Friday, June 14, 2013

[292] ආදරය කරන්නවුන් උදෙසාම පමණකි..

ආදරය ගැන මා ලියූ අ‍ටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අඩංගුව තිබූ බව නොරහසකි. අනෙක් අර්ධයෙහි මා ස්පර්ශ කළ කුඩා ලෝකයෙහි ඇසූ දු‍ටු බිඳිති සිදුවීම් අඩංගු වෙයි. ඒ මගේ ලිවිල්ලේ හැටිය. මනංකල්පිතයන් ලිවීමේ සමතුන් අනගි ලියන්නන්ය. මට එය පිහිටා නැති සෙයකි. ඒ පිලිබඳව දුකකුත් නැති

ආදරයම හම ගැසූ මල් විය ඉක්ම යද්දී වෙනත් වෙනත් දෑ පිලිබඳ සිත් පහළ වෙයි.උදාහරණයක් කිවහොත් කුඩා බිලිඳුන් දකිද්දී වෙනදාට වඩා හද පැහැර ගනියි. ඊට හේතුව ජීවිතයේ එක් එක් යුගයන්හි අපේ ආධ්‍යාශයන් විය හැකිය. ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වෙද්දි අලුත් පි‍ටුවක අලුත් කතන්දර ලියවෙයි. බිලිඳු මුහුණක් සමගම ලඟ ලඟ කාලයේ ලැබුනු සොඳුරු ඇසි දිසි මතක තවත් පෝස්‍ටුවක් ලියන්නට බල කර සිටියි
~'~

.කුඩා බිලි‍ඳෙකු උපදින්නේ මවකගේ ගැබෙනි. එහෙත් පියවරු මුවින් නොබැණ ඉවසන දහදුක එසේ මෙසේ නොවේ. මවකගේ දුකෙහි, වේදනාවෙහි අවසාන ප්‍රතිපල ගලා බස්නා පහළම තැනත් තාත්තාය. හෙවත් අම්මාට තරහ යද්දී අම්මාට ඒ තරහ පිට කරන්නට ඉන්නේත් තාත්තාය. ඒ අවු අස්සේ ඒ තාත්තා දරු පැටියන්ට රජා වගේ ඉන්නත් ඕනේය. තාත්තාට ලොකු පවුලක් හදා වඩා ගැනීම එසේ මෙසේ බරක් නම් නොවේ.ඒ බරට උර දෙන මේ සොඳුරු තාත්තා දෙස විනාඩි 7ක් බලා සිටීම බොහෝ වටී.


බලන්න.........



බෙදා හදා ගත හැකි වටිනා කියන බොහෝ දෑ මෙන්ම , කුනු කරෝළ තරම් ගඳ ගසන අසීමිතව කුණු රසය දනවන ෆේස් බුක් අප්ඩේට්ස් අතරෙහි,මේ දු‍ටු වීඩියෝව බෙදා හදා නොගැනීම තරම් නොවේ.

කුඩා බිලි‍ඳෙකුගේ මුව පොඩිත්තක මැවෙන සිනහවට පොදු භාෂාවක් තිබේ.... අඬද්දී ඇඹුල් වන්නේ එකම ආරටය. කිරි බී බඩ පිරෙද්දී හිනා වෙන්න කොට බිලිඳු ඇස් වල තියෙන්නේ එක ආලෝකයකිනි. කුඩා බිලිඳියකගේ දෑස් වල අම්මාගේ සෙවණැලි වැතිර තිබෙයි. ආදරය උගත හැකි නම් , කුඩා දරුවෙකු දෙස බලා හිඳීමම සෑහෙයි.

උපන්දා පටන් දරුවන් ගෙනෙන්නේ සතුටම නොවේ. කර දඬු උස් මහත් වෙද්දි මල් වාගේ උන් පොඩි එවුවන්ගේ හිත් ගස් ගල් වාගේ වෙන්නට ගනී. එතෙක් වෙර විරියෙන් හදා වඩා , දිදුලන පහනකට උපමා කළ අපේ අම්මා , අපේ තාත්තාට මෙහෙම ගයන්නටත් ඇති.අපේ තාත්තාට අම්මෙකුත් , සිය ලේ මසින් හැදූ දරු කැලත ගැනත් සිය හදවතට මෙවන්ම හැඟුම් දැනෙන්නට ඇති.


විමනේ දිනිඳු මගේ
ඔබවේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ

ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ -තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ

මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ගණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ -තරුව ඔබය සදා

ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නගන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ





ඇතැම් පවුල් සංස්ථාවන්හි අම්මා තාත්තා බැඳ තබන එකම හුය දරුවා පමණක්ම වී තිබෙයි. එහෙත් ඇතැම් පවුල් සංස්ථාවන් තුල දරුමල්ලන් නොමැතිවම වුවද සුන්දරත්වය ‍රැඳී තිබෙයි.

දරු සිඟිත්තෙකුගේ කිරි සුවඳ ගැවසෙන ගෙබිම තුල මෙතෙක් කල් සිය පෙම්බරියව හුන් ඇය 'දරුවන්ගේ අම්මා' ලෙසින් අබිසෙස් ලබන්නීය. දරුවන්ගේ තාත්තා ට තවදුරටත් 'ඈ' ගැහැණියක පමණක් නොව තමාටද මවු විය හැකි තරම් උසස් තැනෙක බව දැනෙන්නේය. සිය දරුමල්ලන්ගේ සුව බර ජීවිතය වෙනුවෙන් වෙහෙසන තාත්තාගේ , අනාගත සිහින ඉ‍ටුකර දෙන්නී අම්මාය. ඇයට හිමි එබඳු තැන් හිදී ඈ වෙනුවෙන් මේ ගයන්නේ ආදරනීය තාත්තාය.


සඳ රේඛාවෙන් බසින ලියේ - නූපුර නොසලා වඩින ලියේ 
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා - විජයිඳු පායට වඩින ලියේ

බුදුගුණලකරින් , මංගල සුතුරින් පිරුවාණා කවි සිලෝ කියා
ආසිරිවාදය කළ මැන පුතු හට සරසවි දැහැනින් තිලක තියා

සුදම් සභාගේ මුල් පෙළ හිඳිනා හෙල විරුවන්ගේ කතා කියා 
දෑ අභිමානය දෙනු මැන පුතු හට 
සඳකඩ පහණේ සිරස තියා


ආදරයට භාෂාවක් නැතිය. ආදරයට තාරුණ්‍යයෙන් ඔබ්බෙහි අනාගතයක් නැතැයි සිතීම නොවටී. ආදරය උපදින්නේ අන්‍යයන් දෙස බොහෝ ආදරයෙන් මෙතෙක් කල් බැලූ දෑසකමැයි සිතෙයි. අන්‍යයන් කෙරෙන් තමන් වෙනස් වන්නේ තමන් කිසිසේත් නොවටිනා නිසා යයි හීනමානයෙන් පෙලෙන්නවුන්ට ආදරය තමන් කොතෙක් වටිනා මිනිසෙකු බවට පත් කරනු ඇතැයි සිතන්නට මේ ඇසිදිරි රාමු තුනම සෑහෙයි. 

ගීත දෙකම බෙදා හදාගෙන , සිය සිඟිති පැටවුනුත් පැටවුන්ගේ අම්මාත් කෙරෙහි මහත් හැඟුමෙන් යුතුව , ඒ පිලිබඳව ලියන්නැයි නිකමට වාගේ මතක් කළ වැම්පයර් තුමාට ස්තූතිය.......

17 comments:

  1. බුදුගුණලකරින් , මංගල සුතුරින් පිරුවාණා කවි සිලෝ කියා
    ආසිරිවාදය කළ මැන පුතු හට සරසවි දැහැනින් තිලක තියා

    මේ මම දුටු උත්කෘශ්ඨ පද ගැලපීමක්...

    මාගේ ලේකම්තුමියනි :D ..ඔබට ස්තුතියි..

    ReplyDelete
  2. හ්ම්ම්.. හිතට දැනෙන ලියවිල්ලක්.. හැමදාමත් වගේම ..

    ReplyDelete
  3. මගේ මෙන්න මේ පොස්ට් එකේත් ඔය වගේ වීඩියෝ දෙකක් තියෙනවා

    ආදරය . ආදරය.. සහ ආදරය ...

    ReplyDelete
  4. හිතන්න දේ බොහෝයි....

    ReplyDelete
  5. නෙතට කඳුලක් ඉනුවෙ සොඳුරු මතකයකුත් එක් කරමින් දිල්. මගෙ පුතාලා උපන්නෙ දුරු රටකදී. මගෙ ආදරණීය මහත්තයා මා සමඟම මේ වාගෙ ඒ අවස්ථාවට උර දුන්නා. ඒක මගෙ ජීවිතේ අමතක නොවන සටහනක්. මගේ ගතේ තිබුන විඩාව මට අමතක වුනේ ඒ නිසා. දරු සෙනෙහස මහා පුදුමයි. http://chandigesithuviliuyana.blogspot.com/2011/09/blog-post.html
    ඔයා ගේ සටහන ඒ මතකය අළුත් කලා. මගෙ මුනුබුරා තාම වයස අවුරුදු එකහමාරයි. එයාගෙ ඇස් වල ආදරේ පිරිල. දුකක් ආවහම මූන ඇඹුල් වෙන්නෙ ඉබේටම. අපි දෙන්නම දැන් එයා දිහා බලා සතුටුවෙනව. ජිවිතේ හරි පුදුම‍යි. ආදරේ කරන්න හිතෙන්නෙ සොඳුරු හිත් ඇති අයටමයි . ඒ සංසාර පුරුදු. සමහර අය ජීවිතේම අනෙක් අයට රිදවමින්ම ඉන්න උත්සාහ කරනවා. ඒ අය සසර පින් කරල නෑ. තවත් ඒ විදිහටම කල ගෙවන්නයි හදන්නෙ. සෙනෙහස විඳින කෙනා හා ලබන කෙනා දන්නවා ඒ ආදරේ මහිම!.

    ReplyDelete
  6. ජිවිතේ මල් ලියන රටාවෙන්, මව් පිය සෙනෙහස තවත් අරුත්බර කොනෙන් දුටුවෙමි!
    ඒ වෙගේම මේ පේළිය හරිම ලස්සනයි!
    පුතුගේ සිඟිති නෙතේ
    ඔබගේ මුහුණ පෙනේ

    ReplyDelete
  7. මුලින් දක්වලා තියෙන 'විමනේ දිනිඳු මගේ' ගීතය මම නිතරම අහන මගේ හදබැඳි ගීත අතුරින් එකක්. දෙවැනි ගීතය මීට කළින් අසා තිබුණත් පද'රුත් ගැන මතකයක් තිබුණේ නෑ. අද ඉඳන් අනිවාර්යයෙන්ම ඒ ගීයත් මගේ හද බැඳි ගීත ගොන්නට ඇතුළත් වෙනවා. අමරදේවයන් ගයන 'තාත්තා වුනත් මා බත සරි කරන' ගීතයත් මට හිතෙන්නේ මේ තේමාවට ඇතුළත් වෙන තවත් ගීතයක්. හුඟක් වටින, හැමදාමත් වගේ අපූරු රිද්මයකට ලියැවුණු, හෘදයාංගම සටහනට බොහොම ස්තූතියි දිල්.

    ReplyDelete
  8. @Vampa V

    කියලා වැඩක් නෑ වැම්පා. දැන් කාලෙට ඒ ලස්සන ලියවීම් එනවා නම් ආසයි. ඒත් එහෙම ලිවුවොත් කවුරුත් අහවිද මන්දා.... නේදෑ...

    සබාපති තුමාට ජය වේවා ! හැහැ හෑ....

    ReplyDelete
  9. @❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀

    ස්තූතියි ලකි.... හැමදාමත් ඇවිත් යනවාට සතු‍ටුයි... :)

    ReplyDelete
  10. සරලයි... අර්ථය ගොඩක් ගැඹුරුයි......

    ReplyDelete


  11. ලකී... ගොඩක් ස්තූතියි...
    හෑම දාම යන එන එක සතුටක්... :)

    ReplyDelete
  12. @Vampa V

    ..
    ස්තූතියි වෑම්පාස් තුමනි...
    (තනතුරටත් එක්කම ) පොහ් ! ලේසි නෑහ්හ්හ්හ් :)

    ReplyDelete
  13. @සු දී ක

    .
    ,
    අහ්හ්හ් බලන්නම්ම්ම්ම්ම් :)

    ReplyDelete
  14. @Chandi
    .
    .
    චන්දි ආච්චම්ම කෙනෙක්ද? සීයෙක්ද? හනේ නමින් ඈමතුවට අමනාප එපා.. කවුදෑ දන්නේ වෑඩිහිටියෙක් වග ...

    මොනවා උනත් අර වචන නම් නියමයි. ආදරේ දෑනෙන්නේ ආදරේ කරපු හිතකටම තමා ... :)

    ReplyDelete
  15. @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    .
    .
    ස්තූතියි ..
    ඈත්තමයි මේ වගේ හෘදයාංගම ගීත තව හෑදෙන්න ඕනි...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->