[232] ගෙවී ගිය දශකයේ පෞරාණික මතක..

ළමා  වියෙන් පසුව ගෙවී ගිය තුරුණු වියේ , අන් අයට හිමි වෙන වසන්තය නම් සරසවි සමයයි. ඒ සරසවි වසන්තය වැඩියක්ම සොඳුරු ලෙස උදා වන්නේ පේරා කොලු කෙල්ලන්ට බව නොරහසක්. මන මෝහනීය වටපිටාවත් , අක්කර දහස් ගණනක සරසවි උරුමයත්, ඒ උරුමය හා බැඳුනු සම්ප්‍රදායන් සහ ඉතිහාසයන් විසින් , පේරාදෙණි සරසවියට පිවිසෙන්නවුන්ව නිරායාසයෙන් ඇද දමන්නේ අපූර්ව චමත්කාරයකට කිවහොත් නිවැරදියි... එනිසාම පේරාදෙණි සරසවි මවුන් ඇකයෙහි හරිබරි ගැසෙන තරුණ කොලු කෙල්ලන්ට සංසාරයම සිහිපත් කොට තලු මැරිය හැකි 'අතීතයක්' හිමියි.

ජීවිතේ මල් නමින් ලියන මාත් ඒ මවු ඇකයට ගොස් මීට වසර හරියටම නමයකට උඩදි හරිබරි ගැහුනෙ ජීවිතේ සොඳුරුතම සමය වුවත්
, බොහෝ බ‍රැති හිසින් හා හිතින් කිව්වොත් නිවැරදියි. මිල මුදලින් පරිබාහිර බොහෝ අතොරයන් නිසාවෙන්ම පේරා බැචාලා බැචීලා අතරෙහි හිටි ජීවිතේ මල් ඉතා නිහඬ චරිතයක් වූවා. පන්සිය හැට අටක් වූ බැචාලාත් බැචීලාත් අතර ජීවිතේ මල් හිටියාදැයි අදටත් නොදන්නා අය හාරසියයක්වත් ඇත්තේ ඒ නිසාවෙන්.

බ්ලොග් පි‍ටු අතරේ එක එක ජාතියේ බස් වහරින් එක එක දෑ නිදහසේ ලියන ජීවිතේ මල් එකල ඉපැදී සිටියේවත් නැහැ. නැහැ , මා වැරදියි. පාසැල් සමයේ උපත ලිවීම ඈ ලොවෙහි උපත ලැබුවත් ,ජීවිතේ මල්ගේ පන්හිඳ පාසල් වියෙන් පසුව  ඇණහිටියේ ඇයි දැයි මා පවා දන්නේ නැහැ. ඉතින් එසේ ගෙවුනු අතිශය නිහඬ අතිශය අප්‍රසිද්ධ ජීවිතය විසින් පේරාදෙණියට පෙම් නොකල එකම සරසවි සිසුවිය බිහි කරනු ලැබුවා. 






අවශේෂ සිසු සිසුවියන් හමුවට නොයන, සිසු හමු, විනෝද චාරිකා මග හරින, පැදුරු පාටි , ‍රැග් සහ සංගීත ප්‍රසංග වල කිසි සේත් නොදකින ජීවිතේ මල්ගේ ජීවිතය එකල මල් පිපුනේ නැහැ. ඒ වෙනුවට සිටියේ , දේශන අවසන් වූ වහා (ඇතැම් විය අවසන් වීමට පෙරම) කඩාගෙන බිඳගෙන ගෙදර දිව එන , ගෙදර විත් පේරා ප්‍රධාන පුස්තකාලයෙන් ගෙන එන නවකතා , කෙටිකතා සහ පරිවර්තන පොත් කියවන , දේශන සටහන් ලස්සනට ලියන මුත් , විභාගය තෙක්ම දිග නොහරින , විද්‍යා පීඨ පුස්තකාලය පැත්තේ පස් නොපාගන ,  ඇපෙන් බේරෙන්නට විබාග ලියන කම්මැලි ගැහැනු ලමයෙක්.  එහෙත් සතියේ දවස් පහ මෙසේ අප්‍රසන්න ලෙස ගෙවා දමන ඇයගේ වසන්තය සති අන්තයයි. හේතු කිහිපයක් නිසාවෙන්. මහත් ආශාවෙන් ඈ සති අන්තය ඉගෙන ගත් පරිගණක උපාධිය සහ එම ආයතනය ඇගේ අනාගතයේත්, සතුටේත් , ප්‍රේමයේත් , මහන්සියේත් , කැපවීමේත් ‍තෝතැන්න වූවා.

විශ්ව විද්‍යාල භාෂාවෙන් කිවහොත් , එවකට 'පිටින් ගොඩ ගිය' සංගමයට අයත් විම නිසාම , පේරාදෙණිය සරසවි බිමෙන් පෙම්වතකු සොයා නොගත් (හෙවත් සරසවියට අඩිය ගසන්නටම පළමු පෙම්වතියක වී සිටීම) වරදට විශ්ව විද්‍යාලයේ තරුණ තරුණියන් අත්විඳින නිදහස චමත්කාරය මට පෙනුනේම නැති තරම්. ඉතින් රෑ එලිවෙන තුරු පැවැත්වෙන පැදුරු සාජ්ජ , සංගීත ප්‍රසංග සහ වලේ නාට්‍ය ඈටත් ඇගේ ප්‍රේමයටත් සොඳුරු මතක එක් කලේ නැහැ. (වලේ නාට්‍ය නොබැලූ , ඒ ටී එකේ ‍ෆිල්ම් නොබැලූ , අලත් නොවූ බැචියක් වී නම් ඒ ජීවිතේ මල් පමණක්ම විය හැකියි) 



ඉතින් මේ දිගු කතන්දරය අග සංසාරේ ලිපියෙහි ලියවෙන්නේ මොනවාදැයි ඔබ මගෙන් අසාවි. සැබවින්ම මා සජීවි ගීත ප්‍රසංග හෝ ජීවිතයේ සැබෑ කෙලිලොල් විඳීම් කිසිවක් මේ ගතවූ වසර දහයක් පුරා වින්දනය කළ අයෙකු නොවෙයි. එනිසාම ජීවිතේ මග හැරී ගිය අනගි තුරුණු වියක් පිලිබඳ කුඩාහෝ තැවීමක් සිත මෝදු නොවේ යයි මුසානම් මට කිව නොහැකියි. එහෙත් ඒ අ‍තෝරයන්ගෙන් පිරි ජීවිතයේ දශකයක් තුල, කෙලි වියේ පණ ගසා ආ, එමෙන්ම යොවුන් වියේ යලිත් නිද්‍රාවට පත් රසය , ජීවනය , යොවුන් විය අගිස්සේ හිඳියදී හෝ යලිත් ආගමනය වීම මට මහා මිහිරියාවක්. පසුගිය ජනවාරි 31 වනදා මා හිතවතියක් කරන්නට යෙදුනු සත්කාර්යය නිසාවෙන්ම , ඒ ගෙවුනු වියෙහි නොලද සොඳුරු අත්දැකීමක් විඳිය හැකි වූවා.. 'මියැසි රාවය' මධ්‍යයේ වික්ටර් රත්නායකයන්ගේ හඬෙන් මිදෙන ශක්තිය, සුපැහැදිලි ජවය සහ සුගායනීය පදවැල් විසින් මා අමුතුම ලෝකයකට ගෙන ගියා කිවහොත් නිවැරදියි.

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ සීතල හිම ගිරි අරණේ
 
මට හමුවූ වන පස කුසුමේ
පෙති මත සතපා
‍රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලති
යේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුනේ
ඔබේ ‍රැසින් මා දවාලන්න රෑ
ලය මත සනහා රාජිනියේ


ආදරයේ උණුසුම් නැවුම් චමත්කාරය සහ කියාගනු නොහැකි උද්වේගකර චින්තාවලීන් පණ ගසන්නේ ආදරයෙහි මුල්ම දිනවලදී.. කොතෙක් උදම් ඇනුවත්, කොතෙන් පුරසාරම් කීවත්,වරින් වර ආදර වදන්, තැගි, කවි වලින්  යාවත්කාලීන කලත්, ඒ මුල්ම දින කිහිපයේ සිත වසා පැතිරගත් චමත්කාරය කිසි ලෙසකිනුත් කාලයත් සමග නොපවතින බව.

සිය ආදරය නොදැක නොසිතා නොමැතිව එක මොහොතක් ගෙවීම පවා කොතෙක් අසීරුදැයි ආදරයේ චමත්කාරයෙන් මත් වූ මුල් යුගයක් ගෙවා ඇති ඕනෑම කෙනෙක් දන්නවා ඇති. ඒ සිහින, ඒ හද තිගැස්ම මොනවට නිරූපණය වූ මේ සොඳුරු ගීය මට කණ වැකුනේ , වික්ටර් රත්නායකයන්ගේ ගී ගොන්නකට 31 එනිදා දැහැන් ගත වීම නිසාවෙන්. ඉන් බැඳීගිය සිත ගෙදර ආ ඉක්බිති නොනැවතී ඔහුගේ ගී සොයා ගිය නිසාවෙන්.



ගෙවීගිය දශකයෙහි මගෙන් ගිලිහී ගිය දෑ වෙනුවෙන් , ඒ කාලයෙහි කළ හැකිව තුබූ දෑ වෙනුවෙන් මට කිසිදු දුකක් නැතැයි කියන්නේ නම් එය මුසාවක්. එහෙත් ගෙවෙන වර්තමානය , කොතෙක් ගැහැට පිරි වුවත් , එහි නිරන්තර සාමයත් සිනහවත් සැනසීමත් පිරී පවතින්නේ  එදා අත්හැරී ගිය රස භාවයන් උලුප්පවා ගනු වස් අද එදාට නොදෙවෙනි සොඳුරු අවස්ථා එකින් එක මතුවන නිසාවෙන්.

අතීතය සිහිනයක්ම බැවිනුත්, අනාගතය ප්‍රාර්ථනාවක්ම බැවිනුත් , වර්තමානය තරම් අත්දැකීම් වලින් කැලතෙන , හැඟීම් රස භාව මුසු වෙන සංසිද්ධියක් තිබේවිද?   ප්‍රථම ප්‍රේමයත් , අතීතයත් , එහි ඇති චමත්කාරයත් , එලෙසින්ම නටබුන්ව තිබෙන එහි නිමාවත් , එහි ප්‍රතිපල වශයෙන් රස බැලූ විරහවත් , අද එහි තිබෙන සැබෑ නටඹුන් වල තිබෙන පෞරාණික අනන්‍ය බවත් , වේදිකාවට පැමිණි සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් පණ ගැසුයේ මෙලෙසින්..



සන්තාප මාවතේ 
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්...

තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමං ත
ලේ
නොසැලී රැඳී
කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..

හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ ගිලී
ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව යේ
..



මම මේ රෑ එකට , මීදුමේ එතුනු සඳලුතලයට එබී කුකුසින් තරු දෙස නෙත් යොමමි... අනේ , ඒ පුංචි තිත් රෑ පුරාවට නිවි නිවී දිලෙමින් හඬමින් වැලපෙනයුරුත් , සඳ තරු නැති අඳුරෙහි හිඳගෙන ඉකි බිඳින යෞවනියකුත් මට එකවර සිහිවෙයි.. අහස තරම් විශාල පදාසයකට තරුවකින් ඵල කිම? 



වික්ටර් රත්නායකයන් පෙර ගැයූ ආදරයේ උණුසුම් චමත්කාරයත්, එහි ඇති අවිහිංසක බොලඳ බවත් , සුනිල් එදිරිසිංහයන් ගැයූ එතරම්ම උණුසුම් ආදරයක අවප්‍රාප්තියත් සහ වෙන්වයාමත් , ඉතා දිගු ජීවිත ගීතයක් හෙමිහිට මුමුණනු මට ඇසෙයි. පෞරාණික මතක යනු යාවත්කාලීන කළ හැකි වර්තමානයක් හෝ අනාගතයක් අහිමි අතීත සටහන් වේ..



34 දෙනෙක් කියූ අදහස්..:

හිතුවක්කාරි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

//ආදරයේ උණුසුම් නැවුම් චමත්කාරය සහ කියාගනු නොහැකි උද්වේගකර චින්තාවලීන් පණ ගසන්නේ ආදරයෙහි මුල්ම දිනවලදී..//

ඇත්ත තමා අක්කේ!!! පේරා ගිහින් පේරාට මැරීගෙන් ආදරේ නොකරන කෙනෙක් හම්බුනාමයි...

දූපත් වැසියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අහෝ මල්,,, පිටින් ගොඩගියද, නොගියද,, සරසවිය විදින්නට එය බාදාවක් නොවේ නේද..
ඔතරම් පසුතැවීමට හේතුවක් නැත. මට අඩුම තරමේ පේරා ඒමට වත් වරමක් නැතිවිය.

රූ.... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ සින්දු දෙකම මම අසා තිබුනේ පේරා ක්‍රීඩාගාරයේ පැවැත්වුනු සංගීත මියැසියන් දෙකකින්..
ආපසු ඒ මතකයන්ට යන්න ඇත්නම් කියා සිතුනා..

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හිතුවක්කාරි නගා
ඒක නේන්නම් ,,.... ඔන්න මම එහෙනම් එක :) හේ හේ

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දූපත් වැසියා, ඔව් ඔබේ කතාවෙත් ඈත්තක් තියෙනව.... ඒ අතින් මම වාසනාවන්ත වෙන්නෑති... :) හෙ හෙ. ඒත් ඉතින් ඈයි මන්දා මට නම් සතුටක් තිබ්බෙම නෑ... ඒකට ලොකුම හේතුව ඒ ඉගෙන ගත් විෂයනට මම ආසා නොකල එක.. :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රූ ඔයා තරම් මන් වාසනාවන්ත වුනෙ නෑනෙ... හෙ හෙ.... මන් නම් ජීවිතේට ඒ ටී එකට , වලට ගිහින් නෑ... වල කිව්වෙ එලිමහන් තියටර් එකට... හෙ හෙ

ඕනයා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පේරා ආතල් ගත්තෙ නැති උනාට කමක් නෑ . . . කොහොම හරි හිතට ආසාව දැනුනදේ කලානෙ . . .

sAm (සෑම්) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආස ගිත දෙකක්..

Roshan Herath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මිස් ජීවිතේ වින්දෙ නෑ කිවට මම නම් හිතන්නෙ මිස් මිස්ගෙ වයසට වඩා බොහෝදුරට ජිවිතේ විඳලා තියෙනබවයි..

ravinumal said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපි බොහොමයක්, අතීතය විඳිමින් එහෙමත් නැතිනම් අනාගතය මවමින් ජීවත් වෙන්න තමයි කැමති, මිනිස් සිත මහ පුදුමාකාරයි.

කතන්දර Kathandara said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

/* අවශේෂ සිසු සිසුවියන් හමුවට නොයන, සිසු හමු, විනෝද චාරිකා මග හරින, පැදුරු පාටි , ‍රැග් සහ සංගීත ප්‍රසංග වල කිසි සේත් නොදකින ජීවිතේ මල්ගේ ජීවිතය එකල මල් පිපුනේ නැහැ.
*/

ඉද ඉද එක වෙහෙර...

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොඳ පොත් කියවනකොට වගේම තමයි සජීවී සංගීත ප්‍රසංගයකට ගිහිල්ල පුටු ඇන්දට ඔලුව හෙත්තුකරගෙන ඇස්දෙක පියාගෙන හොඳ ගීතවලට සවන්දෙනකොට ලැබෙන වින්දනයත්. හැබැයි ඉතින් විඳින්න බැරි එක්කෙනෙක් එක්ක එහෙම ගියොත් සොරි තමයි.
අපිට උසස් පෙළ කරලා කැම්පස් යන්න අවුරුදු 3 ක් බලාඉන්න වුනා. ඒ අවුරුදු3 න තමයි ජීවිතයේ සුන්දරම සැහැල්ලුම අසාවෙන් මතක්කරන්න පුළුවන් සතුටෙන්ම හිටපු කාලය. අපි කැම්පස් ගියේ අවුරුදු 3ක් ගෙදරටම නාකිවෙලා නිසා වැඩි දෙනෙක්ක්ගේ අවධානය තිබුනේ කැම්පස් ජීවිතය විඳිනවට වඩා ඒ වෙලාවේ රක්ෂාවක් කරන්න. අපේ අයගෙන් වැඩි දෙනෙක් විභාග අසමත් වුනෙත් උපාධිය අතරමග අත ඇරියෙත් කැම්පස් එකට ඇතුලත් වෙන්නෙම නැතුව කර කර හිටපු රක්ෂාවල් දිගටම කලෙත් අවුරුදු 3 ක් අධ්‍යාපන කටයුතු වලින් ඇත්වෙලා හිටපු හින්ද වෙන්න ඇති.
මම ගැන කිවුවා දිග වැඩිද මන්ද. ඔයාගේ පොස්ට් එක දැක්කම අමතකවුණු අතීතයක් අයෙත් මතකයේ පෙළගැස්සුනා.

පූසා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අතීතය ගැන හිතලා දුක්වෙන්න හිතෙන්නෙම නැති මම ගැන මටනම් බොහොම සතුටුයි!

මකුළුවා..... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මජී අක්කා එක්ක පේරා ගැන නම් මම සෑහෙන්න එකඟයි....මතකයන් කියන්නේ ඕවට තමා අක්කේ.....

Chams said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මට සරසවි ජීවිතයෙ සුන්දරත්වය වැඩියෙන් දැනෙන්න ගත්තෙ සරසවියෙන් සමු ගන්න ළං උනාමයි. ඒ ජීවිතයෙ මිහිරියාව උපරිමයෙන් විඳින්න මට බැරි උනා කියල හිතෙනව. මේ ලිපියෙ තියෙන සමහර දේවල් මටත් ඒ විදිහටම අදාළයි අක්කෙ...

Dinesh said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ මම හරි ආසම සිංදු දෙකක්.. හැමෝගෙම සරසවි මතකයන්ට වඩා වෙනස් විදිහක මතකයක් අක්කගේ පෝස්ට් එකෙන් කියෙවුවා.

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඕනයා අයියා...
ජීවිතේ අපිට ඕනෙ දේ කිසිදාක සම්පූර්ණයෙන් ලැබෙන්නෙ නෑ. අපි තව තවත් ජීවත් වීමට උත්සහ කරන්න පන්නරය ලබන්නෙත් ඒ හේතුව නිසාමය කියලයි මම හිතන්නෙ. ඉතිනේ අනුව බැලුවම පේරා ජීවිතය අසම්පූර්ණ වූ එකත් හොඳා.... අසම්පූර්ණ කොටහ දැන් මේ කාලේ සන්‍තෝසෙන් පූර්නය කරන්න ලැබෙන එක ඊටත් හොඳා....

සෑම්... ස්තූතියි යාලු....

රොශාන්...
ම්ම්ම් ඔව් පුතා.... ඇත්තෙන්ම ඔබ හරියටම හරි....

රවි මල්ලි
ඒත් ඒ දෙකෙන් මිදුනාම ජීවත් වෙන්න ලේසියි නේද? ඔය ආවර්ජන වලින්......

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කකා.....
අනේ ජීවිතේ මල් , නොදිටි සරසවි අරුම ! :)

පිසා
ම්ම්ම්... තවත් දිගු කතාවක්... පෝස්ට් එකක්ම ලියන්න වටිනව :)

පූස්
ආව්ව් කාලෙකින් පූස් මලේ... එහෙම ඉන්න පුලුවන් ඔබ ගැන ආඩම්බරයි මල්ලි. ජය!

මකුලුවා
මෙන්න මෙයාත් කාලෙකින්.. මාත් කාලෙකින් නෙව ලිව්වෙ.... හෙ හෙ.... පේරා කිව්වම ඉස්සර අරහන් :)

චාම්ස්
හෙ හෙ. මට නම් පාස් අවුට් වෙන්න ලන් වෙද්දිවත් සුන්දරත්වයක් දු‍ටුවෙ නෑනෙ අප්පා... :)

දිනේශ් මල්ලි
මෙයාත් කාලෙකින් නෙව මේ පැත්තෙ.... ස්තූතියි මලේ...

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පේරා සතුට අපි වින්දේ පිටින්වත් ඇතුලෙන්වත් ගොඩගිහින් නෙවෙයි නඟා. මට පුදුම මෙච්චර ලස්සනට අදහස් අමුනන ඔයා එච්චර ලස්සන තැනකට වෛර හිතින් ඉන්නෙ මොකද කියා. අතීතයට වෙර බඳින්ට එපා, එතකොට අනාගතෙටත් එහෙම වේවි. මම ඔයාගෙ Blog එක අහම්බෙන් දැකපු සින්නෙක්.
You really have the gift of writing, keep it up.

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආදරනීය සින්නයියා/සින්නක්කා වෙත
නෑ නෑ. මන් එතෑන්ට වෛර කරන්නෙ නෑ. ඒත් හිත නිතරම තිබ්බෙ පේරාදෙනියෙන් එපිට මහනුවර නිසා , මම හිතෙන් ගතෙන් පේරාදෙනියට ඈලුනෙ නෑ.
මම කිව්වේ ඒ කාලය උපරිමයනෙ විඳින්න බෑරි වූ එක ගෑන පොඩි හිතේ දුකක් ඉතිරිව තිබෙන බවයි.
ඒත් ගත වෙන වර්තමානයත් එතරම්ම සුන්දරයි... :)
හෙ හෙ
ස්තූතියි අයියා/ අක්කා... :)

පවනි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තනි තරුවේ.......
තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න.. මමත් මෙහෙම මෙතැන ඉන්නවා.....

මේ වගේ සිංදුවක්....
අනේ මම වික්ටර් රත්නායක මහත්මයගෙ ගීත වලට ගොඩාක් ආදරෙයි...
විශේෂයෙන්ම මේ ගීතය ලියපු අහිංසක මනුස්සය..... පේමකීර්ති ද අල්විස්....මහත්මයගෙ හැම ගීතයකටම මම ගොඩක් ආදරෙයි...!!!

කාලෙකට පස්සෙ ලස්සනම පෝස්ට් එකක්...
වටිනාකම කියල නිම කරන්න බෑ..

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වික්ටර් ගොයියගෙ ගීතය නම් ඇහුවෙ අදමයි...හැබැයි මට දැනුනෙ නම් නෑ ඒක...රචකයා ගැන තියෙන හැඟීමත් මම හිතන්නෙ එහෙම වෙන්න එක හේතුවක්...

සුනිල්ගෙ ගීතය නම් අම්මප, කියල වැඩක් නෑ...මගෙ ඕල් ටයිම් ෆේවරිට් එකක්. මීට දශක දෙකහමාරකට විතර ඉහත ඔය ගීතය එලිදක්වපු කාලයේ සිටම...

Fathima Reeza said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

some of wonderful occasions u had been avoided those days, purposely know.. but u had used your time in reading isn't it?? My point of view, as a result of that u have won something today . I mean your readers who love to read jeewithe mal's articles..!!

තිස්ස දොඩන්ගොඩ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

යමුණා ගං තෙර
තමළු ලතා හෙවනේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලා ඉඳී
ක්‍රිෂ්ණා... ක්‍රිෂ්ණා... ක්‍රිෂ්ණා...

නළලත බබලන - සඳන තලාවයි
සිරුරට ඝන නිල් - මේඝ වළාවයි
මානස විල මැද - රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්තයයි...

වර්ණා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ආදරයේ උණුසුම් නැවුම් චමත්කාරය සහ කියාගනු නොහැකි උද්වේගකර චින්තාවලීන් පණ ගසන්නේ ආදරයෙහි මුල්ම දිනවලදී..

සහතික ඇත්ත

Janu said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

aththatama adare sundarai kiyala danenne eke mul dawaswala vitharai...eeta passe thamai complicate vennne..:) sunil edirisinghe yange hadin santhapa mawathe... harima lassanai.

හිස් අහස said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සන්තාප මාවතේ අන්න මම කාලයක් වසඟවෙලා අහාපු සින්දුව . තවමත් ඒක රේඩියෝවේ යද්දී කර කර ඉන්න වැඩේ නතර කරලා ඒක අහන්න මම සූදානම් .. මේ කමෙන්ට් එක කොටලා ඔය සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ .

නිසුපා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්.... කැම්පස් කාලෙ සුන්දරම කාලයක් අක්කේ.. ඒත් පිටින් ගොඩ ගිය අය හුගක් අය බලන් ඉන්නෙ ගෙදර දුවන්නම තමා.අපෙත් එහෙම අය හිටියා.මෙලෝ වැඩකට එන්නෙ නෑ.අපිටනම් තද වුන වෙලාවලුත් තිබුනා.ඇයි ගෘප් වැඩ කරනකොට එයාලගෙ ඒවත් අපි එපැයි අදින්න..

දැන් ඉතිං ගිය දේ ගියානෙ.දැන් කාලෙත් සුන්දරනම් එච්චරයි...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පවනි


උත්තර පරක්කු උනාට සමාව ප්ලීස් ....

ගොඩක් වැඩ අධික වුනා.. ලියන්නත් කල් ගියා.... ගීතය පෙම් බඳින මට ජීවිතයේ නොපෙනුන පැති පෙන්වන්නෙත් ගීතයමය කිව්වොත් නිවැරදියි...
ස්තූතියි පවනි....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Ravi

he he. මම නම් දෙකටම එක වගෙ ආසයි රවි අයියෙ :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

thanks alot reeza

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වාව්.... තිසා අයිය ඉතින් සින්දුවක් කිව්වොත් ,,, ඉතින් නියමයි ! ස්තූතියි ... තේරුම් ගතිමි ;;;

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වර්නා... ඒකනේ... ඔය සෝඩා බෝතල් අපිට ඕනෙ තරම් පේන්නෙ :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජනූ : හෙ හෙ. ආදරේ කේක් එක නම් , එකෙ අයිසින් ටික තමයි කාල අපි මත් වෙන්නෙ. කේක් එක එහෙමමම්...

සඳරුවෝ: හෙ හෙ. බලන්නකො සින්දුව අහලා... :)

නිසූ නගා :
හෙ හෙ .අ න්න අන්න ඒ ගෙදර දුවන ගොඩෙයි මාත් හිටියෙ....
ජීවිතේ කවියක් නගෝ ... හෙ හෙ ස්තූතියි

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->