Friday, November 29, 2013
[298] මලවුන්ගේ නොවැම්බරයේ යලිත් ලියමි..
2013 වසර සීග්‍රයෙන් අවසාන වේගෙන එයි... ජීවිතයේ සිව් වන දශකය ඇරඹීමට දින කිහිපයක් ඉතිරිව තිබෙයි... ඒ කිසිවක් මතක් නොවෙන්නා සේ මේ දිනවල මඳ විවේකයක් අතරින් පතර සොයා ගනිමින්, පොත් ගණනාවක් කියවමින් සිටින්නෙමි....
අතීතය යනු යලි යලිත් රීවයින්ඩ් වී වාදනය වන එක වගේ ටේප් පටියක් වැනි යයි විටෙක සිතෙයි.... එක් එක් වසරෙහි නොවැම්බරය වෙන වෙනම මතක් කරද්දී හිතට මහා අමුතු හැඟීම් පහළ වෙයි.... අතීතයේ ඇතැම් කරුණු කාරණා පවරා දිය යුත්තේ අත් වැරදීම් ගණයටද ? කර්මයටද? අහඹු සිදුවීම් ගණයටද ? අනුන්ගේ වැරදි ගණයටද? හිත පඹ ගාලක පැටලී ඉන් නිදහස් නොවී එතුලම ගිලී යයි...
මේ කොයි යම් අයුරෙන් සිදු වූවත් ඒ දෙස බලා කොතරම් විශ්ලේෂණය කලද ඇතැම් දේ බොහෝ ගැඹුරු බවත් ඇතැම් දෑ කිමිදීමට තරම් සොයා බැලීමට ගොස් අවතැන් නොවිය යුතු බවත් ගැහැණු ඉව පවසා සිටියි...
ආතතියකට වඩා තාවකාලික වෙහෙසක් දැනෙයි. ඒ වෙහෙසට එක් ප්‍රතිකර්මයක් වශයෙන් අතරින් පතර ලැබූ විවේකය සිතට සහනයක් එක් කළේය. දැන් මගේ සිතට එක් නිදහසට කරුණක් කිව නොහැක්කේය. 'විවේකය නැහැ' ! යන්න යලිත් නොපැවසිය හැකිය. විවේකයෙහි තිබෙන සුවය දැන් මට තිබේ.
ලෝකයට දෙස් දෙවොල් තැබීමෙන් බොහෝ දේ පිලිබඳ පිලිතුරු හමු නොවෙයි. යථාර්තයටම මුහුණ දිය යුතුම වෙයි. යථාර්තය නිරන්තර මා අසලම ගැවසෙයි. ඒ යථාර්තය තුල අවලාද නොනගා වර්තමානය වැලඳ ගැනීමෙන් එක්තරා සහනයක් තිබෙයි...
බලාපොරොත්තු අරමුණු සියල්ල එහෙමම තිබෙයි. එහෙත් දැන් මනසින් මා වඩාත් සවිමත්ව ඉදිරියෙන් සිටිමින් ජීවිතයට මුහුණ දෙන බවක් දැනෙයි. පොත් පත් මනස අවුල් කරනු වෙනුවට මනසෙහි ඇති නොහැඳිනූ සියුම් තැන් හදවතට සන් කරයි. එයින් ඇති වන තිගැස්ම මිනිස් සංහතියේම ජීවන ගැස්මෙහි ඇති පොදු බව සහ විඳීමේ හුරු බව සැනසිල්ලක්ම වෙයි.. මේ කතා කාරයින්ට මෙසේ ඒ හැඟුම් ලියා ගන්නට කොතරම් නිරවුල් මනසක් සහ නිරීක්ෂණ බුද්ධියක් තිබිය යුතුදැයි මම විස්මයෙන් ගල් ගැසෙමි.
කවදා හෝ පොතක් ලියමැයි සිතෙහි ඇති වන සිතිවිලි බීජය යලිත් කල් දමන්නට සිතෙයි. මට මෙතරම් සියුම් හඳුනා ගැනීමේ ඥාණයක් , ඊටත් වඩා එය සුරුවම් වදන් කිරීමේ බුහුටි බවක් තවමත් නිසි තැනට මුහුකුරා තිබේදැයි සිතට සැක මතු වෙයි. එය රස පොත් ලියන්නන් කෙරෙහි ඇති වන ඉරිසියාවක් නොව මා කොතෙක් දුර තව යා යුතුදැයි ගැම්ම ගැනීමට රුකුලක් බවම කිව මනාය.
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
මේ ආකාරයට දිගටම ලිවීමේ කලාව ප්‍රගුණ කරගෙන යන විට පොතක් ලිවීමට හැකියාව ඉබේම ඇතිවේවි. ලේඛක ලේඛිකාවන් පොත් ලියා ඇත්තේ දවසකින් දෙකකින් නොවන බව මම අසා ඇත්තෙමි.
ReplyDeleteජීවිතය ගතකිරීමට ගෙවාගැන්මට වෙනත් බොහෝ මාර්ගයෝ ඇති බව අවබෝධ කරගැන්මට පොත් පත් උපකාරී වෙයි..
ReplyDeleteඅර පින්තූරේ නියමයි.. මුළු ජීවිත කතාවම ඒකේ ලියැවිලා !
ReplyDeleteමගෙත් ඇහැ ගියේ පින්තූරෙට තමයි. ඒකෙ මුල් ම ටික තේරුම් ගන්න එක තමා අමාරු.
ReplyDeleteගැහැණු ඉව ??
ReplyDeleteමගේ තිස්වෙනි උපන්දිනයට මා අළුත ගෙනා මනමාලියට නොකියා කියා තෑග්ගල් ලෙස ලබා ගත්තේ ගම්පහ සතොස කඩේ තිබුණු මග් එකකි.
ReplyDeleteඑහි මෙසේ පින්තාරු වී තිබුණි.
I am 30 today. I should be a millionaire by now.
ඉන්දුනීසියාවටවත් යා යුතුයි!
මොකෑ කල් දමන්නෙ? දැන්ම පටන් ගමු පොත ලියන්න..
ReplyDeleteජීවිතයේ සිව් වන දශකය ඇරඹීමට දින කිහිපයක් ඉතිරිව තිබෙයි..
ReplyDeleteඇහ්..මේ ජීවිතේ මල් නෙවේද අප්පා...?