ඉතින් හදිසි ෂොපින් පාරක් . සේවක සේවිකාවන් නම් අඩුයි . ඔක්කොම බඩු අරගෙන අන්තිමට මස් මාලු අලෙවි කරන කවුන්ටරයට මම යද්දි , එතැන සේවිකාව නැහැ.
නැහැ නැහැ. ඇත්තටම කිව්වොත් එතැන හිටගෙන ෆෝන් එක බල බල හිටියෙ එතැන මැනේජර් තුමිය. ඇගෙන් මස් ඉල්ලන්න බැහැනේ. ඉතින් මම සේවිකාව එනකල් පැත්තක එකෙල මෙකෙල වෙවී හිටියා. ඒ එක්කම මට හිතුනේ එතැන බෙල් එකක් තිබ්බ නම් කොච්චර හොඳද කියලයි.
මොහොතක් යද්දි , ඇය ඔලුව උස්සල බැලුවා .
"මොනවද ගන්න ඕනෙ මිස් ?"
"මේ මම මේ චිකන් ටිකක් ගන්න" ..
මම ටිකක් ඇදල පැදල වටපිට බැලුවා සේවිකාව එනකල් .
හරි පුදුමයි . ඇය ඇගේ ෆෝන් එක පසෙක තියල සිලි සිලි මල්ලක් අතට දා ගත්තා. මට තවත් පුදුමයි .
"කොයිකද ඕනෙ ? "
ඇය හුරැපුරැදු කාරියක් වගේ හරිම වේගෙන් මට අවශ්‍ය මස් කිරල මලු වලට දාල ලේබල් අලවලා දුන්නා විතරක් නෙමෙයි . මට පසුව එතැනට ආව ගනුදෙනු කරැවන්ටත් හනි හනික මස් මාලු ලබා දුන්නේ ඇය ඇඳ සිටි වටිනා සාරියවත් මේකප් වත් නොතකා. .. ඇය කිසි සෝබනයක් අපුලක් නොපෙන්වා එම කාරිය සැනෙකින් ඉටු කර දුන්නා නිහඬවම..
මේ ලංකාවද? මට මොහොතකට පුදුමයි . ඒ එක්කම දුකකුත් ආවා. මගේ පුදුමයේ අර්ථය නම් , එය අප බලාපොරොත්තු වන ලංකාවේ කලමණාකාරිණියකගේ හැසිරීමෙන් වෙනස් හැසිරීමක් (exception) වීමයි. එනම් , යථාර්තය ඊට හාත් පසින්ම වෙනස් වීමයි.
කෙසේ වෙතත් මට මේ රට ගැන ඇත්තටම දැනුනා සතුටක් අද. මොකක්දෝ වෙනසක් වෙන බවක් දැනෙනවා.ඉතා උගත් මුත් හණමිටි අදහස් , කුහක කම් , වෛරය , ද්වේශය වපුරන ගැහැණු මිනිසුන් ෆේස්බුක් එකේ වීරත්වය පෙන්නන පොස්ට් ලියද්දි , පුංචි හොඳක් කරල එක දෙක කරල සෙල්ෆි ගහද්දි , ඇතැම් නිහඬ චරිත පුංචි වෙනසකින් ලෝකයටම අාලෝකය සපයනවා. ඒ මෙවන් නිහතමානී මිනිසුන් !
හිතට ආව වරදකාරී හැඟිම නිසාම ( ඇය ලව්වා මස් කිරා ගත් එක ගැන) , මම ඇගෙන් ඇහුවා
" අද මෙතන කවුරැත් නැද්ද මිස් ?"
"ඉන්නවා , ඒ ගොල්ලො දවල් කෑම ගන්නවා"
මේ අතිශයින්ම රෑමත් ( ඇත්තටම ඈ ඉතාමත්ම ලස්සන කාන්තාවක්) කලමණාකාරවරිය , සියතින්ම එලවලු අසුරනු , කාඩ්බෝඩ් පෙට්ටි ඔසවාගෙන එනු මා අනන්තවත් දැක තියනවා. පාරිභෝගිකයන් වැඩි වෙලාවලට අමතර කැෂියර් කවුන්ටරයට ඈ නොපැකිල පිවිස පෝලිම් අවම කරනවා පමණක් නෙවෙයි , කැෂියර් තරැණියට සහයට සේවකයකු නැති තැන මලුවලට බඩු අසුරන්නේත් ඇයමයි. සාරියකුත් පටලා ගෙන ඇය ගර්භනී අවධියේත් එලෙසම වැඩ කල වගත් මට මතකයි .
ඇත්ත වශයෙන්ම මෙවන් කතුන් කාගිල්ස් ෆුඩ් සිටියට පමණක් නොවෙයි රටටත් සම්පතක්. සැප පුටුවක වාඩිවී සේවකයන් ලව්වා මරව මරවා වැඩ ගන්න , මානයෙන් ඔලුව උදුමවා ගෙන සේවක සේවිකාවන්ට පාරිභෝගිකයන් ඉදිරියේත් බැණ අඬ ගසන හාම්පුතුන් බහුතරයක් ඉන්නා රටක කාගිල්ස් ෆුඩ් සිටි රත්මලානේ ඉන්නා මේ කලමකණාකාරවරිය (ඇගේ නම නොදනිමි) ගේ මේ ආකල්ප හා හැසිරීම ගැන ඇතිවූ පහන් සිත ලිවිය යුතුම යයි මට සිතුනා.
මා අද මේ කුඩා සිදුවීමට ලොකු විශේෂත්වයක් දෙන්නේ , එය අප නිතර දකින හැසිරීමෙන් වෙනස් නිසා නේද ? එය අප නිතර නොදකින අසාමාන්‍ය හැසිරීමක් නිසා නේද ? . අන්න එය තමයි අපේ අවාසනාව!
ලෝකෙන් උතුම්ම රට ලංකාවද නැද්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මා සුභවාදීව බලා සිටිනවා, මට මෙවන් පෝස්ට් ලියන්නට තරම් එය විශේෂ සිදුවීමක් නොවන දිනයක් මේ රටට එලඹෙන තුරැ... එදාට මම කියන්නම් , ලංකාවෙ මිනිස්සුත්, සදාචාරයක් විනයක් හැදියාවක් සංවරයක් තියෙන මිනිසුන් සිටින රටක් බව !
ප්‍රොමෝෂන් එක දෙක වදින කොට , තමන් ආ තැන් , අලගිය මුලගිය තැන් අමතක වෙන මිනිසුන් බහුතරයක් ඉන්න රටක , රත්මලාන මවුන්ට් සිටි ගොඩනැගිල්ලේ , කාගිල්ස් ෆුඩ් සිටියේ සිටින සොඳුරැ කලමණාකාරිණියට , ස්තුතියි, නිරහංකාරකම , කැපවීම පෙන්වුවාට ..
ස්තුතියි 'ගෙදර යන ගමන්' අසුරා ඔතා දුන් පහන් සිතට ! <3