම් ඔබට කියන්නේ නැහැ .


එහෙත් සත්‍යය කිසිදා මූදු පතුලේ මියැදෙන්නේ නැහැ. 

අයුක්තිය ! අයුක්තියක මහත !  දුප්පතුන්ගේ වීරයා , හිත හොඳ පායි හායි , වෙඩි පහරකින් මූදු පතුලට ගිලී යනවා. පායි හායි මෙන්ම හිත හොඳ පායි හායිගේ හදවත ! 



වෛරය  විනාශ විය යුතුය. අයුක්තිය මිය යා යුතුය ! ආදරය , සත්ව කරුණාව පණ ලැබිය යුතුය . ජය ගත යුතුය ! පායි හායි ට ආයිත් පණ ලැබෙනවා . ඒ රොබින් හුඩ් වැනි වෙනත් ආත්මයක් වෙන්න බැරිද ? 


එහෙත් මේ සුරන්ගනා කතාවකි ! කුඩාවෙකු ලෙස  , වසර 26කට පෙර  මෙය කියැවූ මට , මේ මනස්ගාත ඔලුවට ආවේ නැති එක සැබෑය. හදවතෙහි එදා සිටි කුඩා ළමයා කෙරෙහි අනුකම්පාවකුත් , මෙදා සිටින වියපත් ගැහැනිය කෙරෙහි කෙටි තරහවකුත් සිතට නැගෙයි. 

ළමා කතාවකින් එහා ගිය දේශපාලනයක් පෙනීම ශෝකාන්තයකැයි විටෙක සිතේ. සුඛාන්තයකින් යුතු සුන්දර සුරංගනා කතාවට අවප්‍රාප්තික කියවීමක් ඇතැයි විටෙක සිතෙයි. 

ඒකත් හරියටම මේ ජීවිතය වගේය. ජීවිතයෙහි එන සියල්ල දෛවයට උවමනා අයුරට අවසන් වෙන්නට ඉඩ ඩිය යුතුද ? නැත . මේ කතාන්තරයට ඇත්ත වශයෙන්ම කුඩා සුන්දරත්වයකින් අවසන් කල හැකිය. පහතින් තියෙන්නේ එයය ! 


22 comments:

  1. අපුරු සුන්දර මතකයක්. ඒ වගේම සිහිවටනයක්.

    ReplyDelete
  2. 1991 ගම්උදාව තිබුනෙ කඹූරුපිටියෙ.. 1990 ගම්උදාව කොහෙද? මිහින්තලේද? මතක නෑනෙ..

    ReplyDelete
    Replies
    1. මං ලඟත් තිබුණා පොත.... මෑතකදී ආපු ළමා චිත්‍රපටයක් වන 'හෝ ගානා පොකුණ' ගැනත් බොහෝම දේශපාලන කතිකා සිද්ධ වෙනවා... ඒ වගේම අමරකීර්තිගේ 'අහම්බකාරක' ගැනත් එහෙම කතිකාවක් තියනවා.. මොකද්දෝ හේතුවක් නිසා මට ඔය දේශපාලන යටිපෙළ ග්‍රහණය වෙන්නේ අඩුවෙන්... මතුපිට කතාව (විශේෂයෙන් නවකතා, චිත්‍රපට ආදියෙදි, කවි සහ ගීත වලදි මෙය වෙනස්) ආශ්‍රයෙන් තමයි මගේ රසවින්දනය තියෙන්නේ.

      Delete
    2. මිහින්තලේ නේද ?

      හෝ ගානා පොකුණ බලන්න ඕනි ....

      Delete
  3. උඹට මතකෙයි ඔය පල්ලෙකැලේ ගම් උදාවට තමයි විලියම් ගොපල්ලව මාවත එතකොට ගන්නොරුවෙ පාළම එහෙම හැදුවෙ......:)

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මම එටකොට 3 වසරේ :)

      Delete
  4. ඔය පොත ඉසර මං ලඟ තිබුනා. ඔය වගේම චිත්‍ර තිබුණු වඳුරු රජ්ජුරුවන්ගෙ කතා පොතත් තිබුනා. හරි ආසාවෙන් තියන් හිටපු පොත් දෙක කවුරු හරි පොඩි එකෙක් අරන් ගිහින් ආයෙ ගෙනාවෙ නෑ. තාමත් ඒවගෙ චිත්‍ර වල සුන්දරත්වය මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒ පොත තමයි දෙව්ලොව කලබල :)

      Delete
  5. අනේ මංද මං දැක්කෙ සුරංගනා කතාවක්-ජීවිතේට කියවල නැති ඒත්හරියටම මගෙ වයස තරං පරණ කතාවක්..
    වෙන දෙයක් නං දැක්කෙම නෑ ඔව් ඉඳගෙන

    ReplyDelete
  6. මට මේක කියවනකොට මතක් වෙන්නේ මං කියවපු "අලි බබා සහ හොරැ හතලිහ"
    ඒ මතකය කොයිතරම් නම් සුන්දරද....

    ReplyDelete
  7. e kathawa ayeth mawa magepodi kaletaaran giya

    ReplyDelete
  8. monawaunath me potha podikale mama kiyawala nothibina nisawen harima asawen kiyauwa

    ReplyDelete
  9. ane oya wage sonduru mathakayak mageth thiyanawa. punchi paththare roopa pata karala yawala mata labuna wali mee panchi, hima lamaya poth deka thagi widihata. hima lamaya potha hariyata me potha wagemai. e suwada meka kiyawanakota mata hodatama danuna yaluwe.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->