Saturday, July 07, 2012

[256] සුනාමියක් හෙවත් Duality ය !

කිරිල්ලියක් ඉන්නවා. මේ කිරිල්ලි බොහොම වර්ණවත් . කොටින්ම උපතින්ම වර්ණවත්. ඇගේ වර්ණය කියන්නේ පිහාටු විතරක් නොවෙයි. ඇගේ ජීවිතයත් වර්ණ ගැන්විච්චි එකක්.  ඇගේ හඬ... ඇගේ ගමන.. ඇගේ බැල්ම .. මේවා ඔක්කොම බාහිර දේවල්. ඒ බාහිර ඔක්කොම පැත්තකින් තියන්න. ඇගේ හිත වර්ණවත්.ඇයට පුලුවන් හිතන්න. ගොඩ දෙනෙක් නොහිතන විදියට. ඇයට පුලුවන් දකින්න, කතා කරන්න , ඒ ගැන... ඕනෙම වෙලාවක්..

ඔව්... මේ ලියන්නේ එක්තරා ගැහැණු වර්ගයක් ගැන.  එක්තරා විශේෂයක ගැහැණු කිරිල්ලියන් ගැන. සුලබ නැහැයි හිතෙනවා. ඒත් එහෙම හිතෙන්නෙ , උන් ඉන්නෙම තටු හංගගෙන නිසා. සමහර විට සුලබ ඇති, අපිට නොපෙන්නුවාට ඒ වර්ණ පදාස...

මේ කිරිල්ලියන්ට එක එක නුහුගුණ තියනවා. ඒවායින් ලොකුම එක තමයි එකමිතියක් නැති එක. ඒ මොකක්ද?  නෑ ඒ කිව්වෙ එක ලේබල් එකක් ඇතුලට මොකක් කරලාවත් දාන්න බැහැ.

අහිංසක... ඔව් ඒත් වෙලාවකට අංගුලිමාල වගේ...  සංවේදී හිත ඇතුලෙ උනත් සමහර ගස් ගල් වගෙ අසංවේදී තීරණ තියනවා.විටෙක ගුප්තයි. බුම්ම ගත්තු ගමන්. ගිනිකන්දක්ද නිසල වැවක්ද හොයන්න බැහැ. විටෙක මුහුදු රැලි වගෙ... එක එක තත්පරෙන් තත්පරේ මූ වෙනස්.

මේ හැම දෙයක්ම පැත්තක තියන්නකො. ඇගෙ වෛවර්ණ !!!!! ඇස් නිලංකාර වෙන.. පිහාටු වල පාට නෙවි. ඒවායි දිග.. ඒවායි හයිය ! ඒවා කොච්චර ශක්තිමත්ද ? ඒවාට කොච්චර විහිදෙන්න පුලුවන්ද? (විහිදනවා නම්) අහස හරියට ඉඩ මදි වේවි ඇය පියාඹන්න ගත්තොත්...

ඔන්න ඒ එක් පැතිකඩක්.

දැන් ඉතුරු හරිය.

කිරිල්ලිය හරි වෛවර්ණ තමයි. ඒත් ඔබ දන්නවද? ඇය පියාඹන්නෙ නැහැනෙ. ඇය ඉන්නෙ එක්තරා තැනක. ඒ තැන හරියටම ගත්තොත් අක්ෂාංශ , දේශාංශ වලින් මනින්න පුලුවන් කාටිසීය ඛණ්ඩාංකයක් නෙවෙයි. හැමෝම අහනවා මෙච්චර දුර පියඹන ශක්තිමත් වෛවර්ණ පියාපත් අකුලගෙන ඇය මොකද කරන්නෙ කියලා.   ඇය කියනවා 'මම ඉන්නවා .. මෙතනම... මගෙ වටේ තියනවා ලොකු කූඩුවක් '... කියලා..




ඒත් කාටවත් ඈ වටේ කූඩුවක් පේන්නෙ නැහැ. ඇයට ඇරෙන්න. ඇය සිය කැමැත්තෙන්ම ඇතුලෙන් අගුල් ලාගෙන ඉන්න කූඩුවක්..  කවුරුවත් දාල නෙවි. ඇය කැමැත්තෙන්ම නිස්කාන්සුවෙ ඇණ තියන් ඉන්නවා. ඒක කූඩුවක් උනාට කූඩුවක්ද? මට හිතෙන්නෙ නම් 'නැහැ'. ඒත් ඈ කැමතිලු ඒකෙ ඉන්න. ඒ තරම් වෛවර්ණ කිරිල්ලියකට කූඩුව ඔබින්නෙ නැහැ. ඈට ඒක ඇතුලෙ ඉඳන් පියාඹන්න බැරි නිසා.

කිරිල්ලිටත් එහෙම හිතෙනවා වෙලාවකට. ඇයි මම කූඩුවක? ඇයි මම පියාඹන්නෙ නැත්තෙ?  වෙලාවකට හිතෙනවා තටු දිගෑරලා හයියෙන් පියාඹන්න. ඒත් කූඩුව ඇතුලෙ??? එහෙම උනොත් වෙන්නෙ ඔය තටු ටික එහෙ මෙහෙ හැප්පිලා රිදෙන එක විතරයි. ඇය පියාඹන්නෙත් නැහැ. පියෑඹුවා නම් අනිවාර්යයෙන් වර්ණවත් පිහාටු වලට අන් ඈයො ඉරිසියා වෙයි. ඒත් ඒක හරිම ටික වෙලාවකට ඈට දැනෙන හැඟීමක් ...

අනික් හැම වෙලාවටම ඇය කියන්නෙ කූඩුගත වීම හොඳ බවත් පියෑඹීම තරම් අවදානමක් නැති බවත්.... පියාඹන ලෝකය හරි සුන්දරයි... වර්වත්.... ඇත්ත... ඒක සුන්දර නිදහසක්.... ඒත් එතන නිස්කාන්සුවක් තියේද?නිදහසත් නිස්කලංක බවත් අතරින් කිරිල්ලි නිස්කලංකයට කැමතියි වෙන්න ඕනෙ. පියාඹන්නය කියන අහස එක්ක එච්චර තරඟෙට ඔට්ටු වෙන්න ඇය කැමතිත් නැහැ.

ඇගේ තියන ඩුවලිටි එක ඈටවත් තේරුම් ගන්න බැහැ.  විටෙක සාගරයක් වගෙ හඬ නැගෙන , ආයිමත් ගුප්ත වැවක් වගෙ නිහඬ වෙන ඇයව තේරුම් ගන්න ලෙහෙසි වේවිද? සමහර විට ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඇනලයිස් නොකරන කවුරු හරි මේ ලෝකෙ ඇති. 

කූඩුවක් ඇතුලේ ඉඳන් පියාඹන්න බැරිද? ඇය අහන ප්‍රශ්නය ඒක... ඒක විසාල කූඩුවක් නම්??? කූඩුව ඇතුලෙ තියනව නම් ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් අන් අයගෙ කෝණයෙන් බලන්න පුලුවන් ඇහැක් ඇති හිතක්, ඒ කූඩුව ඇතුලේ ඉඳන්ම ජීවිතයේ වර්ණ අහස දිහාවට විහිදන්න බැරිද ?  පියාඹන්න එතකොට අහස ඕනෙද... ? ඕනෙද? 


ඩුවලිටි එක ඇතුලෙ මෙහෙම ප්‍රශ්න කන්දරාවක් තියනවා...  ඒත් ඇයට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇය කූඩුවෙ සනීපෙට හරිබරි ගැහිලා ඉන්න එකේ තියන නිස්කාන්සුවට මේ ලෝකෙ තියන හැම දේටම වඩා කැමති නිසා. 

ඔබට ඒක දැනේවිද?  ?

16 comments:

  1. ජීවිතේ නියම නිදහස දකින්න, විදින්න එළියට එන්නම වෙනව. අවදානමෙන් තොර වැඩකින් ගතියකුත් නෑ....

    ReplyDelete
  2. අනේ වස්තුවේ..උඹට බැරිද මට මේක සිංහලෙන් කියා දෙන්න..? :D

    ReplyDelete
  3. ම්ම්ම්... මමත් කාලයක් හරිම කැමැත්තෙන් කූඩුවක් ඇතුලේ හිටියා..කවුරුත් මාව කූඩු කලේ නෑ.. වෙන කෙනෙක් නිසා මම කැමැත්තෙන්ම කූඩුව ඇතුලේ හිර වුනා.. හැමෝම මට කිව්වා ඔයා කූඩුව ඇතුලේ ඉන්න එපා.. නිදහසේ පියාඹන්න කියලා.. මට පියාඹන්න ඕනේ වුනේ නැ.. ඒත් දවසක් මන් කූඩු වෙන්න හේතු වුන කෙනාම මාව කූඩුවෙන් එළියට දැම්මා.. මම ඇඬුවා.. යන්න බෑ කිව්වා.. ඒත් එයාට මාව තියාගන්න බෑ කිව්වා.. ඒ කූඩුව වෙන කෙනෙක්ට දෙන්න වෙනවා කිව්වා.. මට යන්න වුනා.. එළියට ඇවිත් ටික දවසක් මන් ඇඬුවා.. ඒත් කූඩුවෙනි පිට ගොඩාක් ලස්සන ලෝකයක් තියෙනවා කීයලා දැක්කා මාව එයා එළියට දාපු එක ගැන සතුටු හිතුනා.. :)

    ReplyDelete
  4. අනේ මන්දා හරි අමුතුයි

    ReplyDelete
  5. ඇත්තටම අක්කි බොහොම ලස්සනට ලියල තියෙනවා..අනික් අයටත් ආදර්ශයක් අක්කිගේ පෝස්ට්...

    ReplyDelete
  6. ......ane manda.. maarama post ekak!mama harima aasai mekata!

    ReplyDelete
  7. ලස්සනට ලියලා තියෙනවා ...

    ReplyDelete
  8. ඇයි මම කූඩුවක? ඇයි මම පියාඹන්නෙ නැත්තෙ? වෙලාවකට හිතෙනවා තටු දිගෑරලා හයියෙන් පියාඹන්න. ඒත් කූඩුව ඇතුලෙ??? එහෙම උනොත් වෙන්නෙ ඔය තටු ටික එහෙ මෙහෙ හැප්පිලා රිදෙන එක විතරයි. ඇය පියාඹන්නෙත් නැහැ. පියෑඹුවා නම් අනිවාර්යයෙන් වර්ණවත් පිහාටු වලට අන් ඈයො ඉරිසියා වෙයි.

    ReplyDelete
  9. ඇයි මම කූඩුවක? ඇයි මම පියාඹන්නෙ නැත්තෙ? වෙලාවකට හිතෙනවා තටු දිගෑරලා හයියෙන් පියාඹන්න. ඒත් කූඩුව ඇතුලෙ??? එහෙම උනොත් වෙන්නෙ ඔය තටු ටික එහෙ මෙහෙ හැප්පිලා රිදෙන එක විතරයි. ඇය පියාඹන්නෙත් නැහැ. පියෑඹුවා නම් අනිවාර්යයෙන් වර්ණවත් පිහාටු වලට අන් ඈයො ඉරිසියා වෙයි.

    ReplyDelete
  10. ගොඩක් අය ඉන්නේ කුඩු වල තමා.. අනේ මන්දා ඉතින්.

    ReplyDelete
  11. දවසක් ඒවි ඕනකමින් ම කූඩුවෙලා ඉන්න ඔය කිරිල්ලියන්ට ඒ ඉඳිල්ල එපා වෙන... අන්න එදාට අපි කිවුවත් නොකිව්වත් එළියට ඇවිත් තටු ගහලා ඉහළ අහසේ ලස්සනට පියාඹයි... ටික කලකින් ම තමන්ට සුදුස්සෙක් එක්ක ලස්සන ම ලස්සන කූඩුවක කුඩු වෙයි... අන්න ඊට පස්සෙ නම් ඉතින් ඒ කූඩුව ඇතුළෙම පියෑඹුවොත් තමා හොඳ... :)

    ReplyDelete
  12. කූඩුව ඇතුලේ පිටදි ලබා ගන්න බැරි දෙයක් තියනවනම් ඒ කූඩුව සැපක් තමා......... ඒකේ හිර වෙලා ඉන්නේ කියලා කොයිම වෙලාවකවත් දැනෙන්නෙවත් හිතෙන්නෙවත් නෑ. හැබැයි පිටින් බලන අය කියනවා මම ඉන්නේ කූඩුවක හිර වෙලා කියලා. ඒ අයට ඇතුල තියන සැනසීම පිට අය දන්නෙ නෑ.......

    අක්කේ මේ මට හිතෙන හැටි සමහර විට දැනෙන හැටි.......

    ReplyDelete
  13. බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,


    බ්ලොග් සතිය වැඩසටහනේ දී ඔබ විසින් දෛනිකව ජුලි 07 වෙනිදා සිට ජුලි 14 දක්වා පෝස්ට් පල කල යුතුවේ. (මුල් දින දෙක මඟ හැරුනු බ්ලොග් කරුවන්ට තෙවැනි දින සිට දායක වීමේ හැකියාව ඇත)






    එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.





    තවද පහත ගැජට්ටුව ඔබේ අඩවියේ පල කොට අපගේ සම්මාන උළෙලට දායකත්වය දක්වන මෙන් ආරාධනා කර සිටිමු...





    ස්තූතියි


    මෙයට සංවිධායක කමිටුව






    අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
    අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.



    --
    අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk



    බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio


    බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk

    ReplyDelete
  14. ම්ම්ම් මාරයි ඇ. දිල් සහී. ඇත්තටම මේ කතාවේ තේරුම මොකද්ද කරකල කරකල කරලව අතෑරල ආයෙත් කරකන්න ගත්ත වගේ මාර ගතියක් ආවේ හිතට. කියල වැඩක් නෑ. මාරයා අය්ය කිව්ව වගේම මටත් මේක සිංහලෙන් ලියලම පොස්ට් කොරන්ඩ ඈ සහී.

    රාමුවක හිරවෙන්න කැමැති නැති කුඩුවකට වෙලා තමුන්ම අගුලු දාගත්ත අමුරු කිරිල්ලී ලස්සන වර්ණ ගැන්විච්ච නොපෙන්වන පියාපත් අනේ මට පෙන්නන්න බැරිද ඩිංගක් විතර ඉගිලෙන්න

    හැංගිලා හිටියේ මං ඈතට වෙලා මදැයි ඇවිත් කියෙව්වා පෝස්ට් එකක් දැන් මට ආව පාර හොයාගන්න කියාදියල්ලකො ක්‍රමයක්. මට තවම කැරකිල්ල වගේ.

    සහී ඇත්තමයි ඔයා ලියන විදිහනම් මල් හතයි, හතයි හතයි දා හතරයි, දා හතරයි හතයි විසි එකයි , විසි එකයි දා හතරයි අඩී කීයද මට මතක නෑ

    ReplyDelete
  15. නඳුන් :
    :-)

    දූපත් වැසියා..
    එලියට එන්න කියන්නෙ මොකක්ද? කූඩුව කඩාගෙන ??? :) :)

    මාරයියා...
    ඔන්න මම කොමෙන්‍ටුව සින්ගලෙන් ලිව්වා :) :)

    ReplyDelete
  16. අමිල
    අක්කි ගෑවොත් මල්ලි මගෙන් ගුටි කනවා.... අක්කා කියු.. :)

    හිරූ
    ස්තූතියි

    රොබින්
    ස්තූතියි රොබී

    ශාන්ත
    හෙ හෙ. රිපීට් එකක්...

    පසා
    හේ හේ. ඉන්න එකයි දාන එකයි වෙනස්..

    තනෝ අක්කා
    ඒක තමා. මම කැමතියි ලොකූ කූඩුවක් ඇතුලෙ පියාබන්න. හවසට කූඩු වෙන්න එන කුරුල්ලට පේන්න විතරක් නෙවෙයි.. කුඩුවට වට වෙලා මම පියාබනවා ලෝකෙම බැලුවත් කමක් නෑ...

    හාවි
    ම්ම්ම්ම්. මට තේරේ

    සිහිනයක
    ස්තූතියි මේ ඇගයුමට :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->