ජීවිතය නිහඬ වී සිටී...
දෙබැම ඉහළ නංවා
වරෙක කුහුලින් මුසපත්ව
දොඩමලු වන්නටද අර අඳී...
මුහුණත් පුලුටු කර ගෙන
මා උරිස්සට ඉහළින්
පෙර වැසි වට දිනට එබීගෙන
තවමත් සිහිවටන පිරි මදී...
ජීවිතය , නුඹ නිදා නොවැටී
මාද දෑත දී නැගිටුවනු නොහැකිද?
අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන්
ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්..
දෙබැම ඉහළ නංවා
වරෙක කුහුලින් මුසපත්ව
දොඩමලු වන්නටද අර අඳී...
මුහුණත් පුලුටු කර ගෙන
මා උරිස්සට ඉහළින්
පෙර වැසි වට දිනට එබීගෙන
තවමත් සිහිවටන පිරි මදී...
ජීවිතය , නුඹ නිදා නොවැටී
මාද දෑත දී නැගිටුවනු නොහැකිද?
අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන්
ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්..
පට්ටයෝ...
ReplyDeleteමේ වගේ කවියකට වෙන මොනව කියන්නද..උපරිමයි කියනවා හැර
SHOAK KAIYAK NEDA
ReplyDelete""ජීවිතය , නුඹ නිදා නොවැටී
ReplyDeleteමාද දෑත දී නැගිටුවනු නොහැකිද?
අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන්
ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන් ""
පහසු නොවේ ,නමුත් අපහසුද නොවේ ...
ලස්සන කවියක්...
ReplyDeleteකාලෙකින් ලියන්න ආපු එකත් හොඳා !
ජීවිතය යනු ඔබේ ම අනෙකා ය...!
ReplyDelete@Mahesh Rathnayaka
ReplyDelete.
අනේ මන්දා...
ස්තූතියි ඒ කෙසේ වුවත්.... :)
@ඉවාන් පවුලූශා
ReplyDelete.
එය වදනින් විස්තර කළ නොහැකිය...
ජීවිතයේ කඩ ඉම් බොහෝ පසු වෙද්දී ඇතැම් පසු කිරීම් වල අනපේක්ෂිත බව , සහ පසු ප්‍රතිපල සිතා ගැනීමටවත් දැකගැනීමටවත් අපහසුය.
@මධුරංග
ReplyDelete.
ආයිත් ලියනවා කියන්නේ
ආයෙත් අඬනවා කියන එකද මන්දා මල්ලි
@කතන්දර කාරයා
ReplyDelete.
ඇබ්සොලියුට්ලි :)
අන්තිම පද ටිකට ආසයි ගොඩක්. ඒත් අනේ මංදා ජීවිතය නින්දෙන් ඇහැරවන්න ඕනිත් අපිම කොට......
ReplyDeleteඑක අතකට ජීවිතයත් ඇහැරවන්නේ නැතුව හීන ගොඩක ජීවත් වෙන්නත් පුලුවන්..... හරියට මං කරනවා වගේ...... (ඇහැරුන දවසට රිදෙනවා තමා. ඒත්...... මංදා...)