Sunday, April 17, 2011

[173] 'සින්හල' ගැන ලැජ්ජාවෙන් ලියමි...

මතක නේද දවසක් අපි කතා කලා ඉංගිරිසි කොම්පියුටර් රාස්සයා කොහොමද අපේ ගෙදර හිතවතා දක්වා ලෙංගතු  වුනේ කියලා? අමතක නම් මේ පැත්තෙ ගිහින් එන්නකෝ...  සින්ග්‍රිසි මෘදුකාංගයට  සහ ගිනිනරියා හි සින්ග්‍රිසි උපකාරක ඇඩ් ඕන් එකට පින් සිද්ද වෙන්න , සිංහල අපි-අපිට වැඩ කරන්න 'බැරි ඉන්ගිරිසිය' ඕනෙම නැති වෙලා...




අපි සිංහල යුනිකෝඩ් සහ මේ එකී මෙකී නොකී උපකාරක, සින්ග්‍රිසි මෘදුකාංග නැති යුගයේ හැමදේටම යොදා ගත්තෙ සිංහල වචන, ඉංග්‍රිසි අකුරු වලින් කෙටීමේ උපක්‍රමය. මේ ක්‍රමය තාම එස් එම් එස් (ජංගම දුරකථන කෙටි පණිවිඩ ) වල තවමත් අපි යොදා ගන්න එක අරුමයක් නොවෙයි. මේ 'ඉංග්‍රීසි අකුරු වලින්' කෙටීමේ ක්‍රමය ඇතුලේ තිබුන ලොකුම අවාසිය තමයි, අපිට සිංහල අකුරු කිහිපයේ වචනය ලියන්න ඉංග්‍රිසි අකුරු ගොඩක් යොදා ගන්න සිදු වුන එක.
උදාහරණයක් වශයෙන් "ඔබ එනවාද?" කියා ඉන්ගිරිසි අකුරු වලින් ලියන්න oba enavaadha?  කියා ලියන්න වුනහම බලන්න අකුරු කීයක් කොටන්න වෙනවද කියා...

ඉතින් පොෂ් ලෝකය ඇතුලේ, මේ ලංකාව ඇතුලේ, සිංහල අකුරු තාක්ෂණය සමග මුසු වෙමින් මේ විදියට පැතිරෙද්දි ලොකූ සතුටකුත් , සතුට සමග ඇතිල්ලීගෙන යන මහා දුකකුත් මෝදු වුනා.. අන්න ඒ දුක තමයි මේ ලිපියට හේතු කාරක වූයේ... ඔන්න තව දෙයක්... 'ඔවා දෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට'.. මුලින්ම මේ වැ‍රැද්ද අහු උනෙත් ජීවිතේ මල්ගේ බ්ලොග් පෝස්ට් වලින්ම නේන්නම්!!...


කොටින්ම පටන් ගන්නම්කෝ... සිංහල spellings !... ආ... සමාවෙන්න සිංහල අක්ෂර වින්‍යාසය ! හොඳයි.. අපි සිංහලෙන් ලියනවා..  සූ ගාලා මත පල කරනවා... ගොඩ දෙනෙක් අපි ලියන ඒවා කියවන්න ඇවිත් යනවා... ඒත් අපි කීයෙන් කී දෙනාද ලියුව ලියවිල්ලක 'න ණ ල ළ' භේදය හරිද බලන්නෙ? මහප්‍රාණ හරිද බලන්නෙ? .. නිවැරදි අක්ෂර වින්‍යාසය තිබේද දෙපාරක් සලකා බලන්නෙ? 'නණ ලළ' විස්වාස නැති වචන වල නිරවද්‍යබව පබ්ලිෂ් කරන්නට පෙර සොයා බලන්නෙ? ඇත්තටම මේ මොහොත වෙනතුරු ජීවිතේ මල්වත් ඔය වැඩේ කලේ නෑ නිතර නිතර.. ඒත් මට අද හිතුන දේ තමයි, අපි අපේ බස මෙහෙම 'මරන' එක හරිද?



නිකමට හිතල බලන්න... අපි අපේ බ්ලොග් පෝස්ට් එකක ඉන්ගිරිසි වචනයක් හෝ මුලු පෝස්ට් එකම ඉන්ගිරිසියෙන් හෝ ලිව්වොත් , ඒක පල කරන්න කලියෙන් කී දාහක් දේ කරනවද Spell කරලා හරිද බලන්න ? Spellings හරිද නොබලා පල කරන්නත් බයයි. ලැජ්ජයි. වරදීද සැකයි. ඒත් ඇයි අපි දෙවෙනි බස වරද්දන්න දක්වන ලැජ්ජාව පලමු බසට නැත්තේ? දෙවෙනි බස වැරදුනත් සමාව දිය හැකි..ඒත් මවු බස???




මට මේක හිතුනේ , අහඹු ලෙස බ්ලොග් කියවනයකින් ‍තෝරා ගත් බ්ලොග් 20කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමෙන් සහ ඊට ඉස්සෙල්ලා මගේම බ්ලොග් පෝස්ට් ගණනාවක් අහඹු ලෙස කියැවීමෙන්. අක්ෂර වින්‍යාස වැරදි වලින් පිරිලා... සමහර වැරදි ඉතාම ප්‍රාථමික, කවුරුත් දන්නා දේවල්.
මම මගේ බ්ලොග් පෝස්ට් එකකින්ම උදාහරණයක් ගන්නම්...
ලැජ්ජාවේ බැහැ... ලැජ්ජාවේ බැරි මගේ සිංහල කොම්පීතරය ගැන ලිව්ව පෝස්ට් එකේම ආදරනීය මවු බස හඳුන්වලා තියෙන්නේ 'සින්හල' කියලා!!!!!! කොටින්ම  වඩුවගෙ ගෙදර පු‍ටුව නැහැ වගේ..  නිවැරදි වචනය 'සිංහල' .. ඒ ඉතින් ජීවිතේ මල්ටත් බිංදුව කොටන්න යතුරු දෙකක් ඔබන්න කම්මැලිකම! හනේද කියන්නේ !!!!!! නැහැ , ඒ වෙනුවෙන් මම සමාව ඉල්ලනවා ..


මේ තත්වය ඇති වෙන්න හේතු කාරණා ගොඩයි. එකක් තමයි සිංහල ශබ්ද කෝෂයක් පරිගණකගත කිරීමට නොහැකි තරම් අති විශාල සහ සංකීර්ණ වීම. ඒත් ඔයාල සුබස වෙබ් අඩවිය දු‍ටුවද? අපි නොදන්නා සිංහල අක්ෂර වින්‍යාස පිරික්සා බැලීමට තිබෙන වටින තැනක් මේ. ඉතින් මේ වගෙ පහසුකම් තියාගෙන අපි වැරදි අකුරු එක්ක පෝස්ට් ලියනවද (මාද ඇතුලුව) පොඩ්ඩක් පල කරන්න කලින් අකුරු හරිද බලනවද කියන එක ඔයාලට සහ මට බාරයි එහෙමනම්..




මේ 'වැරදි අකුරු' වල තව අනිසි ප්‍රතිපලයක් කියන්නම්. දැන හෝ නොදැන ලියවුනු වැරදි අක්ෂර වින්‍යාස නිතර නිතර ඇස ගැටෙන එකෙන් වෙන්නේ මේ වැ‍රැදි අපේ ඇස් වලට 'සාමාන්‍යකරණය' (Generalize) වෙන එක. සරලම බසින් කිව්වොත් 'ගානක් නැති' වෙන එක. නිවැරදි අකුරු ගැලපුම දන්නා කෙනාත්, ඉන් පසුව තමන්ගේ පෝස්ට් වලත් ඒ ගැලපුමම  වැරදියට ලියා 'නිකම් ඉන්න' මෙයින් ලෙහෙසියෙන් පෙලඹෙනවා නේද? නිවැරදි අකුරු ගැලපුම නොදන්න කෙනා මෙතැනින් වැරදි දෙයක් ඉගෙන ගන්නවා සහ පාවිච්චි කරනවා නේද?




නිකමට හිතල බලන්න තව දෙයක් කියන්නම්... වචනයක් කියවද්දී ඒ වචනයෙන් ජනිත වෙන රසය-ධ්වනිතාර්ථය - එහෙමත් නැතිනම් හැඟීම හරියටම උත්පාදනය වෙන්නේ නිවැරදි අකුරුත් සමගය කියා, ඒ ශබ්ද රසය සමගය කියා  , මා නම් පුද්ගලිකව අදහනවා...  අක්ෂර දෝෂ සහ අක්ෂර වින්‍යාස දෝෂ නිසා ලියන දෙයක් රස විඳින්න පැහැදිලි බාධාවක් ඇති වෙනවා කියන එකයි මගේ හැඟීම. 


උදාහරණයක් දෙන්නම් ආයෙමත්...
සංසාරේ අපි කියන වචනෙම ගන්න. මේ වචනය 'සන්සාරේ අපි' කියල කියවද්දි දැනෙන හැඟීම පොඩ්ඩකට පිරික්සා බලන්න. 
තව උදාහරණයක් දෙන්නම්...
අති භයානක කියන වචනය ලේසියට හෝ කට වහරට අපි 'අති බයානක' කියල ලිව්වොත් අර කිවූ ත්‍රාස රසයට මොකද වෙන්නේ??


නමුත් මෙහි මේ වගේ පැත්තකුත් තිබෙනවා.. අප ලියන මාතෘකාව අනුව, යෙදෙන තැන අනුව අපි බසෙහි යම් යම් වෙනස් උච්චාරණයන් යොදා ගන්නා බව සැබෑවක්. ඒ පිලිබඳ විවාදයක් මෙහි නැහැ. ලිඛිත ශෛලිය, කටවහර, ගැමි වහර, සැහැල්ලු ලිඛිත බස යනාදී වශයෙන් අවස්ථානෝචිතව අප බස යොදන අයුරු වෙනස් වෙනවා.


මේ බ්ලොග් හිතවත් ඔබෙන් කරන සරල ඉල්ලීමක්..  අපි ලියන දේ ප්‍රමාණාත්මකව , ගුණාත්මකව  දෙන්න උත්සහ කරමු. අපේ වෑයම සැබෑ ලෙසින්ම මල් පල ගැන්වෙන්නේ, අප තුල හෙල බස ගැන තිබෙන ගෞරවයත් සමග. නිවැරදි අක්ෂර වින්‍යාසය පිලිබඳව ඉන්ගිරිසියට තිබෙන සැලකිල්ලම දක්වන්න උත්සහ කරනවා නම්, මේ කොම්පියුටර රාස්සයා අස්සෙන් , අපි හොඳ දේ , හරි ලෙසටම ලෝකය අත පත් කරන්න උත්සහ කරන්නවුන් වෙනවා නේද?


සුබස වෙත යන්න.. ඔබ නොදන්නා අකුරු සුබස කියා දේවි. සුබස හදන්නට මුල් වුනේ මේ පිරිස බවත් සුබස හි සඳහන්.
අසංක වාසල
රන්දිල් පුෂ්පානන්ද
වමිල ලියනගේ
එරංග ජයලත්ආරව්වි
උපදෙස්: ආචාර්ය රුවන් වීරසිංහ


ඔවුන්ට අපේ නොනිමි ස්තූතිය හිමි විය යුතුමයි නේද යාලුවේ? ඔබ හැමට ඉතාමත්ම ස්තූතියි. සංසාරේ අපි ඔබේ මේ වැයම ඉතාම ඉහලින් අගය කරනවා. දෙස බස රකින්නට තාක්ෂණය අද අප යොදා ගන්නේ , තාක්ෂණය තවදුරටත් රාස්සයෙක් නොවුනේ , සින්ග්‍රීසි , මොසිලා Firefox හි සින්ග්‍රීසි උපකාරකය , සුබස වැනි මෙවලම් නිසයි.


එන්න.. සිංහල සහ තාක්ෂණය මුසු කරමින් අපේ හපන්කම් පෙන්වමින් උදම් ඇනුවා ඇති. මේ වරදත් අපි හදා ගනිමු නේද? හරි සිංහල බස පරිගනක තිරය හරහා ලෝකයට කියා දෙමු.. ! ආ කවුද එන්නෙ දැන්???


ප.ලි.
තවත් දෙයක්.. සංසාරේ අපි ලියන ජීවිතේ මල්ව උනත් පොලෝසි ගෙනියත හැකි වැ‍රැදි වැඩක් මේ.. අපි යොදා ගන්න දත්ත , රූප , කරුණු අපේමද? නෑ නේද? ඉතින් මූලාශ්‍ර සඳහන් කරන්නත් අපි හුරු වුනොත් අනගියි නේද? (මේ ගැන වෙනමම බ්ලොග් පෝස්ට් එකක් බලාපොරොත්තු වන්න)
අනුන්ගේ දේවල් අනුන්ගේ යෑයි නොබියව පවසන තාක් කල් ඉතින්..... භය නොව සිංහලය!




අර 'ඔවා දෙනු පරහට' නිසාවෙන් , ඔන්න අද මමම පටන් ගන්නවා... කියවන්න අනුනට දෙන දේ සාරවත්ව , හරියට , 'නීතියට' දෙමු නේද ?


දත්ත මූලාශ්‍ර
http://downloads.mozdev.org/qsfox/
http://singreesi.vndv.com/download.htm
http://www.siyabas.lk/sinhala_how_to_install.html
http://www.subasa.net/spellerweb.py


රූප මූලාශ්‍ර
http://www.pahans.com/images/qschrome.png
http://miuz.webuda.com/img/sinhala.jpg
http://www.subasa.net/images/subasa.png
http://www.pahans.com/images/qsfox.gif
http://1.gravatar.com/avatar/5b28d80554025fb060600c4e17f23cbb?s=128&d=identicon&r=G
http://2.bp.blogspot.com/_LCWy-6Bkai4/TDCiXb9mLJI/AAAAAAAAAqE/xnaJKruZkxY/s1600/shy+girl.jpg
 

Thursday, April 14, 2011

[172] අනේ මන්දා... හිත් කතා කරනව කියන්නෙ ඇත්තද?

සත්සරට එක මොහොතකට තමුන් ඉන්නෙ අවන්හලක කියා අමතක වුනා... හිම කිරම මොකක්ද? මේ කනට වෑටෙන මී පෑණි කතා එක්ක බලනකොට .. ඔහු කල්පනාවෙන් ගොඩ එන්න බෑරුව , තවත් කල්පනාවන්ගෙන් පිරෙන හිත එක්ක පොර බදමින් , බෑටළු පෑටියෙක් වගේ පුටුවෙ උඩපනිමින් දඟලන කුරුලුගෙ මුහුන අත් දෙකට මෑදි කර ගන්න ආසාවේ බැරුව බලා ඉන්න ගත්තා...

සෙනග... මිනිස්සු.... හෙවත්.. ලෝකයා... රට්ටු... ආ.. ඒව කව
ද්ද අපි ගනන් ගත්තෙ... මාත් කුරුලුත් එහෙමනේ... ඒත්.. ... හයෝ... ආදරේ පෙන්නගන්නවත් බෑනෙ... දොර මුර කරන කොල්ලත් හොරෑහින් බලාගෙන ඉන්නෙ මොක වෙයිද කියලා වගෙ ...

ආහ්... කුරුලුගෙ මූනෙ කම්මුල උඩ නිධානයක්... !වෙලාවෙ හැටියට  කියාපු නිධානෙ.... දෙයියෝම ඈහි පිල්ලම උඩට නැගල එකක් ගලවල මූණට  පා කරල එවුවද මන්දා...


ආ කුරුලු බබා.. මෙන්න තෑග්ගක්...
කුරුලුගෙම ඈහි පිහාටුව 'කලා වෑවෙන් ගත් දිය දෝතක් සේ' අතට ගත්තු සත්සර , හෙමීට ඈහි පිහාටුව කුරුලුගෙ දිලිසෙන ඈස් වලට ලං කලා.

විශ් එකක් කරන්න...හොඳ ලමයා වගේ..



කුරුලුගෙ දඟකාර මූණ එක මොහොතකට බෑරෑරුම් පෙනුමක් ගත්තා.. බොහෝම බැරෑරුම් රාජකාරියකට වගෙ හරි බරි ගැහුන කුරුලු , සත්සරගෙ ඈඟිල්ල කුරුලුගෙ නාහෙ ගෑවෙන මට්ටමට ගෙනිහින් ඇස් පියා ගත්තා ....

$^*()_(&*&%$%$@%$#^#^%$#%$#%
කුරුලුගෙ හිත කෑගෑහුවෙ නෑ... හෑඟුම්බරවුනා. සිතුවිලි දාහක් එකපාර පිටවුනා වගෙ...මම කොච්චර දඟකාර වුනත් මගෙ හිතේ පිරිච්ච ආදරේ සත්සර දන්නව ඇති... සත්සරගෙන් කුරුලුටම මිසක, කිසිම දාක කිසිම කෙනෙකුට නොලෑබෙන ආදරේ ගෑන කුරුලු ආඩම්බරෙන් හිත පුරවගෙන ඇස් ඇරියෙ උද්දාමයෙන්... එහෙම හිතමින්ම කුරුලු තමුන්ගෙ පෑතුම කලා...

'හරි !'
 කුරුලුගෙ කුරුලු හිනාව ආයෙමත් මතු වුනා...
ඒ දිහා බලාගෙන සත්සර හුස්මක් පිට කලා... ඈහිපිල්ලම කොහෙන් ගියාද නෑ...

'ආ හරි ශෝක්'
ආයෙමත් කුරුලුට සතුටුයි...

සත්සර තවමත් කල්පනාවක්..

කුරුලු බබා..මම කියන්නද ඔයා මොකක්ද හිතුවෙ කියලා.... ?

'ආ එයා කොහෙ ගෙස් කරන්නද මම හිතුව එක.. හා බලමු මම හිතුව වචනෙන්ම කියාවිද කියලා ! ' එහෙම හිතපු කුරුලු ඔලුව වෑනුවා...

'ආ ..ඔයා හිතුවෙ 'මගේ
සත්සර බබා මට ලෑබෙන්න ඕනෙ කියල නේද?' මම හරිද? '

හිනා වෙවී දඟලපු කුරුලුගෙ මූණෙ හිනාව නතර වුනා. ඇස් ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා... නොනවත්වා කිචි බිචි ගාන මුව වෑසී ගිහින් ගොලු වුනා... විනාඩි කිහිපයක්ම...

'මො..න... වා!' සත්සර බබා මට කියන්න.. ඔයා මොකක්ද කලේ...?
කුරුලු ආයෙමත් ආයෙමත් ඇහුවෙ එච්චරයි... සත්සර බබා ඔයා මොකක්ද කලේ ? ආ... මොකක්ද ඔයා ඒ කලේ ???

කුරුලු හිතුව දේ එයාගෙ සිතුවිලි හඬගාපු වචන වලින්ම ඔයාලත් කියවගන්නකෝ.. ටිකක් පල්ලෙහාට ගිහින්....


*
*
*
*
*
*
*
*
*
*
*
*

"මගේ සත්සර බබා මට ලෑබෙන්න ඕනේ...."


.
.
.
අනේ මන්දා... හිත් කතා කරනවා කියන්නෙ ඇත්තද?

Tuesday, April 12, 2011

[171] ගණිකාවකගේ (අකැප) ආදරය !



ජීවිතය යම්තම් හඳුනාගත් දා සිට, තරුණ විය බොහෝ කටුක දෑ උරුම කර දෙන තෙක්, ආදරය කුමක්දැයි  ,සැබෑ තෘප්තිය කුමක්දැයි, වෙහෙස වී සෙවූ මරියාට කාලාන්තරයක් පුරාවට ලැබුනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීම්. ඈ සැබෑ ආලය සොයා මේ යන ගමන'තරතුර එක් නැවතුම් පොලක නතර වෙනවා. ඒ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර. ඒත් එහිදී ඈට සිදුවෙන්නේ සිය සිරුර 'කොපකබානා' හි අලෙවි කිරීමට  සහ ඉන් බ්‍රසීලයේ වෙසෙන දෙමාපියන්ට ගොවිපලක් තනා දීම වෙනුවෙන් මුදල් ඉතිරි කිරීමට.

මරීයා සිය කුඩා කාලයේ පටන් විවිධාකාර ආකර්ශනයන් වෙත බැඳී ගිය හැටිත් , ඒ හැම අවස්ථාවකම සැබෑ සෙනෙහස ,ආදරය සහ විඳීම සෙවීමේ මෙහෙයුමෙන් පරාජය වූ හැටිත් පවුලෝ කොයියෝ විස්තර කරන්නේ අතිශය සංවේදී සහ සිතුවිලි බද්ධවූ ශෛලියක් උපයෝගී කරගනිමින්. පවුලෝ කොයියෝ මරියාගේ තැන ගනිමින් සිතිවිලි තුල තෙරපෙන දුක , අසහනය , වේදනාව සහ බලාපොරොත්තු කඩ වීම විස්තර කරන්නේ මනෝ විශේෂඥයකුටත් වඩා දක්ෂ ලෙසින්. පොත පුරාවටම හැම අකුරක් පුරාම දිවෙන සිතුවිලි වල අරුම දකින්නට යෙදෙනවා නම් අප අපවම දකින්නා මෙන් ඔබට දැනේවි.

ආදරයෙන් සහ ජීවිතයේ තෘප්තියෙන් බලාපොරොත්තු කඩවන මරියා 'රි යෝ ද ජෑනෙයිරෝ' නගරය බලා යන්නේ තමා කෙරෙහි අනාගත බලාපොරොත්තු තබාගත් පෙම්වතෙකු සහ තමා කෙරෙහි අනාගත සෑලසුම් උදෙසා මුදල් හම්බ කිරීමට සිත දහිරිය කොට ගත් ගැහැණියක ‍රැගෙනයි. සම්බා නැටුම් ශිල්පිණියක ලෙස ඉතා කෙටි කලක් ගත කරන මරියා, තමා මෙහි ආ අරමුණ ඉන් ඉටු නොවන බව වටහා ගෙන ඉන් මිදී යන්නේ , තමා සමග යහන් ගත වීමට ෆ්‍රෑන්ක් 1000ක් ගෙවන්නට එකඟ වන මිනිසෙකු සමගයි. එතෑනින් ඇරඹෙන මරියාගේ අමුතු ජීවිතය ස්වකීය ගනුදෙනුකරුවන් අතරේ කු
මක්දෝ සොයන්නට පොලඹවනවා... ඈ ජීවිතයේ හැමදාම සෙවූ දෙයක්. ඈ ජීවිතය පිලිබඳ වැරදි වැටහීමෙන් හෙම්බත් කල දෙයක්. බැඳීමක්... සැබෑ ආදරයක්... ඈ දිනපතා අත්දකින ලිංගිකත්වය... එයට වෙන්වන යාන්ත්‍රික 'මිනිත්තු එකොළහ' -  ආදරයේ  බරපතල සාධකයක්ද නැද්ද යන වග...



ඈ හොයනවා. ඇගේ සාමාන්‍ය හෝ විශේෂ ගනුදෙනුකරුවන් අතරේ.... ඈ ඈවම හොයනවා ... ඈ නිකම්ම නිකම් ගණිකාවක් නොවී ඈ 'ආදරය සොයන' ගණිකාවක් බව වටහාගන්නට හැකිවන්නේ , ආදරයෙන් විවාහයෙන් සහ ජීවිතයෙන් හෙම්බත් වූ සුප්‍රකට 29 වියැති සිත්තරෙකු වූ රැලෆ්ටදැයි මරියා සොයනවා. ඈගේ හදවතේ ආදරය සහ 'ජීවිතය' සොයන කවුලු එක එක තමන්ම වසා ගනිද්දී ඈගේ කෑගසා නොකිය හැකි හදවත ඈ අකුරු කරනවා දිනපොතක.

ඉතින් මරියාගේ රුව සිතුවමට නගන පරසිඳු සිත්තරා- රැල්ෆ්ට, හෝ ටෙරන්ස්ට මරියා සොයා යන ලෝකය අහිමි කරන්නට හෝ සොයා දෙන්නට හැකිවේවිදැයි  සොයා බලන්නට ඔබට මේ පොත කියවන්නටම සිදුවෙනවා.

සියල්ලට ගත වෙන්නේ 'මිනිත්තු එකළහක්'! . නිකම්ම නිකම් ඔහේ අනෙකෙකුගේ යටතට වැටී ජීවිතයේ කටුකත්වය විඳින මිනිත්තු එකොලහක්! එපමණද මේ ජීවිතේ? මිනිත්තු එකොළහෙන් ජීවිතයේ සියලු තෘප්තිය තීරණය වේද?

පෘතුගීසී භාෂාවෙන් පාවුලෝ කොයියෝ විසින් ලියවුනු
Onze Minutos නම් මේ කෘතිය සිංහලට පරිවර්තනය කලේ රුවිනි තල්පාවිල විසින්... විදර්ශනා ප්‍රකාශනයක් ලෙස එලි දු‍ටු , මිල රුපියල් 420ක් වූ මේ පොතට ඔබට නිසැකවම අමිල වටිනාකමක් දිය හැකියි. .  විවිධාකාර ලේඛකයන් අතින් භාෂාවන් 40කට වඩා පරිවර්තනය වූ , මිනිස් චිත්තාභ්‍යන්තරයේ තෙරපෙන සදාතනික නොසැනසීම පිලිබඳව අතිශය සංවේදී ඇසකින් ලියවුනු දුලබ ගණයේ කතාවක් මේ....


Original Post : (පොත්ගුල ට මා විසින්ම ලියන ලද) මිනිත්තු එකොලහේ කතාව

Saturday, April 09, 2011

[170] නොපසුබස්නා බවේ මෝටර් රථ සලකුණ ! (ඇත්ත කතාවක්)

1906 ජපානයේ රෝහල් වල , මහ මං වල කොලු පෑටවුන් කී දෙනෙක් ඉපදෙන්නට ඈත්ද ? ඒ දහස් ගණනක් අතරේ එක් සුවිශේශී කොලු ගැටයෙකු හිටියා.
දුප්පත් කම , ඒ පසු පස පැමිණි අගහිඟකම්, කර්කශ ජීවන රටාව , මේ කොලුවාට අවුරුදු 15 වෙනතුරුවත් පාසැල් යනට ඉඩ දුන්නේ නැහැ.ඒ නිසාමයි අවුරුදු 15 යම්තම් පිරෙද්දි ඔහු ටෝකියෝවේ ගරාජයක රැකියාවක් සොයා එන්නේ. ඒ තරම් වයසකුත් නැති , ගරාජයක වැඩපොළ නොදන්නා කොලුවාට හිමිවෙන රැකියාව තමයි ගරාජ් අයිතිකරුගේ දරුවාව බලා ගැනීම. කොලුවා ඉන් පසුබසින්නේ නැහැ.දරුවාත් පිටේ එල්ලාගෙන ඔහු ගරාජය පුරා ඇවිදින්නේ එහි වැඩ කටයුතු මනාව සිත්හි ධාරණය කර ගනිමින්.
මෙසේ වයසින් සහ දැනුමෙන් මුහුකුරා යන කොලු ගැටයා සුපතල ටොයොටා සමාගමේ මිකැනික්වරයකු වශයෙන් සේවයට බැඳුනේ දහසක් බලාපොරොත්තු හිතේ රඳවගෙනයි.කාලය ගත වුනා.අප්‍රතිහත දහිරිය නිසාවෙන්ම ඔහුට දක්ශ කාර්මික වරයකු වන්නට ගතවුනේ ටික කාලයයි. ඔහුගේ සිත තුල මේ හැම දෙයක්ම පෙලගස්වනු ලැබුවේ එක්ක්තරා සිහිනයක් විසින්. ඒ තමයි තමාගෙම මොටෝරියක් බිහි කිරීම. ටොයොටා සමාගම ඊට අදාල අත්හදාබැලීම් කිරීමට මොහුට ඉඩ දුන්නා.
කොලු ගැටයා දැන් පර්යේෂකයෙක්.මේ තරුණ මිකැනික්වරයා සිය පර්යේෂණ සඳහා මිල මුදල් සොයාගත්තේ තමා දුකසේ උපයාගත් වැටුපෙන්. ඔහු අතැති වැටුපෙන් විශාල ප්‍රමාණයක් බෝඩිම් ගාස්තුව වශයෙන් වැයවන බව දුටු කොලුවා , බෝඩිමට සමුදී තම මෝටර් රියේ සිහිනය දකිමින් ටොයොටා සමාගම් කම්හලේ බංකුව මත නිදා ගන්නට තීරණය කළා.
වසර දෙකක් තිස්සේ ටොයොටා සමාගමේ බංකුව මත කොලුවාගේ රැය පහන් වුනා. එහි ප්‍රතිපලය ඔහුගේ සිහින මෝටර් රථය සැබෑවක් වීම. එහෙත් ටොයොටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ෂේප කලා. කොලුවා තවත් හිතට දහිරිය ගත්තා. මෝටර් රිය වසර ගණනාවක් තිස්සේ වැඩි දියුණු කලා. දෙවන වරටත් ඔහුගේ සිහින මෝටර් රිය සමග ඔහු ටොයෝටා සමාගම ඉදිරියේ පෙනී හිටියා. මෙවර ටොයෝටා සමාගම ඔහුගේ මෝටර් රථයට කැමැත්ත පළ කලා.
ඒත් අවාසනාවක මහත! දෙවන ලෝක යුද්ධය හරහට හිටියේ නොසිතූ අයුරෙන්. යලිත් ඔහුගේ ඉල්ලීම නිශ්ඵල වුනා. ඒත් ඔහු බලාපොරොත්තු අත් හළේ නැහැ. ඔහු ආයෝජකයන් විශාල ප්‍රමණයකට ලිපි ලියුවා. වසර ගණනාවක් ගත වුනා. වාසනාව කොලු ගැටයා කරා ආවා. ආයෝජකයන් කිහිප දෙනෙකු සමග එක්ව ඔහු ඔහුගේ සිහින මෝටර් රථ කම්හල ඉදිකලා.
ඔහුගේ සිහිනය හෙමි හෙමින් සැබෑවෙන අවධිය වෙත්දී 1945 ඔහු යලිත් පරාජය වුනා. දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානුවන් ජපානයට හෙලූ බෝම්බයකින් ඔහුගේ කම්හල පොළවට සමතලා වුනා. වසර ගණනක් දුකසේ එක් කල ධනය , පොදි ගැසූ හීන යලිත් වරක් වියැකී ගියා.




තරුණයාගේ දැඩි ආත්ම විශ්වාසය එයින්වත් බිඳකුදු පහත වැටුනේ නැහැ. වාහන වල මිල ඉතා ඉහල ගොස් තිබූ සමයෙක මෝටරයක් සවිකල බයිසිකලයක් පිලිබඳ සිතිවිලි බීජය ඔහුගේ සිතේ පිලිසිඳගැනුනා. 1949දී මේ සිතිවිල්ල යථාර්ථයක් වූයේ , අශ්ව බල 3 Dream මෝටර් සයිකලය ලෙසින් වාණිජ වෙලඳපොලට නව බයිසිකලයක් එක් වීමෙන්. Dream මෝටර් සයිකලය මේ තරුණයාව කෝටිපතියෙකු බවට පත් කලා.

කෝටි ගණනින් මිල මුදල් ගලා ආ පමණින් මෝටර් සයිකල් මුදලාලි කෙනෙකු වීම සිය සිහිනය ලෙස දූටුවේ නැහැ. යලිත් සිය මෝටර් රිය සිහිනය හඹා යන්නට ඔහු තීරණය කලා. මෙවර කිසිවෙක් ඔහුගේ හරහට හිටියේ නැහැ. ඔහු නිපදවූ මෝටර් රියට ලෝක වෙලඳපලේ විශාල ඉල්ලුමක් ඇති වුනා. ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ශේප කල ටොයොටා සමාගම සමග කරට කර සිටිමින් අති ජනප්‍රිය Honda මෝටර් රථය බිහිවූයේ එලෙසින්. දහස් වතාවක් ඇද වැටුනු නමුත් 1001 වන වතාව කෙරේ බලාපොරොත්තු තබාගනිමින් සිය සිහිනය යථාර්තයක් බවට පත් කර ගත් සොයිචිරෝ හොන්ඩා ගේ අප්‍රතිහත ධෛර්යය පිලිබඳ සත්‍ය කතාවයි මේ....
මේ සලකුණ පිටුපස තිබෙන්නේ , පාවඩ මතින් ඇවිද ගිය , පරම්පරාවෙන් ඉපැයූ කහවණු මතින් කම්හල් ගොඩනැගූ ධනකුවේරයකුගේ කථාව නොවේ...
ජීවිතය බිංදුවෙන් පටන් ගත් , සිය සිහිනය පසුපස වෑටෙමින් නෑගිටිමින් හඹාගිය දහිරියවන්ත මිනිසෙකුගේ කතාවයි මේ...




පසුසටහන 1
තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය නිපදවීම සඳහා 999වතාවක් අත්හදාබැලීම් කලා. ඒවා හැමෙකක්ම අසාර්ථක වුනා. වරක් එඩිසන්ගේ මිතුරෙක් ඔහුගෙන් අහනවා "ඔබ 1000 වෙනි වරටත් උත්සහ කරනවාද ?" කියා. එවිට එඩිසන් පවසනවා ,
"මගේ අසාර්ථකත්වය වරදක් හැටියට මා දකින්නේ නෑ.මට පෙනෙන්නේ විදුලි බල්බය නිපදවිය නොහැකි ක්‍රම 999ක් මා සොයා ගත් බවයි"






පසු සටහන 2
2009 දෙසැම්බරයේ , මගේ මුහුණ ඉදිරියේ සිටගෙන, දශක 4කට ආසන්න කාලයක් තිස්සේ , පුහු තර්ක සහ වචන විනා , අන් කිසිවක් කිසිවෙකුට නොදුන් සහ නොලද , පරාජිතයෙකු , මට මෙහෙම පැවසුවා.
"නංගී...ඔයා කවි ලියන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඔයාට ලස්සනට ලියන්න බැහැ. ඔයාට එහෙම හැකියාවක් නෑ."
මට හිතෙන්නෙ , ඉතා කෙටි හෝ දුරක් මා පැමිණියානම් , ඒ පැමිණියේ මේ වචන වලින් මා ලද පන්නරය නිසා. පරාජිතයෙකුට , තවත් අපාඅජිතයෙකු විය හැකියෙකු පැරදෙන තුරු නින්ද නොයන බව සත්‍යයක්. කෙතෙක් වරක් බිම ඇද වැටුනත්, එයම පන්නරයක් කොට ගෙන නැගිටින ජීවිතේ මල් කිසිම දාක වචන නිසා පැරදුනේ නැහැ.
ජීවිතෙ මල් දක්ෂ ලේඛිකාවක් නොවෙයි. ඒත් ඈ උත්සහය අත්හරින්නේම නෑ. කිසිවකුගේ වචන වලින් සැලෙන්නේ නෑ. ඈ පරාජිතයකුගේ අධෛර්යය කරවන සුලු වචන වලින් උකහා ගන්නේ , අත් හදා බැලිය යුතු තවත් දෙයක් පිලිබඳ ඉඟියක් පමණයි. ඒ නිසා ඈට ඈ ගැන ඉතාම ආඩම්බරයි. හොන්ඩා සලකුණ කියන කතාව ඈ අදහනවා...


මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->