Saturday, May 21, 2016

[331] අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු, කවදද දෙදණ නමන්නේ ?


රජ පෙරහැර මැද ඇතා නටනවා දා කරඬුව ඇල වෙනවා දෙදහස් වසරක් රෑකගත් කරඬුව දෙවියනි හද කකියනවා ! අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? විලංගු ලා ලා , ඇතු බැඳ දමලා සැනසුම් සුසුම් හෙලන්නේ කොඩි කුඩ සේසත් පාවඩ තිබුනත් කොහොමද රජ පෙරහැර යන්නේ ? උත්තම කරඬුව දෝත දරාගෙන පාර කොනේ අපි ඉන්නේ අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? පෙරහැර රජ දැක්මකි. මහා මෙන්ම කුඩා රජවරුද ඔ‍ටුන්න හිමි කුමරවරුද වඩින මහා මංගල්‍යයකි. එහෙත් දෙදහස් වසරක් අප මුතුන් මිත්තන් ලේ කඳුලු දහඩිය හෙලමින් ‍රැකගත් හෙල මුදුන්මල්කඩ වන් දා කරඬුවට මේ අප- තාල ඔබින්නේ නැතිය. එම උත්තම දා කරඬුව හද බැතින් දරා පාර කොනේ සාධු නද දෙන අපට මේ පෙරහැර ගෙනෙන්නේ වේදනාවකි. එවන් විපතේ හෙලී සිටින දේශයේ අනාගතය පිලිබඳ කකියන ලෙයින් යුතුව , සුවහසක් පොදු මිනිසුන් ඉදිරියේ ඉදිරියේ දෙදණ නමන රජි‍ඳෙකු කොයින්ද? එක් අතකින් බලන කල , විලංගු ලා අත පය බැඳ දැමූ ඇතෙකුගෙන් බෝසත් ඇත් ගිජි‍ඳෙකුගේ තේජස අප කෙසේ නම් බලාපොරොත්තු වන්නද ? නෙක විල්ලුද පලස් ඇතුරුනද , එයට රජ පෙරහැරකැයි කියන්නේ කෙසේද? හිස දරා සිටින උතුම් කරඬුව හද බැතින් රජ තේජසින් වඩමවන්නට දේශයක ජීවනාලිය වන් තරුණන්ගේ විලංගූ ලූ ප්‍රාර්ථානාවන්ට හැකි වේවිද? ගිජිඳුන්ගේ හිස් වූ, නටන ඇතුන්ගෙන්ම නොසිස්වූ රජ පෙරහැර දකින්නට දොහොත් මුදුන් දී අප පාර කොනේ පෙල ගැසී සිටින්නෙමු. තවමත් අප ඒ බෝසත් ගිජි‍ඳෙකු බිහිවන දිනය එන තුරු ඇඟිලි ගනිමින් මග බලා සිටින්නෙමු. ගීතය ගයන්නේ : සුනිල් එදිරිසිංහ 
ගීතය


2 comments:

  1. පාලකයා පිස්සු නටනවා, හරි පාලකයෙක් එන්නෙ කවදද කියන එක තමයි මේ ගීතයෙන් කියවෙන යටි අරුත ඒ කාලෙ හරි රජු හම්බ උනාම ඇතා දන නමලා වාඩි වෙන්න දෙනවලු..ඔය කතාව මතු කරන්න..පලවෙනි ජේදය හොදයි..අනික් ඒවා පටලගෙන ගතියක් තියෙනවා..කවදා නම් අපිට යහපත් පාලකයෙක් බොසත් ඇතුගේ දන නැමීමක් දැකිය හැකිවේද? වගෙ දෙයක් කියලා කියවන්නාට ප්‍රශ්නයක් ඉතුරු කරල ඉවර කරන්න..

    ReplyDelete
  2. සුපිරි. සින්දුව ආයෙ අහන්න හිතන්න මගපෙන්නුවට තුති.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->