Tuesday, February 11, 2014

[301] රාත්‍රිය

 


ලොවම නිදන අමාවක අඳුරෙහි
නුඹටත් හොරෙන්
නුඹ වෙලාගෙන,
මොහොතක්ම පමණක් වැලඳ ගන්නට
රාත්‍රියක් වී මම එමි..

සොඳුර ,
පිලිගන්න ..
අවසන් වැලඳ ගැන්ම ...

නිදා සිටි කොඳ මල ඇහැරී ඇති
ඔබ නිදිදැයි හොරෙන් විමසා බලනු ඇති
මගේ සීතල හඳුනා ගෙන ඇහැරෙන්න..
නොදුටුවා සේ දෑස් පියා පසු වන්න...

ඉච්චාකාර සඳ තුරු මුදුනෙන් එබී
තුරු සෙවණ අපෙන් හිස් යැයි සැනසෙනු ඇති
තුරු හිස නොපිපි මල් ඇතිදැයි බලා එන්න
අවසන් සිනහවෙන් රාත්‍රියට එය පවසන්න ...

5 comments:

  1. අපූරු ම කවියක්.ඒත් පින්තූරෙ කවිය විඳගන්න බාධාවක්දෝ කියලත් හිතෙනවා...))

    ReplyDelete
  2. මම මේක එකපාරක් කියෙව්වා.. මූනු පොතෙන්වත් ද ?

    ReplyDelete
  3. හුඟක් දවසකින් අපූරු කවියක්..

    ReplyDelete
  4. @වර්ෂා ( Rain_Girl )
    .
    .
    ස්තූතියි වර්ශා. මටත් රූපෙ එච්චරම හරි ගියෙ නෑ

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->