Saturday, March 21, 2015

[317] මල් වෙඩිල්ලකි , ආදරය



.
මද්දහන් අව්වට දිලිසෙන 
නලා හඬවන රිය තදබදයක 
ලුණු හුලඟට ගසා ගෙන විත් 
ආදරයට, පිලිසිඳ ගත හැකිය 

වේගයෙන් ඇදී යන රියක 
වියතක දුරැති දෙ'අසුනක
ප්ලාස්ටික් කවරයක් වුවද
ආදරයට, ආරෝපණය විය හැකිය

රිය දෙදරන තරම් මහඬින්
උච්ච ස්වර ඔපෙරාවක් අසන අතරද 
ගුප්ත හෘද තන්තුවකට එකඟව 
ආදරයට, නින්නාද විය හැකිය 

හුස්ම දෙකක දුරින් දොඩමලුව 
නිය'ග ස්පර්ෂයකුදු නොමැතිව 
හිම මෙන් සීත, නිල් දෑසක්
ආදරයට, මෙලෙකව යා හැකිය 

නාඳුනන්නන්ව මග හැරී ගිය
භවාන්තරයක කෝන්තර
නොවැදගත් නෝක්කඩුවකින් පුපුරා යන විට, 
ආදරයට, ක්ෂමාවම විය හැකිය

උතුරා යාමට මොහොතකට පෙර 
පැසෙන උණු කිරි බඳුනක් 
ගුප්ත හේතුවකට නිවී යන විලසින් 
ආදරයට, රහසක්ම විය හැකිය 

'සුස්' හඬින් දැල්වී ඉගිලුනද
පුපුරා නොගොස් ඇද වැටෙන 
අහස සිපුමෙන්ම බොල් ව ගිය ,
ආදරයට, මල් වෙඩිල්ලක්ම විය හැකිය !

ආත්මය වෙලාගත් ශෘංගාරය
කල්පිත වැලඳගැන්මක්ම විය හැකිය, 
එහෙත්,
නොකිලිටි සිපාචාරකින් සමුගෙන
ආදරයට, උත්කර්ෂයෙහිම මිය යා හැකිය !

2015 - 03 - 21 


Footnote : 

The most painful love there is, is the love left unshown. A love that cannot be expressed, affection left unknown. The love that withholds touching, afraid of what it would say, and the most painful thing about unexpressed love is, it never fades away.
- Unknown

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->