වසර ගණනකට පෙර , හරියටම බැලුවොත් අසූවකට පෙර , එක් කොලු ගැටයෙක් පාර අයිනෙ නුග පැලයක් සිටුවූයේලු. නිවස අබලන්ව වියපත් විනි. නුග පැලය නාඹරව නුග පලද පල ගනිමින් එය මහ නුගයක්ම වූයේලු. මීට වසර තිස් ගානකට එපිට ධනසිරි මුදලාලි අලුත්ම අලුත් සුපර් මාර්කැට්ටුව අරින්නේ ඔතැනමය. ධනසිරි මුදලාලි රූස්ස හෙවණක්ව මහනුවරටම හෙවණ සැදු නුග රුකට අත නොතැබුයෙ වන්නට ඇත.
88-89 කාලයේ භීෂණයට පින් සිදු වන්නට ධනසිරිය පොළවට ඇද වැටෙද්දිත් , නුග තෙම කලකිරිනු දැසින් මුහුණ බිම හොවා සුසුම් ලෑවේය. කුඩා සිහිරුම් තුවාල කිහිපයක් විනා , නුගය සිය මහත දෙහෙත සිරුර ගින්නෙන් රැක ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් නුග රුකටද වයස්ගතවූ මැහැල්ලෙකුගේ ඉරණම් පල දෙන්නට පටන් ගත්තේය. සිය අවසඟ දෑත් දෙපා බඳු නුග වැල් බිමට පහත්ව බිමට දෑත් ගසා නැවතී , විප්ලවයේ ශේෂ බල බලා ගිමන් හරින්නට වූයේය .
කාලය ගත වූයේය. ධනසිරිය ඉටි රෙදි වලින් ආවරණයවී හෙමි හෙමිහිට සුවපත් වෙමින් පැවතුනේය. එහි බිම් මහල කුඩාවට ආයිත් සුපිරි නොවූ හිච්චි වෙලඳ සැලක් බවට පත් වූයේය.
කුඩා වියේ ගම්පොල සිට දිනපතා නුවරාගමනය කරන පස් දෙනෙකුගේ අප පවුල් සේනාවට , නුවරාගමනයේ මග ලකුණු කීවේ මේ මහ නුගයය. නගරයෙන් බැහැරව යන සමුගැනීමේ ලකුණද පෙන්වූයේ මේ නුගයමය! උසස් පෙළ කරන කාලයේ රාජසිංහ සර්ගේ පන්තියට බහින්නට බෙල් එක ගසන්නෙත් නුගය බලාගෙනය . පාසල් කාලයෙන් පසු මගේ ප්රියතම කොම්පියුටර් පන්තියේ පාරාදීස ලකුණ වූයේද මේ නුගයමය !
නුවරට පළමු වරට නිමි ඇඳුම් සාප්පුවක් ලෙස ෆැශන් බග් අවතිර්ණ වන්නෙත් මේ නුග සෙවණටය ! එය සුපිරි වෙලඳ සැලක්ව නුගය තරම්ම උස් මහත් වෙද්දී ධනසිරිය වසා ෆැශන් බග් ජනාකීර්ණ වන්නේය. සුවහසක් ගිලනුන් යන එන , සුසුම් ලන , හඬන , දොඩන වැලපෙන ආතුර දන දන වෙත සිය හැකි පමණ සෙවණ සදා නුගය සිය යුතුකම් ඉටු කළේය.
එකී මෙකී නොකී කුඩා කඩසාප්පු වලට සමු දෙමින් ධනසිරිය මැකී ගියේය. අද එතැන ඇත්තේ ආපිකෝවකි. සිය ගම්භීර නිහඬතාවයෙන් නුගය මෙ'කරුණද ඉවසා වදාලේය. ගත හිරිගඩු පිපෙන හීතල , තද සුලං සහ නිරන්තර වැසි වලින් නොසැලෙන දැවැන්ත හස්ති රාජයකු මෙන් , නුග රුක තලත්තෑන්නි සාඩම්බරත්වයෙන් නුවර දියුණු වන අයුරු බලා සිටියේය.
වරින් වර මහනුවර සසලවා හමා ගිය මහ සුලං එක දෙකක් නිසාවෙන් බිම පතිතවූ නුග අතු , සමුගැන්මක පෙර ලකුණු සටහන් කලේය. කුඩාවුන් නිතර යනෙන රූස්ස නුග සෙවන කොයියම් මොහොතක හෝ සිය අවසන් මොහොතට එලැඹෙන බව නුවරු පසක් කලෝය.
මේ සා ඇසු පිරු තැන් ඇති මහලු නුග තෙම සෙනෙහෙන් බදා වඩා ගෙන අන් තැනක හිඳුවන්නට තරම් මේ දුප්පත් රටට මගක් නැති වන්නට ඇත. එක්කෝ ඒ දුප්පත් ගසට සංචාරයට උචිත සවිබල තවත් ඉතුරුව නොතිබෙන්නට ඇත.
දැන් නාටකයේ අවසන් ජවනිකාවය. ආපිකෝවට එලිය වැටී තිබේ. දැවැන්තයා සමුගෙන ගොස්ය ! ගරුකටයූ ලෙස නොව , අත පය කඳ බඩ කුට්ටි කුට්ටි කොට සතියක් දෙකක් තිස්සේ , තවමත් ලේ වගුරුවමින් නුග තෙමේගේ සරීරයේ නටබුන් එහි වැතිර සිටී. බිහිසුණු යුද්දයකට පසුව ඉතිරි වූ මල සිරුරු ගොඩක් සතුරන්ගේ චිත්ත ප්රීතියට ප්රදර්ශනය කර ඇත්තාක් මෙන් , ඒ නුගයට ආලය කල බොහෝ දෙනාගේ සුසුම් තවරා ගනිමින් , කුට්ටි වූ නුග අතු සහ කඳන් අවසන් හුස්ම හෙලමින් සිටී.
එක්තරා හැඟුම්බර් අඳෝනාවක විලාසයක් තැවරී තිබුනද , නුගයට මෙන්ම මිනිසුනටද මේ තිර දහම පොදු බව මේ ලියන්නිය නොදන්නවා නොවේ. දිරාපත් නුග කඳකට යටව තැලී පෙලී කිසිවෙකු මිය යන තුරුද සියල්ලන් බලා සිටිය යුතුද නොවේ.
එහෙත් අහිමිව ගිය නුග රුකට හිලව්වට , ඒ ගැන විලාප තියනවාට වඩා , අලුත් නුග පැල දහසක් සිටුවන්නට මේ කාලයයි !
A very sensitive post!
ReplyDeletethank you for reading :)
Deletestory eka harima artificial.
ReplyDelete:-) ow matath tikak ehema hithenava
Deleteඒක කපල දාන්ට තරං වයස පාටක් පෙන්නෙ නං නෑ ඒත් මං හිතන්නෙ ටවුමක් මැද තිබ්බ හන්දම අකලට නාකි වෙච්ච ගතියක් නං තිබ්බ... ආව හැම කෙනෙක්ම යන්න එපැයි නේහ්...
ReplyDeleteමල් පිපිල තියෙන්නෙ සෑහෙන දවසකින් වගේ
හැබෑව! "ඒක කපල දාන්ට තරං වයස පාටක් පෙන්නෙ නං නෑ"! ගාම්භීරව නැගී හිඳින නුගයට වඩා අහංකාරයෙන් නැගී හිඳින ආපිකෝවේ පෙනුම වටිනවා කියනවා වෙන්ටෑ මයේ හිතේ....
Deleteකාලයේ වැලි තලාවෙන් වැහිලා තිබ්බ සංසාරේ අපි බ්ලොග් එක ආයිමත් විවෘත කළා ඉතින් .
Deleteඑ ගහ මම අදත් දැක්කා. දැන් එතන තියෙන්නේ පස් ගොඩක්. :(
සොයුරිය...
ReplyDeleteකාලය කෙතරම් නපුරුද....
වසන්තයේ සඳ මියැදුන දවසක.....
බෙදා හදා ගත් දුක වත් අද නැත......!
කාලය විසින් අප පරිනත කරනවා. හැබැයි පරිනත අප , අපරිණත අයුරෙන් මේ වගෙ සම්පත් විනාස කරන එක නොමනා වැඩක් කියා මට හිතෙනවා. මම හිතන්නේ නැහැ ඔය හිස් ඉඩ දකින නුවරට ආදරේ කරන කිසිම කෙනෙක් හුල්ලන්නේ නැතුව ඔතන පහු කරනවා ඇති කියලා.
Deleteඇස් වලට කඳුලු එන සටහනක්.... ගහක් ගැන මෙහෙම ලියන්න පුළුවන් මිනිස්සු මේ රටේ තාම ඉන්නව කියන්නෙ තවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියන එක වෙන්නැති... පේරාදෙණියෙ රොබරෝසියා ගහ ගැනත් මේ වගේ සටහන් ගොඩක් ලියවුනා මට මතකයි...
ReplyDeleteලෝකයට ආදරය කරනවා කියන්නේ ගස් වැල් , මහා පොලව , එකේ ලගල ඉන්න සතා සිව්පාවෝ සහ මිනිස්සු මේ හැම දෙකටම එකම ආදරය කරුණාව දක්වන එකනේ නංගි :)
Deleteකාලයක් අව්වට වැස්සට අපිට හෙවන දුන් නුග ගස.........
ReplyDeleteකියලා වැඩක් නැහැ අනේ. කාලෙකින් මේ පැත්තේ ඇවිත් ... සතුටුයි අයියේ
Deleteඅහෝ ඒ වනස්පතිය බිමහෙලූයේද? …:(
ReplyDeleteධනසිරිය ඇරඹීමට පළමු උක්ත මහ නුගය සෙවණෙහි කුඩා වෙළඳසැල් කිහිපයක් පැවැතිබැව් මතකයෙහි එක් අහුමුළුවක ශේෂ වී ඇත්තේය.දශක තුනකට ආසන්න කාලයකට පෙර යුගයක, ( එසේය ඒ වනාහී වසර එක්දහස් නවසිය අසූපහ වියයුතුය ) ඒ එක් වෙළඳ සැලකින් කොකාකෝලා බෝතල දෙකක් මිලයට ගෙන පානය කළ සොඳුරු මතක සැමරුමක් දෑස මොහොතක් පියාගත්කල මසිතට නැඟෙයි. එදවසද ඒ වනස්පතිය එළෙසම අපට සෙවණ සැදීය.
සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍ය වන්නාහ. ඒ අප සියළු සතුනට මෙන්ම මහා වනස්පතීනටද පොදු වන්නේය!
සැබෑවකි .... ඇතැම් තැන් , ගීත යනාදී දේට බැඳුනු සොඳුරු මතක වලට ආදරය කරන ඔබ අප වැනි හැම කෙනෙක්ම මේ ගහ ගැන මතකයේ තබාගෙන ඇති බව සහතිකයි :)
Deleteදැක්කා ම අයියෝ කියවුණා........ ධනසිරියට යන හැමදාම ඔය නුගය දැක්කා...ඔය හා බැදුණු ලස්සන ඉතිහාසයක් මටත් තියෙනවා...... හරිම දුකයි...... පාසලත් ඔය ළග.... අාය මොන කතාද ඉතින් නේද???????
ReplyDeleteකියලා වැඩක් නැහැ. දැන් දකිද්දී තවත් දුකයි. මහා විසාල නුග කඳ දැන් මිටරයක්වත් උස නැහැ . එතන ලොකු පස් කන්දක් දැන්
Deleteඔව්. අලුත් පැලයක් සිටුවන්නට කාලයයි.
ReplyDeleteසංවේදී සටහනක් සොසී.
ඔය වගේම පේරා කැම්පස් එකේ ගහක් ගැනත් පහුගිය කාලේ පෝස්ට් කීපයක් දැක්ක.
සොසී??? මොන සොසියෙක්ද බාං?? මේ අපේ දිල් නෝන මහත්තැං නෙව..අඩෝ.....හූ!!!
Deleteමෙන්න සොසි හොයනවා මෙහෙ :)
Deleteහ්ම්ම්. වලේ රොබරෝසියා ගහ කාටද අමතක වෙන්නේ
වැරදුනා යකුනේ.
Deleteජීවිතේ මල්
පරිප්පු වල ගල්
වෘක්ෂ රාජයාගේ ඉතිහාස සැකෙවින් එහෙත් විස්තරාත්මකව සටහන් වී තිබෙයි. එම වෘක්ෂය අසලින් ගිය, එය ඇස ගැටුනු, එහි සෙවන ලැබූ සෑම දෙනෙකුම මෙම පුවත කියවීමෙන් තරමක සංවේගයට පත්වනු ඇති. එහෙත් කාලයාගේ ඇවෑමෙන් වෘක්ෂය වුව ද සමුගත යුතු වේ. කදිමට ලියැවී ඇති බව කිව යුතුමයි.
ReplyDeleteඔබට ස්තුතියි ..... එය ඓතිහාසික ගහක් ....
Deleteඔය නුග යටින් ගියාම බාර් එකට යන්න පුලුවන් නේද... :-D
ReplyDeleteඔව් ඔව් ... ලොකු....... බාර් එකක් තියනවා.... :)
Deleteනුවරට දන්න දවසේ ඉඳන් ආදරය කරන මම ඒ වටා ඇතී සෑම සියලු ගහක් ගලක් එක්කම බැඳී ඇත...
ReplyDeleteආර්පිකෝව ඉදිරියේ තිබූ මේ නුග ගසත් ඒ ආදරයේ කොටස් කරුවෙක් බව මම මේන්ම මාවට උන් අයද සාක්ෂී දරණු ඇත.
මේ පින්තූරය දුටු වනම හදවත කඩාගෙන වැටුණී මහත් වේදනාවක් දැනුණී
එය ගසක් උවද ඒ සෙවනට මම බොහො සේ ආදරය කළෙමී.... :'(
කියා වැඩක් නැත සොයුරිය ....අපි පොඩි ගහක් ඔන්නොහෙ හිටවමු :)
Deleteකලින් දාපු කමෙන්ට් එක පේන්න නැති නිසා ආයෙ දානවා.
ReplyDeleteනුවර ඓතිහාසික ගස් වලට නරක කාලයක් වගේ. පේරා කැම්පස් එකේ තිබ්බ ගස් දෙකක් ගැනත් ඔය වගෙම ලිපි පළවුනා මට මතකයි මෑතකදි.
නුවර ගස් වලට නරක කාලයක් නොවෙන්නම්. ෆැෂන් බග් එක ගාව මාර ගහ කපුවා. වැව රවුමේ ගස් කියක් කැපුවද . එතකොට වලේ රොබරෝසියා ගහ කැපුව . :(
Deleteවලේ රොබරෝසියා ගස ගැන කම්පාවෙමි. ඒත් එහි අවසන් මල් වාරයෙහි සැනසුනු බැලූ අපි දුටුවේ ගස මැද මහා හිලකි. ගස මැදින දිරා තිබුනු බව පෙනුනි. මහා සෙනගක් එකතු වෙන තැනක බිම හෙලනවා හැර යමක් කල හැකිදැයි අපද කල්පනා කලෙමු.
Deleteමහ සුලං සහිත වැස්සට කැම්පසය තුල වූ රූස්ස ගස් කීපයක්ම මුලින් ඉදිරී බිම වැටුනි. සමහරක් හිතාගතවත් නොහැකි තරුණ ගස්ය.
එක ඇත්ත නංගි .. ලස්සන වගෙ නෙවෙයි කඩාගෙන වැටුනොත්.
Deleteමට එකවරම මතක්වුනේ මා කුඩා කාලයේ කෑගල්ල නගරය දිගේ තිබුණු මාර ගස් පේලිය. ඒවා බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිටුවන ලද ගස්. එයිනුත් කෑගල්ලේ ඡායා සිනමා හල ඉදිරිපිට තිබුණු මාර ගහත්, ලේසිය සහ එකල උසාවිය පවතී ස්ථානයේ තිබුන මාර ගහත් හරිම ප්‍රසිද්ධයි. සිනමාහල ළඟ මාර ගහ යටට ආවේ ඒ කාලේ සිටි තෙල් බේත් වෙළෙන්දෝ. උසාවිය ළඟ හිටියේ ගොඩ පෙරකදෝරුවෝ. අද ඒ ගස් තිබුන තැනක් හොයාගන්නවත් බැහැ.
ReplyDeleteකාලය අපේ මතක සටහන්, සිහිවටන, මකාදමනවා. නමුත් සම්පූර්ණයෙන්ම නොවෙයි. කාලෙකට සැරයක් ඒ අතීත මතකය අවදිවෙනවා. එකම දේ අනාගත පරපුර දන්නේ නැහැ ඒ අතීතය.
ගස් නිසා ව්‍යාපාරයට වෙන අලාබය මිසක් ගසක ආශිර්වාධය නිසා ව්‍යාපාරයකට තියන සුබ සෙත ඔවුන්ට පෙනෙන්නේ නැහැ .
Deleteධනසිරි යන්න නම් සල්ලි තිබුණේ නෑ නුවර අවට සිටි කාලේ.
ReplyDeleteහැබැයි පසු කාලෙක ඔය අසල තිබුණු සුව සෙවනට නම් කීප වරක් යන්න වුණා!
he he . :D
Deleteදනසිරිය කියන්නේ අපේ නම් තිප්පොළක් .. :)
ඔය ගස ගැනත් දුටු පළමු මොහොතේම හදවත රිදුනා. ඒත් ඉතින් මොනවා කරන්නද අපි. අපිට පුලුවන් තැනක අපි හැමෝම එක ගහක් ගානෙවත් හිටවමු. රටේ තැන් තැන් වල තව කාලෙකින් මහා රූස්ස ගස් ඉපදේවි.
ReplyDeleteඔව් එක නම් ඇත්ත .... ගස් කියන්නේ , ඒ විතරක් නෙවි අපි කියන්නෙත් කවද හරි යන්න ඉන්නේ අයනේ.
Delete