අ ද දවස විශේෂයි....
පි රිසිදුවට ලස්සනට ඇජෙන්ඩා එකකට තිබ්බ සංසාරේ
ට ක්කෙටම අද වෙනස් වෙනව...
පි රිත් මණ්ඩපයක් වගේ රිද්මෙකට
ස් වර ඇමිණුන සංසාරෙට
සු පුරුදු නිහඬබව බිඳින්නට හිතුනා මට !
ඕ නේ උන වෙනස කලේ මම මෙහෙම ...
යි යනෙන් වචන නැති නිසා නිකම්ම කියන්නම්
අපිට පිස්සු OOOOOOOOOOයි !
ඇජෙන්ඩා වලට මොනවද උනේ? ඇත්තටම මොනවද කලේ... ජීවිතේ හැම දෙයක්ම අහම්බයක්.. එක අතකින් බැලුවම...
- තව දෙබසක්-
පුංචි කාලෙ අපි රූලක් ගැහුවෙත් නූලට. වතුර බිව්වෙත් සීරුවට. ඇවිද්දෙත් එක විදියකට. කොටින්ම හුස්ම ගත්තෙත් එක ස්ට්‍රක්චර් එකකට. ඒකෙ අස්සෙම අවුරුදු දශක ගානක් හිර වෙලා ඉන්නකොට අපි ස්ට්‍රක්චර් එකෙම කොටහක් වෙන එක වලක්වන්න බැහැ. ස්ට්‍රක්චර් එක අපේ කොටහකුත් වෙලා...
පොඩ්ඩ එහා මෙහා වෙද්දි ස්ට්‍රැටජිය මෙවුවා වෙන නිසා , විනාඩියක් දෙකක් පරක්කු වෙද්දි , හිතුව ප්ලැන් වලට වැඩේ සිද්ද නොවෙද්දි , වලිගෙ පාග ගන්න ගතිය වෙනස් උනේ අහම්බයෙන් අර උඩහින් ඇහුන දෙබස නිසා...
දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා...
චෙස් ලැල්ලෙන් මිදිලා අහස බලන්න . හිනාවෙන්න , හැමෝටම උවමනා විදියෙන් ඈත් වෙලා ජීවිතේ ඇතුලේ නිදහසේ සුවය විඳින්න , ඒ පොඩි දෙබස ප්‍රමාණවත් වුනා...
පිස්සුවට ආදරේ කරන්න, පිස්සුවට හිනා වෙන්න, පිස්සොත් එක්ක කදේ දාගෙන තවත් එක පිස්සෙක් වෙන්න , පිස්සන්ගෙන් අඩුවක් නැති ලෝකේ මොකට බය වෙනවද? සාන්ත දාන්ත සුවිනීත සුලුතරය අස්සට පැනගන්න මොන බම්බුවකට දඟලනවද? ඒ ගොඩට පැනලා කිසිම රසයක් අත්දැකීමක් නැති ජීවිතේ , සීනි නැති තේ කහට එකක් වගෙ තොල ගානවද? පොඩියක් සීනියි දෙහියි ඕනෙම නම් ලුනු බින්දුවකුයිත් දාගෙන රස බලනවද?
ආයෙ දෙකක් නැහැ. මේන්න චන්දෙ දෙවන එකට !
අපිට පිස්සු ! පොඩ්ඩක් නෙවෙයි හොඳටම!