හිතේ ආදරේ නැතුව කෑමක් ඉව්වොත් ඒක රස නෑ. එහෙමම තමයි හිතේ ආදරයක් නැතුව ලමයින්ට ඉගැන්නුවත් ..
අපි උගන්වන කොල්ලො කෙල්ලො හරි බුද්ධිමත් . උන් සමහර වෙලාවට පොත පත, අන්තර්ජාලය, පතුරැ යන්න කියවලා නරඹලා අපිටත් වඩා රට ලෝකෙ ගැන තොරතුරැ දන්නවා . ඒක ගැන අවංකවම සතුටු වෙන්නයි ඕන.
උන්ට බොරැව දැනෙනවා. පෙලක් වෙලාවට, උන්ගෙ ඇස් අපට යොමු වෙලා , කන් පාඩමට සුසර වෙන අතරම ඇඟිලි තුඩු වල ගූගල් සෙවුම් යන්ත්රය කිතිකැවෙනවා. කරන්න දෙයක් නෑ. ඒකෙ වරදක් මට පෙනෙන්නෙ නැහැ. ඒවට අකමැති නම් හොඳම දේ , යුග ගානක් අතීතෙට ටෙලිපෝට් වෙලා උගන්නන රස්සාවට යනඑක. එක්කො හොඳට ලැහැස්ති වෙලා පන්තියට යන එක. නොදන්න දෙයක් ඉඳහිට ලමෙක් ඇහුව කියලා offend වෙනවට වඩා ඒක handle කරන්න ක්රම සහ විධි තියනවා. ව්යාජ තරහක් පෙන්නනවට වඩා genuine වෙනවට ලමයි කැමතියි.
උන්ට බොරැ ආලෙත් අවංක වෛරයත් දෙකම දැනෙනවා. ද්වේශ සහගත හිනාවත් , ආදරේ පිරිච්ච ගෙරවුමත් උන්ගේ හද පතුලටම හරියටම වදිනවා. අවංක ආදරේ නොදැනෙද්දි, ඇස් දෙකෙන් බල බල කන් දෙකෙන් පාඩම අහන් ඉද්දි , උන්ගෙ හදවත් , පොත පත අකුලගෙන අපට අතවනලා ඉබාගාතේ යනවා.
මේ හැදෙන පරම්පරාවෙ කොල්ලො කෙල්ලො පාට උලාගෙන , ෆ්රෙන්ඩ්ෂිප් බෑන්ඩ් දාගෙන , කොන්ඩ පාට කරන් හිටියාට උන්ගෙ ඇතුලාන්තෙ ඉන්නෙ කිරට ඇඬුවාට වඩා ටිකක් විතර මෝරපු , ඒත් වැඩිහිටියන්ගෙ ආදරය කරැණාව හොයන හුරතල්ලු. ඒ හුඟ දෙනක්ට කන්න බොන්න හැම් බේකන් හම්බුනාට , ඊබේ යන්න අම්මගෙ තාත්තගෙ ක්රෙඩිට් කාඩ් එක හම්බුනාට , ක්රෙඩ්ට් එකටවත් අම්ම තාත්තා එක්ක ලඟ කාලෙක හුරතල් වෙන්න ඇපොයින්ට්මන්ට් එකක් ලැබිල නැති බව සමහර විට දැනෙනව.
සමහර වෙලාවට උන් රෑප පෙට්ටිවලට, පරිගණකයට, ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා ඉන්නෙ , කරන්න වෙන දෙයක් දන්නැති නිසා. ජීවත් වෙන විදිය කියල දෙනවට වඩා වැඩිහිටියො හැමෝම උන්ට ලබා දිය යුතු උත්කෘෂ්ට ලෝකෙ වෙනුවෙන් අනවරත තරඟයක නිරත වෙන නිසා තරැණ වයසෙ කොල්ලොකෙල්ලන්ට ජීවත් වෙන කලාව ඉගන වෙන්නෙ ගුගල් දෙවියන්ගෙ පහනෙන් තමයි.
දෙමාපියො ඔය තරඟෙට වැට්ල ඉන්නෙ , වත්කම් , වාහන , ඉතුරැම් තැන්පතු , මේව හම්බ කරන්නෙ, තමන්ට ගොඩ හදා ගන්නවට වඩා, ඒ කොල්ලො කෙල්ලන්ටම ජීවත්වෙන්න ඉඩ තියන්න. ඉතින් වරදක්.කියන්නෙ කොහොමද..
ගුරැවරැන්ට නම් , පාස් රේට්ස් , ප්රතිපල , කොල පිරවිලි , සිලිබස් කවර් කෙරිලි මේවයින් ගැලවිලා නිදහසේ උගන්නන්ට දෛවය ඉඩ හදල නැති නිසා ඒවටත් වෙලාව ඕන. ලැබෙන වෙලාවෙ අනම් මනම් වලට වෙලාව බොහොම හිඟයි.
ඒත් . ඒත්.. මේ හැම සටනකම අවසානයක් පරාජයක්ම වේවි, මේ ගම්මිරිස් ඇට වගෙ වැඩ පුලුවන් කොල්ලො කෙල්ලො , අන්තිමේට ජීවත් වෙන්න ඉගන ගෙන නැතිනම්...
ඔන්න ඔහේ විනාඩියක් දෙකක් , උන්ට ජීවත් වෙන කලාවත් කියල දෙන්න පුලුවන්ද බලන්න. ලමයි කියන්නෙ මෝඩයො කියල හෙම හිතෙනවා නම් , අනෙ අම්මේ , උගන්නනන රස්සාව නම් කරන්න එපා. මොකද අපි ඒ රස්සාවට යන්නෙ ඔවුන්ව සංවර්ධනය කරන වගකීම වෙනුවෙන් තමයි.
උන් එක්ක හිත කොනක හරි තරහක් තියනවනම් , ඒ මුස්පේන්තුව එක්ක උගන්නන්න යන්න එපා. උන්ට ඒක දැනෙනවා. සමහර විට අපිටත් වඩා ඒක එයාලට දැනෙනවා.
මේ ලිව්වෙ පරමාදර්ශි පෝස්ට් එකක් නෙවෙයි. අපි අතිනුත් ඔය අඩුපාඩු වෙලා තියනවා. විශේෂයෙන්ම නොගැලපෙන රාජකාරි කරට අර ගත්තාම .. මොලේ පෑදුනාම , පෙරට වඩා නිදහස්ව දේවල් පේනවා දැනෙනවා. ඒ වගෙම මේ ලිව්වෙ කාටවත් අරමුණු කරලා නෙවෙයි. පැය තුනක් නිදහසේ ඉඳගෙන යන විවේකයට යටි හිත බොහො සිතුවිලි අවදි කරනවා. ඒ අවදි මනස අලුත් වුනා මේ විඩියෝව දැක්කාම !
miss, you should write a book collecting all these articles.
ReplyDeletethanks dear !
Deleteඅවැසි කරුණාවන්ත හදවතක් පමණි...!
ReplyDelete-- තිස්ස දොඩන්ගොඩ --
පැ .... හැ ..... දී .... ලි .... ව ..... ම..... :)
DeleteYou should do a collection story. its the best thing you can do.
ReplyDeletethanks :)
Deleteඅපේ කාලේත් ගුරුවරියන්ගේ ප්‍රධාන රාජකාරියක් තමයි ගෑල්ළමයින්ගේ ගවුම්වල වාටි ගලවා දික් කිරීම.
ReplyDeletekiyala vedak natha :)
Delete