Saturday, March 12, 2011

[167] ඇත්ත කොච්චර පැණි රසද ? (බුද්ධිමත් මාපියන්ට මේ ලිපිය උපහාරයක් වේවා!)

මේ කතාව ලියුවෙ පසුගිය පොස්ට් එක ගෑන මතුවුන සංවාදයක් නිසා... ඒ කතාවේ පසු සටහනක් හෑටියට හිතුනා මේ කතාව වේ වචන වලින්ම ලියන්න. මම දන්නෙ නෑ ,මේක පබ්ලිශ් කරන්න ඉඩ දේවිද කියලා . ඒත් මම උත්සහයක් ගන්නම්.. සංසාරේ අපි'ට ආදරේ ඔබ වෙනුවෙන්...  ( අහ් අවසර ලැබුනා)


මන් ඒ වචන වලටම ඉඩ දෙන්නම්...


" පුංචි කාලේ මට තිබුනේ පොඩි ඕගන් එකක්..ඒත් ඒකෙන් මම ගොඩාක් සංගීතය ඉගෙන ගත්තා.. සංගීතයට සින්දු වලට මගේ තිබ්බේ නොතිත් ආසාවක්.. මම තුන හතර වසරට එනකොට ප්ලේ කලේ අත් දෙකින්ම කෝඩ්ස්(chords) තනියම දාලා..... අපෙ අම්මා ඈප්ලිකේශන් එකක් දාලා අයි ටී එන් එකේ 'ලහිරු මඬල' වෑඩසටහනට. ඉතින් මගෙ පොඩි ඕගන් එක වෙනුවට ලොකු ඕගන් එකක් තියන ලොකු අම්මගෙ දුවගෙන් නාහෙන් අඬල කණිපින්දම් කියල ඒක ඉල්ලගෙන එදා 'තෝරා ගෑනීමේ' පරීක්ෂණයට ගියේ ගොඩාක් ආසාවෙන්... එතරම්ම ආත්ම විස්වාසයෙන්...

ඔන්න මගෙ වාරෙ ආවා.. අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා... අනිත් ලමයිනුයි විනිශ්චය මඩුල්ලයි ඉන්නවා... 



මම හිතේ හොඳ හයියෙන් විස්වාසෙන් අත් දෙකින්ම පටන් ගත්තා....  

"දුම්බර මිටියාවත පැත්තේ.... සුන්දර ගම්මානෙක මැද්දේ.... "

"හෝව් හෝව් හෝව්...   නවත්තන්න පුතා... ඔය වගෙ සින්දු නෙමෙයි... පොඩි සින්දුවක් ප්ලේ කරන්න... "

හ්ම්ම්ම්... මම ආයෙත් මොලේ වෙහෙස කලා... ප්‍රෑක්ටිස් කල එකක්... පොඩි ? මොන වගෙ පොඩිද? හ්ම්ම්...

"හාද වෙලා යමන් පනේ සිරි සැප දෙන්ටයි...... උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්ට දෙ... ...."


"නවත්තන්න නවත්තන්න පුතා... පොඩි අයගෙ සින්දුවක් ප්ලේ කරන්න,,,, ඔයා පොඩි ලමෙක්නේ.... " 

හ්ම්ම්ම්... මම ආයෙත් කල්පනා කලා...  


"Dashing Through the Snow...  Jingle Bells... Jingle... bells..."


"එපා ... එපා.. ! ලමයෝ ඕක ක්‍රිස්තියානි සින්දුවක්... බෞද්ධ එකක් වයන්න.... "



මේ වෙනකොට මාව හෙම්බත් වෙලා... ඒත් ලාවට කඩන් වෑටීගෙන එන හිත තද කරගෙන මම අම්මල දිහාව බෑලුවා... අම්මටයි තාත්තටයි ඈඬෙන්න ඔන්න මෙන්න.... හ්ම්ම්... මම හිත හදා ගත්තා... ලොකු ඕගන් එක... හිතෙ පටවන් ආව බලාපොරොත්තු.. ඔක්කොම හෙමීට ආපහු අසුර ගත්තා... 


එතනින් පිටවෙලා ගෙදර එන තුරුම ... අම්මයි තාත්තයි මට වචනයක්වත් කිව්වෙ නෑ... 

කාලය ඉගිලිලා ගියා.. සංගීතයේ මා යායුතු ඉසවුව මට තීරණය කරන්න එය සොයා යන්න ආයෙමත් මට ලමා බෞද්ධ ගීත පුරුදු වෙන්න උවමනා වුනෙ නෑ.. මම මගේ මග ගියා...  

ඒත් මම අද සිහි කරනවා....   එදා අම්මයි තාත්තයි එක්ක ගෙදර එද්දි එයාල නිකමටවත් කිව්ව නම්... 'ඇයි පුතා පොඩි ලමයින්ගෙ එකක් සෙල්ලම් නොකලෙ ...' කියලා... 

මම අද ... මෙතන නොවෙන්න පුලුවනි...... 



පසු සටහන :


දෛවය හාස්කම් කරනවා කියන්නෙ නිකමට නම් නෙමෙයි...  බොහෝ මෑතකදි.. ඔය වැඩසටහන් අධ්‍යක්ෂක වරයාම... මට ආරාධනා කලා.. ඔය වැඩසටහනටම... එහිදී මා කල වැයුමට සහ ගැයුමට... බොහෝ දෙනා සමවැදුනා.. ඉහලින් අත්පොලසන් වැදුනා.... 

මෙදා මා කියුවේ .... ලමා ගීයක්වත්...වැඩිහිටි ගීයක්වත් ..නොවෙයි... මගේ අම්මගෙයි තාත්තගෙයි නිශ්ශබ්දතාවයට පින් සිද්ද වෙන්න .. මම අද මෙතෙක් ආපු දුර පිලිබඳව මගේ ස්පැනිෂ් ගිටාරය මවන සත්සර රටාවන් සංවාදයක යෙදුනා ලෝකයම සමගම.. මට නොදැනෙන්නම...



ජීවිතේ මල්ගේ පසු සටහන
මේ... සුන්දර ඇත්ත කතාවක්...මේ ලිපිය ලියුවේ...  ඒ බුද්ධිමත් දෙමාපියන්ට හදවතින්ම කරන උපහාරයක් වශයෙන්....
ස්තූතියි....

15 comments:

  1. ඇත්තටම... අනිත් දෙමාපියන් ගැන මම දන්නේ නැ එත් හැමෝම මෙහෙම වෙන්න ඇති කියලා යි හිතන්නේ.... අද වෙද්දි මම නොදන්න දෙවල් ගැන කියා දෙනවා මිසක් මගේ කැමත්ත අකමැත්ත..මගේ පසුබැම් වලදි මට හිත හයිය උදව් කරන්න ශක්තිය දෙනවා මිසක් කවදාවත්ම මගේ හිත රිද්දලා නැ මගේ දෙමාපියනුත්...මෙහෙම දෙමාපියෝ දෙන්නක් මටම දෙන්න මම පින් කරලයි කියලයි මම හිතන්නේ.... අපේ ලොකේ මුල් ම අඩිතාලම එයාලා.... හැදෙන්නත් නොහැදෙන්නත්..

    ReplyDelete
  2. හිහි.. මම අපේ අලුත් කාර් එක කි.මී.150 විතර drive කරලා ගෙදරට මීටර 100 විතර තියෙද්දි පාර අයිෙන කණුවක හැප්පුවා. අම්මයි තාත්තයි කීවෙ "ඒකට කමක් නෑ. ඒ හරියෙ පාර පොඩියිනෙ. අනිත එතන වංගුවක් එක්කම පොඩි ගැප්එකක් තියෙනවානෙ" කියලා. දැන් ඒ හරියෙ පාර හදනවා..
    මම නම් හිතුවෙ තවම කිමී500 වත් ගිහින් නෑ කියලා බනීවි කියලායි..

    ReplyDelete
  3. හොඳ ලිපියක්...මේක කියෙව්වට පස්සෙ තමයි මමත් කල්පනා කරන්න පටන් ගත්තෙ. අපි හැමෝම වාසනාවන්ත වෙන්න ඕන මේ වගේ දෙමව්පියන් අපිට ලැබීම ගැන. ඔයාට සුභ වර්තමානයක් සහ අනාගතයක්....

    දුම්බර මිටියාවත පැත්තේ..සුන්දර ගම්මානක මැද්දේ...
    ඔය ගේ ලිපිය කියෙව්වම තමා මතක් වුනේ ඒ සින්දුව..හරිම ලස්සන සින්දුවක්...බොහෝම ස්තූතියි...මතක් කළාට.

    ReplyDelete
  4. මමත් ඔයාල වගේම වාසනාවන්තයෙක්, පොඩි කාලේ ගෙනත් දෙන සෙල්ලං බඩු වලින් පටන් ගත්තම ගෙදර තියෙන රේඩියොව, ටිවි එක, කම්පියුටර් එක මෝටබයික් එක කඩන්නෙත් මම හදන්නෙත් මම. අම්ම තාත්ත එවෙලෙට පොඩ්ඩක් තරහ ගත්තත් පස්සෙ මම කරන දේ ගැන බලල සතුටු වෙනව. මට ඒ හැකියාව ලැබුනෙ ඒ දෙන්න නිසා.

    ඔයාගෙ මේ පණිවිඩය, වර්තමාන අනාගත දෙමාපියන් අතර සංවාදයක් ඇති කරාවි. එසේම වෙන්ට කියල ප්‍රාර්තනාකරනව!.

    "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගියි" කියල කියමනක් තියෙනවනෙ ඒක එහෙම වෙන්න නම් අලුතින් හිතන පරපුරක් අපට බිහි වෙන්න ඕන. ළමා කාලයෙදිම බිහිවෙන නව සිතුම් බිඳල දැම්මොත් ඉතින් ඔක්කොම ඉවරයි.

    හැමගෙම ජීවිත, ජීවිතේ මල් වේවා!

    ReplyDelete
  5. නිම්ශා මම ඔයා කිව්ව මේ දේ ආයෙ ආයෙ කියනවා...
    අපේ ලෝකෙ මුල් අඩිතාලම එයාලා... හැදෙන්නත් නොහැදෙන්නත්...... ස්තූතියි ගොඩාක්... සහ සතු‍ටුයි... ඔයා එතරම් වාසනාවන්ත වුනු එකට...

    රොශාන්
    අන්න එහෙමයි නියම බුද්ධිමත් දෙමව්පියෝ....

    Us
    ස්තූතියි//// දැක්කේ අද.. ඉතින් සංසාරේ අපි දිහැවෙ කලින් කලට ගොඩ වෙන්න කියල ආරාධනා කරනවා...

    සනත්
    අහ් ඔබ වාසනාවන්තයි.. සැබවින්ම... :)
    ඔව්.. සංසාරේ අපි මා වසරකට පෙර ඇරඹුවේ අහම්බෙන් වගේ... ඒත් මට සතු‍ටුයි අහ්ඩ වෙනකොට ඉතාම බුද්ධිමත් අයවලුන්, වෙනස් විදිහට හිතන පතන උදවිය මේ වටා සිටිනවා. ස්තූතියි/////

    ReplyDelete
  6. අපි අද මේ තත්වෙන් ඉන්නේ අපේ දෙමාපියො හින්දා. එයාල නැත්නම් අපි අද නෑනේ. නියම ලිපියක් අක්කේ.....

    ReplyDelete
  7. හුඟක් ළමයින්ව මොට කරන්නෙ වෙන කවුරුවත් නෙමෙයි ඔවුන්ගෙම දෙමව්පියො.

    ReplyDelete
  8. මේ කතාවනම් නියමයි. ඇත්තටම ළමයගේ අඩි තාලම වැටෙන්නේ දෙමව්පියන්ගෙන්. ඒත් අද ඉන්න සමහර දෙමව්පියන් නිසා ආත්ම විශ්වාසය හීන වෙච්ච ළමයි කොච්චර ඉන්නවද? ඇයි පොඩි කාලේ මොන දේ කරන්න ගියත් දෙමව්පියන් කියන්නේ එපා කියලා. අන්තිමට ළමයට තනියම කිසිම දෙයක් කර ගන්න ආත්ම ශක්තිය නැති වෙන එක තමයි වෙන්නේ...

    ReplyDelete
  9. මම ගැන හොයන්නනම් හිටියේ එක්කෙනයි . අම්ම විතරයි .වැඩ කන්දරාවක් අස්සේ තනියම මම ගැන හොයන්න එයාට බැරි උනා ! අද මම හිතනවා එයා මට නීති දාලා තදින් හිටියනම් කියලා...

    ReplyDelete
  10. සඳරු ගෙ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනව. "හැඳිනොගා හදන හොද්දෙයි නොගහ හදන ළමයගෙයි වෙනසක් නැහැ" කියල කතාවක් තියෙන නිසා. දෙමාපියන් දරුවෙකුට තරවටු කරන්නෙ තරහකින් නෙවෙයි. තරවටු නොකරන්නෙත් ආදරේ නැති හින්දත් නෙවෙයි. දෙමාපියන් මෙ මොනව කලත් එයින් දරුවගෙ සිතීමේ ශක්තියට භාදා නොවන්න වග බලා ගැනීම වැදගත්.

    ReplyDelete
  11. හිතට වදින කතාවක්. ඒත් ඕකෙ දෙපැත්තක් තියනවා. ඔයාගෙ දෙමව්පියො කල දේ හරි. ඒත් දෙමව්පියො හැමතිස්සෙම නිහඬව හිටියොත් දරුවො යන පාර වරදින්න පුලුවන්. මම දකින්නෙ දෙමව්පියන්ගෙ යම්කිසි බලපෑමක් තියෙන්න ඕන. නමුත් සංගීතය වගේ සෞන්දර්ය විශයකදී නම් පුර්ණ අයිතිය ළමයට දෙන එක තමයි හරි දේ.

    ReplyDelete
  12. ඒකනම් මරු කතාවක් තමයි.. ඔය වගේ දෛයිවයේ සරදම් ඕනි තරම් ලොකු පොඩි විදියට වෙලා ඇති අපි කාටත් ඒත් මේක ඊට වාඩ හරි ලස්සනයි කියලා හිතුනා.....!!

    ReplyDelete
  13. ඇත්තටම ගොඩක් ලස්සනයි... දැන් කාලේ උනත් ළමයින්ට වෙන දේවල් තමයි.....

    ReplyDelete
  14. ගොඩාක් ස්තූතියි යාලුවනේ මේ වචන වලට...
    ලියන එක අත් නොහෑර ඉන්නේ ඔයාලගේ දිරිගන්වන සුලු වචන නිසා...
    ස්තූතියි

    ReplyDelete
  15. ලියල තියන දේ සහතික ඇත්ත.. එතනින් එහාට කියන්න දෙයක් නෑ :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->