කොළඹ හෝ වේවා නුවර හෝ වේවා , ගමනාගමනය කියන්නේ ලංකාවේ අංක බින්දුවටම බැහැපු අකාර්යක්ෂම සේවයක්. ඉතින් ඇති නැති හැම දෙනාටම තමන්ගේ කෙටි ගමන් බිමන් වලට ටැක්සි පිහිට පතන්නම වෙනවා . දශක දෙකහමාරක විතර ඉදල අපේ ගමන් බිමන් වලට ලගම හිටිය සගය තමා ත්‍රි රෝද රථය.
ත්‍රි විල් - එහෙම නැතිනම් , රෝද තුනක් මතක් වෙද්දිම සමහරුන්ගෙ මුහුණු ඇඹුල් වෙනව. ත්‍රි විල් නිසා දොර හැරිලා තියන උවදුරු බොහොමයි. ඇති වෙලා තියන උප සංස්කෘති බොහොමයි. ඒත් මාස 8 ක කොලඹ කෙටි නැවතුම්පොලෙදි තනිව සරන මට ගොඩක් වෙලාවට මහ මග යන්න එන්න පිහිටට හිටියෙ තෙරෝද රථ තමයි. ඒ නිසාම , කඳු මුදුනට නැග බලන්න ජීවිතයෙ උස කියලා , පොඩි U හැරවුමකුත් එක්ක ආයිමත් ගහකොළ පිරිච්චි, ෆෑන් නැතුව ඕනෙ තැනක හිටගෙන ඉඳගෙන ලිවිය හැකි සුන්දර මහනුවර , නිශ්ශබ්ද ගෙදර ඇතුලෙ ඉඳලා බ්ලොග් පිටුව දිග හරිද්දි , ඉස් ඉස්සෙල්ලම මට ඔවුන්ව මතක් වෙනවා. ඔවුන් කිව්වට ඇත්තටම මතක් වෙන්නේ ඔවුන් අතරේ හිඳ සිටිය මිහිමත දෙවිවරුන්ව . මේ කුඩා සටහන ඔවුන් වෙනුවෙන්.
***
මාසයකට විතර ඉස්සර මාර්තු මාසේ දවසක.. එදා මම රත්මලාන දුම්රියෙන් බහිනකොට රැ 8.30යි . ඒ කියන්නේ රැ අටේ කෝච්චියේ .
තිත්ත කරුවල අස්සෙන් , බීමත් මිනිස්සුන්ගෙ රතු පාට ඇස් , වහින්න එන්නා වගෙ සැරින් සැරේ බක් මහ අකුණු ඉරි අඳින ගුප්ත අහස යටින් මම රත්මලානෙ දුම්රිය නැවතුමේ රේල් පාර පනිනවා . අසීරුවෙන් වටපිට බැලුවේ එතනින් එහා ටික යන්න තුන් රෝද රියක් හොයන්න. බොහොම වයසක කෙසඟ කාරුණික මහත්මයෙක් තෙරෝද රිය ගෙනවිත් මා ඉස්සරහින් නැවැත්තුවා.
මිස් රෑ වුනා නේද ? නගින්න . කොහෙටද යන්නෙ ?
ඕනෙවට වඩා ඇඟෑලුම් කමින් කතා කරපු එකට එච්චර කැමැත්තක් නොතිබුනත් , වෙන විකල්පයකුත් නැති නිසා මම ඊට ගොඩ වුනා.
ඉතින් ඔන්න මේ මනුස්සයා තොරතෝන්චියක් නැතුව මගෙන් ප්‍රශ්න අහනවා.
මිස් කොහෙද ඉන්නෙ. ගම කොහෙද ? මොකද කරන්නෙ ?
ප්‍රශ්න ලෝකයයි. මම ඉතින් ඒවාට බාගෙට හරි , බාගෙට වැරදි උත්තර දෙනවා. හැබැයි මනුස්සයගෙ තියෙන්නෙ කපටි කමක් නොවෙන බවත් කටහඩින් දැනෙනව.
ඔයින් මෙයින් බහින තැනත් ලඟා උනා. මම වෙනදට දෙන්නෙ 120යි. කතාවෙන් කතාවෙන් ඔන්න ගාන කතා නොකරගෙන තමයි රථයට ගොඩ වුනේ කියල තෙරුනෙ දැන් තමයි.
මම නොදන්න ගානට , මෙතෙන්ට කීයද ගන්නෙ ? කියලා ඇහුව .
80ක් දෙන්න මිස්.
මම අන්දුන් කුන්දුන් වෙනවා. ඒ වෙනකොටත් 120ක් මගෙ අතේ. මට 80 දීල සද්ද නැතුව යන්න මොකක්දො වගෙ.මම ඔහුට මගේ ප්‍රශ්නේ වෙන විදියකට ඉදිරිපත් කළා .
80 ඇතිද ? මෙතෙන්ට වෙන අය ඊට වැඩියෙ ගන්නවනෙ.
අනෙ එපා මිස්. 80 ඇති.
මේ මනුස්සයා දුන්නු 120න් 20 කොල දෙකක් මට ආයිත් දෙනවා.
මට හිතාගන්නත් බැහැ.මෙහෙම මිනිස්සුන්ට එකසිය විස්සක් නෙමෙයි එක්දාස් දෙසීයක් දුන්නත් දුක නැහැ. මම ගන්න කියලා ඉතුරු 20 කොළ දෙක ආයිත් දුන්නා.
එපා මිස්. මෙතෙන්ට හරි ගාන 80යි. ඊට වැඩියෙ සතයක් හරි අරන් මම මගෙ පවුලටයි ලමයින්ටයි එවයින් කන්න දුන්නොත් උන්ටත් හරියන්නෙ නැහැ මිස්. එක හොරකමක් වෙනවනේ .
කහට බැඳුනු දත් දෙපෙල අතරින් ආව ඒ මිණි මුතු වගෙ හැඟීම් බර වදන් කිහිපය , ඇත්තටම මාව මොහොතක් අමනුස්ස මනුස්සයින් ඉන්න ගෙන්දගම් ලෝකෙන් සුරංගනා ලෝකෙකට ගෙන ගියා කිව්වොත් නිවැරදියි.
මිනිහෙකුට විපතක් වෙන්න යනකොට , බේර ගන්න එක පැත්තකින් තියලා තමන්ගේ ෆෝන් එකේ තියන වීඩියෝ කැමරාව මාන ගන්න අසත් පුරුෂයින් ඉන්න ලෝකයේ , දෙවියන් වෙස් ගත් මිනිසුන් , එහෙම නැත්නම් මිනිසුන් වෙස් ගත් දෙවියන් සිටින බව අත්දකින්නට ලැබීමත් එක්තරා භාග්‍යයක් කියා එදා මට සිතුනා.
****
දෙවන කතාව ....
ගිය අවුරුද්දෙ
සැප්තැම්බර් මාසයෙ. පහුගිය මාස 8 වැඩ කල
කොල්ලුපිටියෙ රැකියා ස්ථානයෙ පලමු සම්මුඛ පරීක්ෂණය .
ඉන්ටවිව් එක තියෙන්නෙ 2 ට . මම නුවර ඉදන් ගල්කිස්සට ගිහින් ගොඩ බහිද්දි දවල් 12.15 යි. සාරියත්
ඇඳගෙන ආයිත් කොල්ලුපිටියෙ ඉන්න ඕනෙ 2 වෙද්දි. ඉස්කෝලෙ ට්‍රැෆික් එකටත් අහු වෙලා. මට හිතා
ගන්න බැහැ මම කොහොමද දැන් යන්නෙ කියලා දෙක වෙද්දි .
කොහොම කොහොම හරි සාරිය පටල
ගත්තා 1.15 වෙද්දි. 1.25 වෙද්දි ගාලු පාරට
ඇවිත් මම තෙරෝද රියකට ගොඩ වුනා. රියදුරාට මගෙ මූණෙන්ම තේරෙන්න ඇති , මම ලොකු හදිසියකින්
ඉන්න බව. මම ඔහුට ඇත්තම කිව්වා.
මට දෙකට
ඉන්ටවිව් එක තියනවා. කොල්ලුපිටියෙ. අනෙ මාව කොහොම හරි දෙක වෙද්දි කොල්ලු පිටියට
ගෙනියන්න.
ඔහු වෙලාව
බැලුවා. මගෙ මූණත් බැලුවා.
මිස් බය වෙන්න
එපා මිස්. මම 1.50 වෙද්දි මිස්ව
කොල්ලුපිටියෙ ඔපිස් එක ඉස්සරහට ගෙනියනව.
ඔහු කිව්ව විදියට
මගෙ හිතෙ බර සැහැල්ලු උනා. ඒත් එක ප්‍රයෝගිකද ? උත්තරය 'නැහැ' බවත් හිත හොදටම දන්නවා.
පාසැල් ඇරෙන වෙලාවෙ මාර්ග තදබදය අස්සෙන් , පාර හදන තැන් වල පටු තීරු වලින් රිංගමින් ඔහු රිය පැදෙව්වා නොවෙයි ඉගිලෙව්වා කිව්වොත් නිවැරදියි .
මේ ලැබෙන්න යන රැකියාව මට ඉතාමත් වැදගත් නිසා, මගෙ හදවතත් වේගයෙන් 2ට ලන්වෙන ඔරලෝසු කටු වගෙ වේගයෙන් ස්පන්දනය වෙන්න ගත්තා . ඇත්තටම හිත නොසන්සුන්. නොසන්සුන් මනසින් කොහොමද ඉන්ටවිව් එකකට මුහුණ දෙන්නේ ?
රියදුරාට මගේ ආතතිය තේරෙන්න ඇති. යන අතරමග එක දිගට, ඔහු පසු පස හැරී බලමින් ,
මිස් බය වෙන්න එපා මිස් , මම කොහොම හරි මිස්ව වෙලාවට ගෙනියනවා. බයෙන් තැති ගත්තු මගෙ හිත හදන එකත් තමන්ගෙ රියදුරු රාජකාරියෙම ඔහු කොටසක් කරගත්තා.
මිස් බය වෙන්න එපා මිස් , මම කොහොම හරි මිස්ව වෙලාවට ගෙනියනවා. බයෙන් තැති ගත්තු මගෙ හිත හදන එකත් තමන්ගෙ රියදුරු රාජකාරියෙම ඔහු කොටසක් කරගත්තා.
ඇත්තමයි හාස්කමකින් වගෙ , කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ , අලුත් රැකියා ස්ථානයේ දොරටුව ගාව , මෙන්න මම හරියටම 1.50 ට !
සල්ලි නැත්නම් පස්සේ ගන්නම් මිස් මම ගල්කිස්සෙන් යන ගමන්, දැන් ඉක්මනට ඉන්ටවිව් එකට යන්න මිස්.
කලබලේ දගලන මව සන්සුන් කරන්න ඔහු පියෙක් වගෙ උත්සහ කළා. මේ වයසක මහතෙක් නොවෙයි. අවුරුදු 20ක විතර පොඩි කොලු ගැටයෙක්.කලබලෙන් මම සල්ලි ටික දිගු කරමින් බහින්න ලං වෙද්දී ඔහු කිව්ව වාක්‍යය මට අද වගෙ මතකයි.
මිස් , බලන්න මම කිව්ව වෙලාවටම මෙතෙන්ට එන්න පුලුවන් උනා. කොහොම ආවද මමවත් දන්නේ නැහැ. මිස්ට වාසනාව තියනවා. දැන් බය වෙන්න දෙයක් නැහැනේ. මිස් මම කිව්වට විස්වාස කරන්න , මිස්ට මේ රස්සාව ලැබෙනවාමයි. බය නැතුව යන්න . මිස්ට හරියනවා. බුදු සරණයි.
සල්ලි නැත්නම් පස්සේ ගන්නම් මිස් මම ගල්කිස්සෙන් යන ගමන්, දැන් ඉක්මනට ඉන්ටවිව් එකට යන්න මිස්.
කලබලේ දගලන මව සන්සුන් කරන්න ඔහු පියෙක් වගෙ උත්සහ කළා. මේ වයසක මහතෙක් නොවෙයි. අවුරුදු 20ක විතර පොඩි කොලු ගැටයෙක්.කලබලෙන් මම සල්ලි ටික දිගු කරමින් බහින්න ලං වෙද්දී ඔහු කිව්ව වාක්‍යය මට අද වගෙ මතකයි.
මිස් , බලන්න මම කිව්ව වෙලාවටම මෙතෙන්ට එන්න පුලුවන් උනා. කොහොම ආවද මමවත් දන්නේ නැහැ. මිස්ට වාසනාව තියනවා. දැන් බය වෙන්න දෙයක් නැහැනේ. මිස් මම කිව්වට විස්වාස කරන්න , මිස්ට මේ රස්සාව ලැබෙනවාමයි. බය නැතුව යන්න . මිස්ට හරියනවා. බුදු සරණයි.
නන්නාඳුනන නගරෙක , දුප්පත් තෙරෝද රියක , ඉදිරි රියැදුරු අසුනෙහි ප්‍රකෝටි පතියෙකු වාඩි වී සිටිනු මා දුටුවා. ඔහු අද රෑටත් පොල් සම්බෝලයි බතුයි රැට දරු මල්ලන් සමග බුදිනවා වෙන්නට පුළුවන්. ඔහුගේ කාසි පසුම්බියට ඉන් එහා සැප සම්පතක් සිය දරුමල්ලන්ට දෙන්නට බැරි වන්නට පුළුවන්.
එහෙත් ඔහුගේ හදවත නම් , මා වැනි තවත් මිනිසුන්ගෙන් ගිලිහුණු දහසකුත් එකක් ආශිර්වාද වලින් පිරී ඇති කියා සිතෙනවා.
පුදුමයට කාරණය නම් , දෙවියන් වෙස් ගත් මිනිසුන්, නො එසේනම් , මිනිසුන් වෙස් ගත් දෙවියන් වැඩ සිටිනු දැක තිබෙන්නේම , මේ මිහිපිට මහපොළවෙන් ඉහල අහසට නොනැගුණු සමාජයේම වීමයි.
එහෙත් ඔහුගේ හදවත නම් , මා වැනි තවත් මිනිසුන්ගෙන් ගිලිහුණු දහසකුත් එකක් ආශිර්වාද වලින් පිරී ඇති කියා සිතෙනවා.
පුදුමයට කාරණය නම් , දෙවියන් වෙස් ගත් මිනිසුන්, නො එසේනම් , මිනිසුන් වෙස් ගත් දෙවියන් වැඩ සිටිනු දැක තිබෙන්නේම , මේ මිහිපිට මහපොළවෙන් ඉහල අහසට නොනැගුණු සමාජයේම වීමයි.
ත්‍රීරෝද රියදුරන් සමහරු මීටරේ කැඩිලා කියලා වැඩි මුදලක් ගන්න උත්සාහ කරනවා. ඒ අතරේ සමහරු ඉන්නවා මීටරේ ගානටත් අඩුවෙන් ගන්න. සමහර අය ඉන්නවා ට්‍රැෆික් එක වෙලාවට අතුරු පාරවල් වලින් දම දම ගමන යන. ඒ ගමන් කියනවා මහත්තයෝ මට මේ ට්‍රැෆික් එකේ ඉන්න එක තරම් එපා වෙන දෙයක් නෑ තවත් කියලා. ඒ වුනාට මීටරේ වැඩ කරනවා.
ReplyDeleteඒ අතර කලාතුරකින් දිල්මිස් කියපු විදියෙ අය හමුවෙනවා. කොච්චර කලබලෙන් සල්ලි පසුපස ගියත් මනුස්සකම රැකගත්තු අය කලාතුරකින්වත් හමුවෙනකොට හරිම සතුටක් දැනෙනවා හිතට.
ඔබ හරි. මම 2010 කිව්වා වගෙ තවමත් විස්වාස කරනවා , ලෝකය යහපත් තැනක් බවට පත් වෙන්නේ හොඳ ඉස්මතු කොට පෙන්වීමෙන් මිසක් , නරක ඉස්මතු කොට උලුප්පා පෙන්වීමෙන් නොවන වග.
Deleteලෝකයේ ඉන්න හොද මිනිස්සු ගණන තවමත් වැඩියි. ඒත් නරකම පෙන්වීමෙන් අපට උනත් එන්නේ වැරදි අර්ථයක්. හොදම ඉස්මතු කරලා පෙන්වමු. නරක ඉබේම යටපත් වේවි.
Great..!!!
ReplyDeleteThank you. Appreciate the appreciation :)
Deleteතාම අැග හිරිවැටෙනවා.............. අැත්තට ම දෙවිවරු වගේ මිනිස්සු... අපි නොදැක්කාට දුප්පත්කමත් ඒක්ක පටලා නොගත් මනුස්සකමක් මිනිස්සු ගාව තියෙනවා........ ඔවුන් ඔබ කියනවා වගේම පොහොසත්.......... ප්‍රකෝටිපතියන්.......
ReplyDeleteසත්තකින්ම . මනුස්සකම් පිහිටන්නේ උපතින්ම වාසනා ගුණය තියන අයට . මම එහෙම විස්වාස කරනවා.
Deleteස්තුතියි.
ඇති යන්තන් වෙසක් උණුසුමේ හොඳ වැඩක් කරපු මිනිසුන් ගැනත් පොස්ට් එකක් දැක්කා
ReplyDeleteඅහන්න දකින්න ලබෙන්නෙම හිත කුපිත වෙන දේවල් නේද.
Deleteමම හිතනවා යහපත එලියට අරන් උලුප්පන්න කාලේ හරි කියලා.
ස්තුතියි
කඳුලුත් ආවා
ReplyDeleteඒ ඔබ මනුස්ස දුවක් නිසා. සතුටු වෙන්න.
Deleteකදුළු එන්නේ හදවතේ තෙතමනයක් තියන ඈ යින්ට :)
/ කඳු මුදුනට නැග බලන්න ජීවිතයෙ උස කියලා , පොඩි U හැරවුමකුත් එක්ක ආයිමත් ගහකොළ පිරිච්චි, ෆෑන් නැතුව ඕනෙ තැනක හිටගෙන ඉඳගෙන ලිවිය හැකි සුන්දර මහනුවර , නිශ්ශබ්ද ගෙදර ඇතුලෙ ඉඳලා බ්ලොග් පිටුව දිග හරිද්දි , /
ReplyDeleteඅන්න එහෙම වරෙං, ඔය කොච්චර වුනත් උඹලට අපිට හරියන්නෙ සෙංකඩගලපුරවරයම තමයි බං...වැවරවුමෙ යකඩ බංකුවක ඉඳගෙන තම්බපු කඩල ඇටෙං ඇටේ කටට වීසිකරමින් දළඳා මාලිගාවෙ හැන්දෑ දුරේ හේවිසිය අහගෙන ඉඳල ඊටපස්සෙ උඩවත්තෙ කැළේ ඉහලිං හඳ පායාගෙන එනව බලාඉන්ට පුලුවන් ලෝකෙ වෙන කොහෙද බොලේ...හෙහ්,හෙහ්,
හෙහ් හෙහ් හෙහ් ... ඇත්තම ඇත්ත රවී අයියේ,
Deleteඅපිට ඔය කොළඹ රැට හරියන්නේ නැහැ .
පුරුදද තියෙන්නෙම ගහ කොළ මල් කුරුල්ලෝ අස්සේ කැලෑ කොල්ලෙක් වගෙ ඉන්න
අඳුරු කුටිය තුල,
ReplyDeleteදොරගුළු ලාගෙන ,
ගයන ගීතිකා,
යදින යාතිකා,
දෙවියන් හට නෑසේ.....//
පොලව කොටන තැන,
පාර හදන තැන,
ගිනියම් අව්වේ,
මහා වරුසාවේ,
දෙවියෝ වැඩ ඉන්නේ...//
බලං කඩතුරා හැර දෑසේ..//
-----------
ඔන්න ඔය වචන ටික තමයි ඉස්ඉස්සෙල්ලාම මගේ ඔලුවට ආවේ.
මමත් හිතනවා , දෙවියෝ කියලා අමුතු කොට්ටාශයක් හිටියත් නැතත් , දෙවියන් වගෙ මිනිසුන් නිසා ලෝකය යහපත් තැනක් වෙන බව .
Deleteඅනික් මිනිහගේ දුක තේරෙන හදවත් උණු වෙන මිනිස්සු හැබැයි ඉන්නෙම මහා පාරේ, එක නම් ඇත්ත ...
අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන්න නම් පාරට බහින්නම වෙනවා,. දේවාල, පල්ලි, පන්සල් වල ඉඳන් මිනිස්සුන්ගේ හැබෑ ප්‍රශ්න දකින්න අපිටවත්, දෙවි වරුන්ට වත් බැහැ.
Deleteඑක නම් ඇත්ත. සාමාන්‍ය ලෝකේ තියන විදවීමට පන්සල් පල්ලි දේවල ඇතුලේ උත්තර නැහැ. උත්තර තියෙන්නෙත් මහා පොලවේම තමයි.
Deleteමමත් ඔෆිස් එකේ වැඩ වලට වාහනයක් නැත්තං යන්නේ දෙමළ ත්‍රී රෝද රියදුරෙක් සමග. මට යන්න ඕනෙ තැනයි, හදිස්සි ගමනක්ද නැද්ද කියලා කිව්වම යන්න ඕනේ වේගය එයා තීරණය කරලා, මේ වෙලාවට යන්න පුළුවන් කියනවා. ට්‍රැෆික් කියන සාධකය කොහෙත්ම ඉස්මතු වෙන්නෙ නෑ.
ReplyDeleteදවසක් ලංකා හොස්පිට්ල් එකට යන්න ඕනේ වුනා දෙකට කලින්. ඇත්තටම හදිස්සියකට නෙවෙයි. හෙන වැස්සේ ට්‍රැෆික් වෙලාවේ රාජගිරියේ ඉඳන් බොරැල්ල පැත්තෙන් යනවා කියන්නේ පැය භාගෙක විනාඩි හතලිස් පහක විතර ගමනක්. කොහොම හරි එයා මාව බොරැල්ල කනත්ත මැද්දෙන් ෂෝට් කට් එකකින් දාලා විනාඩි හතකින් අටකින් වගේ එක්කගෙන ගියා.
ඕනෙම වෘත්තිකයෙක්ගේ වෘත්තිමය භාවය රඳවා ගැනෙන්නේ , තමන්ගේ සේවයට කොයි තරම් දැනුමක් , කැපවීමක් තියනවද කියන කරුණ උඩ ...
Deleteඑකට රස්සාවේ ලොකු පොඩි කම් , දිග පළල වැදගත් නැහැ .
ඔතන ඒ මනුස්සය පෙන්නන්නේ වෘත්තිමය භාවය . එක හරි වටිනවා. ඒ වගෙ මිනිස්සු නිසා වෘත්තීයට ගරුත්වයක් එක් වෙනවා.
/* සාරියත් ඇඳගෙන ආයිත් කොල්ලුපිටියෙ ඉන්න ඕනෙ 2 වෙද්දි. */
ReplyDeleteගවුමක් හෝ ස්කර්ට් සහ බ්ලවුස් ඇඳන් ගියා නම් ජොබ් එක නොලැබේවිද?
හෙහ් හෙහ් හෙහ් ..
Deleteබැහැ නොවැ
සාරිය අවශ්‍යතාවයක් නෙව ... :)
Sorry I don't have sinhala fonts...
ReplyDeleteYou are absolutely right. Those people are like gods in our own land.
I believe what is important for us is that, to understand that we are here today because of all those people who spent for our education (at least for me where I got my secondary and higher education in a government school and uni).
So I always try to give back whatever I can as it will give some sort of relief...
BP
of course. we are surviving and alive here , because lot of rest of the public is working to make this world a better and a convenient place.
Deletewe too are a part of this chain reaction.
දුර්ලභ මිනිසුන් ගැන දුර්ලභ කතා දෙකක්.
ReplyDeleteඑසේමයි .. කලකින් දැක්කෙමි. සතුටුයි ... :)
DeleteThank you so much for sharing these experiences...it helps a lot to make our minds about the sad state of affairs around us...thanks again...
ReplyDeleteseeing the beauty of humanity makes us believe that the world is always a better place. let evil be there, thats called the equilibrium on earth ,
Deleteදෙවනි කතාව ඇග හිරිවට්ටන්න සමත්වුන කතාවක්.හැම වෘත්තියකම ජීවත්වෙන මෙවන් පුද්ගලයන් නිසාම ඒ වෘත්තියත් බැබලෙනවා.ඒ මිනිස්සු මිහිපිට ඉන්න දෙවිවරු.
ReplyDeleteසැබවින්ම ඔවු. මිහිපිට දෙවිවරු. දේවත්වය තිබෙන්නේ මිනිසුන්ගේ තියන කාරුණික ගතිගුණ වල.
Deleteනාඩි වැටෙන "මිනිස්සු" ඉන්නේ මහා පාරේ.. මහා මන්දිර වල නෙවෙයි!
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්... සහතික ඇත්ත ... මන්දිර වල නැතුව නොවෙයි. ඒත් ඔවුන්ට පෙනෙන මානය සබැ ලෝකය නෙවෙයි. සඳළුතල වල ඉදල ඈත පේන දුක දකින නිසා.
Deleteඅහිංසක හොඳ ගතිගුණ තියෙන ත්‍රී රෝද රියැදුරෝ කොතෙකුත් ඉන්නවා :) හොඳටම රස්නේ දවසක ගිනි අව්වේ, ඔෆිස් එකෙන් එළියට ගිහින් මීටින් එහෙකට එන්ඩ පරක්කු වෙලා තියෙද්දී මටත් උදව් ලැබුණා ඔහොම. ඒ මනුස්සයා සල්ලි දෙන්න හැදුවත් ගත්තෙම නෑ. "නෑ මිස් මම කොහොමත් මේ වෙන හයර් එකකට යන ගමන් කියලා"
ReplyDeleteපැහැදිලිවම. අපි හොඳ දෙයක් කලාම එකත් අපිට පල දෙනවා.
Deleteසමහර වෙලාවට අපි වැඩිපුර මුදල් දීල , මාරු හිඟ උනාම , ගමනක් යනවා. ඒවගේ දවස් වලට හවසට මට නොමිලේ ගෙදර යන්න අවස්ථා ලැබිච්චි වෙලාවලුත් තියනවා.
හිතා ගන්න බැරි උණා... ඇස් දෙකට කඳුලු ආව අක්කා ඔයාගෙ ඉන්ටවීව් එකට එක්ක ගිය කෙනා ගැන කියවද්දී
ReplyDeleteසත් ගුණවත් මිනිස්සු තාමත් අපි අතර ඉන්නවා කියලා දැනෙනවා
හොද පෝස්ට් එකක් අක්කා
තවත් එවැනි මිනිසුන් හමුවෙන්න පතනවා ජීවිතයේ
ඉතින් දෙයියනේ ඔයත් මට හමුවෙච්චි ඒ වගෙ හොඳ හිතක් තියන කෙනෙක් නොවැ :)
Deleteහේ හේ
ස්තුතියි නගෝ .. ඉක්මනින්ම හම්බ වෙමු
ඔබගේ කතාවේ ඉන්න චරිත දෙක ගැන ලොකු සතුටක් දැනෙනවා...
ReplyDeleteමේ ලෝකේ මිනිසත් කමේ අඩුවක්වෙලා නැහැ කියල මට හිතෙනවා, අඩුවෙලා තියෙන්නේ ඒවට ඉස්මතු වෙන්න තියෙන අවස්ථාව වෙන්න ඕනේ...
මටත් මේ වගේ හොඳ මිනිස්සු සමාජයේ විවිධ පරාස වලදී හමුවෙලා තියෙනවා...
ලෝකය හොද මිනිස්සුන්ගෙන් පිරිලා . ඒත් පත්තර , ටීවී , රේඩියෝ මේ හැම එකම කරන්නේ නරක උලුප්පල ගඳ ගස්වන එකනේ.
Deleteඒත් මට හිතෙන දේ නම් , අපි හොඳ ඉලිප්පුවොත් , නිකම්ම නරක යට යනවා.
oyage blog eka niyami akke
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි
Deleteසිනහවෙන් හෝ කථාවෙන් බැහැ...
ReplyDeleteඒත් කරන කිරියාවෙන් ඉන්තේරුවෙන්ම ඇහැකි!
අනිවාර්යයෙන් ..... ක්‍රියාව තමයි කවුද කියලා පෙන්වන්නේ .
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete"අමනුස්ස මනුස්සයින් ඉන්න ගෙන්දගම් ලෝකයක්"
ReplyDeleteDamn true ma'n
"අමනුස්ස මනුස්සයින් ඉන්න ගෙන්දගම් ලෝකයක්"
ReplyDeleteDamn true ma'm