Thursday, January 21, 2016
[328] සුරංගනා කතාවක් - කතා ගොඩක් ...
පායි හායි සහ පායි ශාන් . මේ දෙන්න මට මුණගැසෙන්නේ මිට වසර 26 කට ඉස්සර !!!!!
පායි ශාන් අයිය අසනීපෙන්ලු. පායි හායි තනිවම හරි මූදු යන්නේ ඒ නිසයි. පායි හායිට හමුවෙන පුංචි මුතු බෙලි නගාට හානියක් නොකර ආපසු එයාගේ අක්කලා හය දෙනා ගාවට යවන පායි හායිගෙ හොඳ හිත නිසා කොච්චර දේවල් සිද්ද වෙනවද ?
කොච්චර හොඳ පායි හායි කෙනෙක්ද ? එච්චර අගනා මුතු මැණික් ලබන්නට තරම් විසාල උදව්වක් තමන් නොකළ බව කියන්නට තරම් නිහතමානි වෙන්නට මිනිස්සුන්ට පුලුවනිද ? ( මතකද රත්රන් පොරව ? )
ඉතින් ඊට පස්සේ ?
පායි හායි ඉතින් රොබින් හුඩ් වගෙ කෙනෙක් . එයාගේ අයිය නම් එහෙම කෙනෙක් නොවෙයි වගෙ !
නොමිලේ ලැබුනු දේ විකුණා ගැනීම මොන අමන කමක්ද ? පායි හායි නොමිලේම ලෙඩුන්ට බේත් කරන්නේ ඒ නිසයි.
තමන්ගේ බෙල්ලේ ඉදිමීම සුව කල මල්ලිටම ද්‍රෝහී වන අයියා , මිණි මුතු රුවන් තැගි බෝග වෙනුවෙන් දුප්පතුන්ට සුවය සැදූ අගනා මුතු මාලය රජතුමන්ට පුද දෙනවා.
මුතු බෙල්ලන්ගේ මුතු . ලැබුනේ පායි හායි ට. නොමිලේම ! ඒත් දුප්පතුන්ගේ මුතු මාලය අන්තිමේ නවතින්නේ රජ බොටුවක තනි අයිතියට !
පායි හායිගේම මුතු මාලය . පායි හායිගෙන්ම සොරා ගත් රජතුමන් , තම රෝග සුවය පමණකින් සතුටු වනවා පමණක් නොවෙයි , එය යලිත් දුප්පතුන්ට ලබා දෙන්නටත් කේවල් කරනවා. ගඟට විසිකල ඉඳිකටුවකින් සහ , එය තමන් වෙනුවෙන් පරිත්‍යාග කල පායිහායිගේම ජීවිතයෙන් හිලවු කරමින් ! මේ වෙලාවේ මට මතක් වෙනවා එක්තරා රටක්. එක්තරා රජතුමන්ලා පිරිසක්. ඒත් ඒ කවුදැයි මම නම් ඔබට කියන්නේ නැහැ .
එහෙත් සත්‍යය කිසිදා මූදු පතුලේ මියැදෙන්නේ නැහැ.
අයුක්තිය ! අයුක්තියක මහත ! දුප්පතුන්ගේ වීරයා , හිත හොඳ පායි හායි , වෙඩි පහරකින් මූදු පතුලට ගිලී යනවා. පායි හායි මෙන්ම හිත හොඳ පායි හායිගේ හදවත !
.
වෛරය විනාශ විය යුතුය. අයුක්තිය මිය යා යුතුය ! ආදරය , සත්ව කරුණාව පණ ලැබිය යුතුය . ජය ගත යුතුය ! පායි හායි ට ආයිත් පණ ලැබෙනවා . ඒ රොබින් හුඩ් වැනි වෙනත් ආත්මයක් වෙන්න බැරිද ?
එහෙත් මේ සුරන්ගනා කතාවකි ! කුඩාවෙකු ලෙස , වසර 26කට පෙර මෙය කියැවූ මට , මේ මනස්ගාත ඔලුවට ආවේ නැති එක සැබෑය. හදවතෙහි එදා සිටි කුඩා ළමයා කෙරෙහි අනුකම්පාවකුත් , මෙදා සිටින වියපත් ගැහැනිය කෙරෙහි කෙටි තරහවකුත් සිතට නැගෙයි.
ළමා කතාවකින් එහා ගිය දේශපාලනයක් පෙනීම ශෝකාන්තයකැයි විටෙක සිතේ. සුඛාන්තයකින් යුතු සුන්දර සුරංගනා කතාවට අවප්‍රාප්තික කියවීමක් ඇතැයි විටෙක සිතෙයි.
ඒකත් හරියටම මේ ජීවිතය වගේය. ජීවිතයෙහි එන සියල්ල දෛවයට උවමනා අයුරට අවසන් වෙන්නට ඉඩ ඩිය යුතුද ? නැත . මේ කතාන්තරයට ඇත්ත වශයෙන්ම කුඩා සුන්දරත්වයකින් අවසන් කල හැකිය. පහතින් තියෙන්නේ එයය !
මේ ගැනයි මේ ලිපිය..
ඉතිහාස කතන්දර,
පොත්,
ලස්සන වටින නිර්මාණ(පොත්)
Sunday, January 03, 2016
[327] තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි
සිරස සුපර් ස්ටාර් බැලුවෙමි. අහම්බෙන් කණ වැකුනු මේ වටිනා ගීතය , මට බ්ලොග් එකක් ඇති බවද , එයට මොකුත් ලඟකදී නොලියූ බවද සිහිපත් කරන ලදී..
මේ නම් එසේ මෙසේ වචන ටිකක් නොවේ. සාමාන්‍ය සිතීමේ මානයෙන් එහා ගිය සිතුවිල්ලකි. සුනිල් ආරියරත්නයන්ට හැර වෙනෙකෙකුට නම් , මෙබඳු වචන වෙඩි උණ්ඩ බිහි කරන්ට නොහැක්කේය . මීට දශකයකට එහා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය පලුදු කල දරුණුතම ව්‍යසනයෙහි ලෙහෙසියෙන් නොසිතෙන පැතිකඩක් නොවේද මේ ?
උතුරේත් දකුනේත් වෛරය වපුරමින් , පවුල් ගණනාවකගේ ජීවිත පුරන් කරමින් ඔඩු දිවූ බිහිසුණු යුද්ධයෙන් අනාථ වූයේ ඔවුනොවුන්ගේ නෑ සිය මිතුරන් පමණක් නොවේ . මිය ගියේ තරුණ ජීවිත නොවේ , රටේ නිර්මාණශීලි තාරුණ්‍යයයි . අබ්බගාත වූයේ දහසක් කුටුම්භ අභිමුඛයෙහි දුර්මුඛ වූ අහිංසක ගැහැණුන්ගේ අනාගතයයි. ආදරයෙන් පරාජය වූ , ආදරයෙහි පිරිමි මුහුණත අතුරුදහන් කරන ලද , ආදරයට හද විවර කොටගෙන සිට දුර්මුඛ වූ දහසක් ගැහැණුන්ගේ ශෝකාලාපය , කෝපාවේගය ලිවීමට මෙයට වඩා වදන් නොමැත්තේය .
රටක ජීවනාලිය ළමා පරපුර යයි අපි උදම් අනමු. එම රටෙහි අනාගත ශක්තිය බිහි වන්නේ ඒ ළමා පරපුර උස්මහත් වූ කල්හිය. උස්මහත් වූ තරුණ තරුණියන් රට රකින්නට ගොස් වෙඩි කැවාහුය. අබ්බගාත වුවාහුය . අනාත හා අවතැන් වුවාහුය . ඉතිරි අවූවන්ගෙන් අඩක් සුනාමියට බිලි වූවාහුය. තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ , ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ.
මේ සියලු අතෝරයන් දෙස බලා සිටිමින් වියපත් වන තාරුණ්‍යය සිහි කරමින් නොයිඳුල් තරුණියෝ දින දසුනට සාප කරති. දරු මුණුබුරන් සමග තනිවූ ගැහැණු පිරිමි රැකවරණයෙන් සිස් වූ නිවස්නෙහි සිය කනවැන්දුම් සුසුම් පා කර හරිති. උතුරේත් දකුණේත් තරුණන් මරා දැමූ පවුකාරයින් කවරහුද ?
ඒ 'තෙපි' නොවේද පවුකාරයිනි ????
ගීය ගයන්නේ : ප්‍රදීපා ධර්මදාස
ගිය ලිව්වේ : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගිය අහන්න
සොයා දියවු
සොයා දියවු මට සරණක්
මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන්
දකුණේදී උතුරේදී ,
මරදැමූයේ
තෙපි නොවේද පවු කාරයිනී
නීල වරල මතු වන නර කෙස් ගනිමි
බාල සුවඳ ආලේපන ගෙන උලමී
දෙතන එරෙන කිරි දොවා ඉවතලමි
තෙපිටයි ඒ ශාපේ - පවුකාරයිනි
මැලවෙයි නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
හදෙහි නැගෙන ගිනි , කඳුලින් ඉවසමි
තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි
මේ නම් එසේ මෙසේ වචන ටිකක් නොවේ. සාමාන්‍ය සිතීමේ මානයෙන් එහා ගිය සිතුවිල්ලකි. සුනිල් ආරියරත්නයන්ට හැර වෙනෙකෙකුට නම් , මෙබඳු වචන වෙඩි උණ්ඩ බිහි කරන්ට නොහැක්කේය . මීට දශකයකට එහා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය පලුදු කල දරුණුතම ව්‍යසනයෙහි ලෙහෙසියෙන් නොසිතෙන පැතිකඩක් නොවේද මේ ?
උතුරේත් දකුනේත් වෛරය වපුරමින් , පවුල් ගණනාවකගේ ජීවිත පුරන් කරමින් ඔඩු දිවූ බිහිසුණු යුද්ධයෙන් අනාථ වූයේ ඔවුනොවුන්ගේ නෑ සිය මිතුරන් පමණක් නොවේ . මිය ගියේ තරුණ ජීවිත නොවේ , රටේ නිර්මාණශීලි තාරුණ්‍යයයි . අබ්බගාත වූයේ දහසක් කුටුම්භ අභිමුඛයෙහි දුර්මුඛ වූ අහිංසක ගැහැණුන්ගේ අනාගතයයි. ආදරයෙන් පරාජය වූ , ආදරයෙහි පිරිමි මුහුණත අතුරුදහන් කරන ලද , ආදරයට හද විවර කොටගෙන සිට දුර්මුඛ වූ දහසක් ගැහැණුන්ගේ ශෝකාලාපය , කෝපාවේගය ලිවීමට මෙයට වඩා වදන් නොමැත්තේය .
රටක ජීවනාලිය ළමා පරපුර යයි අපි උදම් අනමු. එම රටෙහි අනාගත ශක්තිය බිහි වන්නේ ඒ ළමා පරපුර උස්මහත් වූ කල්හිය. උස්මහත් වූ තරුණ තරුණියන් රට රකින්නට ගොස් වෙඩි කැවාහුය. අබ්බගාත වුවාහුය . අනාත හා අවතැන් වුවාහුය . ඉතිරි අවූවන්ගෙන් අඩක් සුනාමියට බිලි වූවාහුය. තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ , ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ.
මේ සියලු අතෝරයන් දෙස බලා සිටිමින් වියපත් වන තාරුණ්‍යය සිහි කරමින් නොයිඳුල් තරුණියෝ දින දසුනට සාප කරති. දරු මුණුබුරන් සමග තනිවූ ගැහැණු පිරිමි රැකවරණයෙන් සිස් වූ නිවස්නෙහි සිය කනවැන්දුම් සුසුම් පා කර හරිති. උතුරේත් දකුණේත් තරුණන් මරා දැමූ පවුකාරයින් කවරහුද ?
ඒ 'තෙපි' නොවේද පවුකාරයිනි ????
ගීය ගයන්නේ : ප්‍රදීපා ධර්මදාස
ගිය ලිව්වේ : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගිය අහන්න
මේ ගැනයි මේ ලිපිය..
මා පෙම් බැඳි ගීයක් ගැන
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->