ජීවිතය නිහඬ වී සිටී...
දෙබැම ඉහළ නංවා
වරෙක කුහුලින් මුසපත්ව
දොඩමලු වන්නටද අර අඳී...
මුහුණත් පුලුටු කර ගෙන
මා උරිස්සට ඉහළින්
පෙර වැසි වට දිනට එබීගෙන
තවමත් සිහිවටන පිරි මදී...
ජීවිතය , නුඹ නිදා නොවැටී
මාද දෑත දී නැගිටුවනු නොහැකිද?
අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන්
ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්..
දෙබැම ඉහළ නංවා
වරෙක කුහුලින් මුසපත්ව
දොඩමලු වන්නටද අර අඳී...
මුහුණත් පුලුටු කර ගෙන
මා උරිස්සට ඉහළින්
පෙර වැසි වට දිනට එබීගෙන
තවමත් සිහිවටන පිරි මදී...
ජීවිතය , නුඹ නිදා නොවැටී
මාද දෑත දී නැගිටුවනු නොහැකිද?
අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන්
ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්..