මේ කතාව ජෝන් සීනා ගැනය .. ඇත්තම කියනවා නම් මම ජෝන් සීනා ගැන දන්න වැඩි දෙයක් නැත. ජෝන් සීනා නම් මාව දන්නෙම නැත .
අමිල සඳරැවන්ගේ මේ ගීතය මට අැසෙන්නේ අවුරැදු ගානකට පෙරය ... එදා නම් මට ජෝන් සීනා ගැන මෙලෝ වගක් නොතිබිණ. එහෙයින් මේ ගීතයෙන් කියවෙන්නේ කුමක්දැයි මම ඔලුව එහෙට මෙහෙට හරවා සිතුවෙමි . වැඩ කටයුතු සමග ඔලුව වියවුල් වෙද්දී ඒ සිතීම අමතකව යයි.
"ජෝන් සීනා - අපෙ පොඩි එකාට ගහලා
ජෝන් සීනා අපේ පොඩි එකාගෙ ඔලුවට ගහලා"
ජෝන් සීනා අමෙරිකාවේ සිට ටිකට් එකක් අරන් , ලංකාවේ චූ කොල්ලෙකුට ගහන්නට එන්නේ නැති බව ඇත්තය. හැබැයි ජෝන් සීනාව වැහෙන කොල්ලන් ලංකාවේ ඉන්නේ නැතුවැයි ?... ජෝන් සීනාගේ සරීරයට , හැඩිදැඩි බවට වහ වැටෙන ලංකාවේ කොල්ලන්ට ජෝන් සීනාගේ යෝධ සිරැර ඇතුලේ, වෙඬරැ පිඩක් තරම් මොලක සියුමැලි අතදරැවෙකුද වසන බව අප දකින්නේ එහෙමත් වතාවකය. තමන්ගේ පොඩි එකාට ජොන් සිනා වැහෙන එක ගැන කණස්සල්ලට පත් වන අම්මලා තාත්තලාට සිය කොල්ලාගේ රෝල් මොඩ්ල් ජෝන් සීනාගේ මෙවන් විඩියෝ පටයක් පෙන්වන්නට හැකි වන ලෙස අප්ඩේට් විය යුතු යුගය එලැඹ ඇතැයි මතක් කිරීමට මම මගේ මුහුණු පොත් බිත්තිය අද වෙන් කරන්නට සිතුවෙමි.
මා මල්ලව පොර බොක්සින් ගණයේ ක්‍රීඩා වලට කැමැත්තක් ඇත්තෙක් නොවේ. එනිසා මා ජෝන් සීනා කවුදැයි හඳුනාගන්නේ ජෝන් සීනා නම යොදා ලියැවුනු මේ ගීතයෙන් පසුවය. ඒ , පහත දැක්වෙන වීඩියෝවෙනි. හැඩිදැඩි මිනිසෙකුගේ සංවේදී කඳුලු විකුණාගෙන කන නිකම්ම නිකම් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනකැයි කියා ඔහුගේ කඳුලු අවතක්සේරැ කරන්නට මට නොසිතෙයි .
https://youtu.be/t6zfwaqhJpg
"පාඩම් වැඩකුත් නෑ , ඌ කන්නෙ බොන්නෙ නෑ
බලාගත්තු අතේ ඌ බලං ඉන්නවා "
මට මේ ගීයේ සැබෑ යටි ඇරැත නොවැටහෙනවා විය හැකිය. එහෙත් මම ජෝන් සීනා යන සන්නාමය පමණක්ම මෙහිලා ප්‍රස්තුත කර ගනිමි. ඒ හැඩිදැඩි සිරැරෙහි , රෞද්‍ර ක්‍රීඩාවකට පවා සොරා ගත නොහැකිව තවමත් ඉතිරිව ඇති කඳුලු බිඳු මම ප්‍රස්තුත කර ගනිමි.
"පාරෙ යන්න බෑ දත් මිටි කනවා
රෑට රෑට ඌ හීනෙන් බෙරිහන් දෙනවා"
"ඇහුවා මං දොසතරගෙන් , මොකක්ද කරන්නෙ මුට
කිව්වා එයා , ගහපන් උඹත් , මිට මොලවාලා , උගෙ ඉහ මොල හෙලවෙන්නට"
"ජෝන් සීනා , දෑතම බදලා , මිට මොලවාලා , අපෙ පොඩි එකාගෙ ඔලුවටම ගහලා !"
යම් පමණකට හාස්‍යජනක වුද අහන්නට ආසා හිතෙන තාලයකින් යුතු වූද මේ ජෝන් සීනා ගීතය කාලයකට ඉහත ලංකාවේ මහත් සේ ජනප්‍රිය වූවා මතකද?. එහෙත් දශකයකට ආසන්න කාල පරතරයකින් මේ ගීතය නැවත අසන විට මෙහි ඇති එක් එක් අරැත් මෙන්ම බැඳි සිදුවීම්ද සිහියට එයි. එනිසාම අද ජෝන් සීනාගේ ගීතයද ජෝන් සීනා ප්‍රවර්ධක නාමයක් වශයෙන් යොදා ගත් මේ සමාජ සත්කාරයද එකට ඈදන්නට සිතුයෙමි.
නුවර ඉන්නා කාලයේ , නිවාඩු දවසකට ,මට පැවරෙන එක රාජකාරියක් වන්නේ අම්මා මාකට් එක්ක ගෙන යාමය .( මෙහෙම කිව්වාට මම හරි හොඳ ලමෙක් නම් නෙවේය ! )මාකට් කිව්වාට අපි නිතර යන්නේ යන්නේ පොඩි පහේ මාර්කට් එක ගන්නෝරුව හදබිම අධිකාරියයි . අලුත් එලවලු පලතුරැ නම් නුවර එතන තමාය .
හදබිම මතක …..
අම්මා එළවලු තෝරන අතරේ මිනිසුන්ගේ අරුමයි. කුඩා මිනිපිරියන් අතින් අල්ලාගන සාප්පු ආ ආච්චි අම්මලාය. තරුණ දියණියන් කැටුව මාකට් ආ ටිකක් මැදි වියේ අම්මලාය. නමුදු බෝහෝ දෙනා අර පෙර කී පන්නයේ හුරුබුහුටි මල් ගවුම් සිය මිනිපිරියන්ට අන්ඳවා ගෙන වේවැල් එළවළු කුඩයක් අතින් ගත් ,උඩරට කාලේ ඔසරිය ඇඳ ගත් ගත් වයසක ආච්චි අම්මලා ය එහෙමත් නැත්නම් සීයලා ය. මුණුපුරු මිනිපිරියො විනෝදයෙන් කෑකෝ ගසමින් එහෙ මෙහෙ දුවති . එහෙමත් නැත්නම් ආච්චි අම්මලා සීයලා වෙනුවෙන් ට්‍රොලි තල්ලු කරති. බැරි අමාරුවෙන් වට්ටක්කා පුහුල් කොමඩු උස්සන් ගෙනත් දෙති . ඉඳහිට ආච්චි අම්මලා ගෙන් සීයලාගෙන් ලැබෙන පොඩි රස කැවිලි අල්ලසක් එහෙමත් නැත්නම් පොඩි යෝගට් එකක් රස විඳිති . ඒ ලෝකය හරි සුන්දර ය .වසර තිහකට පමණ පෙරාතුව මටද එවන් ලෝකයක් තිබුනේය . මම ආච්චි අම්මාගේ අතේ එල්ලී ගියේ ඉරිදා පල්ලිය ට. ( අපේ ආච්චි අම්මා කතෝලිකය )
අපේ අම්මාට සුපර් මාකට් ඇලජි ය. එනිසා අපි සුපර් මාකට් යන්නේ එහෙමත් දවසකය . ලේසියට හදිසියට ගත්තොත් මිසක , අපෙ අම්මාව සුපර් මාකට් එක්ක යාම හරියට ගලෙන් පට්ට ගන්නවාට වඩා අමාරැය . හද බිමේ හැම බදුවම නැති නිසා , ඇයට මේ කියන දවසේ supermarket යන්නට ම සිද්ධ වුණේය. හැබැයි ඒ එක් අතකින් මගෙ වාසනාවකි මන්ද මට ඔබ වෙනුවෙන් කතාවක් ලියන්නට මාතෘකාවක් ලැබුණේ ඒ නිසා ය .
Keels Super මතක
අම්මාත් මමත් හදබිම නික්මී ඉතුරු අඩුවැඩිය ගන්නට keels super market වෙත ගොඩ උනෙමු. හදබිම වගේම මෙහෙත් හරි සෙනඟය. හැබැයි ඒ සෙනඟයි මේ සෙනගයි හරි වෙනස්ය.
උස වේදිකා සපත්තු දෙකක් (platform heels) දමා ගත් ලස්සන හුරුබුහුටි නැගණියක් ජංගම දුරකථනය වෙත එබී ගෙන ඇවිදිමින් බර කල්පනාවකය. බොහොම චාම් පන්නයේ සාය සහ හැට්ටයකින් සැරසී ගත් මැදිවියේ ඇන්ටි කෙනෙක් අතින් කටින් එල්ලාගෙන සිටින බඩු පිරුණ විශාල යකඩ බාස්කට් දෙක සමග කවුන්ටරයට එලබෙද්දී , අර ලස්සන නංගිට සිහිය ආවේය.
මම එළවළු ගොඩ අස්සේ ඒකෙල මෙකෙල වෙවී තක්කාලි තෝරමි. මටත් අර නංගිට වගේ කරන්නට දෙයක් නැතිය. කුස්සියේ පාලනාදිකාරය භාර මවුතුමියට ගැලපෙන්නට මට බඩු තෝරන්නට බැරිය .
“ඔන්න ඕක තල්ලු කරගෙන මේ පැත්තට එන්න”
බොහොම ගම්බිර කාන්තා කටහඬක් ! මට ඔලුව උස්සල බැලුනේ ඉබේටම . ලස්සන , අවුරුදු 50ක විතර, බටහිර පන්නයේ දිග කලිසම ඇඳගත් බොහෝම වැදගත් ඇන්ටි කෙනෙක්.
ඇයට පසෙකින් අවුරුදු 80 ක, නැත්නම් 90ක් විතර වයස , සුදු සරමක් ඇඳගත්තු කොන්ඩෙ තනිකරම සුදුම සුදු , අබල දුබල වෙච්ච සීයා කෙනෙක් අමාරුවෙන් ට්‍රොලිය තල්ලු කරගෙන ඇන්ටි දිහාවට සෙනග අතරින් එන්න උත්සහ කරනවා. . පොලිය තල්ලු කර ගන්නවා තියා ,බස්තමක වාරුවක් නැතුව තමන්ට තනිවම ඇවිද ගෙන වත් යන්න බැරි තරම් දුර්වල සීයා කෙනෙක් කිව්වොත් වැරදි නැහැ. මට ඇති වුනේ මද තරහක් . මේ සියා කවුරු උනත් තමන්ට තල්ලු කරගන්න පුළුවන් ට්‍රොලිය මෙච්චර මහලු සියෙකුට තල්ලු කරන්න කියන එක අමනුස්සකමක් කියලයි මට නම් හිතුනේ.
මගේ පිටුපස සාක්කුවේ තිබ්බ දුරකථනය නිරායාසයෙන්ම මගේ අතට ආවෙ, ඇගේ සහ සීයා ගේ ෆොටෝ එකක් හොරෙන් ගන්න නම් නෙමෙයි.ඒත් ඇයට ටික බය හිතෙන්න ඇති. එක්කෝ මගේ බැල්ම නිරායාසයෙන්ම ටිකක් දැඩි වෙන්න ඇති. ඇන්ටි වෙනස් වුනා. ඇසිපිය හෙලන තත්පරයට තත්පරයට සීය කොහෙන් ගියාද නැහැ. ඇයට ලැජ්ජ හිතෙන්න ඇති. මටත් එහෙම හිතුන නිසා.
ඒත් කවුන්ටරේ දිහාවට හෙමීට ඇවිදගෙන යද්දි මට ගොඩක් දේවල් කල්පනා වෙන්න ගත්තා. සමහරවිට ඒ ඇගේ තාත්තා දන්නේ නැහැ (පෙනුමෙන් නම් ඒ බව සනාථ වෙන්නේ නැති බව කිව යුතු යි ) සමහරවිට ඇය ඉතා හොඳ කාරුණික හදවතක් ඇති කාන්තාවක් වෙන්න ඇති. කවුද දන්නෙ අහිංසක දුප්පත් සීයාව ඇගේ කරුනාවන්තකමට නවත්වාගෙන ඉන්නවද කියලා. සමහරවිට කවුද දන්නේ ක්‍රියාශිලියි වගේ පෙනෙන මේ ඇන්ටි ගතින් ඉතාම දුබල පිළිකා රෝගියෙක් ද කියලා. ලෝකය මේ ඇස කුහර දෙකට පෙනෙන සංඥා වලින් පෙනෙන දෙයම නම් කොතරම් දෙයක්ද ? මොනවා උනත් කරුමෙකට වගේ අපේ කතා නායක තුමිය කවුන්ටරය ගාවට යද්දී මාවත් අහම්බෙන් ඉදිරි කවුන්ටරයට යොමු වුනා. අර කලින් නැවත යවන ලද සියා පුදුමෙන් වගේ බලාගෙන කවුන්ටරය් පැත්තක හිටගෙන ඉද්දි , අර ලස්සන ඇන්ටි අපුරුවට ට්‍රොලිය තල්ලු කරගෙන කවුන්ටරයට ආවා. කශියරයෙන් නිකුත් වුන බඩු මල්ලට පැටව ගන්නට , බොහොම බයාදු බැල්මෙන් කවුන්ටරයට කිට්ටු කල වයසක සීය සමග හරි හරියට බඩු මලු අහුරගත්තු ඇය , සීයාගේත් උදව් ඇතුව සහයෝගෙන් බඩු මලු උස්සගෙන සිය වාහනයට යන හැටි මම සතුටත් දුකත් මුසු වෙච්ච හැගීමෙන් බලන් හිටිය.
පසු ලිවුම 1
හැම සිදුවිමක ම දෙපැත්තක් තියනවා. අප දකින දේ ඇත්තම නොවෙන්න පුළුවනි. අපිට හැඟෙන දේ තනිකරම පුද්ගලිකයි. ඒත් හැම හැගීමක්ම හිතලුවක් නෙමෙයි. ඒ නිසා දකින හැම දේටම අපේ විනිශ්චය පුරවන්නට මම යන්නේ නැහැ. සිතීමේ ඉඩ ඔබගෙයි.
පසු ලිවුම 2
මේ සිද්දිය වෙලා දැන් මාස 5 කටත් වැඩියි. ඒත් පුද්ගලික ජිවිතේ කාර්ය බහුල බව , ලිවීමේ ඉඩ සිමා කළා. මහලු අයගේ ලෝකය අපි තාම විදලා නැහැ. සමහර විට ඔවුන් කැමති ඔවුන්ට තරුනන්ට වගේ සලකනවට වෙන්නත් පුළුවන්. නමුත් පිටරට්ටුන්ගේ හරි ලස්සන ගතියක් තමයි තමන්ට පුළුවන් හැම දෙයක්ම තමන්ම කරගන්න එක. යන්තර සුත්‍ර හැදිලා තියෙන්නේ ජිවිතේ පහසු කරන්න. දැන් මම නුවර නැහැ. අම්ම එක්ක මාකට් යන්නෙත් නැහැ. හැබැයි මේ ඉන්න කොලොම්පුරේ මට ලියන්නට බොහෝ දේවල් තිබේවි කියල මම හිතනවා.