Sunday, April 07, 2019

[353] චීස් නොමැති මී කතාවක් තිබිය හැකිද ? - Ben

Image result for ben movie

ඔව් . චීස් නොමැති මී කතාවක් තිබිය හැකි......

ඒ විතරක් නොවේ මීයාට ඔස්කාර් ගත වන්නට වුවද හැකිය. මාත් ප්‍රසන්නත් එකට වාහනයෙ ගමන් ගන්නා වෙලාවලදී එක්නෝ ඔහුට මාගේ නිමක් නැති රට පැටලෙන කෙස් පැලෙන කතන්දර අහන් ඉන්නට සිදුවේ. එසේ නොවන , නොහොත් ඉතිරි වෙලාවල මම එක්කෝ රේඩියෝවේ යන සින්දුවක් ගැන ඔහුගෙන් අනවශ්‍ය ප්‍රස්න අසමි. අහවල් සින්දුව කවුද කියන්නේ , ඒකෙ තේරැම මොකක්ද , ඒක කොයි කාලෙ සින්දුවත් , යනාදී මගේ ප්‍රස්න පත්තරයට, රිය පදවන ගමන් උත්තර සොයන එකෙන් වෙහෙස වූ ඔහු මට shazam හඳුන්වා දුන්නේය. මම මගේ දුර බනුව අල්ලා ගීතය සොයා ඉතුරු පර්යේෂණ මමම කරගන්නට හුරු වුනේ එසේය.

මට Ben හමුවන්නේ එවන් පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙසිනි. ගීය ඇසු සැනින් මට මතු වූ  ප්‍රස්නය මේ සුරතල් කටහඬ කාගෙදැයි කියාය. මගේ මහත් ප්‍රහර්ෂයට හේතු වෙමින් මේ සිඟිති මයිකල් ජැක්සන් බව මම සොයාගනිමි. යලිත් අර පරණ ප්‍රස්නේ මට මතක් වෙයි. දැන් කවුද මේ බෙන් ? බෙන් ටෙන්ද ? අර සිංහල ගීතය - සකල බුජන් වගේ එක්කෙනෙක්ද ? 

දැන් ඉතින් ප්‍රශ්න කෝටියයි ... අන්තිමේට ඔන්න අද මම හොයා ගත්තනේ මේ බෙන් කවුද කියලා. දන්නවද ? බෙන් කියන්නේ පුංචි මී පැටියෙක්.

Ben, the two of us need look no more
We both found what we were looking for
With a friend to call my own
I'll never be alone, and you, my friend, will see
You've got a friend in me
Ben, you're always running here and there
You feel you're not wanted anywhere
If you ever look behind and don't like what you find
There's something you should know, you've got a place to go
I used to say I and me, now it's us, now it's we
I used to say I and me, now it's us, now it's we
Ben most people would turn you away
I don't listen to a word they say
They don't see you as I do
I wish they would try to'
I'm sure they'd think again if they had a friend like Ben
A friend like Ben
(Like Ben)
Like Ben

Don Black සහ Walter Scharf  නමැති රාහකයින් දෙදෙනා , 1972 දී මේ ගීතය ලියන්නේ 'බෙන්' නමින් තැනෙන සිනමා පටයටයි. විලාර්ඩ් නමැති පුහුණුකරු යටතේ පුහුණු වන බෙන් නමැති මී පැටවා අලලා තැනෙන 'විලාර්ඩ්' නමැති චිත්‍රපටය බෙන් චිත්‍රපටයට පාදක වූ පෙර සිනමා පටයයි. එහිදී බෙන් නමැති මී පැටවා ඇතුළු අනෙකුත් මීයන් අවසානයේදී විලාර්ඩ් ට එරෙහිව කල්ලි ගැසෙනවා. කෙසේ වෙතත් එයට පසු තැනෙන බෙන් සිනමා පටය  තුල පෙරකී බෙන් නම් මී පැටවා කුඩා පිරිමි ළමයකු හා මිතුරු වනවා. 
Image result for ben movie

මෙම ගීතයට සබැඳෙන මේ බෙන් චිත්‍රපටයෙහි  , බෙන් සමග මිතුරු වන කුඩා කොලුවා කොතරම් අවින්හින්සක වුවත් , බෙන් සිය මී සපිරිවර සමග සංවිධානය  වන්නේ මුළු මහත් මානව සංහතිය සමගම සටන් කිරීමටයි. ගීතය පාදක වන්නේ මි පැටවෙකු වුවත් , මේ බෙන් නමැති සුමිහිරි ගීතය , මිතුරු දම පිලිබඳ ලියවුනු අපුරු ගීතයක් ලෙස කළා ඉතිහාසයට එක්  වන්නේ බෙන් ගීතය වෙත ඔස්කාර් සම්මාන නිර්දේශයක්  පවා හිමිකර දෙමිනුයි. මෙම ගීතයෙහි සම රචක ඩොන් බ්ලැක් ගේ  සුවිශේෂි ඉල්ලීමක් මතයි මෙම ගිතය මයිකල් ජැක්සන් හට ගැයීමට හිමිවන්නේ. ඩොන් වරෙක මෙම ගීතය ගැන මෙහෙම කියනවා. "පුංචි ක්රුන්තකයෙකු ගැන ගීතයක් ලිවිමම මට අභියෝගයක් වුනා. හැබැයි මම අන්තිමට තීරණය කළා , මී පැටවා ගැන කිසිම සඳහනක් නොකර , ඇයි මට බැරි ඔවුන් දෙදෙනාගේ ලස්සන මිතුදම ගැන ගීතය ලියන්න කියලා ?" 

Image result for michael jackson in 14
Michael J - 14 Years

මෙම ගීතය මයිකල් ජැක්සන්ටත් ඉතාම සුවිශේෂී වුවක්. ඔහුගේ ගායන දිවියෙහි , මෙතරම් ජනප්‍රිය වූ ඔහුගේ ප්‍රථම එක පුද්ගල නිර්මාණයද මෙයයි. මයිකල් මේ ගීතය ගයන්නේ අවුරුදු 14 දියි. ඇමෙරිකාවේ ගීත දර්ශක වල ඉහලින්ම වැජඹුණු ලාබාලතම ගායකයාගේ වාර්තාව එවකට ඔහුට හිමිවන්නේ බෙන් ගීතය නිසයි.

කෙසේ වෙතත් මෙම බෙන් ගීතය ළමා වැඩිහිටි මහලු ඕනෙම අයකුට එක සේ රස විඳිය හැකි ඉතා සුමිහිරි ගීතයක් හෙයින් , කුඩා කාලයක් හෝ වැය කොට මෙය ලියා තැබිය යුතු යයි මට සිතුනේ , බාගදා ඇතැම් විට පුංචි කෘන්තකයෙකු  පිළිබඳව බටහිර ඉතිහාසයේ ලියවුනු ජනප්‍රියම ගීතය , මටද ඇතැම් හද බැඳී මිතුරුදම් පිලිබඳ මතක මතක් කර දෙන නිසාවෙන් විය හැකියි.

~ බෙන් ~
.
මිතුරකු , මගේම කියා මිතුරෙකු , 
ලැබුණු පසුවත් අප දෙදෙනාට , 
සොයන්නට දෙයක් තවත් ඉතිරිද මෙලොව 
බෙන් , එය මට කියනු මැනව 

තනිය නැත මට නැවතත්, 
ඔබටත් එය පිළින දෙමි මම නැවතත් ...
වෙන් නොවන්නට කිසිම දිනකත්...

කාගේදැයි නොදනිමි මම ඔබ 
එහෙ මෙහෙ දුවන ඔබ කොහේ යා දැයි 
නොදැනෙයි මට .,. 
ජිවිතය ඔබට යා යුතු මගක් නොකියන හැම විට 
බෙන් , මෙහි එන්න , 
ඔබට මෙහි ඇත සැනසුම... 

මම ය , මටය , මාගේය 
පෙර මා සිතුවේ එහෙමය... 
නමුදු දැන් අපට අප, අපගේ ලොවක් ඇත... 
අපගේය කියන්නට මේ සොඳුරු මිතුදම ඇත... 

නොම ඇසෙයි මට, ඔවුන් අප ගැන කියන කිසිවක් 
මා දකින්නේ, ඔබ මෙමා හට ලබැඳි මිතුරෙක් ... 
මිනිසුන් බොහෝ දෙන, ඔබට පිටුපා යනු ඇති.. 
දුටුවා නම්, ඔබේ සොඳුරු සිත , ඔවුනුත් 
බෙන් ඔබ අද , එමිනිසුන්ටත් ලබැඳි මිතුරෙක්... 


Image result for unusual friendship quotes

1 comment:

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->